Thursday, January 10, 2013

දැලබුවන් මර්ධනයට- අත්දුටුවයි සත්තයි



එදා මම ඔෆිස් එකේ ගේට්ටුවෙන් ඇතුල් උනා   විතරයි,   නන්දසිරියා   (නම දැම්මට ඌ මගෙත් එක්ක තරහා වෙන එකක් නැහැ)  බොහොම  කලබලෙන් දුවගෙන අවා. නන්දසිරි කියන්නේ දැනට වසරකට පමණ පෙර අපේ ඔෆීස්  එකේ  හිටපු ප්‍රධාන ආරක්ෂක නිලධාරියා.  ඉතාම හිත හොඳ මිනිහෙක්. ආයතනයේ වැඩකරන හැම දෙනාටම පුදුමාකාර ආදරයක් මූ ළඟ තිබුනා. ඔය ගතිය නිසාම සමහර වෙලාවට මුගේ රාජකාරියත් අතපසු වෙලා මගෙන් බැනුම් අහලා හෙමත් තියෙනවා. කොච්චර බැන්නත් උගේ ඒ ගතිය නම්  නැති උනෙ නැහැ. උදේට මම එනකල් ගේට්ටුව ලඟට වෙලා ඉදලා "good  morning " කියන්න කවදාවත් අමතක නොකරපු මේකට මොකද අද මේ උනේ කියලා මට  හිතුනා.

"මාර වැඩේ තම යි සර් වෙලා තියෙන්නේ..."

"මොකද නන්දසිරි අද good morning  නෙවේ ද?   bad  morning  ද?"  මමත් හැමදාම කොරනවා වගේ පොඩි  පහේ විහිළුවක් දැම්මා.

"මොන good morning  ද සර්.. අර බලන්නකෝ අර ගහ දිහා.."  

"මොකද බන් ගහේ යකෙක් ඉන්නවද? නැත්තම් උදේම උඹව බලන්න සුරංගනාවියක් වත්  ගහට ඇවිල්ලද ?" 

"විහිළු නෙවේ.. ඇවිත් බලන්නකෝ.. සේපාලිකා ගහේ දැලබුවෝ පිරිලා..."

"ෂා  මරු නේ.. මම කිවේ නන්දසිරි  බලන්න සුරංගනාවියෝ ඇවිල්ල කියලා..."

"ඔය ඉතින් බැහැ නේ... මොනවා කියුවත් විහිළු තමයි.  මෙතන ඉන්න හම්බවෙන්නේ නැහැ... මොනවහරි කරලා මුන් ටික විනාස කරන්න ඕනේ."

"එක පස්සේ බැරියැ.. දැන් යමු ඇතුලට . මගේ කොම්පුටර් එකෙන් පෙන්නනම් මුන් විනාස කරන විදිහ."

දැන් මූ මගේ පස්සෙන් ඇවිත් ඉන්නවා  දැලබුවෝ විනාශ කරන විදිහ බලාගන්න. මමත් හින් සැරේ වාඩිවෙලා කොම්පියුටරේ ඕන්  කරලා මෙන්න මේ වගේ පින්තුර ටිකක්   පෙන්නුවා. මගේ ළඟ ඕන වෙලාවක ඉතින් බඩු රේඩි නේ.






"සර්...  හරි ලස්සන සමනලයෝ ටික නේද?"

"හ්ම්ම්... නන්දසිරි කැමතිද මේ වගේ සමනලයන් මරන්න ?"

"හපෝ ඒ මොන කාලකන්නි වැඩක්ද?.. අහිංසක, ලස්සන සත්තු නේ සර්..."

"හා එහෙනම් ටික දවසක් කබල නොකර ඉන්න.. ඔය දැලබුවෝ තමයි සමනලයෝ වෙලා අපේ පරිසරය ලස්සන කරන්නේ"


පසු සටහන:
ඊට පස්සේ නන්දසිරි පුදුම කැපවීමකින් මුන් ටික ආරක්ෂා කරා. ඒ දස්වල කොළඹ තිබුනේ තද පෑවිල්ලක්, ඒ පෑවිල්ල නිසාමදෝ  කොහේද මේ දැලබුවෝ  ඔක්කොම විනාශ උනා, පරිසරයට එක සමනලයෙක්වත් ඉතිරි නොකර.

*** මියන් මර්ධනයට බෙහෙතක් *** පොස්ට් එක කියවන්න 

23 comments:

  1. හෙන්රි ගෙයි සිරා ගෙයි කොමෙන්ට්ස් දෙක පොස්ට් උනේ නැහැ. ඒ නිසා මගේ එමිල් එකේ තිම්ම මේ කමෙන්ට්ස් දෙක මේ විදිහට පොස්ට් කරනවා සොරි වෙන්න ඕනේ හොඳේ.

    ReplyDelete
  2. Dude ගේ කොමෙන්ටුව....


    Dude has left a new comment on your post "දැලබුවන් මර්ධනයට- අත්දුටුවයි සත්තයි":

    අයිලාස් පුදුමාකාර Nature Lover කෙනෙක්නෙ.
    නන්දසිරිත් දන්නවා වුනාට දලඹුවාගේ රූපාන්තරනය, අයිලාස් ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නුවාම වෙන්න ඇති ඔලුවට යන්න ඇත්තෙ.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔයා හරි හෙන්රි.. මම පොඩි කාලේ ඉඳලම හරිම Nature Lover කෙනෙක්. ඒ විතරක් නෙවේ පොඩි කලේ ඉඳලම කුම්බියෙක් හරි වතුරේ වැටිලා හිටිහොත් කොහොම හරි බේරනවා.. මගේ wife ටත් ඒ පුරුද්ද පොඩි කාලේ ඉඳලම තිබුනලු. අදටත් එක එහෙමම තමයි. ඒ විතරක් නෙවේ මගේ කොලුවෝ දෙන්නටත් ඒ පුරුද්ද එහෙමම පුරුදු උනා.

      අපේ ගෙදර කිසිම විදිහකින් මදුරුවෙක් වත් මරන්නේ නැහැ. අපි 4 දෙනාට උන් එකෙක්ගෙන් වත් කිසිම කරදරයකුත් නැහැ මචන්. මිට සම්බන්දව මම දැන් වැඩකරන office එකේ කරපූ දෙයක් තියෙනවා පස්සේ පොස්ට් කරන්නම්.

      Delete
  3. සිරා ගේ කොමෙන්ටුව....

    සිරාගෙ කාමරේ has left a new comment on your post "දැලබුවන් මර්ධනයට- අත්දුටුවයි සත්තයි":

    සත්ක්‍රියාවක්...

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි සිරා, ඔය අගය කිරීම ඉහලින් පිලිගන්නවා.

      Delete
  4. සමනලයෙක් හැදෙන්නෙ දළඹුවෙක්ගෙන් කියන එක ජීවිතේට පාඩමක්..
    යාන්ත්‍රික සිකිවිල්ල

    ReplyDelete
    Replies
    1. ඔව් එකේ ලොකු කතාවක් කියවෙනවා....

      Delete
  5. අර මනුස්සයට කෙලින්ම කියනවට වඩා හිතට දැනෙන්න ලස්සනට වැඩේ කියල දීලා තියෙනවනේ.... නියමයි.......

    ReplyDelete
    Replies
    1. ඔව් සමණලි, සමහර දේවල් කෙලින් කියුවට වැඩක් නැහැ, නමුත් සමහර වෙලාවල්වලට හොම්බට ගැහුවා වගේ කියන්න ඕනේ. අර කතාවක් තියෙන්නේ
      ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි කියලා.

      Delete
  6. අපේ ගෙදරත් ඔහොම්මමයි කාලෙකට අම්මා වවන මල් ගස් සේරම ඉවරයි දළඹුවෝ ගස් ටික විනාස කරනවා හැමෝම කියනවා මොනවා හරි කරලා ගස් ටික බේරගන්න කියලා එත් එකනම් වෙන්නේ නෑ අම්මා කියන්නේ ටික දවසනෙ එතකොට මලුත් තියෙනවා සමනලයොත් ඉන්නවා කියලා. ඇත්ත ලස්සන දකින්න ටිකක් ඉවසීම තියෙන්න ඕනේ හැමදේම ඒ වගෙයි :)

    ReplyDelete
  7. ඒ උනාට ඇඟේ ගෑවුනා නම් තේරෙයි.. අපේ අඹ ගහෙත් ඉන්නව.. ජනේලෙ ඇරියොත් මගේ කාමරේටත් පාවෙලා එනවා.. ඒ නිසා දැන් ජනේලයක්වත් අරින්න බයයි..

    ReplyDelete
    Replies
    1. හික්... හික්.. මොකද ඔච්චර බය, කොල්ලෝ ?

      Delete
  8. සත්තුත් ජීවත් වෙන්න එපෑ. පරිසරය විඳින්නත් හැමෝටම බෑ. අපෙත් ගේ ඉස්සරහ කොට්ටම්බා ගහේ දළඹුවෝ හැදෙනවා.

    ReplyDelete
    Replies
    1. පරිසරය විඳින්න තමයි හැමෝම පුරුදු වෙන්න ඕනේ මල්ලියේ.

      Delete
  9. මතක් වෙන කොටත් ඇග හිරි වැටෙනවා

    ReplyDelete
    Replies
    1. මොකක් මතක් වෙනකොටද බන් ඇඟ හිරි වැටෙන්නේ ?

      Delete
  10. උඹ කරලා තියෙන්නේ ඉතාම හොඳ වැඩක්. ස්වභාව ධර්මය අනුව ඒ දළඹුවන්ට සමනලුන් වෙන්න වාසනාව තියෙන්න නැතුව ඇති. නමුත් උඹේ සත් ක්‍රියාවට හිස නමා ආචාර කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ...

      Delete
  11. අයිලාස් මලයා, නන්දසිරියට දැනෙන විදියට කාරණේ පැහැදිලි කරලා දීලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අය්යේ මම හිතන්නේ නැහැ නන්දසිරි යේ කවදාවත් ඔය වගේ සතෙක්ට හානි කරයි කියලා.

      Delete
  12. දළඹුවා කියන්නේ පට්ට විස සතෙක් මං හිතන්නේ. සැරයක්, ඒ කියන්නේ මේ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ දිහා මගේ කකුලට දළඹුවෙක් පෑගුනා රෑ 12 ට විතර කාමරේ ලයිට් එක දාන්න යද්දී. වැඩේ කියන්නේ උගේ විසට කකුල ඉදිමිලා තිබ්බා මාස 2ක් විතර. පස්සේ හෙමින්ම් හම යන්න ගත්තා. මාස 4 විතර යනකං හම ගියා එතන. පස්සේ තමා තුවාල කැළල වගේ එක නැතිවුනේ..

    ReplyDelete
    Replies
    1. දළඹුවා, මිනිසා තරම් විස නැහැ යාලුවා.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...