Monday, August 24, 2015

කිරලා මැනලා හදාපු කූඩුව

ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ  පැත්තේ ගොඩවුනා,  පෙන්නන්න දෙයක් අරගෙන.  මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද? හෑ... අමතක වෙලා... එහෙනම් මුලින්ම ගොහින් බලාගෙන එන්න. මෙන්න තියෙනවා යන පාර. කහ කුරුළු කූඩුවක්  ආ බලාගත්තා නේද? එහෙනම් මේකත් බලලම ඉන්න මෙයා දැකලා තියෙනවද?  හොඳයි එහෙනම් දැන් බලමු මොකක්ද අද පෙන්නන්න යන්නේ කියලා. 

පේනවා නේද පැට්ටා පැත්තක ඉන්න හැටි...

ඔන්න එහෙනම් බලාගන්න මෙයාට කියන්නේ කිරලා කියලා නිකම්ම කිරලා නෙවේ, රතු තැලි කිරලා (red wattled lapwing). මේ විස්තර මට දුන්නේ අපේ ගාමිණි අය්යා.. ගාමිණි ෆොන්සේකා නෙවේ අනේ ගාමිණි විජිත් සමරකෝන් අර ගාමිණීගේ විජිතය බොලොග් එක ලියන්නේ අන්න එයා තමයි. ඕනෑම සතෙකුගේ නියම නම දැනගන්න ඕන උනාම මම ඉස්සෙල්ලම කරන්නේ ඒ සතාගෙන්ම  නම අහන එක. ඒ උනාට මුන් හරිම ආඩම්බරයි, නම කියන්නෙම නැහැ. එතකොට ඉතින් ගාමිණි අය්යාට මෙසේජ් එකක් දාලා අහගන්න එක තමයි කරන්නේ. මැසේජ් එක ගහපු ගමන් සුටුස් ගාල මෙන්න නම ගම විස්තර ඔක්කොම මට එවනවා.  ඔයාට ගොඩාක් ස්තුතියි ගාමිණි අය්යේ.

 
පේනවා නේද, පැට්ටෝ  ටික

දැන් ටිකක් විතර කුඩුවෙන් එලියට ඇවිත්
මේකා ටිකක් විසේ කාරයා... හැමතැනම දුවනවා..

පේනවා නේද අනිත් අය කුඩුවේ, විසේකාරයා අම්මා පස්සේ දුවනවා..  

කොහොමහරි විසේකාරයාආම්බන් කරගෙන අපහු කුඩුවට ගෙනාවා..

ඔන්න ඉතින් බලාගත්තා නේද කිරලගේ කූඩුව සහ පැටවූ. මොනවා උනත් මෙයා කිරලා මැනලා කූඩුව හදපු තැන වැරදියි. පසුවෙනිදා යනකොට මෙයාලට විශාල ඇබැද්දියක් වෙලා තිබුනා. ඉතින් මේ පැටවූ ටික බේරාගන්න ෆුල් ඔපරේෂන් එකක් දෙන්න උනා.. හ්ම්ම්.. මොකක්ද එකට දාන නම ? "operation lapwing" - ඔපරේෂන් කිරලා.  ආ ඒ නම හොඳයි ඒ ගැන මීළඟට පොස්ට් එකක් දාන්නම්. එතකම් ඕනෑමනම් "Operation Eagle" බලන්න.

වණජීවී ඡායාරූප

 වණජීවී ඡායාරූප කොහොමද ඉතින්, වසර ගණනාවකින් තමයි මං තුමා ආපහු බ්ලොග් එක පැත්තට ගොඩ උනේ. අපේ  කස්ටියට දැන් මං තුමා අමතක වෙලාද දන්නෙත් නෑ . කො...