මේ සිදුවීම වෙනකොට අපි හිටියේ රාගම කිට්ටුව තිබුන නිවසක. අපේ ගෙදරට යාබද තිබුන ගෙදර හිටියේ හමුදාවේ හිටපු නිලධාරියෙක්. මගෙත් එක්ක බොහොම හිතවත් හාදයා. හැමදාම වගේ උදේම මට good morning පාරක් දාන්න කවදාවත්ම අමතක කලේ නැහැ. බොහෝවිට ගමනක් එහෙම යන්න ඕන උනහමත් මගෙත් එක්ක සෙට් වෙනවා. හැබැයි මටනම් මුගේ සමහර වැඩ ගැන එච්චර පැහැදීමක් නැහැ. විශේෂයෙන්ම ඔය සත්තුන්ට හිරිහැර කරන උන් මට දිරවන්නේ නැහැ.
ඔන්න දවසක් මේකා කොහෙන්දෝ උකුස්සෙක් අල්ලාගෙන අවා. ඇවිල්ල මුගේ කකුල දම්වැලකින් ගැටගහල අපේ ගෙවල් දෙක වෙන්වෙන බැම්ම අයිනේ ගහක ගැට ගහල, මට කතා කරලා කියනවා;
"මචං, ආයිලෂ් මම උකුස්සෙක් ගෙනාවා හුරතලේට ඇතිකරන්න"
"හපෝ ඔය මොන අපරාදයක් ද. ඔය නිදහසේ ඉගිල්ලෙන සතෙක්නෙ. උන්ගේ ලස්සන බලන්න ඕනේ උන් නිදසසේ උන්ගේ පරිසරයේ ඉන්නකොට "
"මොන පිස්සුද? මුගේ ලස්සන බලන්න පුළුවන් මෙහෙම ළග තියාගෙන විතරයි...ආයේ මුට කවදාවත් ඉගිල්ලෙන්න බැරි වෙන්න මම මුගේ තටු කැපුවා."
ඔහොම කියපු මේ කාලකන්නියා, අර අහිංසක සතාගේ අත් තටු දෙක උස්සලා පෙන්නුවා. ඇතුලට වෙන්න තියෙන පිහාටු ටික ඔකොම බාගෙට කපලා. අනේ මු ලස්සන බලන විදිහ කියල මට හිතුනා. දැන් මේක අපේ පවුලේ ඔක්කොටමත් හරිම දුකක්. දැන් මේ සතා හැම වෙලේම ඉන්නේ අපේ බැම්ම උඩ. සමහර දවස් වලට මේකව බැම්මෙන් ලිස්සල වැටෙනවා එතකොට මුට තටු ගහල උඩට එන්න බැරුව දම්වැලෙන් එල්ලිලා ඉන්නවා. ඔන්න ඒ වෙලාවට අපි අර යකාට කතා කරලා කියනවා,
" මෙන්න මේ සතා දම්වැලෙන් එල්ලිලා"
" මු මහා යක්ෂ සතෙක් දෙන දේ කාලා බිලා ඉන්න බැරි දැඟලිල්ල..."
ඔහොම කියල ආපහු මේකව අපේ බැම්මෙන් තියෙනවා.. දැන් මුට කන්න දෙන්නේ බත්, අනේ අපො, අර මාළු කන සතා බත් කයිද? ඉතින් ඌ කන්නේ නැහැ. මේක බලන් ඉන්න බැරි නිසා අපි ඔය සාලයෝ වගේ පොඩි මාළු ගෙනත් මුට කන්න දුන්නා.
" පුතාලා මු කෑම කන දිහා බලන්න ආසයි නේද? ඒකනේ කෑම ගෙනත් දෙන්නේ. කමක් නැහැ එහෙනම් අපි ආයේ කෑම දෙන්නේ නැහැ. පුතාලම දිපුදෙන්, පොඩි උන්ගේ ආසාවනේ..."
මේකාගේ ගෑණි දවසක් ඔහොම කියුවා. මට කුණුහරුප තමයි මතක් උනේ මොනවා කරන්නද ඉවසගෙන හිටිය. ඔන්න ඔය විදිහට මාස කීපයක් ගත උනා. එක දවක් මොකක්දෝ හේතුවක් නිසා මට වැඩට යන්න බැරි උනා. පොඩි උන් දෙන්නත් ඉස්කෝලේ ගිහින්..
"අයිලාෂ් .. එහා ගෙදර ඔක්කොමල ගමනක් යනවා කියල ගියා ... අපි අර උකුස්සා නිදහස් කරලා යවමුද ...?"
Operation Eagle, පළමු අදහස මගේ බිරිඳගෙන් .
" බැහැ.. වැඩක් නැහැ... ඌට පියාබන්න බැහැ.. තටු කපලා නිසා"
" අනේ ඉක්මනට මොනවහරි දෙයක් හිතන්න... ආයේ මෙහෙම චාන්ස් එකක් එන්නේ නැහැ.."
ඔයා මට telephone directory එක ගෙනත් දීලා ඉක්මනට පෙට්ටියක් හොයන්න මේකව දාගන්න"
මටත් ඉතින් හිටපු ගමන් ගණ දෙවි නුවණ පහල වෙනවා. directory එක පෙරලලා වනජීවි කාර්යාලයේ නොම්බරය හොයාගෙන කෝල් එකක් ගත්තා. ඒ දවස් වල වනජීවී කාර්යාලය තිබුනේ ග්‍රෙගරි පාරේ. ඔතන ඊට කලින් තිබුනේ මම කලින් වැඩකරපු වැවිලි සංස්ථාවේ ඔෆිස් එක. කෝල් එක අරගෙන සම්පුර්ණ විස්තරය වනජීවී අධ්‍යක්ෂ තුමාටම කියුව.
"අපි නිලධාරීන් එවල ඔය කියන කෙනාට නීති මගින් කටයුතු කරන්නම්"
" හපෝ එපා.. එහෙම කලොත් මට මෙහෙ ඉන්න හම්බවෙන්නේ නැහැ, මට ඕන කරන්නේ ඔය මිනිහ උසාවි ගෙනියන්න නෙවේ, මේ සතාව මේ අපායෙන් මුදවන්න. මේකට මට උදවු කරන්න"
" එහෙනම් අපි මොනවද කරන්නේ, ඔයා දැන් ඔය තැන අපිට කියන්නෙත් නැහැ නේ..."
මටත් මල පැනපි.. මුන් නම් මහා පුදුම වනජීවී නිලධාරීන්.. නමුත් වැඩේ කරගන්නත් ඕන නිසා බොහොම ශේප් එකෙන් මෙහෙම් කියුවා.
" හරි මම කියන්නම් වැඩක් මේකට මට උදවු කරන්න. මේ සතා මට මෙතන ලිහන්න පුළුවන් නමුත් ඌට ඉගිලෙන්න බැහැ. තටු කපලා ඒ විතරක් නෙවේ මේකා බොහොම දුර්වල වෙලා ඉන්නේ .. මම මේකව ගලවල ගෙනෙන්නම් , ඔබතුමා zoo එකට බාරදෙන්න ක්‍රමයක් සකස් කරන්න"
" හා එක මම කරන්නම්.. ඔයා කෙලින්ම zoo එකට ගෙනියන්න.. මම එතන දැනුවත් කරන්නම්.... ඔයාට බොහොම ස්තුතියි ඔය වගේ වැඩක් කරන්න හිතපු එකට.."
දැන් අපි දෙන්න ඉක්මනට මේකව ගලවලා පෙට්ටියට දා ගෙන zoo එකට ගිහින් බාර දුන්නා. ඊට පස්සේ ගෙදර එනකොට අල්ලපු ගෙදර උන් ඇවිත් උකුස්ස හොයනවා. මුන් අපිට මෙහෙම කියනවා
"අනේ බලන්නකෝ නරක වෙලාවට ඕගොල්ලොත් ගෙදර ඉඳල නැහැ. උකුස්සා කඩාගෙන ගිහින්........."
අප්පට රාගමත් හිටියද, එහෙම සත්තු කොටු කරන එක මහ ජරාවැඩක්
ReplyDeleteඔය දෙල්පේ හන්දිය කිටුව හිටියේ බන්.
Deleteසත්තුන්ව කුඩු කරන එක හරිම අසාධාරණ වැඩක් මචෝ.
උකුස්ස අල්ලා ගත්ත විදිහ තමා පුදුමේ. මම හිතුවේ හමුදා පුහුණුවකට වගේ මොකක් හරි එකකට උකුස්සාව අල්ලා ගත්තා කියලා
ReplyDeleteපවුකාරයන්ට ඕව සුළු වැඩ මල්ලි.
Deleteඑළ කතාව අයිලාස්. උඹලා කලේ නියම වැඩේ. තාප්පෙන් එහා මෙහා ඇති හදවත් වල තියෙන වෙනස මම කල්පනා කලේ.
ReplyDeleteඒ අහිංසක සතා වෙනුවෙන් කරන්නට තිබුන එක දේ තමයි ඔය. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා මචන්, අදත් හිතනකොට බොහොම සතුටු හිතෙන.
DeleteAyilas A පවුලම පුදුම විදියට සතුන්ට කරුණාවයිනේ.. වරදින්නෙ නෑ කවදාවත් ඔය ගතිගුණ වලට..
ReplyDelete//ඔයා කෙලින්ම zoo එකට ගෙනියන්න.. මම එතන දැනුවත් කරන්නම්.... ඔයාට බොහොම ස්තුතියි ඔය වගේ වැඩක් කරන්න හිතපු එකට//
මේ කාලකණ්නි පඩි ගන්නෙ මොකටද දන්නෙ නෑ....
නිලධාරීන්ට බොහෝවිට සිදුවන්නේ චක්‍රලේඛණ වලට අනුව සිතන්නත් වැඩ කරන්නත්.
Deleteමම අත්දැකපු අනිත් කරණය තමයි වනජීවී එකේ ඉන්න සමහර අය (හැමෝම නෙවේ) සත්තුන්ට ගහකොළ වලට ආදරය කරන අය නෙවේ.
නමුත් මල්ලි ඔය කියපු නිලධාරියා බොහොම හොඳ කෙනෙක්. (මට දැන් නම මතක නැහැ) ඊට පස්සේ කීප වතාවකදීම ඔය වගේ වැඩවලට මට උදවු කළා.
හැ රාගමත් ඉදියද මෙහෙම බලු යක්කු හයියෝ සල්ලි
ReplyDeleteහිතක් පපුවක් නැති උන්ට තැන නොතැන නැහැ මල්ලියේ.
Deleteපව් කාර වැඩක් අප්පා.... සත්තුන්ට නිදහසේ ඉන්න දෙන්නේ නැතිව බම්බු ගහනවා. අයියේ නියම වැඩක්.
ReplyDeleteඔව් මලයෝ මම නම් ඔය සත්තු හිරකරන් ඉන්න එකට කොහෙත්ම කැමති නැහැ. අපි අපේ නිදහස කොච්චර අගේ කරනවද නේද? ඒ වගේ තමයි හැම සතෙක්ම නිදහසේ ඉන්න කැමතියි.
Deleteඅපෝ... එහෙමත් පව්කාර මිනිස්සු....
ReplyDeleteඔයාලා නම් හොදම වැඩක් තමා කරලා තියෙන්නේ.පව් නැත්තන් ඒ අහිංසක සතා.....
මේ... හැබැයි ඒ මනුස්සය බ්ලොග් කියවනවානම් තමා මරු වැඩේ වෙන්නේ. අයිලාෂ් අයියලව මාට්ටු වෙනෝ......
අපෝ පුදුම පවුකාරයෝ ටිකක් තමයි. ඔය පවු කාරයන්ට තමන් කරන පව තේරෙන්නේ නැහැ.
Deleteඅනේ අපෝ පුදුම වදයක්නෙ ඒ අහිංසක සතාට දීලා තියෙන්නේ ඒ මිනිස්සු. පියාඹන කුරුල්ලෙක්ගේ තටු කපලා හිර කරන එක ලොකු පවක්
ReplyDeleteඔය ගොල්ල වගේ කරුණාවන්ත අයට විතරයි මේවා තේරෙන්නේ.
Deleteතමන් ගැන හිතන එකේ ටිකක් හරි අනිත් අය ගැන හිතන්න පුරුදු උනොත් තව කෙනෙක්ව තේරුම් ගන්න ටිකක් හරි පුළුවන් වෙනවා ඒක සත්තුද මිනිස්සුද කියලා නෑ එහෙම නේද?
Deleteඔයා හරියටම හරි...
Deleteකියාගන්න බෑ කියුවට ඔය අපුරුවට කියන්නනේ....
හොඳ වැඩක් බං උඹ කරලා තියෙන්නේ!
ReplyDeleteඒ වෙලේ කරන්න තිබුන හොඳම දෙය තමයි ඒ වැඩේ.
Deleteමහා පුදුම සතෙක් ගැනනේ අයිලාස් කියලා තියෙන්නේ. ඔය මිනිස්සුන්ට ඕවා පලදෙයි මේ ආත්මෙදිම. සමහරු පොඩි වීදුරු බෝතල් වල තනි මාලුවෙක් හදනවා. ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් කියලා. ඒත් අර මාළුවාට දැනෙන තනිකම, පීනන්නවත් ඉඩක් නැති කම ගැන සත පහකට ගණන් ගන්නෑ.
ReplyDeleteමං දවසක් දැක්කා කඩුවෙල පාර අයිනේ සුරතල් මාළු විකුණන්න පොඩි බෑග් වලට දාලා තියෙනවා. උන් දවසෙම ඒක ඇතුලේ හැරෙන්නවත් ඉඩක් නැතුව ඉන්න හැටි දැක්කම මට අරූව මරණ කන්න හිතුණා.
අපොයි ඔව් බන් ඔය මාළුවන්ට නම් පුදුම වදයක් දෙන්නේ. මේ මිනිස්සුන්ට හිතෙන්නේ නැහැ නේ සත්තුන්ටත් හැඟීම්, දැනීම් තියෙනවා කියන එක.
Deleteඔය සිද්දියට අදාළ එකාට නම් ඒ පව මෙලොකෙදීම පටිසන් දුන්නා.එකාව හොරු වගයක් අරන් ගිහින් මාස ගණනක් අත පය බැඳලා දාලා තියන් ඉඳලා තියෙනව.
මට මේකෙ පෙනුනෙ චක්‍රලේඛ වලට හිරවෙලා ඉන්න නිලධාරීන්ව.. වනජීවී අයට නඩු නොදා සතාව ගෙනියන්න බැරුවැයි?
ReplyDeleteඑයාලගෙ වගකීම සත්තු රැකගන්න එක..
එක තමයි මල්ලි මම කියන්නේ බොහෝ දෙනෙක් රාජකාරිය කරන්නේ පඩි ගන්න විතරයි. වගකීම් ගැන හිතන්නේ නැහැ.
Deleteමගේ ආචාරය මචන්...මම උඹ වගේම සත්තුන්ට ආදරය කරන චරිතයක්...
ReplyDeleteසත්තුන්ට ආදරය කරන උඹව හඳුනාගන්න ලැබීම සතුටක් සිරා.
Deleteඅදමයි මෙහෙට ගොඩවුණේ...
ReplyDeleteකියන්න තියෙන්නෙ සත්තු හිර කරලා හදන මොකාට වුණත් ලබන ආත්මෙදි වත් හිර ගෙදරක පහස ලබන්න වාසනාව ලැබෙන්න කියලා විතරයි....
අපේ පැත්තෙත් වෙලාවක් ලැබුණොත් ගොඩවෙන්න
බොහොම සාදරයෙන් පිලිගන්නවා. ඔන්න ඒ පැත්තේ ත් ගොහින් අවා.
Deleteඅද තමා මුලින්ම මේ පැත්තට ආවෙ.
ReplyDeleteසත්තු හිරකරල තියන එකට මමත් කැමති නැහැ. ඒ වගේම කිසිම සතෙක් සුරතලයට ඇතිකරනවටත් මගේ නම් කැමැත්තක් නැහැ. කොටින්ම සත්වෝද්‍යාන පවත්වගෙන යන එකත් අනවශ්‍ය වැඩක් කියලයි මම හිතන්නෙ. සතුන්ව නැරඹිය යුත්තෙ උන්ට ආවේනික උන්ගෙ නිජභූමියකදි. මනුස්සයින්වත් ඔහොම කූඩු කරල ඇතිකරන තවත් සත්ත්ව විශේෂයක් ලෝකෙ හිටියනම් සත්තු ඇතිකරන්න කැමති මිනිස්සු දෙන උත්තරේ මොකක්ද?
පළමුව ඔබව සාදරයෙන් පිලිගන්නවා. නැවත එන්න.
Deleteඔබගේ වටිනා අදහස් දැක්වීමට බොහොම ස්තුතියි.
මනුස්සයෙක් කියන්නත් ලැජ්ජයි මේ වගේ මෘග වැඩ කරන කෙනෙක්ට..හොඳ වැඩක් අයියෙ ඔයා කරල තියෙන්නෙ..රාගම පැත්තෙ නම් බෝයිස් ටවුන් එකෙත් සත්තු ඇති කරනවා නේද?
ReplyDeleteස්තුතියි කිරිල්ලියේ.
Deleteශ්‍රී ලාංකික පුර වැසියෙකුගෙන් ඉටුවිය යුතු, යුතුකමක් මලයාගෙන් කෙරිලා තියෙන්නේ. වනජීවී සංරක්ෂණය දෙපාර්තමේන්තුවකට හෝ සුළු නිලධාරීන් පිරිසකට පමණක් සීමාවිය යුතු නෑ කියලා අපි හිතමු.
ReplyDeleteහරියටම හරි ගාමිණි අයියේ, මේ හැම දේම නිලධාරීන්ට බාරදීලා ඉන්නේ නැතිව අපේ යුතුකම ඉටුකරන්න ඕනේ.
Delete