මාත් එක්ක එකතු වෙන්න

Monday, March 4, 2013

ඩිජිටල් ඡායාරුප වල භූතයන් සහ දෙවියන්


අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප  වල  බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම  සහ වෙනත් අත්භූත රුප ගැන.

 මෙම  පොස්ට් එක ලිවීමේ මුලික අදහස  ඩිජිටල් තාක්ෂණයට අනුව ඡායාරුපයක් එඩිට් කිරීමක ලක් කල එකක්ද ? නැත්ද? යන දේ ගැන කරුණු කරණා  ඉදිරිපත් කිරීම වුවත්, මුලින්ම  එයට අමතරව බෞද්ධ ආගමික කරුණු මත සිට ශ්‍රද්ධාව, ප්‍රාතිහාර්යය යන කරුණු ගැන කෙටි විස්තරයක් කරන්නත් සිදුවෙනවා. 

මම පසුගිය  දිනවල දුටු  මෙවැනි ඡායාරුප කීපයක්ම බුදු දහම පසුබිම් කරගත් ඒවා , ඒ ඡායාරුප එලි දැක්වීම  මගින් ඒ අය   කියන්න, පෙන්වන්න උත්සහ කලේ මරණින් මතු ජිවිතයක් තිබෙන බව සහ බුදු රජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවක් ඇති කරලීමයි. නමුත් යම් අයෙක් මෙවැනි කාරනා මත ශ්‍රද්ධාවක් ඇති කරගන්නවානම් එවැනි වූ ශ්‍රද්ධාව ධර්මයෙහි හඳුන්වන්නේ "අමුලිකා ශ්‍රද්ධාව" නම් වූ මුලයක් , හරයක් නොමැති, වහා වෙනස් චිය හැකි ශ්‍රද්ධාවක් ලෙසයි.

ධර්මයට අනුව වඩා වැදගත් වන්නේ "ආකාරවතී ශ්‍රද්ධාව" නම් වූ කරුණු කාරණා  මත ඇතිකරගන්නා වූ ශ්‍රද්ධාවයි. එම ශ්‍රද්ධාව වඩා බලගතු වේ. 

ශ්‍රද්ධාව ධර්මයේහි  පැහැදිලි කරන්නේ මේ ආකාරයටයි, "සද්දා හති තථාගතස්ස බෝධි" එනම් තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය හෙවත් අවබෝධය පිළිබඳව ඇතිකර ගන්නා වූ  විශ්වාසයයි. බෞද්ධයන්   හට ශ්‍රද්ධාවක්  ඇත්නම්, තථාගතයන් වහන්සේගේ  දේශනා වල ඇතුලත් ආකාරයට දෙවියන්, භූතයන්, යක්ෂයන්, ප්‍රේතයන්,  අපාය, දිව්‍ය ලෝක ඇති බව  පිළිගත යුතු වෙනවා.  දේවතා සංයුක්තය, යක්ෂ සංයුක්තය, විමාන  වත්ථු , ප්‍රේත  වත්ථු වැනි බුද්ධ දේශනා ඇතුලත් ග්‍රන්ථ යමෙකුට බැහැර කල හැකිද ?  මෙම දෙවියන්, භූතයන්, යක්ෂයන්, ප්‍රේතයන් වැනි සත්ත්ව කොටස් ඇති බම මම පිළිගන්නා අතර, අප අවටත් මෙම කොටස් ඇති බවද පිලිගනිමි. 

ඉතාම පැහැදිලි ලෙස දේවතා එලි  නම් වූ එලි මම සියැසින්ම  කීපවරක් දැක ඇත්තෙමි. මගේ පිළිගැනීම නම් මේ දෙවතා එලි යනු අපට නොපෙනෙන මානයක ජිවත් වන්නා  වූ දේව කොටස්, එක මානයක සිට තවත් මානයකට ගමන් ගන්නා අවස්ථාවන් වලදී ඇතිවන්නක් ලෙසයි. (මෙය හුදෙක්ම මගේ මතයක් පමණක් බව සලකන්න. මෙය වැරදි හෝ නිවැරදි විය හැක)

දැන් අපි කෙටිගෙන් දැනගත්තා ශ්‍රද්ධාව කියන්නේ කුමක්ද සහ  එහි ඇති ප්‍රබේධ ගැන . ඒ වගේම ප්‍රාතිහාර්යය ගැන ධර්මයේ සඳහන් වන කරුණු ගැනත් ටිකක් බලමු.  බුදුරජාණන් වහන්සේ, ප්‍රාතිහාර්යය කොටස් තුනකට බෙදා දක්වනවා.

  1. ඍධි ප්‍රාතිහාර්යය
  2. ආදේශනා ප්‍රාතිහාර්යය
  3. අනුශාසනා ප්‍රාතිහාර්යය 

මෙයින්  ඍධි ප්‍රාතිහාර්යය යනු සිත දියුණු කිරීම මගින් අහසින් ගමන් කිරීම, පොලවේ කිමිදීම, ජලයේ ඇවිදීම වැනි ප්‍රාතිහාර්යයන්  පෑම  වන අතර,  ආදේශනා ප්‍රාතිහාර්යය ලෙස දක්වන්නේ සිත දියුණු කිරීම මගින් අන් අයගේ සිත් කියවීමයි. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දෙආකාරයේම ප්‍රාතිහාර්යය  අගය කිරීමක් නොකළ අතර අනුමත කරනු ලැබුවේ තුන් වෙනුවට සඳහන් කළා වූ අනුශාසනා ප්‍රාතිහාර්යය හෙවත් ධර්මය දේශනා කිරීම මගින් අන් අයගේ සිත් වල පරිවර්තනයක් ඇතිකරලීමයි. මෙයට ඇති හොඳම උදාහරණය නම් දම්සක් පැවතුම් සුත්‍රය දේශනා කල අවස්ථාවයි. උන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය මුලින් පිළිනොගත් පස්වග තවුසන්  හට  ඒ බව වටහා දුන්නේ ධර්ම දේශනාව තුලින්මයි.

දැන් අපි ප්‍රාතිහාර්යය යනු කුමක්ද? සහ එයින් වඩා වැදගත් වන්නේ කුමක්ද යන කරුනු ගැනත් කෙටියෙන් දන්නවා. එහෙනම් අපිට පළමුවෙන් හිතන්න වෙන්නේ මේ ඡායාරුප වල සටහන් වන සමහර රුප ඉහත කියූ ප්‍රාතිහාර්යය වර්ග තුනටම අයත් නොවන බවය. එනම් එවැනි රුප ප්‍රාතිහාර්යයන්  නොවන බවය.

කරුණු කරනා එසේ වූ පමණින් ඩිජිටල් ඡායාරුප  වල සටහන් වන  මෙම රුප සැබවින්ම මෙවැනි දෙවියන්, භූතයන්, යක්ෂයන්, ප්‍රේතයන් වැනි සත්ත්වයන්ගේ  රුපද?   බොහෝවිට මෙවැනි ඡායරුපක් දුටු පමණින්ම බොහෝ දෙනෙක් පෙර නිගමන වලට එළඹෙනවා, "මේක එඩිට් කල එකක්", "මේකනම් හාස්කමක්" වගේ. මේ ලියන පොස්ට් එකෙන්  බලාපොරොත්තු වන්නේ,  එවැනි වූ පෙර නිගමනයන් කරා නොඑළඹ  තමන්ටම මේ ගැන ඉතා සරල  තාක්ෂණික ක්‍රම කීපයක් මගින් එම ඡායාරුපය "එඩිට් " කල එකක්ද නැත්ද  වග තේරුම් ගන්නා ආකාරයයි 

ඉතාමත්ම සරල ක්‍රමය :

හොඳින් බලන්න අන්තර්ජාලයට  ලබාදී ඇති ෆොටෝ එකේ ප්‍රමාණය. (image size) ඔවුන්  එඩිට් කල ෆොටෝ සැමවිටම අන්තර්ජාලයට එක් කරන්නේ කුඩා ප්‍රමාණවලින් (small image size)  ඔය ආකාරයෙන් කුඩා ෆොටෝ ලබාදෙන්නේ එඩිට් කිරීමේ දෝෂයන් සඟවන්න.

තවත් සරල  ක්‍රමයක් :
මුලින්ම මේ සඳහා එම ෆොටෝ එක down load කරගත යුතු වෙනවා, ඉන්පසුව මේ ෆොටෝ එක Photoshop හෝ එවැනි වෙනත් Image Editing Software එකක් මගින්  open  කරන්න. දැන් එම ෆොටෝ  එක 700%  - 800% පමණ විශාල කරන්න . දැන් මෙම image එක එඩිට් කල එකක් නම් එම එඩිට් කිරීමෙන් ඇතුල් කල කොටස් වල sharp edges මෙන්ම, එඩිට් කිරීමේදී ඇතිවන සුළු දෝෂයන් මනාව  දකින්නට පුළුවන්, එඩිට් නොකළ ෆොටෝවක් නම් එලෙස sharp edges  දකින්නට ලැබෙන්නේ නැහැ, ක්‍රමයෙන් වෙනස්වෙන වර්ණ සහිත පික්සල් තමයි දකින්නට ලැබෙන්නේ. එමෙන්ම එක්කල  කොටසේ සහ අනිත් කොටස් වල පික්සල් ගහනතාවයේ (density) වෙනසක් දකින්න පුළුවන්  පහත උදාහරණය බලන්න.

ෆොටෝ  #1 : කිසිම එඩිට් කිරීමක් නොකළ ෆොටෝ එකක්.


ෆොටෝ  #2: එඩිට් කිරීමෙන් වෙනත් පසුබිමක් එක්කර ඇත.  එමෙන්ම ළමයා පැළඳ සිටින බෝ (bow) එක edit කිරීම මගින්  සකස් කර ඇත.


ෆොටෝ  #3: එඩිට් නොකළ ෆොටෝ එක 700% විශාල කිරීමෙන් 



ෆොටෝ  #4:  එඩිට් කල ෆොටෝ 700% විශාල කිරීමෙන් 


 මෙම ෆොටෝ වල විශාල ප්‍රමාණය මෙම ෆ්ලිකර් පිටුවෙන් බලන්න 


තවත් ක්‍රමයක් :
මේ සඳහා වන තවත් ක්‍රමයක් තමයි Error level analysis කියන්නේ.  මෙහිදී කරන්නේ එම ෆොටෝ  එක  JPGE image එකක් විදිහට දන්නා වූ අගය අඩු කිරීමකින් නැවත නැවතත් බොහො වාරයක්  save  කිරීමෙන් ලැබෙන image  එක මුල් image  එක සමග සැසදිමත් , එම  image  දෙක අතර error rate එක සැසදිමත්. යම් හෙයකින් එම image එක එඩිට් කිරීමකට ලක්වී ඇත්නම මෙම error rate  එක ඉහල අගයක් ගන්නවා. නැත්නම් මෙම error rate එක ඉතා පහල අගයක් ගන්නවා. පසුව මේ අගයන් හි වෙනස දුශ්‍යමය ලෙස දක්වන්න පුළුවන්.

මේ තියෙන්නේ එවැනි software  එකකින්  එඩිට් කිරීමෙන් ෆොටෝ එකකට රුපයක් එකතු කල සහ එඩිට් කිරීමක් නොකළ මුල් ෆොටෝ එක  පරික්ෂා කිරීමෙන්  ලැබුන ප්‍රතිපල

ෆොටෝ  #5: එඩිට් නොකළ  ෆොටෝවෙහි ප්‍රතිපලය


ෆොටෝ  #6:  එඩිට් කල ෆොටෝවෙහි ප්‍රතිපලය 


ෆොටෝ # 6 හි ඇති රූපයේ  එම රේඛාවන් තද පැහැයෙන්  වඩා පැහැදිලිව දකින්නට ලැබෙනවා එහෙම වන්නේ, එය  එඩිට් කල ෆොටෝ එකක් නිසා ඇතිවන error  rate  එක වැඩි නිසයි. මේ පහත තියෙන ලින්ක් එකෙන් මේ සොෆ්ට්වෙයාර් එක ඔබටත් අත්හදා බලන්න පුළුවන්. 

දැන් ඉතින් අපි දන්නවා ඔය දෙවියන්, භූතයන්, යක්ෂයන්, ප්‍රේතයන් පෙනීසිටින ඡායාරුපයක් දුටු විට එය විශ්ලේෂණය කරන සරල ක්‍රම කීපයක්. මේ මගින් අපිට දැනගන්න පුළුවන් වන්නේ එම ඡායාරුපය එඩිට් කල එකක්ද? නැත්ද? යන වග මිස දෙවියන්, භූතයන්, යක්ෂයන්, ප්‍රේතයන් ඇති, නැති බව නොවන බව නැවත අවධාරණය කරමි.

පහත කරුණු ගැන සැලකිලිමත් වන්න 
ඔබ ගත්  ෆොටෝවක  සැබවින්ම එවැනි රුපයක් තිබුනොත් කිසි විටකත් එය එඩිට් කරන්න එපා. හැකි උපරිම විශාලත්වයෙන් (large image) එය අන්තර්ජාලයට එක්කරන්න.

ඔබ ෆොටෝ එක ගැනීමට පෙර මෙවැනි රුපයක් දැක එය ෆොටෝ ගන්නවා නම්, ඔබගේ කැමරාවේ RAW පහසුකම ඇත්නම්, RAW  image එකක විදිහට ෆොටෝව ගන්න.( RAW ගැන පසුව කතා කරමු )


පසු සටහන:

මෑත කාලයේ බොහෝ අවස්ථා වලදී ඉදිරිපත් වූ, මා නෙත ගැටුණු එවන් ඡායාරුප විශ්ලේෂණය කිරීමේදී පෙනී ගියේ ඉන් එකක් හැර,  අනිකුත් සියලුම ඡායාරුප එඩිට් කරන ලද ඒවා බවයි.  එම එඩිට් නොකළ  ඡායාරුපය පලකල අය  ඒ  ගැන කියා සිටියේ එහි දක්නට ඇති ආලෝකය, කාචය තුලින් ගමන් කිරීමේදී ඇති වූ ආලෝක ලපයක් ලෙස විශේෂ දැනුමක් ඇත්තකු විසින් කියන ලද බවමෙන්ම එය දුටු එම සිද්ධස්ථානයේ ස්වාමින් වහන්සේ නමක් කියා සිටියේ එය දෙවියෙකු ගේ සටහනක්  විය හැකි බවත්ය.  එම ෆොටෝ එකේ  ඇති ආලෝක ලපය දෙවියකුගේ පෙනිසිටිමක්ද ?  නැතිද ? යන්න කීමට මා නොදන්නා නමුත් එම ඡායාරුපය එඩිට් නොකළ අගනා ඡායාරුපයක්  බව පමණක් නොබියව කිව හැක. එම ඡායාරුපය මෙම පොස්ට් එකේ පල කිරීම සඳහා අදාළ පාර්ශවයන්ගෙන් අනුමැතිය  ලබා ගැනීමට ඉල්ලීමක් කලමුත් ඒ සඳහා  මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබුන බැවින් එම ඡායාරුපය පල නොකරන ලදී. (අන්තර් ජාලයේ  පලවන ඡායාරුපයක් එය උපුටා ගත්  තැන සහ ශිල්පියා ගැන සඳහන් කරමින් පලකිරීමට නීතිමය බාධාවක් නොමැති මුත්,  එසේ නොකරන ලදී)

මෙවන් වූ ඡායාරුප මත බිහි  වන්නා වූ  ශ්‍රද්ධාවන්තයින්, තවත් කෙනෙකුන් විසින්  වෙනත් ආගම් කතුවරයකු මෙලෙස පෙනීසිටින ඡායාරුපයක් ඉදිරිපත් කළහොත් ඒ වෙතද ඇදී  නොයතැයි කවෙරකුට නම් කිව හැකිද? එබැවින් වඩා වැදගත් වන්නේ මෙවන් වූ දේ පසුපස ගොස් මංමුලා වීමට වඩා තම තමන් විශ්වාස කරන ආගම  ධර්මයන්හි  හරයන් කෙරේ වඩාත් නැඹුරු වීමයි.

44 comments:

  1. ගොඩක් ෆොටෝ වල ඉන්නේ ෆොටෝෂොප් දේවතා එලි සහ බුතයෝ , ෆොටෝ වල දේවතා එලි වැටෙන්න තවත් හේතුවක් නම් සද එලිය හෝ ලයිට් එලිය සමග පින්න වැටෙන වේලාවක ජයාරූප ගැනීම.

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ ෆොටෝෂොප් දෙය්යෝද නැද්ද කියලා දැන් හොයාගන්න පුළුවන්නේ චමි.

      Delete
  2. හරි අගෙයි අයියා... බණකුත් එක්කම තාක්ෂණික පාඩමකුත් දාල... සෝමාවතියේ තියෙනව ෆොටෝ ගොඩාක් එකම එක පුද්ගලයෙක්ට පමණක් පෙනුණු

    ReplyDelete
    Replies
    1. මම මේ ලිපිය ලියනකොට කිසිම එවැනි දේවල් ගැන කියවුන කිසිම ස්ථානයක් ගැන සඳහන් නොකළේ, පොදුවේ මේ ගැන කියන්න ඕන නිසා.

      දැන් ඔයාටම ඔය ෆොටෝ ටික ඩවුන්ලෝඩ් කරලා ඔය කිව සරල විදිහට බලා ගන්න පුළුවන් නංගියේ.

      Delete
  3. Replies
    1. හුදෙක් තාක්ෂණික කරුණු මතම පදනම් නොවී ලියන්න තමයි උත්සහ කලේ, ගයනි.

      Delete
    2. @ කෝරලේ මහත්තයා

      එහෙම නොකලා නම් භෞතිකවාදීන් දෙවියන්, බුතයන් නැහැ කියන්න මේකත් යොදා ගනීවි.

      Delete
  4. නියමයි. බණයි තාක්ෂණයයි ගැන පැහැදිලි විග්‍රහයක්.
    ‍මීටපස්සෙ කට්ටියට පොටෝෂොප් භූතයො අල්ලගන්න ලේසිවෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න, දැන් ඉතින් බුතයෝ අල්ලන එකයි ඇත්තේ.

      Delete
  5. අතිශය සාර්තක ලිපියක්. හරිම සිත්ගන්නා සුලු විදිහට කරුණු පැහැදිලි කරලා තියනවා. ඉස්සර මිනිස්සු දැක්‍කෙම මහසෝනා හා ඒ හා බැදුනු යක්ෂ හොල්මන් ප්‍රේත අවතාර. දෙවියන් දැක්ක කෙනා දේවාල දාගත්තානෙ. ඉතින් ගමේ දේවාලේ කපු මහත්තරුන්ට හිටු කියල වැඩ. වැඩේ තියෙන්නෙ අපේ කොල්ලන්ට දැන් පහසු මිලට දුරකතනයේම ඩිජිටල් කැමරාවක් හම්බවෙලා මුත්‍රා කරන්න ගියත් හම්බවෙන්නෙම දේවරූප. නැත්තං පිටසක්වල ඇත්තන්ව.

    එහෙම ගත්තම ඉතිං හිතන්න වෙන්නෙ මේ දකින මහසෝනාගෙ ඉදල පිටසක්වල ඇත්තන් වෙනකල් සිද්ධි මනංකල්පිත සිතුවිලි, ජනප්‍රියත්වක්, හෝ යම් වාසිසහගත අරමුණු මත සිදුවන දේවල් කියායි. දේවතා එළි කියා ඇත්නම් එසේනම් උත්තර ද්‍රවයට පෙනෙනා Aurora නොහොත් උත්තරද්‍රව එලි දැක්කොත් අනිවාර්යෙන්ම මේවා ජායාරූපගත දෙවියන් යැයි පවසාවී නේ?

    මමත් ලිපියක් ලියන්න හිටියෙ ‍පිටසක්වල ගැන draft කරල තිබ්බත් ඒකට තව කරුණු ටිකක් දාන්න ඕනා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබගේ වටිනා අදහස් දැක්වීමට.

      Delete
  6. හරි වටිනවා මේ පෝස්ට් එක,,, සරලව කියා දීලත් තියනවා,,

    ReplyDelete
    Replies
    1. නැත්නම් ඉතින් තේරුනේ නැහැ කියලා කස්ටිය මට බනිනව නෙ... :D

      Delete
  7. මමත් යනවා හොරු අල්ලන එක පැත්තක තියලා බූතයෝ අල්ලන්න :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අන්න පටන් ගන්නවානම් වැඩේ රජෝ...

      Delete
  8. සුපිරි! මමත් මේ edit නොකරපු ෆොටෝ කොහොමද හොයා ගන්නේ කියලා හිත හිත රියේ..බොහොම ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ ඉතාම සරල ක්‍රම කීපයක් විතරයි... ඒ ඇතිනේ නේද?

      Delete
  9. මට මතකයි ගොසිප් සයිට් එකක අර නුවර පැත්තේද කොහෙද මැරිච්ච ස්කොලේ ළමෙක්ගේ ෆොටෝ එකක් හිට් වුනා ඒ ළමයාගේ අවතාරේ කියලා... පොටෝෂොප් වලින් පින්තුරෙකට කලනොහැකි දෙයක් නෑ කියල තමයි මම විශ්වාස කරන්නේ..

    ReplyDelete
    Replies
    1. මේ විදිහට අපි අපිටම ඒ ෆොටෝ ගැන බලාගන්න පුළුවන්නේ පැතුම්.

      Delete
  10. උඹට බුද්ධාගම ගැනත් ඡායාරූප ශිල්පය වගේම දැණුමක් තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි අපේ හැටි. මචං මම පොඩි කාලේ ඉඳන්ම හැම දෙයක් ගැනම දැනගන්න හරිම කැමතියි.

      Delete
  11. සමහරුන්ට මේ දේවල් ගැන ලොකු කුතුහලයක් තියෙනවනෙ. මේ වගේ සරල ක්‍රම ටිකකින් ඒ දේවල් වල ඇත්ත නැත්ත බලාගන්න පුලුවන් වෙන එක ගොඩක් වටිනව.
    හැබැයි වැදගත්ම දේ වෙන්නෙ මේ වගේ දේවල් ගැන ඕනවට වඩා හිතන එකට වඩා
    ආගම ධර්මයේ තියෙන හරයන් කෙරේ වඩාත් නැඹුරු වීමයි කියල අයියා කියල තියෙන කතාවට මාත් 100%ක් ම එකඟයි.

    ReplyDelete
    Replies
    1. අන්න හරි ඔයා එක හොඳින්ම තේරුම් අරගෙන.

      Delete
  12. මම මේ දැක්කමයි තාක්ෂණය ගැන කියන්න බණක් යොදා ගන්නවා..ඒකත් අපූරු වැඩක්..

    පහුගිය කාලවකවානුවේ ඔය කියන තාලයේ පින්තූර ගැන මොන තරම් කතා බහ ඇති උනාද..ඔක්කෝමට වඩා පත්තරවලින්.. මට මතකයි ධනුෂ්ක සේනාධීර කියන ඡායා රූපශිල්පියා ලඟ ඔය වගේ පින්තූර කීපයක් තිබුනා. ඔහු කියන ආකාරයට ඒවා සියල්ලම අලෝකය නිසාම සිදු උන වෙනස්කම්...

    මේ ගැන සැබෑවට කුතුහලයක් ඇති කෙනෙකුට අගේ ඇති පාඩමක්..

    ReplyDelete
    Replies
    1. ඡායාරුපයක් කොහොමත් සකස් වෙන්නේ ආලෝකයේ ඇතිවන වෙනස්කම් වලින් තමයි ලිහිණි. Photography කියන වචනය හැදිලා තියෙන්නෙත් ෆොටෝස් ග්‍රෆොස් කියන ග්‍රීක් වචන දෙකින්. ෆොටෝස්:ආලෝකය ග්‍රෆොස්:ලිවිම ඉතින් ෆොටෝග්‍රපි කියන්නේ ආලෝකයෙන් ලිවිම, නැතිනම් ආලෝකයෙන් ඇඳීම.

      මේ පොස්ට් එකෙන් පෙන්නන්න ඕන කලේ එඩිට් කල ෆොටෝ එකක් හොයාගන්නේ කොහොමද කියන එක මිසක් වෙනත් දෙයක් නෙවේ.

      ඔබේ අදහස් දැක්වීම ඉතාම අගේ කොට සලකනවා.

      Delete
  13. ලඟදී මමත් කෑවා හොඳවයින් පරිප්පුවක්.

    යාලුවෙක් එව්වා ෆොටෝ එකක් ඒකේ ඔය කියන විදිහේ බූතයෙක් ගේ සීන් එකක් තිබ්බා.

    යාලුවා පර සක්වල ගහලම කිව්වා ඌ ගත්තේ එඩිට් කලේ නෑම කියලා. ඒ නිසා තව යාලුවෙක්ට යැව්වා.

    ඌ අර බූතයගේ ඔරිමජිනල් එකක් හොයලා එව්වා අනිත් යාලුවට යවන්න කියලා.

    පස්ස තමයි ඌ කිව්වේ ඔෆිස් එකේ එකෙක්ට phone එකෙන් කොම් එකට දාන්න කියලා ටොයිලට් ගිය ටිකට ඌ වෙනස් කරා කියලා කරපු එකා පිලිගත්තා කියලා.

    නෝන්ඩි හතයි.

    මේ ලිපිය හෙන වටිනවා.

    මින් පස්සේ නම් කිසිම එකෙක් මේ ක්‍රම වලින් හොයලා බලන්නේ නැතුව පිලි ගන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. දුකා ගොඩ දවසකින් ආවේ නේද?

      ඔව් බන් හුඟක් උන්ට මේ දවස්වල අමුතු ලෙඩක් හැදිලා තියෙන්නේ.

      Delete
    2. මේ ටිකේ වැඩ වැඩී බන් . .

      ඔෆිස් එකේ ඉඳන් ගෙදර ගියාම බිස්නස් එකේ වැඩ . .

      බ්ලොග් කියවන්න කාලේ හොයා ගන්නේ හෙන අමාරුවෙන් දැන් . .

      Delete
    3. මචෝ මේ ඇත්තමයි, මගේ ජිවිතේ නම් බිසී කියලා දෙයක් ඇත්තෙම නැහැ.

      Delete
  14. ෂා මාර වටිනා කියන පොස්ටුවක් මේකනම්.....නියමයි නියමයි...දිගටම දැම්මානම් තමා වටින්නේ මේ වගේ පොස්ට්......

    ReplyDelete
    Replies
    1. උමාත් ගොඩ දවසකින වගේ, ඡායරුපකරණය ලේබලය යටතේ බලන්න පොස්ට් ගොඩක් දැම්මා.

      Delete
  15. Thanks again for the post. Your blog has become one of my favourites.

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. ඔය තියෙන්නෙ මගේ භූත ෆොටෝ එකක්
    https://www.facebook.com/photo.php?fbid=4088575136544&set=t.563024876&type=3&src=https%3A%2F%2Ffbcdn-sphotos-e-a.akamaihd.net%2Fhphotos-ak-snc7%2F470026_4088575136544_182592143_o.jpg&smallsrc=https%3A%2F%2Ffbcdn-sphotos-e-a.akamaihd.net%2Fhphotos-ak-snc7%2F600617_4088575136544_182592143_n.jpg&size=1024%2C768

    ReplyDelete
    Replies
    1. මේවා පේන්නේ නැතෝ....

      Delete
  18. අංග සම්පූර්ණ පෝස්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලයෝ.

      Delete
  19. මම මේක දැක්කේ දැන් අහම්බෙන් ..මේ ගැන silentsahan කියන
    කෙනා කොහොම අදහසක්ද දරන්නේ කියල ඔයා ( අයිලෂ් ) දන්නවනේ
    අයියේ ..ඒ නිසා මේ පෝස්ට් එක අසාවෙන් බැලුවා කියන්නයි මේ
    කමෙන්ටුව එකතු කරන්නේ ..

    ගොඩක්ම වැදගත් පොළොවේ ප

    ReplyDelete
  20. මම මේක දැක්කේ දැන් අහම්බෙන් ..මේ ගැන silentsahan කියන
    කෙනා කොහොම අදහසක්ද දරන්නේ කියල ඔයා ( අයිලෂ් ) දන්නවනේ
    අයියේ ..ඒ නිසා මේ පෝස්ට් එක අසාවෙන් බැලුවා කියන්නයි මේ
    කමෙන්ටුව එකතු කරන්නේ ..

    ගොඩක්ම වැදගත් පොළොවේ පය ගහලා දාපු පෝස්ට් එකක් ...
    සම්පූර්ණ අගය කරනවා ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඔයගේ කොමෙන්ට් එකට.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

************ *************