අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන.
මෙම පොස්ට් එක ලිවීමේ මුලික අදහස ඩිජිටල් තාක්ෂණයට අනුව ඡායාරුපයක් එඩිට් කිරීමක ලක් කල එකක්ද ? නැත්ද? යන දේ ගැන කරුණු කරණා ඉදිරිපත් කිරීම වුවත්, මුලින්ම එයට අමතරව බෞද්ධ ආගමික කරුණු මත සිට ශ්‍රද්ධාව, ප්‍රාතිහාර්යය යන කරුණු ගැන කෙටි විස්තරයක් කරන්නත් සිදුවෙනවා.
මම පසුගිය දිනවල දුටු මෙවැනි ඡායාරුප කීපයක්ම බුදු දහම පසුබිම් කරගත් ඒවා , ඒ ඡායාරුප එලි දැක්වීම මගින් ඒ අය කියන්න, පෙන්වන්න උත්සහ කලේ මරණින් මතු ජිවිතයක් තිබෙන බව සහ බුදු රජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවක් ඇති කරලීමයි. නමුත් යම් අයෙක් මෙවැනි කාරනා මත ශ්‍රද්ධාවක් ඇති කරගන්නවානම් එවැනි වූ ශ්‍රද්ධාව ධර්මයෙහි හඳුන්වන්නේ "අමුලිකා ශ්‍රද්ධාව" නම් වූ මුලයක් , හරයක් නොමැති, වහා වෙනස් චිය හැකි ශ්‍රද්ධාවක් ලෙසයි.
ධර්මයට අනුව වඩා වැදගත් වන්නේ "ආකාරවතී ශ්‍රද්ධාව" නම් වූ කරුණු කාරණා මත ඇතිකරගන්නා වූ ශ්‍රද්ධාවයි. එම ශ්‍රද්ධාව වඩා බලගතු වේ.
ශ්‍රද්ධාව ධර්මයේහි පැහැදිලි කරන්නේ මේ ආකාරයටයි, "සද්දා හති තථාගතස්ස බෝධි" එනම් තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය හෙවත් අවබෝධය පිළිබඳව ඇතිකර ගන්නා වූ විශ්වාසයයි. බෞද්ධයන් හට ශ්‍රද්ධාවක් ඇත්නම්, තථාගතයන් වහන්සේගේ දේශනා වල ඇතුලත් ආකාරයට දෙවියන්, භූතයන්, යක්ෂයන්, ප්‍රේතයන්, අපාය, දිව්‍ය ලෝක ඇති බව පිළිගත යුතු වෙනවා. දේවතා සංයුක්තය, යක්ෂ සංයුක්තය, විමාන වත්ථු , ප්‍රේත වත්ථු වැනි බුද්ධ දේශනා ඇතුලත් ග්‍රන්ථ යමෙකුට බැහැර කල හැකිද ? මෙම දෙවියන්, භූතයන්, යක්ෂයන්, ප්‍රේතයන් වැනි සත්ත්ව කොටස් ඇති බම මම පිළිගන්නා අතර, අප අවටත් මෙම කොටස් ඇති බවද පිලිගනිමි.
ඉතාම පැහැදිලි ලෙස දේවතා එලි නම් වූ එලි මම සියැසින්ම කීපවරක් දැක ඇත්තෙමි. මගේ පිළිගැනීම නම් මේ දෙවතා එලි යනු අපට නොපෙනෙන මානයක ජිවත් වන්නා වූ දේව කොටස්, එක මානයක සිට තවත් මානයකට ගමන් ගන්නා අවස්ථාවන් වලදී ඇතිවන්නක් ලෙසයි. (මෙය හුදෙක්ම මගේ මතයක් පමණක් බව සලකන්න. මෙය වැරදි හෝ නිවැරදි විය හැක)
දැන් අපි කෙටිගෙන් දැනගත්තා ශ්‍රද්ධාව කියන්නේ කුමක්ද සහ එහි ඇති ප්‍රබේධ ගැන . ඒ වගේම ප්‍රාතිහාර්යය ගැන ධර්මයේ සඳහන් වන කරුණු ගැනත් ටිකක් බලමු. බුදුරජාණන් වහන්සේ, ප්‍රාතිහාර්යය කොටස් තුනකට බෙදා දක්වනවා.
මෙයින් ඍධි ප්‍රාතිහාර්යය යනු සිත දියුණු කිරීම මගින් අහසින් ගමන් කිරීම, පොලවේ කිමිදීම, ජලයේ ඇවිදීම වැනි ප්‍රාතිහාර්යයන් පෑම වන අතර, ආදේශනා ප්‍රාතිහාර්යය ලෙස දක්වන්නේ සිත දියුණු කිරීම මගින් අන් අයගේ සිත් කියවීමයි. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දෙආකාරයේම ප්‍රාතිහාර්යය අගය කිරීමක් නොකළ අතර අනුමත කරනු ලැබුවේ තුන් වෙනුවට සඳහන් කළා වූ අනුශාසනා ප්‍රාතිහාර්යය හෙවත් ධර්මය දේශනා කිරීම මගින් අන් අයගේ සිත් වල පරිවර්තනයක් ඇතිකරලීමයි. මෙයට ඇති හොඳම උදාහරණය නම් දම්සක් පැවතුම් සුත්‍රය දේශනා කල අවස්ථාවයි. උන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය මුලින් පිළිනොගත් පස්වග තවුසන් හට ඒ බව වටහා දුන්නේ ධර්ම දේශනාව තුලින්මයි.

- ඍධි ප්‍රාතිහාර්යය
- ආදේශනා ප්‍රාතිහාර්යය
- අනුශාසනා ප්‍රාතිහාර්යය
මෙයින් ඍධි ප්‍රාතිහාර්යය යනු සිත දියුණු කිරීම මගින් අහසින් ගමන් කිරීම, පොලවේ කිමිදීම, ජලයේ ඇවිදීම වැනි ප්‍රාතිහාර්යයන් පෑම වන අතර, ආදේශනා ප්‍රාතිහාර්යය ලෙස දක්වන්නේ සිත දියුණු කිරීම මගින් අන් අයගේ සිත් කියවීමයි. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දෙආකාරයේම ප්‍රාතිහාර්යය අගය කිරීමක් නොකළ අතර අනුමත කරනු ලැබුවේ තුන් වෙනුවට සඳහන් කළා වූ අනුශාසනා ප්‍රාතිහාර්යය හෙවත් ධර්මය දේශනා කිරීම මගින් අන් අයගේ සිත් වල පරිවර්තනයක් ඇතිකරලීමයි. මෙයට ඇති හොඳම උදාහරණය නම් දම්සක් පැවතුම් සුත්‍රය දේශනා කල අවස්ථාවයි. උන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය මුලින් පිළිනොගත් පස්වග තවුසන් හට ඒ බව වටහා දුන්නේ ධර්ම දේශනාව තුලින්මයි.
දැන් අපි ප්‍රාතිහාර්යය යනු කුමක්ද? සහ එයින් වඩා වැදගත් වන්නේ කුමක්ද යන කරුනු ගැනත් කෙටියෙන් දන්නවා. එහෙනම් අපිට පළමුවෙන් හිතන්න වෙන්නේ මේ ඡායාරුප වල සටහන් වන සමහර රුප ඉහත කියූ ප්‍රාතිහාර්යය වර්ග තුනටම අයත් නොවන බවය. එනම් එවැනි රුප ප්‍රාතිහාර්යයන් නොවන බවය.
කරුණු කරනා එසේ වූ පමණින් ඩිජිටල් ඡායාරුප වල සටහන් වන මෙම රුප සැබවින්ම මෙවැනි දෙවියන්, භූතයන්, යක්ෂයන්, ප්‍රේතයන් වැනි සත්ත්වයන්ගේ රුපද? බොහෝවිට මෙවැනි ඡායරුපක් දුටු පමණින්ම බොහෝ දෙනෙක් පෙර නිගමන වලට එළඹෙනවා, "මේක එඩිට් කල එකක්", "මේකනම් හාස්කමක්" වගේ. මේ ලියන පොස්ට් එකෙන් බලාපොරොත්තු වන්නේ, එවැනි වූ පෙර නිගමනයන් කරා නොඑළඹ තමන්ටම මේ ගැන ඉතා සරල තාක්ෂණික ක්‍රම කීපයක් මගින් එම ඡායාරුපය "එඩිට් " කල එකක්ද නැත්ද වග තේරුම් ගන්නා ආකාරයයි
ඉතාමත්ම සරල ක්‍රමය :
හොඳින් බලන්න අන්තර්ජාලයට ලබාදී ඇති ෆොටෝ එකේ ප්‍රමාණය. (image size) ඔවුන් එඩිට් කල ෆොටෝ සැමවිටම අන්තර්ජාලයට එක් කරන්නේ කුඩා ප්‍රමාණවලින් (small image size) ඔය ආකාරයෙන් කුඩා ෆොටෝ ලබාදෙන්නේ එඩිට් කිරීමේ දෝෂයන් සඟවන්න.
තවත් සරල ක්‍රමයක් :
මුලින්ම මේ සඳහා එම ෆොටෝ එක down load කරගත යුතු වෙනවා, ඉන්පසුව මේ ෆොටෝ එක Photoshop හෝ එවැනි වෙනත් Image Editing Software එකක් මගින් open කරන්න. දැන් එම ෆොටෝ එක 700% - 800% පමණ විශාල කරන්න . දැන් මෙම image එක එඩිට් කල එකක් නම් එම එඩිට් කිරීමෙන් ඇතුල් කල කොටස් වල sharp edges මෙන්ම, එඩිට් කිරීමේදී ඇතිවන සුළු දෝෂයන් මනාව දකින්නට පුළුවන්, එඩිට් නොකළ ෆොටෝවක් නම් එලෙස sharp edges දකින්නට ලැබෙන්නේ නැහැ, ක්‍රමයෙන් වෙනස්වෙන වර්ණ සහිත පික්සල් තමයි දකින්නට ලැබෙන්නේ. එමෙන්ම එක්කල කොටසේ සහ අනිත් කොටස් වල පික්සල් ගහනතාවයේ (density) වෙනසක් දකින්න පුළුවන් පහත උදාහරණය බලන්න.
මෙම ෆොටෝ වල විශාල ප්‍රමාණය මෙම ෆ්ලිකර් පිටුවෙන් බලන්න
තවත් ක්‍රමයක් :
මේ සඳහා වන තවත් ක්‍රමයක් තමයි Error level analysis කියන්නේ. මෙහිදී කරන්නේ එම ෆොටෝ එක JPGE image එකක් විදිහට දන්නා වූ අගය අඩු කිරීමකින් නැවත නැවතත් බොහො වාරයක් save කිරීමෙන් ලැබෙන image එක මුල් image එක සමග සැසදිමත් , එම image දෙක අතර error rate එක සැසදිමත්. යම් හෙයකින් එම image එක එඩිට් කිරීමකට ලක්වී ඇත්නම මෙම error rate එක ඉහල අගයක් ගන්නවා. නැත්නම් මෙම error rate එක ඉතා පහල අගයක් ගන්නවා. පසුව මේ අගයන් හි වෙනස දුශ්‍යමය ලෙස දක්වන්න පුළුවන්.
මේ තියෙන්නේ එවැනි software එකකින් එඩිට් කිරීමෙන් ෆොටෝ එකකට රුපයක් එකතු කල සහ එඩිට් කිරීමක් නොකළ මුල් ෆොටෝ එක පරික්ෂා කිරීමෙන් ලැබුන ප්‍රතිපල
ෆොටෝ #5: එඩිට් නොකළ ෆොටෝවෙහි ප්‍රතිපලය
දැන් ඉතින් අපි දන්නවා ඔය දෙවියන්, භූතයන්, යක්ෂයන්, ප්‍රේතයන් පෙනීසිටින ඡායාරුපයක් දුටු විට එය විශ්ලේෂණය කරන සරල ක්‍රම කීපයක්. මේ මගින් අපිට දැනගන්න පුළුවන් වන්නේ එම ඡායාරුපය එඩිට් කල එකක්ද? නැත්ද? යන වග මිස දෙවියන්, භූතයන්, යක්ෂයන්, ප්‍රේතයන් ඇති, නැති බව නොවන බව නැවත අවධාරණය කරමි.
පහත කරුණු ගැන සැලකිලිමත් වන්න
ඔබ ගත් ෆොටෝවක සැබවින්ම එවැනි රුපයක් තිබුනොත් කිසි විටකත් එය එඩිට් කරන්න එපා. හැකි උපරිම විශාලත්වයෙන් (large image) එය අන්තර්ජාලයට එක්කරන්න.
ඔබ ෆොටෝ එක ගැනීමට පෙර මෙවැනි රුපයක් දැක එය ෆොටෝ ගන්නවා නම්, ඔබගේ කැමරාවේ RAW පහසුකම ඇත්නම්, RAW image එකක විදිහට ෆොටෝව ගන්න.( RAW ගැන පසුව කතා කරමු )
පසු සටහන:
මෑත කාලයේ බොහෝ අවස්ථා වලදී ඉදිරිපත් වූ, මා නෙත ගැටුණු එවන් ඡායාරුප විශ්ලේෂණය කිරීමේදී පෙනී ගියේ ඉන් එකක් හැර, අනිකුත් සියලුම ඡායාරුප එඩිට් කරන ලද ඒවා බවයි. එම එඩිට් නොකළ ඡායාරුපය පලකල අය ඒ ගැන කියා සිටියේ එහි දක්නට ඇති ආලෝකය, කාචය තුලින් ගමන් කිරීමේදී ඇති වූ ආලෝක ලපයක් ලෙස විශේෂ දැනුමක් ඇත්තකු විසින් කියන ලද බවමෙන්ම එය දුටු එම සිද්ධස්ථානයේ ස්වාමින් වහන්සේ නමක් කියා සිටියේ එය දෙවියෙකු ගේ සටහනක් විය හැකි බවත්ය. එම ෆොටෝ එකේ ඇති ආලෝක ලපය දෙවියකුගේ පෙනිසිටිමක්ද ? නැතිද ? යන්න කීමට මා නොදන්නා නමුත් එම ඡායාරුපය එඩිට් නොකළ අගනා ඡායාරුපයක් බව පමණක් නොබියව කිව හැක. එම ඡායාරුපය මෙම පොස්ට් එකේ පල කිරීම සඳහා අදාළ පාර්ශවයන්ගෙන් අනුමැතිය ලබා ගැනීමට ඉල්ලීමක් කලමුත් ඒ සඳහා මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබුන බැවින් එම ඡායාරුපය පල නොකරන ලදී. (අන්තර් ජාලයේ පලවන ඡායාරුපයක් එය උපුටා ගත් තැන සහ ශිල්පියා ගැන සඳහන් කරමින් පලකිරීමට නීතිමය බාධාවක් නොමැති මුත්, එසේ නොකරන ලදී)
මෙවන් වූ ඡායාරුප මත බිහි වන්නා වූ ශ්‍රද්ධාවන්තයින්, තවත් කෙනෙකුන් විසින් වෙනත් ආගම් කතුවරයකු මෙලෙස පෙනීසිටින ඡායාරුපයක් ඉදිරිපත් කළහොත් ඒ වෙතද ඇදී නොයතැයි කවෙරකුට නම් කිව හැකිද? එබැවින් වඩා වැදගත් වන්නේ මෙවන් වූ දේ පසුපස ගොස් මංමුලා වීමට වඩා තම තමන් විශ්වාස කරන ආගම ධර්මයන්හි හරයන් කෙරේ වඩාත් නැඹුරු වීමයි.

ෆොටෝ #1 : කිසිම එඩිට් කිරීමක් නොකළ ෆොටෝ එකක්.
ෆොටෝ #2: එඩිට් කිරීමෙන් වෙනත් පසුබිමක් එක්කර ඇත. එමෙන්ම ළමයා පැළඳ සිටින බෝ (bow) එක edit කිරීම මගින් සකස් කර ඇත.
ෆොටෝ #3: එඩිට් නොකළ ෆොටෝ එක 700% විශාල කිරීමෙන්
ෆොටෝ #4: එඩිට් කල ෆොටෝ 700% විශාල කිරීමෙන්
මෙම ෆොටෝ වල විශාල ප්‍රමාණය මෙම ෆ්ලිකර් පිටුවෙන් බලන්න
තවත් ක්‍රමයක් :
මේ සඳහා වන තවත් ක්‍රමයක් තමයි Error level analysis කියන්නේ. මෙහිදී කරන්නේ එම ෆොටෝ එක JPGE image එකක් විදිහට දන්නා වූ අගය අඩු කිරීමකින් නැවත නැවතත් බොහො වාරයක් save කිරීමෙන් ලැබෙන image එක මුල් image එක සමග සැසදිමත් , එම image දෙක අතර error rate එක සැසදිමත්. යම් හෙයකින් එම image එක එඩිට් කිරීමකට ලක්වී ඇත්නම මෙම error rate එක ඉහල අගයක් ගන්නවා. නැත්නම් මෙම error rate එක ඉතා පහල අගයක් ගන්නවා. පසුව මේ අගයන් හි වෙනස දුශ්‍යමය ලෙස දක්වන්න පුළුවන්.
මේ තියෙන්නේ එවැනි software එකකින් එඩිට් කිරීමෙන් ෆොටෝ එකකට රුපයක් එකතු කල සහ එඩිට් කිරීමක් නොකළ මුල් ෆොටෝ එක පරික්ෂා කිරීමෙන් ලැබුන ප්‍රතිපල
ෆොටෝ #5: එඩිට් නොකළ ෆොටෝවෙහි ප්‍රතිපලය
ෆොටෝ #6: එඩිට් කල ෆොටෝවෙහි ප්‍රතිපලය
ෆොටෝ # 6 හි ඇති රූපයේ එම රේඛාවන් තද පැහැයෙන් වඩා පැහැදිලිව දකින්නට ලැබෙනවා එහෙම වන්නේ, එය එඩිට් කල ෆොටෝ එකක් නිසා ඇතිවන error rate එක වැඩි නිසයි. මේ පහත තියෙන ලින්ක් එකෙන් මේ සොෆ්ට්වෙයාර් එක ඔබටත් අත්හදා බලන්න පුළුවන්.