"සර්... සර් ..."
මම ගේට්ටුවෙන් මෝටර් සයිකලය ( ඒ දවස්වල මම වැඩට ගියේ මෝටර් සයිකලයෙන්) ඇතුල් කලා විතරයි සෙකියුරිටි මහත්තයා මගේ පස්සෙන් පන්නනවා. මම බයිසිකලය පාර්කින් එකට දාලා මම අපහු මුර කුටිය පැත්තට ගමන් කළා.
"සර්.. සර්ට පාර්සලයක් අවා."
" කෝ.. කාගෙන්ද?"
"තලවා## වත්තෙන් ගෙනත් දුන්නේ......, පුස් පැටවූ දෙන්නෙක්......., වැඩක් නැහැ සර්... , සර් දවස් 3ක් ඔෆිස් අවේ නැහැනේ. සෙනසුරාදා යි ඉරිදායි එක්ක දවස් 5ක් ... ඊයේ හවස තමයි සද්දයක් නැති නිසා පාර්සලේ ඇරලා බැලුවේ. එකෙක් මැරිලා.. අනික පණ අදිනවා.. මම කුණු ගොඩට විසි කළා."
"ඇයි ##තෝ, ඔකේ ඉන්නේ සතෙක් කියලා දන්නවනම් තොට ඕක ඇරලා වතුර ටිකක් හරි දෙන්න තිබුණා නේද? නැත්තන් ඔෆිස් එකේ වෙන කාට හරි කියන්න තිබ්බනේද යකෝ?"
කවදාවත්ම මිහිහෙක්ට බනින්නේ නැති මට ඔය විදිහට ඉබේටම කියවුණා. මේකත් දැන් බිරන්තට්ටුවෙලා බලාගෙන ඉන්නවා.
"කෝ කොහෙද .. ඉක්මනට මෙහෙට අරගෙන එනවා"
"වැඩක් නැහැ සර් .. අනික් එකත් දැන් මැරිලා ඇති"
"මගෙන් තව කුණුහබ්බ අහගන්නේ නැතිව අරන් වරෙන් බන්.."
ලස්සනට ඔතල වටේට හිල් විදලා with best compliments from Dr ....... කියල ලස්සනට ලියල තිබුණ එක දැක්ක ගමන් "අනේ උගේ දොස්තරකම මොලේ නැති බුරුව ... මෙහෙම එකක් එව්වා කියල මට කෝල් කරන්න තිබුන නේ?" මට ඉබේටම කියවුනා.
මේ සිද්දිය වෙනකොට මම වැඩකලේ රාජ්‍ය වැවිලි සංස්ථාවේ.(රට කොරවපු උන්ට පින්සිදු වෙන්නට ඕව ඔක්කොම විකුණන් කාලා ඉවරයි) මට මතක් උනා ඊට මස කීපයකට කලින් නුවර එලිය පැත්තේ තිබුන එක්තරා තේ වත්තකට ගියවෙලාවක එහි දොස්තර මහතාගේ ගෙදර සිටි ලස්සන පර්ශියන් බැළලිය.
"මේකා හරිම ලස්සනයි ඩොක්ටර් .. මමත් මුන්ට හරිම ආසයි"
"ඊ ළඟ සැරේ මු පැටවූ දාපුගමන් මම ඔයාට පැටියෙක් දෙන්නම්.. ඕක මහා වැඩක් නෙවේ"
ඔන්න ඕක තමයි වෙලා තිබුනේ. මම පෙට්ටිය ඇරලා බැලුවම දැකපු දේ හරිම දුකයි. පුංචි පුස් පැටවූ දෙන්නෙක්, එක පැටියෙක් මැරිලා.. අනිකා පැත්ත වැටිලා පන අදිනවා. මැරුණු එකා කුණුවෙලා ගලාගෙන යන ඕජස් වලින් පන අදින පැටිය නැවිලා. ඉක්මනට මේ පැටිය අරගෙන රෙදි කැල්ලක ඔතා ගත්ත මම දවස් බාගයක් නිවාඩු දාල මේකවත් අරගෙන පශු වෛද්‍ය වරයෙක් හොයාගෙන ගිය. ග්‍රෙගරි පාරේන් පටන් ගත්ත මට පශු වෛද්‍ය වරයෙක් හමු උනේ කොහුවල හන්දියේදී.
"අපි බලමු... injection දෙකක් දෙන්නම්.. මු විජලනය වෙලා. ග්ලුකෝස් දියකරලා වතුර විතරක් පාන්කඩයකින් පොවන්න... හෙට කිරිටිකක් පොවන්න පුළුවන්"
ඔන්න ඒ වැඩේ කරගෙන මගේ බෝඩිමට අවා. දැන් මුගේ ගඳ මට ඉවසන්න බැහැ. වතුර බාල්දියක් අරගෙන මේකව හිමින් නාවල හෙයාර් ඩ්‍රයර් එකෙන් වේලලා ගත්තම තමයි හැටි දැක්කේ. සුදුම සුදු පුළුන් ගුලියක් වගේ, බුල් පිරිලා. ඊට පස්සේ දොස්තර කියපු විදිහට ග්ලුකෝස් වතුර ටිකක් පොවලා මේකව පොඩි කාඩ් බෝඩ් පෙට්ටියක දාල කාමරය වහල ඔෆිස් ගියා. දැන් මගේ හිත නිදහස් මු මැරුණත් මම කල යුතු දේ කළා කියල හිත හදාගත්තා.
ඔෆිස් ඇරිලා අපහු බෝඩිමට ආවේ දැන් මේකා මැරිලා ඇති. කොහේ හරි වලදාන්නත් ඕනේ කියල හිතාගෙන. කාමරය ඇරලා බැලුවා පෙටිය ඇතුලේ මේකා නැහැ. හැම තැනම හෙවුවත් හමු උනේ නැහැ. මම හිතුව මොකෙක් හරි සතෙක් වහලෙන් බැහැල මේකව කන්න ඇති කියලා. එතකොටම මට මේකා කෑ ගහන සද්දේ ඇහුණා. බලනකොට මගේ සපත්තුවක් ඇතුලට බැහැලා ඉන්නවා. දැන් මුට බොහොම සනීපයි.
මේ පැටියා අවුරුදු ගණනාවක්ම මගෙත් එක්ක හිටියා. අදටත් මේ සිදුවීම මතක් වෙනකොට ලොකු සතුටක් දැනෙනවා මැරෙන්ට ගිය එකෙක් බේරගත්ත කියලා. ඒ වගේම අදටත් මුගේ ජීවිතය බේරපු දොස්තරටත් (නම මතක නැහැ) පින් දෙනවා.
පසු සටහන:
මේ සත්තු කියන්නෙත් අපි වගේම හැඟීම් දැනීම් තියෙන අය. එකම වෙනසකට තියෙන්නේ අපිට වගේ කථා කරන්න බැරි එක විතරයි. යම් විදිහකින් උන්ට කථා කරන්න පුළුවන් උනානම් අපිට කෑගහල කියයි "උඹලා අපිට ඇයි මෙහෙම සලකන්නේ" කියල.
තම තමන්ගේ ගෙවල් වල ඉන්න සත්තුන්ට අසනීපයක් උනහම බලාගෙන ඉන්නේ නැතිව ඉක්මනට බේත් හේත් කරන්න ඕනේ. ඒ වගේම ඔය කුඩු කරලා හදන සත්තුන් නිදහස් කරන්නත් කටයුතු කරන්න ඕනේ. කැලේ ඉන්න අහිංසක කුරුල්ලෝ විශේෂයෙන් ගිරවු, වී කුරුල්ලෝ වගේ සත්තු අල්ලලා විකුණන එකට විරුද්ද වෙන්න ඕනේ. ඔන්න දැන් පාණ්ඩුවෙන් මේ වගේ කාලකන්නි වැඩ වලට ලයිසොන් දෙන්න යනවා. ඔය කුරුල්ලෝ ජිවත් වෙන්නේ පවුල් වශයෙන් ඔහොම අල්ලපුවහම උන්ගේ පවුලේ එවුනුත්, මුළු පරිසරයත් උන්ට අහිමි මෙනවා. මේවා කියවල විතරක් මදි, අහිංසක සත්තුන්ව ආරක්ෂා කරන ගමන් අනිත් අයවත් දැනුවත් කරන්නට ඕනේ.
පහත පොස්ට් අනිවා කියවන්න
*** දලබුවන් මර්ධනයට අත්දුටුවයි සත්තයි ***
*** මියන් මර්ධනයට බෙහෙතක් ***
සංවේදී සිද්ධියක්. ඇත්තටම දැන් ඉන්න මිනිස්සුන්ගෙන් සම හරක් ට තේරෙන්නේ නෑ සත්තු කියන්නේ මේ ලෝකේ අපි වගේම ජිවත් වෙන්න අයිතිය තියෙන පන තියෙන අය කියලා. වෙලාවකට සත්තු හොදයි මිනිස්සුන්ට වඩා වෙනසකට තියෙන්නේ කතා කරන්න බැරි එක විතරයි.
ReplyDeleteමේ සිද්ධිය මතක් උනේ ඔයාගේ පොස්ට් එක දක්කයින් පස්සේ.
Deleteආ ඔව් මේක නේද අර ලියනවා කිව්ව සිද්ධිය? සතුටුයි අඳුනගන්න ලැබීම සත්තුන්ට ආදරේ කරන කෙනෙක්ව
Deleteඔව් ඔව් මේ සිද්දිය තමයි.
Deleteඇත්ත... සතෙක් දැක්කම උණුවෙන හිතට කවදාවත් දරුණු දෙයක් කරන්න බෑ..
ReplyDeleteඇත්ත යාන්ත්‍රිකයෝ, සත්තුන්ට ආදරය කරන්න උගන්නන ඕනේ පොඩි කාලේ ඉදලාම.
Deleteබල්ලන්ට ආසා උනත් පූසන්ට නං මම ආසා නැ
ReplyDeleteආස නොකලත් හැම සතෙක්ටම කරුණාව දක්වන්න පුළුවන් නේද?
Deleteමට පූසො පෙන්නන්න බෑ.. ඒත් ඕන එකෙක්ට අනුකම්පා කරනවා. කෝ දැං මූ ??
ReplyDeleteඒක බොහොම වටිනවා යසිත්, අපි හැම සතෙක්ටම අනුකම්පා කරන්න ඕනේ.
Deleteඋගේ ආයුෂ ඉවර වෙනලකල් අවුරුදු ගණනාවක් අපෙත් එක්ක හිටියා.
ඇත්තටම අර සික්කා නම් මොකෙක්ද මන්දා! අයිලාස් මම මෙහෙදිත් දැකලා තියෙනවා ලව්බර්ඩ්ස්ලා ලීටර් පහේ හිස් වතුර බෝතල් වලට දාලා ගහක එල්ලාගෙන විකුණනවා.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඔයවගේ යක්ෂයන්ට රජ කාලේ දඩුවම් දෙන්න ඕනේ හෙන්රි.
Deleteහරිම සංවේදී සිද්දියක් මේක නම් ... මාත් සත්තුන්ට බොහෝම කරුණාවෙන් සලකන කෙනෙක්.. ජීවිතේ අනන්ත අද්දැකීම් තියෙනවා ඒ ගැන..
ReplyDeleteස්තුතියි මල්ලි කොමෙන්ට් එකට. ඇත්තටම හරිම දුක හිතුන සිදුවීමක්. නමුත් එකෙක් ගේ හරි ජීවිතය බේරාගත්තා නේද කියලා මතක් වෙනකොට අදටත් පුදුමාකාර සතුටක් දැනෙනවා.
Deleteපරණ ලිපි ටික විවේක තියෙන වෙලාවට ඇවිත් කියවන්න.