Tuesday, January 16, 2018

ගණිකා මඩමේ Audit එක (18 ++)


Audit කියන්නේ විගණනය එහෙමත් නැත්නම ගණන් පරීක්ෂණය කියලා කියන්න පුළුවන්. සෑම ආයතනයකම  එහි සිදුවන මුලය කටයුතු විගණනය කිරීමකට ලක්වෙනවා. අද මේ කියන්න යන්නේ එක්තරා ආයතනයක සිදුවුන අපුරු විගණනයක් ගැන. එහෙනම් ඉතින් කියවලා බලන්න.

ඔන්න එක්තරා ගණිකා ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක් හිටියා.  දැන් ඉතින් තොත්ත බබාලා වගේ මගෙන් අහන්න එපා "ගණිකාවක් කියන්නේ මොකක්ද?" කියලා එහෙම. දන්නෙම නෑතිනම්  ඔය ලින්ක් එක ඔබලා එතනට ගොහින් බලාන එන එකයි ඇත්තේ. මේ ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන යන තැනැත්තිය හඳුන්වන්නේ මැඩම් කියලා. මේ මැඩම් කලේ සේවා සපයන්නියන් දෙතුන් දෙනෙක්  තියාගෙන මෙතනට එන ගණුදෙනු කරුවන්ට සේවා සැපයීම. මේ වෙනුවෙන් නිශ්චිත මුදලක් අය කලේ නැහැ. ගණුදෙනු කරුවන් සතුටු වෙන ප්‍රමාණය අනුව මුදලක් මැඩම් අතට ලබාදීම තමා සිදුවුනේ. දවස අවසානයේ වැඩි කොටසක් මැඩම් තියාගෙන බොහොම සුළු මුදලක් මේ සේවා සපයන්නියන් වෙත ලබා දීම සිදු වුනා.

ඔන්න එක දවසක් මේ මැඩම්ට අත්‍යාවශ්‍ය කාරණයක් වෙනුවෙන් නගරයෙන් පිට යන්න සිදුවුනා. එක දවසක් හරි ව්‍යාපාරය වහලා පාඩු සිදුකරගන්න මැඩම් කැමති වුනේ නැහැ. නමුත් මෙතන පාලනය බාර දීලා යන්න විශ්වාස කටයුතු කෙනෙකුත් නැහැ. ඉතින් අවසානයේ මැඩම් කල්පනා කළා එදා දවස පාලනය මෙතන සේවා සපයන්නියන් වෙතම බාර දෙන්න ඕන කියලා. එහෙම කල්පනා කරපු මැඩම් මේ අයට මෙහෙම කියනවා

"ළමයි අද මට වැඩකට යන්න වෙනවා, මෙතන අද ඔය ලමයි හොඳට  බලාගන්න ඕන. ගණුදෙනු කාරයන් හොඳින් සතුටු කරලා හැකි තරම් මුදල් ලබාගෙන ඒවා නිවැරදිව ගණන් හිලවු පොතක ලියලා මට හෙට බාර දෙන්න ඕන. සල්ලි එහෙම හොරකම් කරන්න හිතන්න එපා.."

ඔහොම අවවාද කරපු මැඩම් තමන්ගේ ගමන පිටත් වුනා. දැන් තමයි වැඩේ. ඔන්න ඉතින් ගණුදෙනු කාරයෝ එනවා , උවමනා වැඩේ කරගෙන අහවර වෙලා මුදල් දීලා යනවා.  කොහොම හරි එදා එතරම් ගණුදෙනු කාරයෝ හිටියේ නැහැ. එදා දවසටම ගණුදෙනු කාරයෝ  4 දෙනයි. නමුත් මුදල් රුපියල් 16665/- එකතු වෙලා තිබුනා. 

අද තමයි මේ ළමයි බිස්නස් එකේ හැටි දැනගත්තේ. දැන් ඉතින් කට්ටිය කතාව.

"අනේ බලන්න අද හිටියෙත් 4 දෙනයි ඒ උනාට 16665/- ක් ලැබිලා. අනිත් දවස් වල මැඩම් කොච්චර හොයනවා ඇතිද, ඒ උනාට අපිට දවසකට දෙන්නේ රු.1000/- විතරයි."

දැන් තව කෙනෙක් මෙහෙම අදහසක් දෙනවා.

" අපි මේකෙන් රුපියල් 10000/- තියාගෙන මැඩම්ට ඉතිරි 6665/- දෙමු"

දැන් ඉතින් මේ අය රුපියල් 10000/- යටිමඩි  ගහගෙන බෙදාගත්තා. දැන් ඉතින් පහුවදා උදේම මැඩම් ඇවිත් අහනවා .

"ලමයි... ඊයේ බිස්නස් කොහොමද?"

"ආ මැඩම් මේ තියෙන්නේ ඊයේ ලැබුන සල්ලි රු 6665/- ක්"

"මොනවා.... මෙච්චර ද?"

"ඔව් මැඩම්.. ඊයේ වැඩි  දෙනෙක් ආවේ නැහැ.."

"වෙන්න බැහැ.. මට බොරු කරන්න එපා.. මිට වඩා වැඩි වෙන්න ඕන.. "

"නැහැ මැඩම් ඇත්තමයි.. මෙච්චරයි ලැබුනේ"

නමුත් මැඩම්ගේ පළපුරුද්දෙන් දන්නවා මේක කීයටවත් වෙන්න බැහැ කියලා. දැන් ඉතින් මැඩම් ඔඩිට් එක පටන් ගන්න ලැස්ති වෙලා, කොලයක් පෑනක් අරගෙන  මේ අයගෙන් මෙහෙම අහනවා.

"උඹලා මට බොරු කරන්න එපා.. දැන් මම අහන ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න ඕන.  මේ ප්‍රශ්න අහලා මම ගණන් හදාලා හරියටම කියන්නම් ඊයේ ලැබුන ගණන..."

ඔය විදිහට කියපු  මැඩම් දැන් මෙහෙම ප්‍රශ්න අහනවා 

"ඊයේ කී දෙනක් ආවද?."

"හතර දෙනයි මැඩම්"

දැන් මැඩම් කොලය අරගෙන් මේ විදිහට බෝල හතරක් ඇඳ ගන්නවා.



"ආපු උන් හතර දෙනාම යහතින් ගියාද?"

"අනේ ඔව් මැඩම්, හොඳට සලකලා යැවුවා..."

දැන් මේ මැඩම් අර බෝල හතරට පහලින් අපහු බෝල හතරක් අඳිනවා මේ විදිහට 



"හ්ම්.. දැන් කියනවා බලන්න මේ හතර දෙනා එනකොට ආපු විදිහ..."



ඔය පින්තුරේ තියෙනවා වගේ ඇඟිල්ලක් කෙලින් උස්සලා පෙන්නලා කීවාලු..

"අනේ මැඩම් හතර දෙනාම එනකොට නම් ඔය වගේ කෙලින් කරන්  තමයි ආවේ.."

දැන් මැඩම් අර කොලේ අරගෙන හතර දෙනා ආපු හැටි මේ වගේ සටහන් කර ගත්තා..



"එහෙනම් කියමු බලන්න යනකොට ගිය විදිහ.."

"හොඳට සැලකුවානේ මැඩම්, යනකොට ඔයවගේ පහල දාගෙන තමයි ගියේ.."

දැන් ඒ හතර දෙනා ගිය විදිහත් කොලේ මේ විදිහට සටහන් කර ගත්තා..


 දැන් ඉතින් ඔඩිට් එක ඉවරයි. ඊයේ ලැබුන ගණන දැනගන්න තමයි තියෙන්නේ, ඒ  වෙනුවෙන්  මැඩම් කලේ මෙන්න මේ විදිහට පොඩි ගණිත කර්මයක් ගොඩනගපු එකයි.






දැන් එහෙනම් එකතු කරලා බලන්න මැඩම් ගේ ඔඩිට් එක හරිද කියලා.

94 comments:

  1. අප්පට සිරි හරිනේ යකෝ , හොඳයි හදිසින්වත් පහක් නැත්තං හයක් ආවානම් මැඩම් දවසින් කොටිපතියෙක්නේ බං

    ReplyDelete
    Replies
    1. එකනේ ඉවාන් මේ වගේ බිස්නස් කරණ අය ඉක්මනින් කෝටිපතියන් වෙන්නේ.

      Delete
  2. සුපිරි ගණිත ක්‍රමයක්නේ බං

    ReplyDelete
    Replies
    1. නියමයි නේද හැලැපේ...

      Delete
  3. //අහන්න එපා ගණිකාවක් කියන්නෙ මොකක්ද? කියල//

    අනේ නෑ, කකාට පින් සිද්දවෙන්න ඒක නම් දන්නව. මම අහන්නෙ අර සැපයුව කියන සේවෙ මොකක්ද කියල. :P

    අර ඉවාන් කිව්වත් වගේ තව දෙතුන් දෙනෙක් ආවනම් අර ගෑනි කෝටිපතිනියක් වෙනව. මරු ගණිත ක්‍රමේ.

    තව ඔහොම එකක් තිබුනනේද අර එකේ ඉලක්කම් හතරකි බිංදු හතරකි තියෙන සංඛ්‍යාවට. කරන්ට් එක ගිහින් බල්බ් දාලා එනකොට අන්තිමට ඉතුරු වෙන්නෙ එකයි බිංදුවයි එකයි බිංදුවයි පිළිවෙලට.

    ReplyDelete
    Replies
    1. හුහ්.. ආව මෙතන සපයන සේවේ අහන්න... දැක්කේ නැද්ද බොල උඩින්ම දාලා තියෙනවා 18++ කියලා.. ලොකුවෙලා වර කියලා දෙන්න.

      මොකක්ද DDT ළමයෝ ඒ ඉලක්කම් කතාව කියහන්කෝ බලන්න.

      Delete
    2. ඔන්න සාදයක් තිබුනලු පිරිමි 4 දෙනයි ගැනු අය 4 දෙනයි තමා හිටියේ (කැල් එකක් අරගෙන මේ [ ] වරහන් ඇතුලේ තියෙන ටික කතාවත් එක්කම ගහන්න සංකේතත් එක්කම ) මෙන්න මේවගේ වෙන වෙනම [ 1111 0000 ] --එකේ ඒවා 4සහ 0 හතරක් -- ඔන්න එක පාරටම ලයිට් ගියාලු [-] --අඩු කිරීම-- ඉතීන් වෝල්ට් 100 ලයිට් එකක් දැම්මලු [100 ] --100 ගහන්න -- එත් කට්ටිය පේන්න නැති නිසා වෝල්ට් 89 එකක් දැම්මලු [89] -- ඒකටම 89 ගහන්න දැන් කැල් එකේ 10089 ලෙස පෙන්වයි -- එත් නෑලු පස්සේ වොට් 90 එකක් දැම්මලු [90 ]--ඒ ගානෙමඅගට 90 ගසන්න --එත් නෑලු පස්සේ ටිප් එක දාල බැලුවාලු [ =] --සමාන ලකුණ -- ඔන්න දැන් කටිටිය ජෝඩු ජෝඩු එකට ඉන්නවලු 10 10 10 10 මේ වගේ [[ සාරාංශය 1111000-1008990 = 10101010 ]]

      Delete
    3. ඔන්න සාදයක් තිබුනලු පිරිමි 4 දෙනයි ගැනු අය 4 දෙනයි තමා හිටියේ (කැල් එකක් අරගෙන මේ [ ] වරහන් ඇතුලේ තියෙන ටික කතාවත් එක්කම ගහන්න සංකේතත් එක්කම ) මෙන්න මේවගේ වෙන වෙනම [ 1111 0000 ] --එකේ ඒවා 4සහ 0 හතරක් -- ඔන්න එක පාරටම ලයිට් ගියාලු [-] --අඩු කිරීම-- ඉතීන් වෝල්ට් 100 ලයිට් එකක් දැම්මලු [100 ] --100 ගහන්න -- එත් කට්ටිය පේන්න නැති නිසා වෝල්ට් 89 එකක් දැම්මලු [89] -- ඒකටම 89 ගහන්න දැන් කැල් එකේ 10089 ලෙස පෙන්වයි -- එත් නෑලු පස්සේ වොට් 90 එකක් දැම්මලු [90 ]--ඒ ගානෙමඅගට 90 ගසන්න --එත් නෑලු පස්සේ ටිප් එක දාල බැලුවාලු [ =] --සමාන ලකුණ -- ඔන්න දැන් කටිටිය ජෝඩු ජෝඩු එකට ඉන්නවලු 10 10 10 10 මේ වගේ [[ සාරාංශය 1111000-1008990 = 10101010 ]]

      Delete
  4. පනහක් විතර දවසකට ආවොත් මැඩම්ට පරම්පරා ගානකටම ඇති නේ..

    ReplyDelete
  5. ඒකනෙ කියන්නෙ මැඩම්ට බොරු බෑ කියල.

    ReplyDelete
    Replies
    1. අන්න හරි රාජ්, මට හිතෙන්නේ ඔයා මේකේ ඔරිජිනල් කතාව දන්නවා කියලා. ඒකේ ඔහොම කෑල්ලක් තියෙනවා "මැඩම්ට බොරු බෑ" කියලා. :D

      Delete
  6. පවු බන් අසරණ කෙල්ලො ටික...
    https://www.safeyoutubelikes.com

    ReplyDelete
    Replies
    1. හැමතැනම ඔහොමනෙ, වැඩකරන එකා ගසා කනවා...

      Delete
  7. යකෝ අයිලාෂුත් දන්න දේවල්...

    ReplyDelete
    Replies
    1. හුහ්.. බොලා හිතුවද අපි බබ්බු කියලා.

      Delete
  8. යනකොටත් කෙලින් කරගෙන යන එකෙක් හිටියොත් තමයි අවුල.

    ReplyDelete
    Replies
    1. 6666
      6666 +
      -----
      13332
      =====

      ගණන අඩුයි, ඒ කියන්නේ සතුටුදායක සේවාවක් සපයලා නැහැ.

      Delete
  9. ලගට එනකන් පහත්කරන් ඇවිල්ල උස්සගෙන වැඩේකරලා, යද්දී පත්කරන් ගියොත් ගාන කොහොමද

    ReplyDelete
    Replies
    1. 9999
      6666+
      _______

      16,665
      _________


      ඒත් වැඩක් නැහැ බන්. නියමිත මිළ ගෙවන්නම වෙනවා කෙළින් කරන් ආවත් , පහත් කරන් ආවත්.

      Delete
    2. අමිල සහන් කියන දේ වෙන්නත් පුළුවන්, නුත් ඔයා කියන විදිහට පියවර 3කත ගත්තොත් මිල වැඩිවෙනවා

      9999
      6666
      9999 +
      ----
      26664
      =====

      එහෙම මිල වැඩිවෙන්නේ පහත කරන් ආපු ඒවා උස්සන්නත් වෙනමම සේවාවක් සපයන්න වෙන නිසා :D

      Delete
  10. මම මේ කල්පනා කොලේ දහ පාලොස් දෙනෙක් ආවොත් කොහොමට තියෙයිද මේ ගණිත කර්මෙන්.
    මේක මැඩම් අත්දකීමන් ගහපු සෙප්පඩ විජ්ජාවක් ...

    ReplyDelete
    Replies
    1. අන්න.. අන්න... මොරබ්බාත් අර මොකාද එකා වගේ රොන් ටෝක් දෙනවා...

      එතකොට මොරබ්බත් කියන්නෙත් මේක කොම්පුටර් ජිල්මාල් කියලද?

      Delete
    2. නෑ නෑ හපෝ නෑ මේ ගණිත සාස්තරේට බොරු බෑ ඔං. ඕක මැඩම් ගේ පරණ අත්දැකීම් වලින් තමා භාවිතයට ඇවිත් තියෙන්නේ අද මේ සුත්‍රය හැම මඩමකම භාවිතා කරනවා.... :D

      Delete
  11. අර ලින්ක් එකෙන් තේරෙන්නේ නෑ බන් කව්ද ගණිකාවෝ කියලා ....... ඒ අයගේ හොද පින්තුරත් එක්ක වැඩකරන විදිය ගැන තියෙන ලින්කුවක් දෙන්න බැරිද හරියටම තේරුම් ගන්න කව්ද මේ කියලා

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ උඹත් 18ත පහල වගේ.. ලොකු උනාම තේරෙයි බබෝ..

      Delete
  12. ගණිකාවන් සහ කෙළින් වීම අතර සම්බන්ධයක් තියෙන බව නම් තේරුණා ..

    ReplyDelete
    Replies
    1. මෙයාටත් තේරෙන දේ....වල්

      Delete
  13. මරු ඒවානේ මේ අයිලාෂ් අයියාත් හොයා ගන්නේ.
    අනේ හැබැට නරකද කැමරාව පැත්තකින් තියලා මැඩම් එක්ක එකහු වෙලා ටියුෂන් කඩයක් දා ගත්තොත් ගණන් උගන්වන්න...:D

    ReplyDelete
    Replies
    1. අපෝ බැහැ, කැමරාව අතහරින්න නම් බැරියෝ..

      Delete
  14. ඒකත් මරු වැඩේ නේද අයියා?? කාගේද දන්නේ නෑ මැඩම් ගණන් ක්ලාස් ගියේ..

    ReplyDelete
    Replies
    1. මේ පොඩි එකෝ, උඹ මේ ගණන් ක්ලාස් යන්න කලින් A/L ක්ලාස් පල.

      Delete
  15. අයිලාෂ් අයියා එන්න එන්නම නෝටි වන පාටය. කොහොම උනත් මරු කතාවය. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරිය...

    ReplyDelete
    Replies
    1. නෝටි නොවී බැරිය. නැත්නම් ෆොටෝ ගැන උනන්දු නැති අයට මේක එපා වෙනවාය. විලි ලැජ්ජාවේ උනත් සන්තෝෂ උන එකට මටද සන්තෝසේ බැරිය.

      Delete
  16. දැන් අර කස්ටමර්ස්ල හතර දෙනාගෙන් අයිලාස් කියේ කී වෙනියටද ? ;)

    ReplyDelete
    Replies
    1. වෙන අය කොහේ යන්නද, උඹ යාළුවො 3 දෙනෙක් එක්ක එදා උදේම එතනට සැට් උනානේ. :(

      Delete
    2. ඉල්ලන් කෑම සහ නෑම :(

      Delete
  17. මටනම් පෙනෙන්නේ ඔය මැඩම්ට හමුදා පුහුණුවක් තියනවා වගේ.

    ReplyDelete
    Replies
    1. හමුදාවේ Audit කරන්නෙත් ඔහොමද අනේ..

      Delete
  18. අපොයි අයිලාශ් අය්යා නරක් වෙලා තියන තරම්...

    ReplyDelete
    Replies
    1. හුහ්.. ගණන් පාඩමක් කියලා දුන්නත් අපි නරකයි..

      Delete
  19. අම්මටසිරි...
    අන්න මැඩම්ලා..
    ඉස්සර අපිත් කරා අර ෆිල්ම් හෝල් එකක ලයිට් කපලා සීන් එකක් කැල් එකෙං...
    දැන්නං මතක නෑ...

    ReplyDelete
    Replies
    1. 11110000 - 1008990 = 10101010 ද?

      Delete
    2. එක නේන්නම් තරියෝ, නියම මැඩම් ලා.

      මදුරු නාෂකයෝ, ඔය කතාව කියපිය ගුටි නොකා.

      Delete
    3. එක නේන්නම් තරියෝ, නියම මැඩම් ලා.

      මදුරු නාෂකයෝ, ඔය කතාව කියපිය ගුටි නොකා.

      Delete
    4. ඕක කරෙත් කැල් එකෙන් තමයි. මම හිතන්නෙ තරියා කිව්වෙ ඒ ගැන වෙන්න ඒන. අමතක වෙච්ච එක ඔන්න මම මතක් කළා. කතාව කියන්න තරියටම කියමු නේ... :)

      Delete
    5. තරියට මතක නැති නිසා ඔයාම කියන්න.

      Delete
  20. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොකද අනේ ???? දාන්නෙ. තරියට දාපු රිප්ලයිය මෙතනට වැටුන නිසා මැකුවෙ.

      Delete
  21. Replies
    1. හ්ම්ම්... "මැඩම් ප්‍රමේහය" කියලා දාමුද?

      Delete
  22. ජිනා මැඩම් වෙන්න ඇති ෂුවර් එකටම.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතුනා කෙන්ජි.

      Delete
  23. මැඩම් හොඳයි ගණිතය උගන්වන්ට...:)

    ReplyDelete
    Replies
    1. අන්න පොඩ්ඩි ට තේරුනා.

      Delete
  24. ලොකේ තියෙන පරණම රස්සාවනෙ.. මැඩමුත් කරන්න ඇත්තේ ඕකමනෙ ඉස්සර කාලෙ. ඉතිං කොහොමද බොරු කරන්නෙ..?

    ReplyDelete
    Replies
    1. පළපුරුද්ද සරත්, පළපුරුද්ද.

      Delete
  25. ඇත්ත කියහං උඹ කලින් ඔය තැනක වැඩ කරා නේද

    ReplyDelete
    Replies
    1. හෑ.. දැන් නිකන් බබා වගේ කතාව නේද අටමෝ. මගේ ජොබට කටුව ගහලා එතනට පැනගත්තේ උඹ කියලා මම නොදන්නවා කියලද හිතන් ඉන්නේ?

      Delete
  26. මාරු කාසි අරන් ආපු කස්ට මොකාද කියල මම මේ කල්පනා කරේ!

    ReplyDelete
    Replies
    1. හදිසියට සල්ලි ටිකක් අරන් ආපු එකෙක් වෙන්න ඇති.. :D

      Delete
  27. නියම කතාන්දරේනේ බං.මාත් රස්සාවෙන් අයින් වෙලා බඩු පොට් එකක් දාන්න හිතන් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මම එන්නම් මැනේජර් කමට... පඩි ඕන නෑ...

      Delete
    2. මචං.........මම කෙන්ජියාව ගන්න ඉන්නේ!!!!!!!

      Delete
    3. මාතලන් සහ කෙන්ජියා දෙන්නවම ගනින් බන්...

      Delete
  28. මගෙ කම්නෙට් එක ස්පෑම් ගොඩේද බලහං


    Unable to resolve the server's DNS address.

    මෙන්න මේම එකක් වැටුනා :O

    ReplyDelete
  29. ශික් මොකාගෙන බේරුනත් ගණන් වලින් බේරෙන්නම බෑනෙ !

    ReplyDelete
    Replies
    1. ඔවු බන් එකනම් ඇත්ත.

      Delete
  30. මෙන්න හරියට ගණන හදන හැටි.

    9999 -
    6666
    -----
    3333
    ====

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කකා මේ පැත්තේ ආවට.

      ඕවා පරණ කාලේ ගණන් හැදිලි, දැන් උද්ධමනය වැඩියි, ඔය ගානට හම්බ වෙන්නේ නැහැ.

      Delete
  31. ගණිතයට දක්ෂ නිසා තමයි බං ගණිකාව කියන්නේ.

    ReplyDelete
    Replies
    1. උඹ දැන් වැඩකරන ඉස්කෝලේ ගණන් උගන්නන්නේ එහෙම අයද බන්?

      Delete
  32. ආවේ දෙන්නයි කිව්වනම් හරිනේ... කොහෙද මොලේ දුන්නට දැනුම දෙන්න බෑ කියන්නෙ ඕකනේ.

    ReplyDelete
    Replies
    1. එත් හරියන්නේ නැහැ උකුස්සෝ, මැඩම් ගාන හදලා ලියයි දෙන්නෙක් අවනම් මෙච්චර ගානක් කොහෙන්ද බොරු කියන්න එපා කියලා.

      Delete
  33. නියම තියරිය මැඩම් ගේ

    ReplyDelete
    Replies
    1. ඔන්න සයුරි, ඉගෙනගන්නවා නම් තියරි...

      Delete
  34. ගණිකාවො ගැන මමත් දෙපාරක්ම ලිව්වා...කැමති පින්වතෙක් කාමරේට පැමිණ ඒවා දැක බලා ගනිත්වා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා මේ පැත්තේ ගොදවුනාට, අපි නම් ඒ පොස්ට් බැලුවා...

      Delete
  35. මැඩම්ල විතරක් නෙමේනෙ බන් සෑර්ලත් ඉන්නවනෙ :D

    ReplyDelete
    Replies
    1. :D

      උඩ කමෙන්ට් ටික බලන්නකෝ.. මාතලන් එහෙම ෆ්‍රී සර්විස් එකක් දෙන්න කැමති වෙලා තියෙන්නේ.

      Delete
  36. මෙව්වා රට්ටු හිනස්සන වැඩ.. ! :D

    ෂුවර් ඕකි ඉනජීනීයරින් ගියපු මැඩම් කෙනෙක් ඈ.. :3

    ReplyDelete
  37. [card="blue"]කාල වරෙන්කො! බැරිද දන්නේ නෑ අපේ රටේ රාජ්‍ය සේවයටත් ඔය "මැඩම්"ව ගන්න![/card]

    ReplyDelete
    Replies
    1. කෝ හරි යන්නේ නෑනේ වැඩ දාල කොමෙන්ට් කොලාට?

      Delete
    2. auditor general කරමුද මෙයාව.

      වැඩ දාලා කොමෙන්ට් කරණ එක ක්‍රෝම් එකේ දැන් වැඩ කරන්නේ නැහැ, ඔපෙරා වල ෆයර් ෆොක්ස් වල වැඩ. :(

      Delete
  38. යකෝ ඔන්න බලහන්කො එකෙත් හැටි ...
    මමත් පටන් ගන්න ඕනේ ඔය වගේ බිසිනොස් එකක්

    ReplyDelete
    Replies
    1. ඔය බිසිනොස් එක පටන් ගන්න යන්නේ රුසියක් විදිහටද?

      Delete

  39. GREETINGS everyone out there.. my name is (Robert Lora) I am from CANADA i will never forget the help Dr Ogudugu render to me in my marital life. I have been married for 8 years now and my husband and i love each other very dearly. After 6 years of our marriage my husband suddenly change he was having an affair with a lady outside our marriage, my husband just came home one day he pick up his things and left me and the kids to his mistress outside at this time i was confuse not knowing what to do again because i have lost my husband and my marriage too. i was searching for help in the internet, i saw many people sharing testimony on how Dr Ogudugu help them out with their marital problems so i contacted the email of Dr Ogudugu i told him my problem and i was told to be calm that i have come to the right place were i can get back my husband within the next 48hours, to my greatest surprise my husband came to my office begging me on his knees that i should find a place in my heart to forgive him, that he will never cheat on me again, i quickly ask him up that i have forgiven him. Friends your case is not too hard why don't you give Dr Ogudugu a chance, because i know they will help you to fix your relationship with your Ex Partner. contact him: greatogudugu@gmail.com Or you can also reach him via whatsapp on +27663492930

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

වණජීවී ඡායාරූප

 වණජීවී ඡායාරූප කොහොමද ඉතින්, වසර ගණනාවකින් තමයි මං තුමා ආපහු බ්ලොග් එක පැත්තට ගොඩ උනේ. අපේ  කස්ටියට දැන් මං තුමා අමතක වෙලාද දන්නෙත් නෑ . කො...