Tuesday, January 29, 2013

පොලිසියෙන් කලා පොළ කයි.


ඔන්න ඉතින්  පහුගිය 26 සහ 27 වෙනිදා  20 වෙනි සැරේටත් කලා  පොළ පැවැත්වුනා   කලා  පොළ  කියන්නේ, ලංකාවේ  ඉන්න සියලුම  චිත්‍ර, මුර්ති සහ කැටයම් ශිල්පීන්ගේ කලා  නිර්මාණ, ප්‍රදර්ශනය සහ අලෙවි කිරීම  සිදුකරන වාර්ෂික අංගයක්. පුරුදු පරිදි පැවැත් වුනේ ග්‍රීන් පාත්  එහෙම නැත්නම දැන් කියන විදිහට නෙලුම් පොකුණ මාවත දෙපස. සුපුරුදු පරිදි සංවිධානය ජෝර්ජ් කිට් පදනම, අනුග්‍රහය ජෝන් කීල්ස් සමුහය.

මං තුමාගේ පොඩි කොලුවත් 3වන  සැරේටත් සහභාගී   උන නිසා මං තුමාත් ඉතින්  කැමරාවත් එල්ලගෙන ඔය දවස් දෙකේම ඔතන ගත කළා. ඔය තියෙන්නේ පොඩි එකාගේ ප්‍රදර්ශන කුටිය. පහුගිය සුමනේ එකා අත කඩා ගත්තා. ඔය ඉන්නේ කැඩිච්ච අතත්  එල්ලගෙන.


මෙතන බොහොම ලස්සන කලා  නිර්මාණ තිබුනා. ඒ වගේම පාර දෙපස ප්‍රදර්ශන කුටි සකස් කරලා බොහොම අපුරුවට තිබුනා.26 උදේ 8.00 විතර උත්සවාකාරයෙන්  කලා  පොළ ආරම්භ කර සුළු මොහොතකින් මෙතනට පොලිසියේ උසස් නිලධාරින් කඩා පැන.  පාර දෙපස තිබුන ප්‍රදර්ශන කුටි පාරේ එක පැත්තකට වහාම රැගෙන යන ලෙස දැනුම් දුන්න. සංවිධායකයන් පොලිසියෙන් සහ  නගර සභාවෙන් පුරවා අනුමැතිය ලබාගෙන තිබුනත් මේ අමන පොලිස් කාරයෝ මේ කුටි ඉවත් කරන්නයි බලකර සිටියා. පසුව පොලිසියෙන් කුලී කරුවන් යොදවා මේ කුටි පිටින්ම ඔසවා පාරේ අනිත් පැත්තට ගෙන ගියා.




පොලිසියෙන් මේ කල අමන ක්‍රියාව බොහෝ දෙනෙක් ගේ කනස්සල්ලට හේතු උනා. විශේෂයෙන්   කලා  පොළ  නැරඹීමට පැමිණි  විදේශිකයෝ   මෙ ගැන තදින් විවේචනය කළා. ඔවුන් කිවේ මෙන රටවල නම් කලා    කරුවන්ට රජයෙන් අත දෙනවා මිසක් මෙලෙස කලා  කරුවන් හට වද හිංසා පමුණුවන්නේ නැති බවයි. පොලිසියෙන් කියුවේ "අපිට කරන්න දෙයක් නැහැ .......... මහත්තය (රජයට සම්බන්ධ උසස් නිලධාරියකු) නෙලුම් පොකුණට එනවා , ඒ නිසා ආරක්ෂාවට මේ ප්‍රදර්ශන කුටි  පාරේ අනික් පැත්තට ගෙනයන්න තීරණය කළා "  බොහෝ දෙනෙක් මෙහෙම කියනවා ඇහුනා "පොලිසියේ මෝඩයෝ හිතන්න ඇති ලංකාවේ කළා කාරයෝ කියන්නේ ත්‍රස්තවාදීන් කියලා." නමුත් සමහරු නම් කියුවේ "එම උසස් නිලධාරියාගේ  නම ගාවන්න හේතුව වක්‍රාකාරයෙන් මහජනයාගේ අප්‍රසාදය ඔහු කෙරේ ගොඩ නංවන්න වෙන්න ඇති කියලයි".

මේ කුටි  24දා සවස් කාලය වෙනවිට ඉදිකිරීම් අවසන් කොට තිබු අතර, යම් හේතුවක් නිසා පොලිසියට එම කුටි පාරේ අනික් පසට ගෙන යෑමට අවශ්‍යයතාවයක් තිබුණි නම් මෙම ප්‍රදර්ශනය ආරම්භයට පෙර එය කල හැකිව තිබු අතර, පොලිසිය කල මෙම  ක්‍රියාව  නිසා බොහෝ දෙනෙකු ගේ අප්‍රසාදයට පත් වුයේ රජයයි. මෙයද රජය අප්‍රසාදයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් විය නොහැකිද ? යන වගත් බොහෝ දෙනෙක් කතා බහ කරනු අසන්නට ලැබුණි.

ඒ කෙසේ වෙතත් මෙවර කලාපොලත් බලන්න වටිනා  ලෙස පැවතුනා. බොහෝ දෙනෙක් මේ අපුරු ප්‍රදර්ශනය බලන්න පැමිණියා වගේම තමන්ගේ සිත් ගත්   කලා  නිර්මාණ මිලදි ගන්නත්, කලා  කරුවන් සමග වචන කීපයක් කතා කරන්නත් මේ  කලාපොළ  හොඳ අවස්ථාවක් කරගත්තා. මේ සැරේ එන්න බැරි උන අය  මෙතනින් ෆොටෝ බලාගන්න. 


ඉවත ලන වාහන කොටස් වලින් කල නිර්මාණ 
යකඩ බල්ලා

යකඩ අශ්වයා 

යකඩ අශ්වයා 

සිත් ගත්  මුර්ති නිර්මාණ කීපයක් 

 කොහොමද මේ වැඩේ. ගොඩක් දෙනෙක් ඔය විදිහට සජීවී රුප ඇඳීම කළා.



ඔයිට වඩා පෙන්නන්නේ නැහැ. ඊළඟ සැරේ ඇවිත් බලන්න.



24 comments:

  1. යනවමයි කියලා හිතාගෙන හිටියට යන්න බැරිවුණා. ලංකාවේ පොලීසියෙන් ඔයිට වඩා යමක් බලාපොරොත්තුවෙන්නේ කොහොමද? ඇයි කලාකරුවන්ගෙන් වැඩි ප්‍රතිරෝධයක් පොලීසියේ මේ තකතීරු වැඩේට එල්ල වුණේ නැද්ද? මට පේන්නේ එහෙම වෙලා නෑ. කලාකරුවන් පවා තමන්ගේ අනිකා වෙනුවෙන් පෙනීසිටීමේ ප්‍රතිපත්තිය අතහැරදාලා වගෙයි. මේ මට හිතෙන හැටි,
    කොහොමද පොඩිඑකාගෙ නිර්මාණ අලෙවි වුණාද?

    ReplyDelete
    Replies
    1. ඔය ක්‍රියාවට විරුද්ධව පොලිසිය සහ සංවිධායකයන් සමග කතා කලෙත් මම සහ තවත් දෙතුන් දෙනෙක් විතරයි. සංවිධායකයෝ උත්තර දී ගත නොහැකිව අස්ථානගත උනා. එහෙමවත් කතා කල එකේ ප්‍රතිපලයක් තමයි ඔය කම්කරුවන් යෙදවීම. නැත්නම් මුලින් කියාසිටියේ අපිට එම කුටි ඔසවාගෙන යන්න කියලයි.

      පොඩි එකාගේ නිර්මාණ අලෙවි උනත් මටනම් හිතෙන්නේ අලෙවිය පසුගිය වසරට සාපේක්ෂව අඩු බවයි. ඔය සිදු උන අවුලත් එක හේතුවක් වෙන්න ඇති.

      Delete
  2. කොන්ද පණ නැති පොලිසියක් ඉන්න රටේ වෙන කොහොම කරන්නද ? පුදුමයි පොඩි උන් ටිකට කදුළු ගෑස් නොගහපු එක..

    ReplyDelete
    Replies
    1. පොඩි එකෙක්ට හිටියේ අපේ එකා විතරයි. අනිත් උන් ඔක්කොම ලොකු උන් මල්ලි.

      Delete
  3. ඔෆිස් යන ගමන් යන්තම් බලාගෙන ගියා. හොඳට බලන්න කාලවේලාව තිබුණේ නෑ. ඔයාගේ පුතා ඉන්න බවක් දන්නවා නම් කොහොම හරි නතර වෙලා බලනවා. පොලිසිය ගැන කතා කරලා යුනිකෝඩ් අපතේ යවන එක අපරාදේ. ඒ නිසා මුකුත් නොකියා ඉන්නම්. පොඩ්ඩට සුබ පැතුවා කියන්න. කලාවට යොමුවෙන ළමයි නොමගට යොමු වෙන්නේ නෑ. අර සමහර තැන් වල "කළා" කියල ලියල තියෙන එක හදන්න. නිවැරදි වචනය "කලා"

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි අදහස් දැක්වීමට. ඔන්න වරද හැදුවා. ගොඩක් ස්තුතියි වරද පෙන්වා දීමට.

      Delete
  4. සිද්ධ වෙලා තියන දේ නම් කණගාටුදායකයි. විශේෂයෙන් විදේශිකයින් පවා සහභාගී වෙන අවස්ථාවක.

    අයිලාෂ් ගෙ පුතාට සුබ පතනවා...!

    ReplyDelete
  5. ලංකාවෙ පොලිසියට කොහොමත් තියෙන රෝගයක් ඕක. මොකෙක් හරි එනව කිව්වොත් ලකුණු දාගන්න දඟලනව හරක් වැඩ හරි කරල. වැඩක් නෑ කතාකරල.

    අපූරුයි ! මමත් චිත්‍රවලට, ඡායාරූප කලාවට එහෙම ගොඩක් කැමතියි. අර සජීවීව ආලේඛ්‍ය සිතුවම් (වචනෙ හරිද මන්දා) ඇඳීම නම් ගොඩක් සිත් ගන්නව, මම හිතන්නෙ ගිය සැප්තැම්බර් බීඑම්අයිසීඑච් එකේ බුක් ෆෙයාර් එකෙත් ඔය කට්ටිය හිටියා. මටත් ආසාවක් තියෙනව එකක් අන්දව ගන්න.

    දරුවට සුබ පතනව, ඇත්තටම වෘත්තීය වශයෙන් හෝ නැතුව හෝ චිත්‍ර කලාව පැත්තට යොමුවෙන එකනම් සෑහෙන්න අගය කළයුතු වෙනව. එහෙම කලාව පැත්තට යොමු වෙන අය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංවේදී මිනිස්සු. දැන් නම් අපේ රටටත් අවශ්‍ය වෙල තියෙන්නෙ එහෙම මිනිස්සු, නැත්නම් තව කාලයක් යනකොට මේ රටේ මෙහෙමවත් ජීවත් වෙන්න බැරිවෙයි.

    ReplyDelete
    Replies
    1. //ආලේඛ්‍ය සිතුවම්//
      හරියටම හරි සිංහලෙන් කියන්නේ Portrait කියලානේ.

      ඔබේ අදහස් දැක්වීම ඉතාම අගේකොට සලකනවා.

      Delete
  6. නියමයිනේ පොඩි එකා...... සුභ පතනවා එයාට....!
    අත කඩා ගත්තේ මක්ක කරන්න ගිහින්ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමනලියේ..

      බයිසිකල් පදින්න ගිහින් තමයි ඔය කොරන් තියෙන්නේ.

      Delete
  7. ඔය වෙච්ච සිද්ධිය ගැන නම් මචං පට බින්දුවක්වත් පුදුම නෑ. එහෙම නොවුනා නම් තමයි පුදුමේ. මම නිදහස් දවසට දාන්න ඉන්න පෝස්ට් එක බලාපංකො.

    පුතණ්ඩියාට ඩූඩ් මාමා සුභපැතුවයි කියන්න ඕනෙ ඕං. පුතාගේ හැකියාවන් වලට දිරිදෙන මේවගේ තාත්තලත් වාසනාවන්!

    ඔය වාහන කෑලි වලින් හදපු එක හෝ ඒ වගේ නිර්මාණ එක පාරක් මම BMICH ප්‍රදර්ශණයකදි දැක්කා.

    අර සජීවී සිත්තරා නම් එල බුවෙක් නේ?

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ ඕක නොවුනානම් තමයි පුදුමේ.
      ඔබේ සුභපැතුම් කොලුවට යොමුකලා. ඔන්න රිටන් තැන්කිව් එකක් දෙන්න කියලා කිව.
      සජීවී චිත්‍ර ඇඳපු උන් ගොඩක් හිටියා, නමුත් මගේ සිත් ගත්තේ ඔය එකා බන්.

      Delete
  8. අපේ රටේ කසඩ දේශපාලුවො හිතන්නෙ උන් තරම් කෙරුමො තවත් නෑ කියලා...මෝඩ හැත්ත...අ.පො.ස සා/පෙ වත් පාස් නැති බර ගානක් දියවන්නාව මැද යෙහෙන් වැජබෙනවලු ජනතාවට බලපාන වැදගත් තීරන ගන්න සහාය වෙමින්..

    ReplyDelete
    Replies
    1. //.අ.පො.ස සා/පෙ වත් පාස් නැති බර ගානක් දියවන්නාව මැද යෙහෙන් වැජබෙනවලු ජනතාවට බලපාන වැදගත් තීරන ගන්න සහාය වෙමින්.. //

      පිස්සු කියන්න එපා සිරා, පුලුවන්නම් උන් ගත්ත ජනතාවට බලපාන එක වැදගත් තීරණයක් කියපන්...

      Delete
  9. අයිලාස්, උඹට මම කිව්වද මන්දා මට ෂවර් එක යට ඉන්නකොට පට්ට අදහස් එනවා කියලා. ඒ කියන්නෙ මචං groundbreaking innovations! මේ මට අද උදේ හිතුන දෙයක්.

    මචං උඹ සාලිය නේද?

    ReplyDelete
    Replies
    1. හක් .. හැක. හික්.. උඹට ඕක කිවේ ගාමිණී අයියද?

      Delete
    2. දෙයියම්පල්ලා නෑ, මට ෂවර් එක යටදි හිතුනෙ අද උදේ. ගාමිණී බොරු කියන්නෙ නෑ. උඹ උගෙන් අහලා බලාපං. උඹට මතකද SINGER මැෂින් කොම්පැණියෙන් එක පාරක් මැෂිමක් ආවා REGNIS කියලා. මගේ තාත්තා කිව්වා මට ඔය තියෙන්නෙ SINGER රිවර්ස් එකට ලියලා කියලා. හරිනේ. මගේ මේ smart ass ජාන කොහෙන්ද ආවේ කියලා උඹට දැන් සාධක ඇතුව ඔප්පු වෙනව නේද? :D

      Delete
    3. එල මචන්. උඹ තමයි ඕක අල්ලපු එකම එකා. හැම එකාම අහනවා මොකද මේ email එකට ඉන්දියන් නමක් දාගෙන කියලා. හික් හික්

      Delete
  10. පොලිසිය... ලංකාවේ පොලිසිය...

    ReplyDelete
    Replies
    1. අතේ පැළඳගෙන ඉන්නේ ධර්ම චක්‍රය. හික්

      Delete
  11. කලාව බල්ලට ගහින් ඊට පස්සේ කියනවා දැන් රටේ ඉන්නේ මාරු මුස් මිනිස්සුලු යකෝ කලාවෙන් තමයි කෙනෙක් සැබෑ මිනිහෙක් කරන්නේ ඔන්න අපේ රටේ ඇගයීම

    ReplyDelete
    Replies
    1. කලාකරුවන්ට ගහන්නේ නැතිව ඔහොම කල එකත් ඇති.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...