Monday, January 28, 2013

අප ඉන්නම් බඩගින්නේ ළඟ ඉන්නකෝ අම්මේ

      
ඈත කැලේ ඉගිල ගියා කැම සොයා අම්මා
ඈත බලා ඉන්නවා අප එනතුරු ඔබඅම්මා
ඈත ඉඳන් හඬ නගන්න මට ඇහෙන්නඅම්මා
ඈත කොනක හිතේ බයක් දැනෙනවා මටඅම්මා
  
කට ඇරගෙන හිටියට අප මේ ලෙස බඩගින්නේ
තටු ඇත්නම් පියඹා විත් ඔබ සෙවනේඉන්නේ
මට ඇත්නම් ඔබේ උණුසුම ඉන්නම් බඩගින්නේ
තටු සලලා මගේ අම්මේ හනිකට මෙහෙ එන්නේ
  
අප දෙදෙනා තුරුලු වෙලා හිටියත් මෙහෙඅම්මේ
අප රකින්න කවුරුත් නැහැ හරිම බයයිඅම්මේ
අප වෙනුවෙන් කෑම සොයා ඉගිල ගියත්අම්මේ
අප ඉන්නම් බඩගින්නේ ළඟ ඉන්නකෝඅම්මේ
  

18 comments:

  1. ලස්සන සිතිවිල්ලක් වගේම කවි පෙළක්

    ReplyDelete
    Replies
    1. මයලයෝ, ඔය ළමයි දාලා කහවනු හොයන්න යන අම්මලාගේ දරුවන්ට ඔහොම හිතෙනවා ඇති නේද?

      ඔය ෆොටෝ එක මට ගන්න ලැබුන ඉතාම දුර්ලබ ගනයේ එකක්. ෆොටෝ එක දැක්ක ගමන් ඔය සිතිවිල්ල තමයි පහල උනේ.

      Delete
  2. ආලෝකයයි සිතුවිලියි උපරිමයෙන් යොදාගෙන තියනවා අයිලාස් මෙතනදි නම්! ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඔබේ අගය කිරීම ඉතාම වටිනවා.

      Delete
  3. හරි අපූරුයි යාළුවා.

    මව් සෙනෙහසට මවකගෙ රැකවරණයට ජාති ආගම් කුල භේද උස් මිටිකම් කොහෙද, මිනිස්සු උනත් සතුන් වුනත් ඒකෙ වෙනසක් නැහැ.

    අනවශ්‍ය දෙයක් අහන්නම්, ඔය ඡායාරූපය ගත්ත හැටි ගැනත් සුළු සඳහනක් කරන්නකෝ.

    ReplyDelete
    Replies
    1. පළමුව ඔබව සාදරයෙන් පිලිගන්නවා. ඔබගේ අදහස ඉතාම නිවැරදියි සහෝ.

      //අනවශ්‍ය දෙයක් අහන්නම්, ඔය ඡායාරූපය ගත්ත හැටි ගැනත් සුළු සඳහනක් කරන්නකෝ. //

      ඔබ ඇහුවේ අනවශ්‍ය දෙයක් නොවේ, ඉතාම අවශ්‍ය දෙයක්. ... ඉතාම කෙටියෙන් සදහන් කරන්නම්. පසුව මේ කුරුල්ලන්ගේ ඡායාරුප ගැනීම ගැන පොස්ට් එකක් ලියන්නම්.

      ඔඅගේ කාර්යාලය අසල තිබුන කුඩා ගසක කොන්ඩ කුරුල්ලන් දෙදෙනෙක් නිතර ගැවසෙනවා දෑකලා බළකොට මේගොල්ල කුඩුවක් හදනවා. නමුත් මේ අවස්ථාවේදී මම කිසිම ෆොටෝ එකක් ගන්න ගියේ නැහැ , එහෙම කළා නම් උන් බයවෙලා එතැන් අත්හරින බව දැනගෙන හිටියා. මේ ගස පිහිටලා තිබුනේ කාර්යාලයේ එක කාමරයක ජනේලයක් අසලමයි. අපේ ආරක්ෂක නිලධාරින්ට උපදෙස් දුන්නා මොනම හේතුවකටවත් ඒ ජනේලය අරින්න එපා කියලා. ජනේලයට තිරයක් දාලා තිබුන නිසා උන්ට ජනේලහෙන් මෙපිට පෙනෙන්නේ නැහැ වගේම මෙම කාමරය කිසි කෙනෙක් පාවිච්චි කලේ නැති නිසා උන්ට කිසි කරදරයක් උනේ නැහැ. ඔය ජනේලයට උඩින් පොඩි කවුළු කීපයක් තිබුනා, ඉතින් මම ජනේලය ළඟ මේසයක් තියල ඒ මේසය උද තව කුඩා මේසයක් තියලා එකේ උඩ try prod එක සහ මගේ කැමරා අම්පන්න ටික අටවා ගත්තා.

      ඔය කවුළුවක් අස්සෙන් ෆොටෝ ගහන්න උන හින්දා මගේ කැමරා කෝණය ඉතාම සිමා සහිත උනා. ඒ වගේම ඔය පින්තුරයේ ඉස්සරහින්ම පෙනෙන්න තියන කොලය මට ලොකු බාදාවක් උනත්, එම කොයලා කඩා ඉවත් කිරීමට මට කිසිම ලෙසකින් ආචාර ධර්ම වලට අනුව ඉඩක් නැහැ. කෙසේ උනත් ඔය සීමාවන්ට යටත්ව බිත්තරයේ සිට පැටවුන් ඉගිල යන තෙක්ම දිනපතා ඡායාරුප ගැනීමේ හැකියාව ලැබුනා. බොහෝවිට ආලෝක තත්වයන් පැවතුනේ ඉතාම නරක ලෙස නමුත් Flash light එකක් බාවිතා කලේ නැහැ. මුලින්ම Flash එකක් බාවිතා ඔය පැටවුන් ඇස් ඇරපු මුල්ම දවසෙයි. ඔය පින්තුරයත් ගත්තේ එදා. ඒ වෙනකොට මොනම හේතුවකටවත් ලොකු උන් පැටවුන් අතහැර නොයන් බව මම දැනගෙන හිටියා.

      කුරුල්ලන්ගේ හැසිරීම් ගැන මනා අවබෝධයක් තිබීම ඉතාම වැදගත් එසේ නොමැතිව බිත්තර රැකීම හෝ පැටවුන්ගේ ඡායාරුප ගැනීම නොකළ යුත්තක්. ඉතාම වැදගත් වන්නේ කෙසේ හෝ ඡායාරුපය ගැනීම නොව, ඔවුන්ගේ ජිවන රටාවට කිසිසේත් හානියක් නොකර ඔවුන්ට නොදනී ඡායාරුපය ගැනීම බව ඉතාම හොඳින් මතකයේ තබාගත යුත්තක්.

      මෙම පිළිතුර දිග වැඩිද මන්දා.?

      Delete
    2. දිග වැඩි ?? මොන පිස්සුද, ගානට.

      බොහොමත්ම ස්තූතියි යාළුවා. මේක හරි ඉවසීමෙන් කළ යුතු වැඩක්නේ.

      Delete
    3. අපොයි ඔව්, අපේ පොඩි චලනයක් හරි සිදු උනොත් කුරුල්ලෝ බය වෙනවා. ඒ විතරක් නෙවේ සමහර උන් කැමරා එකේ focusing motor එකේ සද්දෙටත් සංවේදියි.

      Delete
    4. Hatts off brother...! ඡායාරූපයක් වෙනුවෙන් අහිංසක සතුන්ගේ ස්වභාවික ජීවන රටාවන්ට බාධා නොකරන ඔබ සැබෑම වනජීවී ලෝලියෙක්. නැවතත් මගේ ආචාරය!

      Delete
    5. ස්තුතියි මලයෝ. සැම වන ජීවි ඡායාරුප ශිල්පියෙක්ම් ඔය අචාර ධර්ම අනුගමනය කරනවා කියල තමයි මගේ විශ්වාසය.

      Delete
  4. හරිම සංවේදී ඡායාරූපයක්. මේ වගේ පින්තූරයක් ගන්න ලැබීම ඡායාරූප ශිල්පියෙකුගේ වාසනාවක්

    ReplyDelete
    Replies
    1. සැබවින්ම එය ඉතාම දුර්ලභ අවස්ථාවක් වගේම ඔබ කියූ ලෙසම වාසනාවක්.

      Delete
  5. පදත්, අදහසත් වගේම පින්තුරයත් නියමයි.. අපේ ගෙ ළඟ තියන ගස් වලත් ඔහොම කුරුළු කූඩු හදනවා. මමත් වෙලාවකට බලා ඉන්නවා ඒවා දිහා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට, කුරුළු කුඩුවක් එහෙම නැත්නම් සතෙක් දිහා බලල සතුටුවෙන්න පුළුවන් පරිසරයට ආදරය කරන කෙනෙක්ට විතරයි. බොහෝ දෙනෙක් කරන්නේ ඔය අහිංසකයන්ට වද දීලා සතුටු වෙන එක.

      Delete
  6. පැහැදිළිවම චායරූපයයි කවි පද ටිකයි නම් උපරිමයි අයිලෂ් ..
    මට දැනෙනවා ඔය හැගීම ..චායාරූපය ගන්නෙත් ඒ පැත්තට
    මේ පැත්තට ගොඩක් දේ හිතල , ගත්ත දා පටන් ඒ ගත්ත එක
    ඔලුවේ ඒ පැත්තට මේ පැත්තට හරවනවා...නේද ?

    ReplyDelete
    Replies
    1. ඔය හරි සහන්, මේ කවි ටික නම් විශේෂයෙන්ම දරුවන් දමා රට යන අම්මලා ගැන කියන්න ගත්ත උත්සහයක්. දරුවෙක්ට අම්මගෙන් සුළුමොහොතකට හරි වෙන්වීම දුකක ඒ දේ මිසුන් සහ සතුන් කියලා වෙනසක් නැහැ කියලා මට හිතෙන්නේ.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...