Thursday, January 24, 2013

මම පොලිසියට දුන්න හැටි ...



මට මේ කතාව මතක් උනේ ච්මී4යු ගේ "පොලිස් නිලධාරියෙකුට දුන්න දවස " කියන පොස්ට් එක කියවන කොට. ඉතින් මම කොමෙන්ටුවක් එහෙම දාලා අවා "අයියෝ මල්ලි මම එක පාරක් රුපියල්  40/- දීල බේරුනා. මේ ගැන පොස්ට් එකක් දාන්නම්." කියලා. ඉතින් ඒ කොමෙන්ට් එකට ප්‍රතිචාර එහෙමත් ලැබුනා. ඒ පැත්තේ ගිහිල්ල ඒවා බලාගත්තොත් හොඳයි.

මේ සිද්දිය උනේ  ඔය "හයි වේ"  අරින්න මාස කීපයකට කලින්. අපි ගෙදර කස්ටිය ඒ කියන්නේ  මගේ බිරිඳකොලුවෝ දෙන්නා සහ මං  තුමා කොළඹ ඉඳන් ගාල්ල බලා ගමන් කරනවා.  ඉරිදා දිනයක් නිසා පාරේ වැඩි වාහන තද බදයක් තිබුනේ නැහැ.  මමත් ටිකක්   වේගයෙන්  වහනය පදවාගෙන ගියා කියමුකෝ.  ඔන්න දැන්  අපි අම්බලන්ගොඩත් පහුකරගෙන ගියා. දැන් පාරේ බලු බල්ලෙක් පෙන්න නැහැ මම තවටිකක් වේගය වැඩිකරා .

" හරි.. තාත්තේ හරි තව ටිකක්"

"ලොකු පුතා, ඔයා තාත්තට නිදහසේ කාර්  එක එලවන්න දෙන්න.. මොන හදිස්සියක්ද?"

හොරැහින් මගේ බිරිඳ දෙස බලපු මම ඒ කතාව ඇහුනේ නැහැ වගේ තවත් ටිකක් වේගය වැඩිකරා. දැන් මම නිතිය ඉදිරියේ වැරදිකරුවෙක් මොකද මගේ වේගය පැ. / කි.මි. 85 ක්.  මෙහෙ යන්න පුළුවන් උපරිම වේගය පැ. / කි.මි. 70 නේ.

" හරි.. තාත්තේ 90 ට ගමු "  පොඩි එකා පිටිපස්සෙන් 

" නැහැ.. අද පාර  හිස් 100ට අල්ලන්න" 

"මේ තාත්තලයි පුතාලයි කවදාවත්ම හදන්න බැහැ" 

" හරි.. තාත්තේ 90 යි.....  95යි ....  හරි හරි "  මුන් දෙන්නට පිටිපස්සේ ඉඳන් ෆුල් චුන්.

දැන් මට ඈතින් නවත්තල තියෙන කහපාට බස් එකෙක් පෙනෙනවා. මේ බස් එක අද්දන්න කලින් ඉස්සර කරන්න කියලා හිතාගෙන මම තවත් ටිකක් වේගය වැඩිකලා  දැන් 97 යි.  ඒ එක්කම speed meter   එකක් අරගෙන කොස්සෙක් පාරට පැනලා අත  දික් කළා. එතකොට තමයි මට තේරුනේ අර බස් එකත් high-speed  ඇවිත් අල්ලපු එකක් කියලා. මම කාර් එක අයින් කරලා නවත්තල බැහැල කොස්ස හිටපු දිහාට ඇවිදගෙන ගියා. 

"ෂා  මරු  නේ වාහන  එලවන වේගය.  නැවත්තුවෙත් තව හැතැප්මක් විතර ගිහින්... මහත්තයා දන්නවද මේ පාරේ යන්න පුළුවන් වේගය ?"

"ඔව් රාළහාමි 70 නේ"

"ලජ්ජා නැතිව කියන ලස්සන. දන්නවද තමා අපු වේග කීයද  කියලා ?"

"අනේ රාලහාමි වාහනේ එලවනකොට ඔය මීටර් බල බල එලවන්නේ නැහැ  නේ"  

මමත් ගොනා පාට්  එකේ උත්තරයක් දුන්නා. එතකොට මු මට උගේ ස්පීඩ් මීටර් එක දික් කරලා පෙන්නලා කියනවා 

" මෙන්න බලන්න 81 යි. 11 ක් වැඩියි"  

හුටා 97 ට  අපු මගේ ස්පීඩ් එක 81 වෙන්නේ කොහොමද? මෙතන වෙන අවුලක්  බව  මට තේරුනා.

"පිස්සුද රාළහාමි ඔය මීටරේ වැරදියි මම අවේ 70ට වඩා අඩුවෙන්, කමක් නැහැ මම දැන් ඕක දැක්කනේ දැන් මීටරේ 0 කරලා පෙන්නන්න."

" සාජන් මහත්තයෝ මේ බලන්නකෝ මෙයා  කියනවා මීටරේ වැරදිලු. යන්නකෝ අර සාජන් මහත්තයා ට ගිහින් කියන්න "

මට දැන් වැඩේ තේරුනා. මුගේ මීටරේ වැඩ කරන්නේ නැහැ. 81ට තියාගෙන එන එන එකාගෙන් ගාන කපනවා. මීටරේ 0 කරන්නේ  නැහැ.  මුන් කොහේද  මාව තම්බන්නේ.  ඔහොම හිතමින් මම සාජන් ළඟට ගියා. මු මගේ ලයිසන් එක ඉල්ලගෙන අතේ තියාගෙන ඉන්නවා. 

" හරි හරි සාජන් මහත්තය මම වරද පිළිගන්නම් මීටරේ 0 කරන්න  බලන්න"

"නෑ  ඕනේ නැහැ, මහත්තය  අපි මේක ගොඩින් බේරාගමු."

"හ්ම්,  එහෙනම් ලයිසන් එක දෙන්න මම යන්නම්"

"එහෙම කොහොමද මහත්තය, ලයිසන් එක දෙන්නේ... නඩු දාන්න තමයි වෙන්නේ"

" හොඳයි නඩු දාන්න... "

"එහෙම හරි නැහැනේ, මහත්තයල නිකන් රස්තියාදු වෙනවනේ ..." 

හනේ මුගේ සත්ව කරුණාව.  මට දැන් යකා නැග්ගා. 

"මේ සාජන් මහත්තයෝ .. එක්කෝ දඩ කොලයක් දෙන්න, නැත්නම් උසාවි දාන්ඩ, එහෙම නැතිනම් මගේ ලයිසන් එක දෙන්න මාව මෙතන රස්තියාදු කරන්නේ නැතිව . මම දන්නවා ඔයගොල්ල කරන වැඩේ, වැඩකරන්නේ නැති මීටර් එකක් ගෙනල්ලා. නඩු දැම්මොත් හරි දඩ කොලයක් දුන්නොත් හරි මමත් අත  හරින්නේ නැහැ"

ඔහොම කියුව විතරයි සාජන් කාරයා ලයිසන් එක මගේ අතේ තිබ්බ. එහෙම තියලා;

"ඔන්න මහත්තයෝ මගේ යුතුකම ඉෂ්ටකලා. මෙතන අපි දෙන්නෙක් ඉන්නවනේ, මහත්තයත් අපිට පොඩි සපෝර්ට් එකක් දීලා යන්න."

ඔන්න බලළා මල්ලෙන් එලියට පැන්නා . 

"ආ ... එහෙම කියන්න එපැයි, මගේ පර්ස් එක කාර් එකේ මම එතනට යන්නම් අර රාලහාමිව  එතනට එවන්න"

"හොඳයි  මහත්තයා.. පේන්න  දෙන්න එපා ගුලි කරලා එයාගේ අතේ තියන්න... දන්නවනේ අද කාලේ  හැටි.. අපි දෙන්නෙක් හින්දා සාධාරණ ගානක් දෙන්න "

දෙන්නම් මම තොපිට සාධරණ ගානක් කියල හිතල කාර් එක ලඟට ගිහින්  රුපියල් 10 කොළ 4 ක්  අරගෙන සාජන්  කියපු විදිහට බොහොම පොඩියට ගුලි කළා.  දැන් කොස්ස මගේ ළඟ.  මම අත  මිට මොලවල රු 40 උගේ අතේ තියලා මෙහෙම කියුවා.

"රාලහාමි සාජන් මහත්තය කියුවා දෙන්නටම සාධාරණ ගානක් වෙන්න දෙන්න හැබැයි පෙන්න දෙන්න එපා කියලා.  මෙතන කොළ 4ක් තියෙනවා ඔහොමම සාක්කුවේ  දා ගෙන පස්සේ  දෙන්නා බෙදාගන්න"

තැන්කිව්....,   තැන්කිව්, මහත්තයා කියල කොස්සා එක  සාක්කුවේ ඔබා ගත්තා. 




38 comments:

  1. අප්පට සිරි මරු සින් එකනේ.., උබේ කල්පනාව හොදයි මීටරේ වැඩ කරන්නේ නැහැ කියලා තේරුම් ගත්ත එක.. වෙන එකෙක්නම් ඕවා හිතන්නේ නැතුව වැරැද්ද පිළිගන්නවනේ .. මේ පොස්ට් එකෙන් තව එකක් තේරුම් ගත්තා ඔය විදියට බොරු මීටර් තියාගෙනත් පොලිසියේ ඈයෝ ඉන්නවා ඇති .. ඔය වගේ පාරක ගොඩක් උන් හයි ස්පීඩ් යනවනේ..

    හික් ..අරුන් දෙන්නට වහ කන්න හිතෙන්න ඇති රුපියල් හතලිහ දැක්කම ...

    ReplyDelete
    Replies
    1. ඔවු මුන්ට ඔනේ කරන්නේ කොහොමහරි ගාන කඩාගන්න. මම හිතන්නේ මේක වෙන්න ඇති පොලිසියට දීපු අඩුම ගාන . ගිනස් වාර්තාවක්ද දන්නේ නැහැ.

      Delete
  2. අඩේ පට්ට සීන් එක... අඩෝ උන්ට කරන්න ඕන ඔයවගේ වැඩක් තමා.. එල කොල්ලෙක් නෙ බන්.... පට්ට පට පට....

    ReplyDelete
    Replies
    1. මුන්ට ඔහොම කරලා මදි බන්...

      Delete
  3. හයියු... නියම වැඩක්නේ කරලා තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. හැන්දෑ වෙලා දත කට මැදගෙන දිග ඇරලා බලන්න ඇති .... කොළ 4ක් නේ. හික් ...හික්

      Delete
  4. අඩේ උඹ අර මීටරේට වැඩිය මීටර් බුවෙක්නෙ. එල.
    උඹ කියෙව්වද මම පරිවර්තනයකරපු හිච් හයිකර් කතාව? රියට අත ඇල්ලූ මගියා. අන්න ඒකෙත් ඔහොම සීන් එකක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි බන් මම ගියේ 100ට කිට්ටු කරලා. මුන් 81 කියනකොටම මට තේරුනා වැඩේ.

      ඔව් මචන් "රියට අත ඇල්ලු මගියා" තමයි මම මුලින්ම උඹේ කියවපු පොස්ට් එකේ. මර විදිහට වැදුන මචං. ඊට පස්සේ ඔක්කොම් ටික කියෙඋව. අර කැරපොත්තා, තව ලගයිද තාත්තේ.. ඔය ඔක්කොටම මම මාරම අසයි මචන්. මම හැමදාම බලන්නේ උඹ තව ඒ වගේ එකක් දැයි කියලා.

      Delete
  5. නියම වැඩෙ.....
    එහොමම තමයි කරන්න ඔනා...

    ReplyDelete
    Replies
    1. කොහොමද මල්ලි වැඩේ...

      Delete
  6. එළ...මෙන්න මෙහෙම තමා සළකන්න ඕනෙ....හැබැයි සිරාගෙ අහිංසක මූණ දැක්කම දුක හිතිලද මන්දා සිරා කොලුවා කිසි දවසක දඩයක් කාලා නෑ ජරාව දීලත් නෑ... වතාවක් වාහනේ ලයිෂන් ඉන්ෂුවරන්ස් දෙකම නැතුව ගිහිල්ලත් අහු වුනා... පොලීසියට ඇවිල්ලා පෙන්නලා ලැයිසොම ගන්න කියලා එදා කිව්වෙ...

    මගේ රහස තමයි මම කවදාවත් තර්ක කරන්න යන්නෙ නෑ... අරයා මෙයා අදුරනවා කියලා පොර ටෝක් දෙන්නෙ නෑ...වැරැද්ද පිළිගන්නවා කියලා බොහොම සුහදව කථා කරනවා..ඒ කථා බහ අවසානයේ එහෙනම් මහත්තයා යන්න ආයෙම මේ වැරැද්ද කරන්න එපා කියලා පොලීසියෙ ඇත්තො බොහෝවිට කියන්නෙ...අරයා මෙයා අදුරනවා කියලා අපිට ෆෝන් එක දික් කරන්න ආවා නම් මහත්තයාව කීයටවත් යවන්නෙ නෑ කියලා රේල් ගේට්ටුව වැහෙන්න ඔන්න මෙන්න තියලා රතු එළිය දැල්වෙද්දි දාපු වෙලාවක මාව අල්ලපු නිලධාරියෙකු මට සමාව දෙන ගමන් කිව්වා...

    ReplyDelete
    Replies
    1. උඹ හරි බන්, මමත් කවදාවත් උන් එක්ක කතාවට යන්නේ නැහැ. මම වැරදියි කියලා දඩ කොලේ ඉල්ලගෙන එනවා. ඉට පස්සේ එකෙක් ඉන්නවා උට දුන්නම ලය්සෝන් එක ඔෆිස් එකේ.
      හි.. හික්..

      හැබැයි එදා මම දැක්ක උන් කරපු බලු වැඩේ.. වැඩකරන්නේ නැති මීටරයක් තියාගෙන එකයි එහෙම කලේ.

      Delete
    2. කොහෙද බං ඔච්චර කරුණාවන්ත පොලිස් නිළදාරි ඉන්නේ .. මේ ලංකාවේ , මට හිතන්න බැහැ අදහගන්න බැහැ...
      අපේ පැත්තෙනම් පොලිසියට ඔලුව නැමුවොත් අපේ තියෙන තුට්ටු දෙකට විදලා අපිටත් ඇරලා යන ජාතියේ පොලිස් කාරයෝ ඉන්නේ .. සාමාන්යෙන් පොලිසියේ එකෙක් මහත්තයා කියනවානම් ඒ ලොකු කාර් එකක යන එකෙක්ට වෙන්න ඕනේ , නැත්නම් ඉතින් බලු සැලකිලි තමයි , පොලිසියට ගියාම හොද එකෙක්ගේ උනත් මනුස්ස කම නැතිවෙනවා.. මම නොදන්නා ලංකාවේ පොලිසි .. පගාව ගන්නම බලාගෙන ඉන්න නරකාදී හැත්ත..

      Delete
    3. පොලීසියෙ ඇත්තො මිනිස්සු මනින්නෙ පෙනුමින් මචෝ...

      Delete
    4. සිරාවට සිරා මම මේ පොලිසියේ එකෙක්ගේ හොඳ අහනවාමයි. මට පෙන්නන්න බැරි එවුන් රැලක් තමා ඔය පොලිසිය.

      Delete
    5. පොලිසියේ උන්ව කාටවත් පෙන්නන් බැහැ. උන්ගේ ඔය පාට් ඔක්කොම කාකි කෝට් බෑය තියෙනකල් විතරයි.

      Delete
  7. හික්ස්!!!! බලපන් අසරණා පොලිස් රාලහාමිලට එදා තේ එකක් වත් බොන්න නැති වෙන්න ඇති!

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්නේ.. උඹ කියුවම තමයි මතක් උනේ.. පවු අසරණයා.

      Delete

  8. ඔයා නම් හරිම නරක එක්කෙනෙක් අනේ...:)

    ReplyDelete
    Replies
    1. කවුද කියුවේ මන් හොඳයි කියලා... හික් හික්

      Delete
  9. ah mage ara post eke dapu kament ekata man rep kala
    ayilash...

    oya kament kalaama ethanma thiyena e mail subscribe karanna..
    othokota ibema replies enawa.

    ( man dakka oyaa keepa parak awith balanawa man reply karalada
    kiyala...)

    ReplyDelete
  10. ඔන්න මමත් ආවා මේ පැත්තට ඔබ ආ මාවත ඔස්සේම.... එන්නං දිගටම...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  11. ලොල් නියම වැඩේ කරලා තියෙන්නේ.ඕකුන් හින්දා තමා මේ රටේ නීතිය බල්ලන්ට ගිහින් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අපෝ මචං බල්ලන්ට අපහාස කරන්න එපා..

      Delete
  12. පව් අප්පා. එ උනාට හොද වැඩෙ :D හි හි

    ReplyDelete
    Replies
    1. හික් ...හික්...
      හැන්දෑවේ දෙන්නා බෙදාගන්න ඇති නේද ?

      Delete
  13. 10 එක කොළයක් දුන්න නම් ඇතු ඕකුන්ට.. 1000 කොළයක් කියල ගනීවි.

    ReplyDelete
    Replies
    1. පවුනේ
      එකක් දුන්නනම් දෙන්නා බෙදාගන්න බැරිව බදාගෙන අඬයි නේ?

      Delete
  14. පට්ටයිනේ. මගෙත් තියෙනවා ඔයවගේ කතාවක් හැබැයි මට වෙච්ච එකක් නෙවෙයි අපේ අයියා කෙනෙක් කල දෙයක් ඒ සිද්දිය වෙනකොට මම පොඩියි වාහන එලවන්න බැරි තරම්. අරුන් දෙන්න අයියගේ ජාතිය අමතන්න ඇති නේද? හිකිස්..............

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ හත්මුතු පරම්පරාවම මතක් කොරන්න ඇති.

      Delete
  15. ජරාව කන එවුන්ට ඔහොම කොරල මදි. අපේ එකෙක් බියර් පෙව්වේ පොලිසියට.. :)

    ReplyDelete
    Replies
    1. ඒ කථාව කියපන්කො මලයෝ.

      Delete
  16. මරු වැඩේ...ඔය වගේ වැඩක් මටත් උනා නොවැ.පුලුවන්නම් බලන්ටකෝ
    http://maliyagesatahana.blogspot.com/2015/05/blog-post_22.html

    ReplyDelete
    Replies
    1. හැමෝටම මුන්ගෙන් කරදර වෙලා තියෙනවා.

      Delete
  17. [si="18"][co="red"][ce] ආයෙත් කටුවක් කන්න හිතත්දි සිදුදිය මතක් වෙයි......[/ce][.co][/si]

    ReplyDelete
    Replies
    1. එක තමයි දැන් ආයෙත් පටන්ගන්න යන්නේ...

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...