මාත් එක්ක එකතු වෙන්න

Wednesday, March 6, 2013

ඡායාරුපයේ සැකැස්ම - Composition


කලාත්මක ඡායාරුපයක් ගැනීමේදී ආධුනිකයෙක් විසින් පහත මුලික කරුණු කෙරේ අවධානය යොමුකිරිම ඉතා වැදගත් වෙනවා.

  • ඡායාරුපයේ සැකැස්ම - composition 
  • අනාවරණය - Exposure
  • ආලෝකය  - Light 
  • භාවිතා කරන කාචය - Lens 

ඡායාරුපයේ සැකැස්ම - composition 


ෆොටෝ එකක සැකැස්ම (composition) මගින් කල යුතු ප්‍රධාන කාර්යය වන්නේ එම ඡායාරුපය නරඹන ප්‍රේක්ෂකයා ගේ ඇස, අරමුණ කෙරෙහිම  රඳවා තබා ගැනීමයි. 

ෆොටෝ එකක් compose කරන ක්‍රම සහ සැකැස්මේ නීති  (Composition  Rules) බොහොමයක් තියෙනවා. අපි ඉන් කීපයක් උදාහරණ සහිතව  බලමු. මෙම ලිපි මලාවෙහි  උදාහරණ හඳහා ඉදිරිපත් කරන ඡායාරුප සියල්ලම මං තුමා සහ මං තුමාගේ පුත්‍රරත්නය විසින් කැමරාවට අසුකරගන්නා ලද  ලද ඒවා වන අතර, මේ ඡායාරුප masterpieces නොවන බවද කරුණාවෙන් සලකන්න.

Framing 
අප ගන්නා ඡායාරුපය, පරිසරයේ ඇති ගස් වැල් මෙන්ම මිනිසා විසින් නිර්මිත  ආරුක්කු, පාලම් වැනි දේවල් තුලින් ඡායාරුප ගත කිරීම මගින් එම ඡායරුපයට ස්වභාවික රාමුවක් එක කල හැක. එසේ කිරීම තුලින් ප්‍රේක්ෂකයා ගේ ඇස අරමුණ කෙරෙහි රඳවා තබාගත හැක.




Rule  of  Third 

මේ  Rule of Third ක්‍රමය  ඡායාරුප ශිල්පින් අතර ජනප්‍රියතම  සැකසුම් ක්‍රමය ලෙස දැක්වීම වරදක් නොවේ. මෙහිදී කරන්නේ අපගේ ඡායාරුපය සමාන කොටස් 9කට බෙදී යන ලෙස එහි දික් සහ හරස් අතට මනඃකල්පිත රේඛාවන් 2 බැගින් ඇඳ  අපගේ ප්‍රධාන අරමුණ (subject) එම රේඛාවන් කැපියන  තැන්වල හෝ රේඛාවන්  දිගේ පිහිටන ලෙස සකස් කිරීමයි. (බොහෝ ඩිජිටල් කැමරාවල LCD  තිරය මෙසේ සටහන් කර ඇත.)

Third of Rule LCD තිරයේ දිස්වෙන අයුරු.



Dramatic Perspective 

ඡායාරුපය ගැනීමේ  කෝණය වෙනස් කිරීමෙන්, ඡායරුපයට විශාල වෙනසක් එක්කල හැක. අපි හැම වෙලේම පුරුදු වෙලා තියෙන්නේ අපේ ඇස්  මට්ටමෙන් බලන්න, ෆොටෝ ගන්න. නමුත් මේ ඇස්  මට්ටමෙන් වෙනස් උනාම අපිට ලෝකය හරිම වෙනස් විදිහට දකින්න පුළුවන්.



Horizon Line

ක්ෂිතිජ රේඛාව කිසිම විටක ඡායරුපයේ මැදට ගන්න එපා. එය ඡායරුපයේ හරි මැදට වඩා පහලට හෝ ඉහලට ගන්න. එමෙන්ම ක්ෂිතිජ රේඛාව, ෆොටෝ එකේ තිරස් දාරයන්ට සමාන්තරව තබාගන්න.





මිට අමතරව ඡායාරුපයක් සකසන තවත් ක්‍රම composition  methods ගොඩාක් තියෙනවා. නමුත් දැනට මේ ඇති. 

Break the Rules

මෙන්න මේ නීතියට තමයි මම වැඩියෙන්ම කැමති. මොකද ඡායාරුප ශිල්පය කලාත්මක නිර්මාණයක් සඳහා යොදවන විට එම ශිල්පියාට නීතිවලින් කොටුවෙලා කලාත්මක නිර්මාණයක් කරන්නත් සමහර විට බැහැ  වගේම මේ සම්ප්‍රදායික නීති බිදීම  තුලින්ද වඩා ප්‍රබල ලෙස නිර්මාණයක් ඉදිරිපත් කරන්නත් පුළුවන් කියන තැන තමයි මං  තුමා ඉන්නේ. මේ පහත තියෙන ෆොටෝ දෙකම composition rules බිඳ දැමු  අවස්ථාවන්, නමුත් මං  තුමා ඒ ෆොටෝ දෙකට කැමතියි., එහෙනම් එච්චරයි. 





අනාවරණය - Exposure, ආලෝකය  - Light , භාවිතා කරන කාචය - Lens  යන කරුණු ගැන වෙනත් පොස්ට් එකකින් කතා කරමු.



38 comments:

  1. මේ වගේ ලිපි ගොඩක් වටිනවා මටනම්.. මේ සබ්ජෙට් ඒක ගැන මගෙත් තියෙන්නේ ලොකු උනන්දුවක් ... පුලුවන්නම් ජයාරූප ගැන තව ලිපි කිහිපයක් දාපන් මචං,
    ස්තුති ....

    (තව ජයාරූපයක් ගත්තට පස්සේ ඒවායේ කලර් වල ආලෝකයේ එහෙම වෙනස්කම් කරනවද ෆොටෝෂොප් වගේ මුදුකාංග වලින් ඒ සම්බන්දයෙනුත් හැකිනම් ලිපියක් දාන්න )

    ReplyDelete
    Replies
    1. ඩිජිටල් ෆොටෝග්‍රපි වලදී ෆොටෝෂොප්, ලයිට් රුම් වගේ මෘදුකාංග වලින් යම් වෙනස්කම් කරන්න පුළුවන්. සමහර විට ගොඩක් වෙනස්කම් කරනවා. නමුත් සමහර තරග වලට වෙනස්කම් කරපුවා බාරගන්නේ නැහැ.

      මම පුද්ගලිකව එවැනි ඩිජිටල් වෙනස්කම් වලට කැමති නැහැ, කරන්නෙත් නැහැ. මේ දාලා ෆොටෝ එකක් වත් ඒ වගේ එඩිට් කරලා නැහැ, composition එක විතරයි හදලා තියෙන්නේ මුල් ෆොටෝ එක crop කිරීමෙන්. (මගේ පුත්තරයා නම් එවැනි බොහෝ වෙනස්කම් කරනවා. නව පරපුර එහෙම තමයි.)

      ලෝකයේ ඉන්න දක්ෂ ඡායාරුප ශිල්පියෙක් ඉන්නවා වේ විදිහට බොහෝ වෙනස්කම් කරන. මම එයාගේ ෆොටෝ ගැන පොස්ට් එකක් දාන්න හිතාගෙන ඉන්නේ.

      Delete
  2. චමි ‍ගේ කථාව ඇත්ත.ස්තුතියි ඔබට අපිව දැනුවත් කිරිම පිළිබදව.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. හැකි උපරිමයෙන් කියලා දෙන්න උත්සහ කරනවා.

      Delete
  3. එල! දිගටම මේ වගේ පොස්ට් ටිකක් දාමු මචං!

    ReplyDelete
  4. නියමයි. මෙලෝ කෝණයක් නැතුව පොටෝ ගන්න මං වගේ අයට මේ තියරි වැදගත්වෙයි.

    ReplyDelete
    Replies
    1. කෝණය වෙනස් කිරීමෙන් ෆොටෝ එකට විශාල වෙනසක් කරන්න පුළුවන් ප්‍රසන්න.

      මට මේ පොස්ට් එකේ ලියන්න අමතක උනා, මට මතක විදිහට ජපානයේ ෆිල්ම් එකක් කළා එකේ නම උනේ "බල්ලෙකුගේ ඇසින්" කියන අර්ථය දෙන ජපන් වචනයක්. පුළු ෆිල්ම් එකේම කැමරාව හසුරවලා තිබුනේ පොලවට අගල් 6ක් විතර උඩින්.

      මචන් මම හිටපු ගමන් දනගාල, බඩගාලා බලනවා පුදුම වෙනස් ලෝකයක් දකින්න පුළුවන් එතකොට. අපි හදම දකින්නේ අඩි 5 -6 ක උසකින්නේ.

      Delete
    2. අපි කොහොමත් ටිකක් උඩින්නෙ :)

      Delete
  5. Rule of Thirds දැනගත්තට පස්සෙ මගෙත් ඡායාරූපවල සෑහෙන වෙනසක් උනා කියලා මට හිතෙනවා. හැමවෙලේම පුරුදු වෙලා හිටියේ හැම දේම මැද්දට තියල ෆොටෝ ගන්න. ඇස් මට්ටමෙන් වෙනස් කරන එකත් මම සාමාන්‍යෙන් කරනවා. ෆ්‍රේමිං නම් වැඩිය උත්සාහ කරලා නෑ... මීට පස්සෙ බලන්න ඕනේ.

    තව දෙයක් තමයි... rules කඩන්න කලින් rules දැනගෙන ඉන්න ඕනේ... ඒ නිසා මේ වගේ ලිපි ගොඩක් වැදගත්.

    ReplyDelete
    Replies
    1. හෙක්.. හෙක්... මම නම් හරිම අස වැඩේ තමයි එක, breaking rules හික් හික්

      ගොඩක් ස්තුතියි අදහස් දැක්වීමට.

      Delete
  6. තිසරගේ කතාව තමයි මටත් කියන්න තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. මල්ලියේ උඹටත් මගේ උත්තරේ එක තමයි. නීති කැඩුවම හරි ජොලි බන්. ෆොටෝග්‍රපි නීති වලට වඩා කඩන්නේ ට්‍රැෆික් නීති.. හිකිස්.

      Delete
  7. අයිලාෂ් බොහොම ස්තුතියි මේ අගනා ලිපි අපට දීම පිළිබදව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින් නිතරම මේ පැත්තේ ගොඩවෙලා දිරි දෙනවට.

      Delete
  8. ඉහි ඉහි.... කැමරා ගන්න සල්ලි නෑ අනේ....

    ReplyDelete
    Replies
    1. වැඩි ගානක් ඕනේ නැහැ මල්ලි 25000-30000 විතර එකතු කරගත්තම bridge එකක් ගන්න පුළුවන්.

      Delete
  9. අන්තිම ෆෝටෝස් දෙක කාගෙද?

    ඒකෙ rule එක break කරල තියෙන්නෙ කොහොමද කියලත් කියාපංකො.

    ReplyDelete
    Replies
    1. //මෙම ලිපි මලාවෙහි උදාහරණ හඳහා ඉදිරිපත් කරන ඡායාරුප සියල්ලම මං තුමා සහ මං තුමාගේ පුත්‍රරත්නය විසින් කැමරාවට අසුකරගන්නා ලද ලද ඒවා වන අතර, මේ ඡායාරුප masterpieces නොවන බවද කරුණාවෙන් සලකන්න.//

      ඈ බන්, උඹ පොස්ට් එක කියවන්නේ නැතිද? සවි කියලා හංවඩු ගහලා තියෙන ඒවා මගේ, Chamindu Vikumsri කියලා ගහලා තියෙන්නේ පොඩි එකාගේ ඒවා. මචන් ඔය අන්තිම දෙකම ගත්තේ කලා පොළ දවසේ. ඔය පොඩි කෙල්ලගේ ෆොටෝ ගොඩක් ගහගත්තා. අනික එදා ආර්ට් ගැලරි එකේ තිබුන exhibition එකක ඒවා.

      මචන් මෙහෙම තමයි රුල් බ්‍රේක් කරන්නේ
      [im]http://labspace.open.ac.uk/file.php/5686/T173_1_053i.jpg[/im]
      ගෙදර තියෙන එකක් අරන් ට්‍රයි කරපන්..... හික්ස්

      මචෝ කෙල්ල ඉන්න එකේ ...

      1. අත පය කපන්න එපා කියලා රූල් එකක් තියෙනවා.
      2. lighting රූල් එකක්. light එක එපා කියලා තියෙනවා.

      ඒ දෙකම ඔකේ කඩලා තියෙන්නේ, ඒ නිසාම තමයි ලස්සන.


      අනික් එකේ..
      1. ෆොටෝ එක දෙකට හරි මැදින් කඩන්න එපා කියන එක
      2. වැඩි light එකක් තියෙන තැනට main subject එක තියන්න කියන එක.
      3. rule of third

      ඇති නේද?

      Delete
    2. lighting රූල් එකේ තියෙන්නේ කෙලින්ම ඔලුවට light එක වැටෙන්න දෙන්න එපා කියලා.

      කලින් එකේ එක හරියට type වෙලා නැහැ.

      තවත් එකක් තියෙනවා මචන් shoot at eye level කියලා. එකත් නැහැ. ටිකක උඩින් තමයි shoot කරලා තියෙන්නේ.

      Delete
    3. මම ඒ යටම දෙකේ හංවඩුව දැක්කෙ නෑ බං.

      Delete
    4. වයසට යනකොට ඔහොම තමයි, දාහන් කන්නාඩි දෙකක් මන් වගේ...

      Delete
    5. මචං chams ට දුන්න රිප්ලයි එකත් බලපන්.

      Delete
  10. හොද ලිපි මාලාවක්, නුත් මිට කලින් තිබුන මේගැන ලියවුන් බ්ලොග්ස් හිටි හැටියේ නතර වෙලා, එහෙම එකේ මේ අඩවියෙන් විශාල සේවයක් වෙනවා, ඔබට නිදහස තියෙන පරිදි හැකිතාක් කල් අපට දැනුම ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා,

    ReplyDelete
    Replies
    1. ඔබව සාදරයෙන් පිලිගන්නවා අමිල, ඔබට ස්තුතියි අදහස් දැක්වීමට,

      ඔබගේ ඉල්ලීම හැකි උපරිමයෙන් ඉටුකිරීමට උත්සාහ කරන්නම්.

      Delete
  11. මට සෑහෙන්න වැදගත් ලිපි පෙළක් මේ. ඔය විෂය ගැන මගේ දැනුම ඉතාම අල්පයක්. දැනුමක් ලබා දෙන්න ගන්නා උත්සාහයට තුති..!

    ReplyDelete
  12. හැමදාමත් වගේ කියන්න තියෙන්නෙ මේ ලිපි ගොඩක් වටිනව කියල තමයි අයිලාශ් අයියෙ. අර dramatic perspective යටතෙ දාල තියෙන දෙවෙනි පින්තූරය හරිම ලස්සනයි...

    අන්තිමට දාල තියෙන පින්තූර දෙකේ composition rules බිඳල තියෙන්නෙ කොහොමද කියන එක නම් මටත් හිතාගන්න අමාරුයි..:(

    ReplyDelete
    Replies
    1. ඩුඩ් ට දීලා තියෙන රිප්ලයි එක බලන්න.

      රූල්ස් ගොඩක් තියෙනවා මම නම් ඒ වා ගැන වැඩිය හිතන්නේ නැහැ, 3rd රුල් එක ගැන විතරයි හිතන්නේ. එහෙම නැත්නම් කවදාවත් ෆොටෝ එකක් ගන්න වෙන්නේ නැහැ. පොඩ්ඩක් මෙහෙම හිතන්නකෝ

      ලංකාවේ තියෙන ට්‍රැෆික් නීති ගැන හිතන්න. ඔය නීති වලට අනුව ගියොත් කොළඹේ ඉඳන් කතරගම යන්න දවස් දෙකක් විතර යයි. කි.මි.70 වඩා ස්පීඩ් කරන්න බහ, පාලමක් ලඟදි ඉස්සර කරන්න බෑ , කහ ඉරක් ලඟදි ඉස්සර කරන්න බෑ, ඉර කපන්න බෑ, නගරයක් හමු වෙනකොට කි.මි.50 ට වඩා ස්පීඩ් කරන්න බෑ. drive කරනකොට ඉස්සරහ ඉන්න අනිත් එකාත් එක්ක කතා කරන්න බෑ, තනි අතින් ස්ටියරින් එක අල්ලන්න බෑ... ඉතින් කොහොමද එලවන්නේ.

      ඔයවගේ තමයි ඔක්කොම රුල්ස් ගැන හිතුවොත් මුකුත් කරන්න බැහැ, වැදගත් වෙන්නේ අපිට හිතට හරියක විදිහට හොඳ ෆොටෝ එකෙක් ගන්න එක. සමහර comprtions වැලිත් රුල්ස් කඩලා ගන්න ෆොටෝ වලට හොඳ තැනක් ලැබෙනවා. නමුත් බොහෝ විට නැහැ.

      පහත තියෙන ෆොටෝ එක බලන්න
      [im]http://farm9.staticflickr.com/8237/8534804343_9512662863_m.jpg[/im]

      ඔය තියෙන්නේ පොඩි එකා ගේ ගත්ත ෆොටෝ එකක්, රුල් එකක් තියෙනවා 3D ගතිය පෙනෙන්න ෆොටෝ එක ගන්න කියලා, අනික ඇස් දෙකම පෙනෙන්න ගන්න කියලා.

      3D ගතිය පෙන්නන්න නම් background එක ලා පාට කරන්න වෙනවා එතකොට රුපය ඉස්මතු වෙනවා, නමුත් මට ඕනේ කලේ ෆෝට් එක ඔය විදිහට, background එකේම තියෙනවා වගේ වෙනෙන්න. මේ ෆොටෝ එක දැකපු තව මගේ යාලුවෙක් (ප්‍රවීන ඡායාරුප ශිල්පියෙක්)කිවා

      "මචං අයි මේ ෆොටෝ එකේ background එක කළුවට ගත්තේ, ප්‍රොෆයිල් ෆොටෝ වල 3D effect එක තියෙන්න ඕනේ කියලා උඹ දන්නවනේ"

      මම විවා මට ඕන උනේ මේ විදිහට කියා.. ඉතින් මට ඕන විදිහට ෆොටෝ එක තියෙනවනම් එච්චරයි නේද?


      මේ ෆොටෝ එකත් බලන්න.
      [im]http://farm9.staticflickr.com/8245/8535913868_8e7e01d3e0_m.jpg[/im]


      මොකද හිතෙන්නේ? composition out නේද? horizon line එක හරි මැදින්. නමුත් ඔය ෆොටෝ එකේ අහසේ සහ මුහුදේ දෙකෙම් තියෙන details එහෙම නැතිව පෙන්නන්නේ කොහොමද?

      Delete
    2. මේ දීර්ඝ පැහැදිළි කිරීමට බොහොම ස්තූතියි අයියෙ.....

      Delete
  13. ස්තූති කරලා ඉවර කරන්න බැරි තරම් වටින පොස්‍ටුවක්. මම ඉන්ටනෙට් එකෙ ලිපි ගොඩක් කියෙව්වත් මේ තරම් කිසිම එකකින් තේරුනෙ නැ. ඔබ ක්‍රමානුකූලව බොහොම සරලව ලිප් දානවා.මේ වගේ චායාරූපකරනය ගැන වෙන පැහැදිලියට ලියවුන බ්ලොග් නැ. ඒ නිසා දිගටම දාන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි, ඔබගේ දිරි දීමට.

      Delete
  14. Horizon line පින්තුර ටික මාරම ගති... පුදුම විදිහේ වටින පොස්ට් කීපයක් අයියේ, සිරාවටම...
    වෙනස් ඇහැකින් බලල ගන්න ටික නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියා.

      Delete
  15. අර තර්ඩ් රූල් එක ගැන නම් ඔයා මට ඉස්සෙල්ලා කියා දුන්නා. ඒක දැන් මට හොදට මතකයි..... අනිත් කරුණු ටිකත් ගොඩක් වැදගත් අයියේ....

    ReplyDelete
    Replies
    1. ඔව්, මට මතකයි මම ඔයාට ලින්ක් එකෙක් එවුවා ඒගැන.

      Delete
  16. බලාගෙන ගියාම මම අරගෙන තියන ඔක්කොම Breaking the Rule ෆොටෝ තමයි. :) එකක් වත් Rule එකකට අරන් නෑනෙ. අද ඉඳන් වත් බලමුකො

    ReplyDelete
    Replies
    1. එහෙම හරි ෆොටෝ අරන් තියෙන එකත් මදිද.. තව ටිකක ගහල දාමු අපිටත් බලන්න එක්කම.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

************ *************