Thursday, March 14, 2013

50 ගැසීම - පටන්ගැනීම ?


ඔන්න ඔහොම තමයි  ක්‍රිකට් ක්‍රීඩකයෝ ලකුණු 50ක් ගැහුවම ආචාර කරන්නේ. ක්‍රිකට් බෝලේ මොන වගේද කියලවත් උනන්දුවක් දක්වන්නේ නැති මං  තුමා, මොකද මේ එකපාරටම ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගේ ෆොටෝ එකක් දාගෙන කියලා කස්ටිය බලනවා ඇති. වෙන මොකටවත් නෙවේ ඔන්න එහෙනම් මං තුමාත්  50ක් ගැහුවා. ඉතින් ඕගොල්ලන්ට ආචාර කරන්න තමයි මේ  පොස්ට් එක දාන්නේ.  මොකද ඔය ඇත්තෝ මං  තුමා එක්ක එකට නොසිටියානම්  .. මේ ලියන දේවල් කියවුයේ නැත්නම්, කොමෙන්ටුවක් කාරිය නොදමා සිටියානම්..... අනිවාර්යයෙන්ම  50ක් ගහන්න කලින් දැවී යනවාමයි.

ඉස්සෙල්ලම මේ බ්ලොග් එක පටන් ගත්තේ 2012 දෙසැම්බර් 19 දා. ඉතින්  මාස 3ක් වගේ කෙටි කාලයකින් පොස්ට් 50ක් පලකරන්න  හයිය හත්තිය දුන්න ඕගොල්ල ඔක්කොටම මගේ අර මොකෙන්ද එකේ පතුලෙන්ම පැන  නගින  ස්තුතිය පිරිනමනවා. "බලන්න හසන්ත මහත්තයෝ, බ්ලොග් අවකාශයේ මේ වගේ යෝධ පැටවූ මගේ මේ කබල් බ්ලොග් එකට ගොඩවුනේ නැතිනම්, මේ කෙලිය කොහොම කරන්නද ?"  සුවා-දීන එක  පැත්තේ ගියොත්  මමත් ඔහොම කියනවා.

පින් අනුමෝදන් කරනකොට නම්-ගම් කියලා පින් දෙන චාරිත්‍රයක් තියෙනවනේ ඉතින් ඒ පුරාණ වටිනා  කියන  චාරිත්තරේට අනුව එහෙනම් නම්-ගම් කියලම පින් දෙන්නයි යන්නේ.

පළමුවෙන්ම මෙහෙට ගොඩවෙලා කොමෙන්ටුවක් දැම්මේ මාරයා, ඉතින් ඊට පස්සේ, සංජය, සමනලීකෝරලේ මත්තයා, හසිත,  ඩුඩ් හෙවත් හෙන්රි , ගාමිණි විජිත්, සමි, සිත් කවි, de silva  ,චන්දන සහ අනු තමයි  මුලින්ම ගොඩ උන අය. මේ හැමෝටම පින් අනුමෝදන් කරනවා.

පොඩ්ඩක් ඉන්න තව කස්ටිය ඉන්නවා.   යාන්ත්‍රිකයා, නාඩියා ,සුදික, රෙහානි, වී පොකුරේ වියා, රතු රජරට, silentsahan, යසිත්, කියාගන්න බෑ , ලක්මාල් (අටමා), උමා (දසුන්), අවතාර්, සිරා,  morabba de morabba , දිලුම් ජයසිංහ, ඩිල්ෂාන්, AKM , මගේ දිනපොත.., DDT, මාතලන්, මඩිස්සලේ නිශාන්, චමි4යු, Prasan Palihawadana, Alexandar Cage, නලීන්, Gayani, Wedage, Ruwan Ranasinghe, දුකා, වෙනි, ශම්මි,  GRT_PORI, දේශකයා, සුජියා,  වන වදුල වගේම  miyuru එහෙමත් මේ පැත්තේ ගොඩවුනා, ඒ අයටත්  පින් දුන්නා.

ඊට පස්සේ ෆොටෝග්‍රපි ගැන ලියන්න ගත්තම ආපු කස්ටිය තමයි මේ   Blue lotus , කම්මල, අමාපැතුම්, ලිහිණි, විචාරක, Nirmala  Madushani, Chams, උකුස්සා, රජා, Nuwanjith , තිසර, ඉෂාන්, Deshan sam,  Amila Niroshana, කඳු  සහ ප්‍රසන්න ඔන්න ඉතින් ඔය ගොල්ලන්ටත් බොහොම පින්. 

කොමෙන්ට් කලේ නැතිව, පොස්ට් එක කියවලා  විතරක් ගිය  අයගේ නම් පින් පොතේ නැතත් පින් දෙනවා.



පින් දීලා  විතරක් මදි නේ , ඔන්න එහෙනම් 50 වැනි පොස්ට් එකෙන් මේ ගැනත් පොඩ්ඩක් බලමු.

පටන්ගැනීම යනු කුමක්ද?
ඉස්සෙල්ලම මේ බ්ලොග් එක පටන් ගත්තේ 2012 දෙසැම්බර් 19 දා කියලනේ ලියන්න ගත්තේ, ඇත්තටම මොකක්ද මේ පටන් ගන්නවා, එහෙම නැත්නම් ආරම්භ කරනවා  කියන්නේ? කවුරුවත් මේ ගැන කලින් හිතලා තිබුනද?

මට නම් හිතෙන්නේ පටන් ගැනීම යනු අවසානයේ පටන්ගැනීම බවයි. මෙහෙම හිතමු බලන්න මොනවද අපි පටන් ගන්නේ, ජීවිතය ඔව් ජීවිතය පටන් ගන්නේ උපතින්, මොකක්ද මේ උපත කියන්නේ, ජිවිතයේ අවසානය හෙවත් මරණයේ පටන්ගැනීම නොවේද? වසර 30ක් ජිවත් වුනා කියන්නේ ජිවිතයේ අවසානයට වසර 30කින්  ලඟාවීම නේද?

මෙහෙමත් හිතමු යම් කෙනෙක් මීටර 100 දුවන්න පටන්ගන්නවා කියලා,  ඒ කියන්නේ මීටර100 අවසානයට ලඟාවීම පටන්ගැනීම නේද? තව  කෙනෙක් පොතක් කියවීමට  පටන්ගැනීම යනු, පොත කියවා අවසන් අවසන්  කිරීමට පටන් ගැනීම නේද?

මේ  අනුව, හැම දෙයකම පටන් ගැනීම යනු  එහි  අවසානය පටන්ගැනීම බව මගේ විශ්වාසයි. ඒ අනුව මේ බ්ලොග් එක පටන් ගැනීම යනු මේ බ්ලොග් එකේ අවසානය පටන්ගැනීම නොවන්නේද? පොස්ට් 50ක් දැමීම යනු පොස්ට් 50කින් මේ බ්ලොග් එකේ අවසානයට ලඟාවීම  නොවේද?

59 comments:

  1. එහෙනං ඕං 50ට

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඃ ඉස්සෙල්ලම රජා ගෙන්.. තැන්කිව් රජෝ.

      Delete
  2. ඔබට වරදින්නේ නෑ, අපි ඔබ සමග ඉන්නවා ඉදිරියට කිනම් භාදා ආවත් නොසැලී ඉදිරියට යන්න,
    පල කරන ලද ලිපි ඒ ආකාරයෙන්ම් අලුත් දේ සමග ලියන්න,
    ඔබට ජය..!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම ස්තුතිය සුබ පැතුමට.

      අනේ බුදු අමිලයෝ, උඹ කලින් කොමෙන්ට් එකෙත් මහත්මයාණෙනි කියලා තිබ්බා ඕවා දිරවන්නේ නැහැ බන් බර වැඩි. මේවගෙන් කැමති එකක් කියපන්, කියන තැනකට වදින්නම්.

      සියේ, ලොකු අප්පච්චියේ, බාප්පේ, මාමේ, අය්යේ, මල්ලියේ, පුතේ, මචං

      එතකොට බොක්කටම වදිනවා බන්.

      Delete
  3. රයිටෝ. අයිලාෂ් අයියා ජය වේවා!!! දිගටම ලියමු

    ReplyDelete
    Replies
    1. තැන්කිව් මලයෝ.. ලියමු ලියමු..

      Delete
  4. කවදාවත් කිසිම දෙයක් ඉවර වෙන්නේ නවතින්නේ නැහැ අලුත් ඇරඹුමක් පමණයි.....
    දිගටම ලියන්න ජය පතනවා....!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ජය..!!!

      ඒ අලුත් ඇරඹුමත් නැවත ඒ අලුත් ඇරඹුමේ අවසානයේ ඇරඹුමයි බන්.

      Delete
  5. පනස් වෙනි පෝස්ටුවට සුබ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. 50 වෙනි දවස්ව් ඔයා තමයි chief guest... සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  6. පනස් වෙනි පෝස්ටුවට මගෙනුත් සුභ පැතුම්.... :)

    ReplyDelete
  7. පනස් වෙනි පෝස්ට් ඒකට මගෙනුත් හද පිරි සුභ පැතුම් අයිලාෂ් අයියේ....!!! තව තවත් මේ වාගේම හරවත් රසවත් දේවල් ලියන්න ශක්තිය දෛරය ලැබේවා.....!!!

    පිං අනුමෝදන් කළාටත් ස්තුතියි ඈ..... :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමනලියේ.

      Delete
  8. පළමුව 50ට සුබ පැතුම්...අවසානය කෙසේ වෙතත්.. බොහොම හර බර ලිපි නං අපි තවදුරටත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින්, හර බර කෙසේ වෙතත් ලිපි ටිකක් නම් පළකරමු නේද නලින්.

      Delete
  9. හා හා... අවසානෙ ගැන කතා නොකර පුලුවන් තරම් ඇදගෙන යමු. වෙලාවක් තිබ්බොත් අනිවා මේ පැත්තෙත් ගොඩවෙලා යන්නෙ

    ReplyDelete
    Replies
    1. අදිමු අදිමු...

      කොහේ ගොදවෙන්නද බන්, ලිකුවක් නැහැ නේ? උකුස්සාට කොටපුවහම යන්නේ උඹේ ප්‍රොෆයිල් එකය බ්ලොගේ ට ලින්කුවක් දාහන්කෝ.

      Delete
    2. මම බ්ලොගයක් නොකරමි. අන්තිම පේලියේ පමනක් ලියමි. ප්‍රොෆයිල් එකේ My Web Page කියන එකට ගියාම මම ලියපු එව්ව එනව. එක්කො මෙන්න මේකෙන් යන්නකො (http://www.thelastrow.net/author/black-hawk/)

      Delete
    3. හැබැයි අයිලාස් මම කියපු එක වැරදියට අරන් තියෙන්නෙ. මම කිව්වෙ මම මේ පැත්තෙ ගොඩවෙනව කියල මිසක් මගේ එකට ගොඩවෙන්න කියල නෙමෙයි සහෝ

      Delete
    4. හපොයි ඔව් නේ මට වැරදිලා.

      Delete
  10. හැම ආරම්භයක් ම අවසානයක ආරම්භයක් තමයි . .

    නිකම් හිතන්න ඉපදීම මරණයේ ආරම්භය කියලා මහ පාරේ බුදිය ගන්නද හා මැරියන් කියලා . .

    නෑ නේ . .

    ආන්න ඒ වගේ

    අවසානේ වෙන්න ඕන වෙලාවට වෙයි . .

    එතකන් තමන් යන විදිහට කර ගෙන යන එක තමයි හොඳම දේ මචං . .

    50ට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. තැන්කිව් මචං.

      හරි, හරි.. ඒ විදිහට තමයි යන්නේ බන්. නමුත් ඔය දේ තමයි ඇත්ත සම පටන් ගැනීමක්ම අවසානයක පටන් ගැනීම.

      Delete
  11. පළමු අර්ධ ශතකයට සුභ පැතුම්, අයිලාස්.

    උඹ අපේ ඔලු මඤ්ඤාං කරනවනෙ අර පටන් ගැනමක් හැන කියලා. අපි හිටියා නාට්‍යකාර ලෙක්චරර් කෙනෙක් ට්‍රේනිං කොලේජ් එකේ. මෙන්න නිතරම කටේ තියෙන කෑල්ල.

    This is not the beginning.
    This is not the end.
    This is the beginning of the end.
    මම ඒක මෙහෙම හදාගත්තා තව කෑල්ලක් දාලා.
    This is the end of the beginning.

    ReplyDelete
    Replies
    1. There is a song called "End is the Beginning is the End".

      Delete
    2. ස්තුතියි ඩුඩ්, උඹ පුදුම සහයෝගයක් දෙන්නේ.

      ඔන්න බලපන්කො ඒ ලේක්චරයා කියලා තියෙන්නෙත් මම කියපු දේම නේ?

      නමුත් මචං ඔය සත්‍යය දැනගෙන ජිවත්වෙනකොට, ජිවිතේ සැරීම සුන්දරයි බන්.

      Delete
  12. ඉක්මණින් 100 බැට් කිරීමට ලැබේවා :D

    ReplyDelete
    Replies
    1. මල්ලියේ, 50 ගැහුවට පස්සේ ඉතිරි ටික බැට් කරන්නේ හිමින් නේද?

      Delete
    2. එහෙම එකක් නැහැනේ :D

      Delete
    3. ඇත්තද? එහෙනම් දඩ බඩ ගාලා ගහලා දාමු, ඕනේ කෙන්ගෙඩියක් කියලා.

      Delete
  13. මගේත් උණුසුම් සුභ පැතුම් පිළි ගන්න.ඔබටත් පිං අපට දැනුම එක් කිරිම පිළිබඳව.තෙරුවන් සරණයි!

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගියේ, ඔබටත් තෙරුවන් සරණයි!!

      Delete
  14. හපොයි දෙයියනේ උඹ පණහකුත් ලීව්වැයි අයියෙ? මම තාම හතළිහ. මේ ඒක නෙමයි අර ලිංක් ටික දාලා පෝස්ට් එක හදන්න උබට දවසක්වත් ගියාද අයියේ.
    කොහොම වුණත් මගේ උණුසුම් සුබ පැතුම්. දිගටම ලියපන් ..ජයවේවා.

    ReplyDelete
    Replies
    1. මල්ලියේ මම උඹට වඩා වැඩිමල් නිසා ඉසෙල්ලා 50 ගහන්න එපැය. ලින්ක් ටික දාන්න නම් ගියේ පැය බාගයයි මලේ.

      ස්තුතියි කියමින් සුභපැතුම පිළිගත්තා. ඔබටත් ජය!!

      Delete
  15. 50ට සුබ පැතුම්.............!!!!
    ඉක්මනටම 100ත් පෝස්ට් කරන්න.. :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ශම්මියෝ.

      50න් පස්සේ එකපාරම 100 පොස්ට් කරමුද?

      Delete
  16. 50ට සුභ පැතුම්.පටන් ගත්ත ගමන්ම මොකෑ මේ අවසානයක් ගැන හිතන්නේ? තව යන්න හුඟක් දුර තියෙනවා.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් වේවා මලේ.

      පටන් ගත්ත වෙලේ ඉඳන් අවසානය බලබලා යනවා.. තව දුරයිද?

      Delete
  17. මෙතෙක් ආ ගමනට මගෙන් සුබ පැතුම් !

    ඉදිරියේදී තවත් වටිනා තොරතුරු එක්ක 100ට ලඟ වෙන්නකෝ...ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලිහිනියේ.

      51 දාපු ගමන් 100ට ලං වෙනවනේ. හික්ක්ක්....

      Delete
  18. සුබපැතුම් අයිලාස්. දිගටම ලියන් යන්නකෝ, පුළු පුළුවන් හැටියට අපි අනිවාර්යෙන්ම එනව බලල යන්න.

    අයිලාස්ගෙ කලින් ලිපි ටික කියවන්න ඕන කියල මතක තියාගෙනම ඉන්නව, තවම නිවාඩු පාඩුවක් හම්බුනේ නෑ. හොඳ නිවාඩුවක් ලැබුනු ගමන් මේ පාර ඉස්සරවෙලාම කරන්නෙ ඒ වැඩේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත් DDT මලේ.

      Delete
  19. අර්ධ ශතකයට සුබ පැතුම් අයිලාෂ්.. ඉදිරියටත් තව තවත් වටිනා ලිපි ලියන්න හැකිවේවා.!!

    ReplyDelete
    Replies
    1. [im]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcRhxlWL6SdXrTqrlEBBpq8Rj0LrczhdImBtAK1o-mG1EdrZR8gs-A[/im]

      Delete
    2. ඔයාගේ ලස්සන මල් මිටට ගොඩක් ස්තුතියි චන්දන.

      Delete
  20. සුභ පැතුම්... ඔහොම යං...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාරයෝ, මාර සුභ පැතුමට.

      Delete
  21. [ma]50ට සුභ පැතුම්....[/ma]

    ReplyDelete
    Replies
    1. තිසර, වැඩ කිඩ දාල සුභ පැතුමක් දීලා. තැන්කිව් වේවා.

      Delete
  22. 'සැමරුම්" වල 50 වැනි කඩයිමට ජයවේවා, නොදැවී දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කරන්න ශක්තිය, ධෛර්ය ලැබේවා......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත්.

      ඔන්න වැරදිලාවත් ගහන උඩපන්දු රැකගන්නවා එහෙම නෙවෙයි.

      Delete
  23. 50 වෙනි ලිපියට සුබ පැතුම් !

    තව දිගු ගමනක් යාමට ශක්තිය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මිත්‍රයා.

      Delete
  24. ඕන් පහුගිය කාලෙ හිර වෙලා ඉඳලා ඇහැ නොගැටිච්ච ලිපි..අයිලාස්...ගාමිණි අයියට පිං සිද්ධ වෙන්න ඔබව නම් මුණ ගැහෙන්නත් අවස්ථාව හමු උනානෙ..
    සුබ පැතුම් 50 ට..
    කෝ 51 ආරම්භ කරන්නෙ කවද්ද ?

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ කලාතුරකින් හරි ගොඩවිම සතුටක් මලේ. ඔබේ සුබ පැතුමට ස්තුතියි.

      51 රෙඩි... ඔන්න දැම්මා.

      Delete
  25. 50ට හුරේ... ජය වේවා...! නොදැවී ඔහොමම බැට් කරගෙන යමු..අපි එනවා මැච් එක බලන්න....

    ReplyDelete
    Replies
    1. ගහමු, ගහමු මලේ පුළුවන්තරම් ගහමු..

      Delete
  26. නමුත්, පොස්ට් 50 ක් යනු ලද අත්දැකීම් තුළින් වටිනා පොස්ට් එකක් ලීවිමේ ආරම්භය හෝ ඒ සඳහා පන්නරය ලැබීම නොවේ ද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... එහෙමත් හිතන්න පුළුවන් තමයි.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

වණජීවී ඡායාරූප

 වණජීවී ඡායාරූප කොහොමද ඉතින්, වසර ගණනාවකින් තමයි මං තුමා ආපහු බ්ලොග් එක පැත්තට ගොඩ උනේ. අපේ  කස්ටියට දැන් මං තුමා අමතක වෙලාද දන්නෙත් නෑ . කො...