Saturday, March 23, 2013

ගුවන් විහිළුවෙන් පරණ පිනක්.


පොඩ්ඩක් මතක් කොරලා බලන්න පින්වතුනි, කඳුළු දුපතේ රජ කතා නමැති වටිනා පුස්තකයේ තිබුන කතා වස්තුන් කොපමණ වටිනා කියන දේවල්ද කියලා.  ඒවා එහෙම කාලයත් සමග වැලලිලා  යන්න දෙන්න බැහැ නේද පින්වතුනි?  ඒ නිසා, මතු පරපුරට මේ අගනා කථා  වස්තුන් දායාද කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව තවත් කතාවක් අද ඉදිරිපත් කොරනවා.

පහුගිය කතාවෙන් කියවුනේ අපේ පුෂ්පකුමාර රජතුමා දිව්‍ය  ලෝකේ යන්න ගිහින් බැරි උන සිදුවිම කියලා මත ඇති නේ. අමතක නම් මෙතනට කොටලා බලාගෙනම එනවා හොඳයි. ඔය පුෂ්පකුමාර යුවරජු වෙලා ඉන්න කාලේ, එවකට රජකම් කල ජ. රා. රජා කොරපු කෙනහිලිකම් මතක ඇතිනේ. මෙතනින් ගිහිල්ල එකත් බලාගෙනම එන්නකෝ. දැන් මේ කියන්න යන කතාවට ඔය ඉතිහාසය බොහොම වටිනවා. ඒ නිසා නොවරදවාම ඒ සිදුවීම් දෙක කියවලා මතක්  කොරගන්න එක බොහොම වටිනවා. ඕන්  නොකීවයි කියන්න එපා .

ඉතින් ඔහොම කෙනහිලිකම් වලට ලක්වෙලා හිටපු පුෂ්පකුමාරට රජකම ලැබුන විට, එතෙක් තමා දරු යුවරජ පදවියට, යුවරජ කෙනෙක් පත් කොරන්න කල්පනා කොරා. නමුත් මේ රජුට, යුවරජකම පවරන්න තරම් විශ්වාසවන්ත කිසිම කෙනෙක් රාජ  සබාවේ සිටිනේ නැති නිසාම,  ගොළු, බිහිරි තත්වයේ සිටි මහලු ප්‍රාදේශීය පාලකයෙක්ට යුවරජකම දුන්නා. බලන්න පින්වතුනි පින පලදෙන ආකාරය. මේ යුවරජ හඳුන්වනු ලැබුවේ Deaf and Blind නමින්.

ඔන්න ඔහොම ටික කාලයක් යනකොට මේ පුෂ්පකුමාර රජතුමා අකාලයේ මිය පරලොව ගියානේ. ඉතින් පින්වතුනි දැන් අපේ Deaf and Blind යුවරජු නිකන්ම රජ උනා. ඔන්න පින්වතුනේ දැන් තමයි කතාව. මේ කඳුළු දුපතේ රාජකීය පාලනය යටතේ පැවැත්වෙන ගුවන් විහිළු සංස්ථාව කියලා එකක් තියෙනවා. මේ රජ පරපුරේ වන්දිභට්ඨ  සේවය සපයන්නේ මේ ගුවන් විහිළුවෙන්

මේ ගුවන් විහිළුවේ චාරිත්‍රයක් තියෙනවා රජ කෙනෙක් පත් වු විට, එම රජුගේ රාජකීය ලිලාවට ගැලපෙන සින්දුවක් දවස පුරාම ප්‍රචාරය කරන්න. ඉතින් මේ ගුවන් විහිළුවේ ලොකු පුටුව දරන කෙනා මේ අලුත්  Deaf and Blind රජු හමුවෙලා මෙහෙම කියනවා.

"රජතුමනි අපි චරිත්‍රානුකුලව කරන දෙයක් ලෙස ඔබතුමාගේ රාජකියත්වයට ගැලපෙන සින්දුවක් දවස පුරාවටම ප්‍රචාරය  කරන්න ඕනේ,  ඒ සඳහා ඔබ තුමා යෝජනා කරන්නේ කුමන සින්දුවද ?"

"ඕවා මට තේරෙන්නේ නැහැ, බොලට කැමති එකක් දාපන්"

"එහෙම හරියන්නේ නැහැ රජතුමනි,  කලින් රජවරු සින්දුව තෝරලා දුන්නා"

"එහෙනම් කියමුකෝ බලන්න කලින් හිටපු අය  දාපු සින්දු.. එතකොට මටත් අදහසක් එවි"

"අර හඳෙන් හාල් ගෙනාපු  රැජින, එයා කිවා රැජින මමයි අපේ රාජ්ජේ... ගීතය  දාන්න කියලා , එතකොට අර ධර්මිෂ්ට සමාජේ හදපු ජ. රා. රජු කිවා.  දන්නෝ බුදුන්ගේ...ගීතය දාන්න කියලා, එතකොට අර පුෂ්ප.."

"ඇති ඇති දැන් තේරෙනවා එහෙනම් දවස පුරාවටම දාපන් පරණ පිනක් මගේ හිසේ කඩාගෙන වැටුනා... සින්දුව"


33 comments:

  1. ඒකනං ගැලපෙනම සිංදුව තමයි.

    ReplyDelete
    Replies
    1. එකනේ ප්‍රසන්න ඔය වටිනා පුස්තකයේ ඔය කතා ලියලා තියෙන්නේ.

      Delete
  2. පූරුවෙ කරුමෙට ඌ හට රජකම ලැබුනා..............

    ReplyDelete
    Replies
    1. ඌ ට නෙවේ බන් පුරුවේ කරුමෙට රජකම ලැබුනේ...

      Delete
  3. ඇත්තටම මලේ එතුමා කවදාවත් අනුංගෙ දේ කඩා වඩා ගත්තෙ නැති 'දුන්නොත් බාරගන්න' (DB) නිහතමානි මනුස්සයෙක්.

    ReplyDelete
    Replies
    1. මට දේශපාලනේ අප්පිරියා වුනත්, ඔය මනුස්සයා ජනාධිපති වෙලා හිටපු ඉතාම ටික කාලෙ අපි සෑහෙන්න හිතේ කරදර අඩුවෙන් හිටියා.

      Delete
    2. ඔයත් එක්ක එකඟයි ගාමිණි අය්යේ.'දුන්නොත් බාරගන්න' ආ මේක නම් නියමෙට ගැලපෙනවා.

      මමත් ඒ කාලේ ඔය කඳුළු දුපතේ ඔය රජතුමා හිටපු පැත්තේ හිටියේ. මම එතුමාව කීපවතාවක් මුණගැහිලත් තියෙනවා, ඉතාම නිහතමානී මනුස්සයෙක් තමයි.

      මම මේ කඳුළුදුපතේ රජ කතා ටික ලිවේ කිසිම කෙනෙකුට අපහාසයක් කිරීමට නෙවේ. අපේ අතර ජනප්‍රිය වෙලා තිබුන කතා කීපයක් නැවත මතක් කරන්න විතරයි.

      @dude
      ඒ මොකද මචෝ හිතේ කරදර අඩුවෙන් හිටියා කිවේ? උඹත් ඊ කාලේ ඔය කඳුළු දුපතේ හිටියද?

      Delete
  4. උන්නැහේගේට රජකම කඩා පාත් වෙනවා කියලා සාස්තරකාරයෙකුත් කියලා තිබුණාය කියලා පස්සේ කාලෙක පුෂ්පකුමාර රජතුමාගේ ලේකම්තැන විදිහට හිටිය ඇත්තා ලියාපු පුස්තකයක තියෙනවා නොවැ.

    ReplyDelete
    Replies
    1. අපේ හසිත මලයා ලඟත් ඔය වටිනා පොත් තියෙන බව අපි කවුරුත් දන්නවානේ?

      Delete
    2. පොතේ නම "පහන් සංවේග" දයාවංශ පොතක්. කතුවරයා කේ.එච්.ජේ. විජේදාස. කියවලා බලන්න හොඳ පොතක් :)

      Delete
    3. අප්පා, ලංකාවේ අයත් ඔය කඳුළු දුපතේ රජවරු ගැන පොත් ලියනවද?

      Delete
    4. දන්නේ නැද්ද ඉතින් පොඩි පොඩි හිතවත්කම් නැතෑ :P

      Delete
  5. මේක ඇත්තම කතාවක්. එක අතකට පව් අහිංසකයා. Deaf & Blind අද නැහැනේ උත්තර දෙන්න. හමුදාවට T 55 MBT = Main Battle Tank ගෙනාව කාලේ මෙයා කඳවුරකට ගියා පෙළපාලියක ප්‍රධාන අමුත්තා හැටියට. එතෙන්දි මෙයාට අර ටැංකි පෙන්නුවා මෙන්න අලුත්ම බඩු කියලා. මෙයා කට ඇරගෙන මේවා දිහා බලාගෙන ඉඳලා ඇහුවලු මේවයින් එක දවසට පිට්ටනි හත අටක් වුනත් කපන්න පුළුවන් වෙයි නේද කියලා. ලොක්කා හිතලා තියෙන්නේ ඒවා බුල්ඩෝසර් කියලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අය්යෝ සල්ලි කිවලු.

      Delete
  6. ඔතන අයියේ වෙන්නේ SLBC එක නිකන් රූකඩයක් වගේ.
    එක එක කාලෙට නූල එක එක අයට යනවා.ප්‍රේක්ෂකයා වාඩි
    උන නාට්ටිය නෙවේ නැගිටිද්දී යන්නේ..නාට්ටිය මැද්දෙදි
    නූල මාරු වෙනවා ..ඉඳල හිටලා නූල කැඩෙනවා ..:D

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් ඔයත් වරද්දා ගත්තා. මේක SLBC එක ගැන නෙවේ. කඳුළු දුපතේ ගුවන් විහිළුව ගැන. හික්... හික්..

      ඔය රුකඩයෝ කීප දෙනෙක් එක්කම් මමත් වැඩ කරලා තියෙනවා මල්ලි. සමහර උන් නම් දැන් ඉහලම පුටුවල. නමුත් වැඩකරන තැනදී අපි ඔක්කොම රුකඩයෝ වෙනවා.

      Delete
  7. හක්! ගැලපෙනම සිංදුව,, ඕකට තමයි කියන්නෙ දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවා කියලා.. :D

    ReplyDelete
    Replies
    1. එකනේ එතුමා ඒ සින්දුවම දාන්න කියලා තියෙන්නේ.

      Delete
  8. ජනපති ප්‍රේමදාසයන් මහ මග මැරෙන විට හිටපු ජනපති හිටියේ ජපානයේ.. ජනපති වරයෙක් මියගියහොත් ඉන්පසු කළ යුත්තේ කුමක්ද යන්න බලධරයින් කිසිවකුට හිතාගන්න බැරි වුණා.. ඒ පිළිබදව ජපානයේ සිටි ජේ ආර් මහතාගෙන්න විමසන ලදුව ඔහුගේ පළමු පැනය වුනේ. ප්‍රේමදාස මැරුණා කියලා රටට කිවුවද යන්නයි. එයට නැත යන පිලිතුර දුන් පසු එහෙනං ඉන්න තැනකිං අගමැති තුමාව හොයන් ඇවිත් එයා ජනපත් ලෙස දිවුරුම් දීමෙන් පසු විජේතුංග මහතා ජනපති ලෙස පත්කළ බවත් ප්‍රේමදාස මහතා මියගිය බවත් රටට කියන ලෙද උපදෙස් දී තිබුණා.නුවර පැත්තේ හිටපු විජේතුංග මහත්තයා හෙලිකොප්ටරයකින් ගෙනත් දිවුරුම් දෙනතුරුම ඒ ගැන දැනගන සිට නෑ.

    ReplyDelete
    Replies
    1. ඔන්න නලින් මල්ලිත් වරද්දාගෙන... මේ ලංකාව ගැන කතාවක් නෙවේ, කඳුළු දුපතේ කතාවක්. ඔය කතා මාලාව පටන් ගන්නකොටම මම කිවා මේවා වෙන අය එක්ක පටලවා ගන්න එපා කියලා.

      ඔන්න ඩුඩ් ගෙන් අහන්නකො ඔය කඳුළු දුපත් තියෙන තැන මගේ කලින් පොස්ට් එකෙක්ට කොමෙන්ට් කරලා හරියටම් තැන කිවා, කඳුළු දුපත තියෙන්නේ පැසිෆික් සාගරයේ තියෙන කිරිබති දුපතට පහලින් කියලා.

      Delete
  9. කෝ මම ඊයෙ මේකට දාපු කොමෙන්ටුව?

    ReplyDelete
    Replies
    1. එහෙම කොමෙන්ටුවක් තිබුනේ නැහැනේ.

      Delete
  10. තේරුන්නැද්ද මන්දා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. පින වැඩිකල් තිබුනේ නෑ. ඉක්මණින්ම මාරු වුනා නේ.

    ගැලපෙන සින්දුව :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එහෙම උනා නේන්නම්

      Delete
  12. නිහඬ චරිතයක් ඔහු.

    ReplyDelete
    Replies
    1. deaf and blind කියන්නේ එකනේ.

      Delete
  13. අයියා කැමරා ගැන ඇඩ්වයිස් එකක් ගන්න ඊ මේල් ඇඩ්‍රස් එක ගන්න පුලුවන්ද ??

    ReplyDelete
    Replies
    1. ඔයා කලින් කැමරා ගැන අහපු වෙලෙත් මම ඊ මේල් එක දැම්මා.

      ayilas419@gmail.com

      ඕන වෙලාවක මේල් එකක් දාන්න.

      Delete
    2. එදා එක මට මිස් වෙන්න ඇති අයියා. ඕන් මේල් එකක් එවලා ඇති :)

      Delete
  14. ස්තුතියි මචං අයිලාස් මට දෙන සපෝට් එකට. කැත වැඩ පිරිච්ච ලෝකෙක ලස්සන වැඩක්! :)

    ReplyDelete
    Replies
    1. ස්තුති කරන්න එපා මචන්. "අපි වෙනුවෙන් අපි"

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

වණජීවී ඡායාරූප

 වණජීවී ඡායාරූප කොහොමද ඉතින්, වසර ගණනාවකින් තමයි මං තුමා ආපහු බ්ලොග් එක පැත්තට ගොඩ උනේ. අපේ  කස්ටියට දැන් මං තුමා අමතක වෙලාද දන්නෙත් නෑ . කො...