මාත් එක්ක එකතු වෙන්න

Sunday, March 17, 2013

අම්මා එනතුරු ...

අපේ මිදුලේ තියෙන  පේර  ගසටත් , ඒ අසලම තියෙන තවත් මල් ගසකටත් පනිමින්  අතු අතරේ  සැඟවී සිටින මෙම කොන්ඩ  කුරුළු පැටියා දුටු  ගමන්, කැමරාවත්  අරගෙන නිසොල්මනේ බලාගෙන හිටියා මෙයාගේ හැසිරීම  ගැන. ටික වෙලාවක් ඔහොම විපරමින්  ඉන්නකොට තේරුනා, විටින් විට අම්මා කෑම  ගෙනල්ල මෙයාට  කවන බව.  අම්මා කෑම ගෙනත් දීලා , ඉගිල ගිහින් නැවත එනකල් මෙයාගේ හැසිරීම් මම කැමරාවට අසුකරගත්තා. ඔන්න එහෙනම් ඒ ෆොටෝ කීපය  බලන්න . මේ ෆොටෝ ගත්තේ Fuji HS20 බ්‍රිජ් කැමරාවෙන්.

අතු අතර සැඟවෙමින් අම්මා එනකල් 

අම්මා කොහෙද දන්නේ නැහැ, පල්ලෙහවත් ඉන්නවද?

අම්මා පහල අත්තේ  නැහැ,   මේ පැත්තෙවත් ඉන්නවද?

අම්මා පෙනෙන්න නැහැ, කරදරයක් වත් වෙලාද?

තව ටිකක් වෙලා ඉඳලා බලමු....

ඈතින් කවුදෝ එනවා ...

ආ.. ඒ මගේ අම්මා...,  කෑම ගෙනෙනවා...

ඇති යාන්තන්, අම්මා ළඟ ඉනවානම් බයක් නැහැ.

හ්ම්ම්ම්ම්... හරිම රසයි අම්මේ.

අම්මා අපහු ගියා, අයෙත් තනියෙම ඉන්න වෙනවා.



55 comments:

  1. අප්පේ සීයා උනත් ඇස් පෙනෙනවා නේද හොඳට Wonderful shots

    ReplyDelete
  2. අගෙය් අර්ථකතනය හා සේයා රූ සමූහයම.

    ReplyDelete
  3. Replies
    1. කන්නාඩි දෙකක් දාන්න වෙයි වගේ, ගයනිට.

      Delete
  4. අනේ සෝයි පැටියා....නියමයි....
    පැටියාගේ අර රතු පාට නෑ නේද.....

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ හරි සෝයි පැටියා.

      එකා පරිනත වෙනකොට තමයි රතුපාට තටු පෙනෙන්නේ.

      Delete
  5. පින්තූර ටික ලස්සනයි. මගෙ ඇනෙක්සිය ඉස්සරහා තියෙන අඹ ගහේ කොණ්ඩා කුරුළු ජෝඩුවක් ඉන්නවා. අම්මෝ ඒ දෙන්නගෙ ලව් එක. බලාගෙන ඉන්නත් ආසයි. කිරිල්ලි චුට්ටක් පේන්න නැත්තම් කුරුල්ලා එයාව හොයනවා. කෑ ගහලා. එතකොට කිරිල්ලී ඉන්න තැනකින් එනවා රූං ගාලා. ඒ දෙන්න මගෙ ජනේලය ලඟ කූඩුවක් හදලා තිබ්බා එක පාරක්. ඒත් පැටවුන් එන එක නම් මම දැක්කෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔය කුරුල්ලන්ගෙ තියෙන්නෙ living together සීන් එකක්. රෙජිස්ට්‍රාර් ගෙනල්ලා ඕකුන්ව නීත්‍යානුකූලව කසාද බන්දලා බලන්නකො ටික දවසකින් වෙන දේ!

      කුරුල්ලා හවසට ගෙදර එන්න පරක්කු වෙනවා. එන්නෙත් අනිත් කුරුල්ලොත් එක්ක බීලා. කුරුල්ලා ටීවී එකේ හරි ලැප්ටොප් එකේ හරි මූණ ඔබාගත්ත ගමන්මයි. කිරිල්ලි කියවනවා කියවනවා. අරූ කනකට ගන්නෙ නෑ.

      :p

      Delete
    2. අනේ බොල ඩූඩ්...බොටත් හිතෙන දේ..ඔව්වා අත්දැකීම් එහෙම නෙමේ වෙන්ටෑ..හි හි හී

      Delete
    3. @ ලිහිණි
      ස්තුතියි ලිහිණි. අපෝ ඔයාගේ නිරීක්ෂණ හරිම දුර්වලයි. මට ඔයවගේ චාන්ස් එකක් ආවා ඔෆිස් එකේ. ඒ පින්තිර සෙට් එකත් දාන්නම්. කුඋදුව හදන තැන ඉඳන්ම තියෙනවා.


      @ dude & රතු
      මචං ඕක තමයි පර සුද්දා අපිට බලෙන් පටවපු දේවල් වලින් වෙලා තියෙන්නේ. සුද්දා එන්න කලින් කසාද බැඳීම කියලා දෙයක් තුබුණේ නැහැ නේ. ඒ කාලේ උනේ තමන්ට ගැලපෙන සහකාරියක් හොයාගෙන කැන්දන් එන එක. එක කිවේ "සහේට ගේනවා" කියල. ඒ කියන්නේ සහයෝගයට ගෙනාවා කියන එකනේ. ඒ දවස්වල කසාද බැන්දේ නැති උනාට දෙන්නා [co="red"]බැඳිලා[/co] හිටිය නිසා ප්‍රශ්න නැහැ. දැන් වෙලා තියෙන්නේ [co="red"]බැඳිලා නැහැ බැඳලා.[/co] ඔන්න ඉතින් ප්‍රශ්න. කිසිකෙනෙක් කැමති නැහැනේ බැඳලා දානවට.

      මොකටද මේ බැඳලා දාන්නේ, පළමු වෙනි හේතුව තමයි විශ්වාසයක් නැතිකම, අනික පවුල් අතර මුල්‍යමය වටිනාකම රැකගැනීම.

      නමුත් අද උනත් නිතයානුකුලව බැඳලා ඉන්න සමහර අය [co="red"]බැඳිලා[/co] ඉන්නවා. ඒ ගොල්ලන්ට ඔය ප්‍රශ්නය නැහැ.

      අපි කොපමණ කිවත් අපි ඔක්කොම මේ පර සුද්දා නේ ක්‍රමේට තාම යටවෙලා ඉන්නේ. අධ්‍යාපනය බලපන්. පාසලේ උගන්නන දේවල් ගණිතය, භාෂාව ඇරුනම අනික් දේවල් වලින් සත පහක වැඩක් තියෙනවද?






      Delete
  6. මචං පින්තූර තරම්ම ගති කැප්ෂන්ස් ටිකත්. කුරුල්ලා උනත් කැමති වෙයි.

    ReplyDelete
    Replies
    1. කුරුල්ලගෙන්ම අහලා තමයි මචෝ ඔය කැප්ෂන් ටික දැම්මේ. :D

      Delete
  7. ලස්සනයි පිංතූර ටික.

    ReplyDelete
    Replies
    1. තව තියෙනවා, පස්සේ දෙන්නම්.

      Delete
  8. හරිම ලස්සනයි. ඒ වගේම සංවේදීයි.

    කුරුල්ලෝ කියලා නෑ මාපිය සෙනෙහස කොහේත් එක වගේමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං.

      මාපියන් ගේ දරුවන්ට තියෙන සෙනෙහස වගේම තමයි මචං, සතෙක්ට උනත් තියෙන මාපිය සෙනෙසහේ අවශ්‍යතාවය. පොඩ්ඩක් හිතපන් ඔය කුරුලු පැටියගේ අම්මාට කරදරයක් උනොත් පැටියා කොතරම් අසරණ වෙනවද?

      මේ පින්තුරයයි කවි ටිකයි බලපන්, මම හිතන්නේ උඹ ඒ පොස්ට් එක දැක්කේ නැහැ.
      අප ඉන්නම් බඩගින්නේ ළඟ ඉන්නකෝ අම්මේ

      කවි සිතුවිලි ලේබල් එක යටතේ මම ආස කරන ෆොටෝ ටිකක් තියෙනවා, විවේක වෙලාවක බලපන්.

      Delete
  9. පින්තුර කතා කියන්නේ මේවට තමයි,

    ReplyDelete
    Replies
    1. තව පින්තුර සෙට් එකක තියෙනවා, පස්සේ දාන්නම්. නමුත් එකට කතාවක් නම් නැහැ.

      Delete
  10. අර මම දාපු පෝස්ට් එක වගේ..හිහි,, ලස්සනයි පොටෝ ටිකයි දෙබස් ටිකයි සේරම..

    ReplyDelete
    Replies
    1. අපෝ... ඒකට වඩා මේක ගති ^_^

      Delete
    2. @ADAWI RAJA
      +++++++++++++++++++++++++++

      Delete
    3. මම ඒ පොස්ට් එක දැක්කේ නැහැ. ලින්ක් එක දාන්නකෝ.

      Delete
  11. කැප්ශන් ටික වගේම පින්තූර ටිකත් ලස්සනයි..

    ReplyDelete
  12. සුපිරියි...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  13. මේ ටික බලනකොට මට මතක් වෙනවා Rio කාටූන් චිත්‍රපටිය

    ReplyDelete
    Replies
    1. මගේ පොඩි පුතා කීවෙත් ඕකම තමයි. ඌ පියාබන්න බයේ ඉන්න එක මතක් උනාලු.

      Delete
  14. ෂා ... හරි අපූරුයි.

    මේක ගෙවත්තක්ද? ස්වභාවික වැසි වනාන්තරයක්ද? :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, අපේ මිදුල අනේ.

      Delete
  15. අඩේ මං ගාවත් කොණ්ඩ කුරුල්ලෙක්ගේ (පැටියෙක්ගෙ) පින්තුරයක් තියනවා ෆෝන් එකෙන් ගත්තු.

    පින්තුර ටිකෙන් හරි ලස්සන කතාවක් කියවෙනවානේ

    ReplyDelete
    Replies
    1. දාමුකෝ ඒ ෆොටෝ එක බලන්න.

      Delete
  16. ඔබේ පින්තුර්වලින් කැමරාවක් ගන්න තියෙන මගේ ආසාව එන්න එන්න වැඩිවෙනවා.ඔය කැමරාවක් බොඩි එක විතරක් ගන්න පුලුවන්ද?එහෙම අරන් වැඩක් තියෙනවද?මම අර මැක්‍රෝ පොටෝ එකට හරි ආසයි.වුර්තීයව නොකෙරුවත් ක්වොලිටි එක බලද්දි ඩීඑස් එල් ආර් මිසක් වෙන එකක් ගන්න හිතෙන්නෙ නැ. ලෝකල් මාර්කට් එකේ ෆුජි එච් එස් විස්ස කීයක් විතර වෙනවද? ප්‍රසිද්දියෙ ගනන් කියන එක අවුලක්ද? ඔබේ ඊමේල් එක දෙන්න පුලුවන්ද?අනිත් පොස්ට්වලට කමෙන්ට් කරන පස්සෙ එන්නම්.

    ReplyDelete
    Replies
    1. DSLR වල කැමරා body එක විතරක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ කැමරා බොඩි එකක් සහ ලෙන්ස් වෙන වෙනම [im]https://lh3.googleusercontent.com/-Guxx0IKKWv4/UP_F-Q5aXyI/AAAAAAAAAj0/55TWZGdw-ow/h120/8261605850_a8526566cd_k.jpg[/im]
      බොඩි එක විතරක් ගත්තම එකට ලෙන්ස් එකක් එන්නේ නැහැ. වෙනමම ලෙන්ස් ගන්න ඕන, එහෙම නැතිව ෆොටෝ ගන්න බැහැනේ? නමුත් DSLR ගන්න කොට නිවැරදි ක්‍රමය තමයි එහෙම ගන්න එක.

      හොඳම quality ඕනේ නම් DSLR එකක් තමයි ගන්න වෙන්නේ. නමුත් පහල මට්ටමේ සමහර DSLR එතරම් හොඳ නැහැ. විශේෂයෙන් ලොකු ISO අගයන් යොදා ගත්තොත් noise ගොඩක් එනවා. මේ ගැන කල්පනාකාරී වෙන්න ඕනේ.

      Fuji HS20 බ්‍රිජ් කැමරා එකක්. බ්‍රිජ් කැමරා එකේ ලෙන්ස් මාරුකරන්න බැ . ඒ නිසා බොඩි එක කියලා දෙයක් නැහැ සම්පුර්ණ කැමරාව තමයි ලැබෙන්නේ. මේ තියෙන්නේ hs30 එකක්.(hs20/hs30 දෙකේ වෙනස බැටරිය විතරයි)
      [im]http://www.2cameraguys.com/images/articles/fuji-hs30-superzoom-camera-f.jpg[/im]

      දැන් ලංකාවේ HS20 ගන්න නැහැ. දැන් තියෙන්නේ HS30 කියන මොඩල් එක, මිල 70000/- විතර වෙනවා.
      නමුත් HS20/HS30 දෙකේ quality එක අතරම හොඳ නැහැ. ඔය ෆොටෝ බලන්න. එතරම් quality නැහැ.

      85000/- වගේ මිලකට හොඳ DSLR එකක් ගන්න පුළුවන් නමුත් ලෙන්ස් එක ලැබෙන්නේ 18-55mm විතරයි. (පින්තුරේ තියෙන පොඩි ලෙන්ස් එක)එකෙන් කුරුල්ලන්ගේ ෆොටෝ ගන්න බැහැ කුරුල්ලන්ගේ ෆොටෝ ගන්න ඕනේ නම් 300mm ලෙන්ස් එකක් ගන්න වෙනවා.(පින්තුරේ තියෙන ලොකු ලෙන්ස් එක) එකක් 45000-55000 විතර වෙනවා.

      එහෙම නැත්නම් nikon p510 වගේ බ්‍රිජ් කැමරා එකකට යන්න පුළුවන්, agent ළඟ 65000/-. මේක ෆුජි HS20/30 වලට වඩා හොඳ quality එකක් තියෙනවා.

      [im] https://default.secure.media.ipcdigital.co.uk/11133/000006793/ebe5/Nikon-P510.jpg[/im]
      මේ ලින්ක් එක බලන්න
      fuji hs30exr vs nikon p510

      Delete
    2. මගේ ඊ මේල් එක ayilas419@gmail.com

      Delete
  17. කුරුළු පැටියා අම්මා කෑම ගෙනෙන තුරු බලාපොරොත්තු සහගත මුහුණෙන් බලා සිටින හැටි...? පින්තූර වලට හරියටම හරියන කැප්ෂන් උඹ දීලා තියෙනවා අයියේ. මේ පින්තූර ටික අංකගත කරහන්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම රතු, ඒ පැටියාගේ ඇස් දෙකෙන් උගේ හැඟීම් ප්‍රකාශ වෙනවා නේද?

      ස්තුතියි මලේ අදහස් දැක්වීමට.



      Delete
  18. කූඩුවක් නැද්ද ? අපේ කරපුංච ගහෙත් කොණ්ඩ කුරුළු කූඩුවක් තියෙනව බිත්තර දෙකකුත් එක්ක..

    ReplyDelete
    Replies
    1. බිත්තර වලින් පැටවූ එලියට ඇවිත් පියාඹන්න පුළුවන් උනාම කුඩුව අතහැර යනවා.

      Delete
  19. මමත් ඔය වගේ එකක ෆොටෝ ගත්ත. කැමරාවෙ හොඳකමට කුරුල්ල පේන්නෙ නෑනෙ. :( නැත්තම් මටත් දන්න තිබ්බ මේ වගේ පෝස්ට් එකක් :P

    ReplyDelete
    Replies
    1. හික්ස් ... මරුනේ.. කුරුල්ලා නැතත් කමක් නැහැ, ඒ ෆොටෝ කික දාමු., කුරුල්ලව හිතෙන් මවා ගෙන බලන්න කියමු.

      Delete
  20. පින්තූර එක්ක යන දෙබස් ටික නම් සංවේදී අයියේ..
    අම්මා එනකම් දැනෙන නොයිවිසිලි ගතියත් ,
    අම්මා ආවට පස්සේ දැනෙන සතුටත් ,
    අමමා ගියාට පස්සේ දැනෙන දුකත් !

    බොහොම සංවේදීව ලියල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහන් මල්ලි. සතුන්ගේ මුහුණෙන් හැඟීම් ප්‍රකාශ වෙන්නේ නැහැ කියලා සමහරු කියන කතා බොරු, බලන්න උගේ ඇස්, ඒ ඇස් දෙකෙන් උගේ හැඟීම් කියවෙනවා නේද?

      Delete
  21. ලස්සන ෆොටෝ ටික අයිලාෂ් අයියා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ.

      Delete
  22. පින්තුර ටිකට දාපු කැප්ෂන් නං එළ.. නියම පින්තූර කතාව... ඔය පින්තූර ලොකු කරලම දැම්මනං අගේ වැඩියි නෙවද

    ReplyDelete
    Replies
    1. කැප්ෂන් ටික කුරුල්ලගෙන්ම අහලා දැම්මේ. පින්තුර ටික ලොකුවට් දාන්න මට මතක් උනේ නැහැ බන්. ස්තුතියි අදහසට.

      Delete
  23. පුංචිම ළමයෙක්ට අම්ම නම් ඕනෑමයි... මට මතකයි අපේ අයියගේ පුතා උණ ගැනිල හරි මොනා හරි වෙලා කොච්චරවත් අක්කවම හොයාගෙන ආවා...පැටියගෙ ඇස් දෙකෙන් බලාපොරොත්තු සහගත බව පේනවා...

    ReplyDelete
    Replies
    1. මිනිස්සු සත්තු කියලා වෙනසක් නැහැ අනු, හැමෝටම ඒක් වගේ මාපිය සෙනෙහස වටිනවා.

      Delete
  24. කතා කියන ඡායාරූප :)

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

************ *************