Wednesday, March 20, 2013

කැමරාවේ AUTO මෝඩ් එකෙන් Manual ගමු


අද පොස්ට් එකෙන් කියලා දෙන්න යන්නේ ඩිජිටල් කැමරා එකේ ඇති Exposure Compensation ඔප්ෂන් එක ගැන.   සෑම  ඩිජිටල්  කැමරාවකම (ෆෝන් කැමරා බොහොමයකත් ) මේ Exposure Compensation පහසුකම තිබුනත් බොහෝ දෙනෙක් මේ ගැන නොදන්නා නිසාම මේ පහසුකම භාවිතා කරන්නේ නැහැ.

බොහෝවිට ඡායාරුප ගැනීමේදී , නිවැරදි අනාවරණය ලබාගැනීම  සඳහා Auto, Shutter Priority, Aperture Priority, Programme වැනි ක්‍රමයන් ( modes) භාවිතා කරනවා.


ඩිජිටල් කැමරාවේ ඇති නිරවද්‍යතාවය නිසාම, මෙම අනාවරණ ක්‍රමයන් භාවිතයෙන් ඉතාම නිවැරදි අනාවරණය ලබාගත හැකි වුවත්,  සමහර අවස්ථාවන්හිදී එම ලැබෙන ඡායාරුපය, ඊට  මදක් සුළු ප්‍රමාණයකින් මන්ද අනාවරණයකට හෝ සුළු වශයෙන් අධික අනාවරණයකට ලක්වුවා නම් වඩා හොඳින් එහි අදහස ඉස්මතු වේයැයි ශිල්පියාට හැඟීයන අවස්ථා ඇත. එවැනි වූ අවස්ථාවන්හිදී Manual Exposure  එකකට නොයා මෙම Exposure Compensation ඔප්ෂන් එක මගින් අනාවරණයේ අවශ්‍ය වෙනස්කම කරගත හැක.

Exposure Compensation  වෙනස් කිරීමට ඇති button එක තෝරාගෙන තමන්ට අවශ්‍ය කරන ප්‍රමාණයට අනාවරණය අඩු හෝ වැඩි කරගත හැක. ඩිජිටල් කැමරාවල Exposure Compensation එක වෙනස් කිරීමට ඇත්තේ අනාවරණ කාලයෙන් කොටස් වශයෙනි. (Exposure Compensation step values)

මෙලෙස Exposure Compensation එක අගයකින් අඩු කළා යයි සිතමු. එවිට ඉහත auto ක්‍රමයන් මගින් ගන්න ඡායාරුප එක අගයකින් මන්ද අනාවරණයකට ලක් වේ. 

පහත රුපයෙන් දැක්වෙන්නේ Exposure Compensation අගයන් 1 බැගින් වෙනස් කරමින් ගත් ඡායාරුප එකතුවකි.


පහත රුපයෙන් දැක්වෙන්නේ Exposure Compensation අගයන් 1/3 බැගින් වෙනස් කරමින් ගත් ඡායාරුප එකතුවකි.



එම රුප දෙක හොඳින් නිරීක්ෂණය  කරන්න. 0 ලෙස සටහන් වී ඇත්තේ Exposure Compensation  අගය 0 වූ විට කැමරාව auto mode එකේදී ඡායාරුපය සටහන් කරගන්නා ආකාරය මෙන්ම ඒ අගයන් වෙනුවෙන්  Exposure Compensation  වෙනස් කලවිට එය ඡායාරුපය සටහන් කරගන්නා  ආකාරයත්ය .


මේ ආකාරයට Exposure Compensation ඔප්ෂන් එක භාවිතයෙන් වෙනස් අගයන් සහිත ෆොටෝ කීපයක් අරගෙන මෙය ප්‍රයෝගිකව තේරුම් ගන්න.


විවිධ කැමරා වල  Exposure Compensation button  එක විවිධ තැන් වල ස්ථානගත කර ඇති අතර සමහර කැමරා වල සහ විශේෂයෙන්ම ෆෝන් කැමරා වල මෙය menu  එක තුල දක්වා ඇත.







Exposure Compensation  දක්වන සම්මත සලකුණ 




35 comments:

  1. සුපිරිම තොරතුරු සමුදායක් අයිලාෂ්... කෙල්වින් අගය වෙනස් කිරිමෙන් සේයාරුවට වන බලපැම කෙබදුද

    ReplyDelete
    Replies
    1. ආලෝකයේ වර්ණ උෂ්ණත්වය මනින ඒකකය කෙල්වින්. ඒ ඒ ආලෝක ප්‍රබවයන්ගේ කෙල්වින් අගය වෙනස්. කෙල්වින් අගය වැඩිවන විටලැබෙන ආලෝකය නිල් පැහැ වෙන අතර අඩුවන විට රත් පැහැ ගනී. අපේ ඇසට මේ වර්ණ වෙනස්වීම ප්‍රශ්නයක් නොවුවද කැමරාවේ සෙන්සරයට එය ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා හොදාගනු ලබන ආලෝකයේ කෙල්වින් අගය කැමරාවේ සකස් කිරීම තමයි කරන්නේ.

      කෙල්වින් අගය වැඩි ආලෝකයේදී සුදු පැහැය නිල් ලෙස සටහන් වෙනවා පමණක් නොවේ අනිකුත් වර්නයන්ද නිල් පැහැය මුසුව දැක්වෙනවා (blue cast). මෙය නිවැරදි කිරීමට අදාල කෙල්වින් අගය ලබාදෙන්න ඕනේ, එලෙස නිවැරදි කෙල්වින් අගය ලබාදීමෙන් සුදු පැහැය, සුදු ලෙස දිස්වෙනවා වගේම අනිතුත් වර්නයන්ද නිවැරදි වෙනවා.

      මේකට තමයි අපි [co="red"]වයිට් බැලන්ස්[/co] කරනවා කියන්නේ. මේ ගැන පසුව වෙනමම පොස්ට් එකක් දෙන්නම්.

      Delete
  2. නියමයි. මේකනං සෑහෙන්න ප්‍රයෝජනවත්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක හරිම ප්‍රයෝජනවත්. විශේෂයෙන්ම manual exposure එක නොකරන විට. නමුත් බොහ්හෝ දෙනෙක් මෙය භාවිතා කරන්නේ නැහැ.

      Delete
  3. යකඩෝ එකක් කියවලා හුස්මක් කටක් ගන්නකම් හිටු.
    (හිතයටින් තමාටම) මේකා ලියනව ලියනවා කෙළවරක් නෑ. මෙහෙම අප්ඩේට් උනොත් අපේ බොග කියව්න්න එන්නේ මොකාද?

    ReplyDelete
    Replies
    1. එහෙනම් ටිකක් හෙමින් යමු.

      Delete
  4. අදත් කියන්න තියෙන්නේ හැමදාම කියන දේ තමයි..

    ReplyDelete
    Replies
    1. ඉතින් කියන්නකෝ...

      Delete
  5. මේ සියලුම දේවල් මා අගය කරනවා අයියේ ..
    ඒකනේ මම ගෙඩිය පිටින් බැනර් එකක් දාල සප් එක
    දෙන්නේ ..ඒත් අයියේ පෝස්ට් කීපයක් අතර දින දෙකකවත්
    පරතරයක් තියන්න ..ඔතොකොට ගොඩක් දෙනාට බලන්න
    අවස්ථාව ලැබෙනවා ..බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙන්නේ
    එක පෝස්ට් එකක් විතරනේ එක බ්ලොග් එහෙකින් ..

    ReplyDelete
    Replies
    1. එහෙනම් මල්ලි දවස් 3-4 කට සැරයක් දාමු නේද.

      Delete
  6. මෙහෙම බට්න් එකක් තියෙනවා උනාට කෙරෙන්නේ මොකද්ද දැනන් හිටියේ නෑ, තේරුමක් නැතුව ඕකත් ඔබල ෆොටෝ අරන් තියෙනවා, සමහරවිට අයිලාෂ් අයියා මගේ කාමර එකේ අවුල ඕක වෙන්න පුළුවන්, මම ඉක්මනින් ෆොටෝ ටිකක් ULකරලා පෙන්නනම්කො,
    ඔයාට ගොඩක් ස්තුතියි අපි නොදන්නා මේ වගේ දේවල් කියල දෙනවට, මම ගීක්.එල්කේ එකේ ජායාරුපකරණය ඉගෙන ගන්න කැමති කෙනෙකුටත් මේ ලින්ක් එක දුන්නා,

    ReplyDelete
    Replies
    1. එකත් එක කාරණයක් වෙන්න පුලුවන්. මම දුන්න රිප්ලයි එකෙත් දාලා තිබුනේ මට එක්ස්පොසර් කම්පන්සේෂන් එකත් බලන්න ඕනේ කියලා මතකද?

      ඔයාගේ ප්‍රශ්නේ නිසාම තමයි මේ ගැන පොස්ට් එක දැම්මේ.

      Delete
    2. බොහොම ස්තුතියි මන් වගේ අය වෙනුවෙන් මේවගේ පොස්ට් එකක් දැම්මට

      Delete
  7. කාලෙකින් ආවේ ආයෙත් :D නියම පෝස්ටුවක්

    ReplyDelete
    Replies
    1. මේවා ට්‍රයි කරලා බලන්න ඕනේ.

      Delete
  8. මගේ කැමරාවෙත් මෙහෙම එකක් තියෙනවා කියලා දැනුයි දැක්කෙ..එච්චර හොඳයි පාවිච්චිය.. :D දැන් ට්‍රයි කරලා බලන්න හදන්නෙ.. ස්තූතියි අයියේ මේ දේවල් කියලා දෙනවට..

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ ළමයෙක්. වෙනස් වෙනස් අගයන් යොදමින් ෆොටෝ අරන් බලන්න.

      Delete
  9. ඇත්තට මේවා අපි කොච්චර අඩුවෙන්ද පාවිච්චි කරන්නේ...

    ReplyDelete
    Replies
    1. මේ ඔප්ෂන් එකෙන් ගොඩක් දේවල් කරගන්න පුළුවන්.

      Delete
  10. Replies
    1. ස්තුතියි කියල හරියන්නේ නැහැ. මේවා කරලා බලන්න.

      Delete
  11. White balance අහවල් එක කියලත් තියනවා නේ? අද කුණුහරප බං ටයිප්වෙන්නෙත්. බීලාත් නෙවෙයි ඉන්නෙ.:/

    ReplyDelete
    Replies
    1. වයිට් බැලන්ස් ගැන වෙනමම කතා කරමු.

      මචෝ උඹේ ඊ මේල් එක දීපන්.

      Delete
    2. henry_jayawardene@yahoo.com

      Delete
  12. නියමයි අයියා.. බලමු උත්සාහයක් දාලා.

    ReplyDelete
    Replies
    1. ෆොටෝග්‍රපි කියන්නේ ප්‍රැක්ටිකල් දෙයක්නේ . තින් කොරලාම බලමු.

      Delete
  13. මලා... මෙන්න මගේ ෆෝන් එකෙත් ඕක තියනව. විනාසයි විනාසයි. අද ඉඳල ඉතින් ඕකට නිවනක් වෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ෆෝන් කැමරාව පාවිච්චි කරන අයට manual exposur කරන්න බැරි නිසා මේක ගොඩාක් වැදගත්

      Delete
  14. නියමයි.. නොදන්න දෙයක් කියල දුන්නට ස්තූති....

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි මලේ මෙහෙ පැමිණියාට, ඔබව සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  15. ළගදීම අයිලාෂ් අයියා හම්බ වෙන්නම වෙනවා මයි...

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ඒ මොකද කොලුවෝ, මට ගහන්නවත් ලෑස්තිවෙනවද?

      Delete
  16. ඔන්න අපිත් ආවෝ.හෙමින්සරේ පොස්ට් ටික කියවන්නම් හොදේ

    ReplyDelete
    Replies
    1. හොඳයි... හොඳයි... බොහොම සාදරයෙන් ලිපිගන්නවා.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

වණජීවී ඡායාරූප

 වණජීවී ඡායාරූප කොහොමද ඉතින්, වසර ගණනාවකින් තමයි මං තුමා ආපහු බ්ලොග් එක පැත්තට ගොඩ උනේ. අපේ  කස්ටියට දැන් මං තුමා අමතක වෙලාද දන්නෙත් නෑ . කො...