Depth of Field (DOF) එහෙම නැත්නම් ශේෂ්ත්‍ර ගැඹුර කියන්නේ මොකක්ද ? කොහොමද මේ DOF එක පාලනය කරන්නේ ? කියන කරුණු ගැන ඉතාමත්ම සරලව සහ කෙටියෙන් කරුණු පහදා දෙන්න තමයි අද උත්සාහ කරන්නේ.
මුලින්ම අපි මේ Depth of Field (DOF) කියන්නේ මොකක්ද කියලා ටිකක් පැහැදිලි කරගමු, යම් ඡායාරුපයක, පැහැදිලි තාවයෙන් යුතු (sharp), කිට්ටුවෙන්ම සහ ඇතින්ම ඇති වස්තුන් අතර දුර ශේෂ්ත්‍ර ගැඹුර එහෙම නැත්නම Depth of Field (DOF) කියලා හදුන්වන්න පුළුවන්.
පහත ෆොටෝ එක වෙත අවධානය යොමු කරමු. එහි අපට ලඟින්ම තියෙන මල් ගස් වල සිට ඈතින් පෙනෙන ක්ෂිතිජය දක්වාම පැහැදිලිව දකින්නට පුළුවන්,ඒ අතර දුර තමයි
Depth of Field (DOF) කියන්නේ. එහෙනම් එම ඡායාරුපය වැඩි DOF එකක්
(Large DOF) සහිත ඡායාරුපයක් ලෙස දක්වන්න පුළුවන්.
දැන් අපි පහත ඇති ෆොටෝ එක වෙත අවධානය යොමු කරමු. එම ඡායරුපයේ අපිට පැහැදිලිව දකින්නට ලැබෙන්නේ සමනලයා සහ ඌ වසා සිටින මල් නටුව පමණයි. එම මල් ගසේම, ඊට මදක් එපිටින් ඇති අත්ත පවා පැහැදිලි තාවයෙන් අඩු බව නිරීක්ෂණය කරන්න. එසේනම් මෙමෙ ඡායරුපයේ ඇත්තේ අඩු DOF එකක් . මෙමෙ අඩු DOF එකට අපි Shallow DOF එහෙම නැතිනම් Small DOF කියලා කියනවා.
මොකක්ද CIRCLE OF CONFUSION කියන්නේ?
මේ DOF එක ගැන සරලව කිවොත් , DOF කියන්නේ ෆොටෝ එකේ පැහැදිලිව (sharp) පෙනෙන තියෙන කොටසේ පරතරය කියලා දන්නවනේ. ඡායාරූපයේ මේ පැහැදිලි කොටසේ සිට අපැහැදිලි (un-sharp) කොටසට එකපාරටම වෙනස්වීමක්/ පැනීමක් (jump) සිදුවන්නේ නැහැ., එය සිදුවන්නේ ක්‍රමයෙන්. මේ විදිහට හිතන්න. අපි ෆොටෝ එකක් ගන්නකොට කැමරාව නාභිගත (Focus) කරන්නේ එක තලයකට. ඇත්තෙන්ම කියනවනම් ඒ තලය තමයි ඉතාම පැහැදිලිව තියෙන්නේ. එතැන් සිට දෙපැත්තට ක්‍රමයෙන් මේ පැහැදිලිතාවය අඩුවෙමින් යනවා. යම් දුරක් යනතෙක් අපේ ඇසට එම පැහැදිලි තාවයේ අඩුවීම පෙනෙන්නේ නැහැ. මෙන්න මේ පැහැදිලිතාවය ලෙස අපේ අස රැවටෙන කොටස තමයි DOF කියන්නේ, එමෙන්ම මේ අපැහැදිලිතාවය අපිට මුලින්ම පෙනෙන්න පටන් ගන්න අවස්ථාව තමයි Circle of Confusion කියන්නේ.
ඉතින් ඇයි මේකට මේ Circle of Confusion කියන්නේ කියලා හිතෙනවා ඇති නේද? මෙන්න මේලෙස මේ දෙය සරලව අර්ථ දක්වන්න පුළුවන්.
අපි හිතමු ලක්ෂ්‍යයක් (ලක්ෂ්‍යය කියන්නේ අරයක් නැති තරම් සියුම් තිතකට) යම් තලයකට නාභිගත (Focus) කළා කියලා. එහෙනම් ඒ තලයේදී එම ලක්ෂ්‍යය , ලක්ෂ්‍යයක් ලෙස නාහිගත වෙනවා. (අරයක් නොමැතිව) දැන් මේ තලයේ සිට දෙපැත්තට ක්‍රමයෙන් මේ ලක්ෂ්‍යය විශාල වෙමින් යනවා, නමුත් අපේ ඇසට තවමත් මෙය පෙනෙන්නේ ලක්ෂ්‍යයක් (අරයක් නැති) ලෙසයි. නමුත් දැන් එහි ඉතාම කුඩා අරයක් තියෙනවා. මෙලෙස විශාල වෙමින් යන ලක්ෂ්‍යය යම් අවස්ථාවක අපේ ඇසට ලක්ෂ්‍යය නොව වෘර්තයක් (එනම් අරයක් ඇති) ලෙස පෙනෙන්න පටන් ගන්නවා. අන්න එම අවස්ථාවේදී එය Circle of Confusion කියා හදුන්වනවා. පහත රුප සටහන් දෙක බලන්න.
මේ රුපසටහන් හොඳින් අධ්‍යයනය කිරීමෙන් මේ ගැන පැහැදිලි වෙන්න ඇති කියල හිතෙනවා. මේ සිද්ධාන්තය මත තමයි මුළු ඡායාරුප ශිල්පයම රැඳිලා තියෙන්නේ. මේ DOF එක සහ Circle of Confusion කියන දේවල් ගණනය කිරීමට ඉතා සංකීර්ණ ගණිත සමීකරණ තියෙනවා. ඒ ගැන මෙහි සඳහන් කරන්නේ නැහැ.
විවිධ ප්‍රමාණ වල Circle of Confusion අගයන් චායරුපය මුද්‍රණය කරන ප්‍රමාණය සහ නරඹන දුර අනුව වෙනස් වන බවද සිහි තබා ගන්න.
Depth of field පාලනය කිරීම.
විවිධ ප්‍රමාණ වල Circle of Confusion අගයන් චායරුපය මුද්‍රණය කරන ප්‍රමාණය සහ නරඹන දුර අනුව වෙනස් වුවද, පහත කරුණු කැමරාවේ depth of field එක පාලනය කිරීමට මුලික වන අතර, අපට මේ මගින් depth of field එක පාලනය කිරීමට හැක.
- කාච විවරය (Aperture)
- කැමරාවේ සිට ඡායාරුප ගත කරණ වස්තුවට ඇති දුර
- කාචයේ නාභි දුර
කාච විවරය (Aperture)
විශාල කාච විවරයක් (small F-stop number) භාවිතා කිරීමෙන් ලැබෙන්නේ කුඩා DOF එකක් (shallow DOF ) සහිත ඡායාරුපයක් වන අතර , කුඩා කාච විවරයක් (big F-stop number) භාවිතා කිරීමෙන් ලැබෙන්නේ වැඩි DOF එකක් (large DOF) සහිත ඡායාරුපයකි.
කැමරාවේ සිට වස්තුවට ඇති දුර
කැමරාවේ සිට වස්තුවට ඇති දුර අඩුවන විට කුඩා DOF එකක් (shallow DOF ) සහිත ඡායාරුපයක් ලැබේ. ඒ මෙන්ම කැමරාවේ සිට වස්තුවට ඇති දුර වැඩි වන විටදී ලැබෙන්නේ වැඩි DOF එකක් (large DOF) සහිත ඡායාරුපයකි.
කාචයේ නාභි දුර (Focal Length )
වැඩි නාභි දුරක් ඇති telephoto lens භාවිතා කිරීමෙන් DOF අඩු කරගත හැකිවන අතර අඩු නාභි දුරක් ඇති wide angle lens භාවිතා කිරීමේදී වැඩි DOF එකක් ලැබේ.
ශේෂ්ත්‍ර ගැඹුර DOF පාලනය කල යුත්තේ ඇයි ?
මුලින්ම අපි බලමු අඩු (shallow) DOF එකක් අවශ්‍ය වන අවස්ථාවන්. විශේෂයෙන්ම අලේඛ්‍ය (portrait) ඡායාරුප ගැනීමේදී අඩු DOF එකක් යොදාගන්නවා, එමෙන්ම අපේ ඡායාරූපයේ යම් කොටසක් ඉස්මතු කොට දැක්විය යුතු අවස්ථාවලදීද මෙලෙස අඩු DOF එකක් භාවිතා කල හැක.
පහල ඇති ෆොටෝ දෙක හොඳින් බලන්න
මින් පළමු වන ෆොටෝ එක ෆෝන් කැමරා එකකින් ගත් නිසා DOF එක අවශ්‍ය ලෙස පාලනය කල නොහැකි උන අතර දෙවෙනි ෆොටෝ එක බ්‍රිජ් කැමරාවකින් ගත් එකක්. එහිදී අවශ්‍ය ආකාරයෙන් DOF එක අඩු කල හැකි වුන නිසා ම, එම ෆොටෝ එකේ මල සහ එහි සිටින කුඩා සමනලයා ඉතා පැහැදිලිව දැක ගත හැක.
නමුත් ස්වභාවික දර්ශන (scenery) ෆොටෝ ගැනීමේදී වැඩි (large ) DOF එකක් අවශ්‍ය වේ. පහත ඇති ෆොටෝ බලන්න.
ප.ලි.
මේ පොස්ට් එක ගොඩක් දිග වැඩි උනත්, කොටස් දෙකකට පල කිරීමෙන් depth of field එක ගැන තේරුම් ගැනීමට අපහසු වෙතැයි සිතුන.
කලින් දීල තිබුන නොමිලයේ ඩිජිටල් කැමරාවක් පොස්ට් එකේ Camera Simulator එකට නැවත වතාවක් ගිහින් මේ aperture, camera to subject distance සහ focal length යන සෙටින්ග්ස් වෙනස් කරමින් ෆොටෝ ටිකක් අරගෙන DOF ඒ අනුව වෙනස් වන ආකාරය බලන්න.
මේක ටිකක් බර වැඩී මට නම් :(
ReplyDeleteෆොටෝ ටික අපහු බලන්න එතකොට තේරෙයි.
Deletevery Good...
ReplyDeleteThanks තිසර.
Deleteහ්ම්ම්..ඉගෙන ගන්න දෙයක්! බොහොම ස්තුතියි...
ReplyDeleteබොහොම ස්තුතියි ඔබටත්.
Deleteබොරු මොකටද හෑගොඩ සර් ලඟදිවත් මෙච්චර සරළව කියලා දීලා නෑ. මේ සටහන් මට හුඟාක් වටිනවා..හුඟාක්ම...ස්තුතියි අයිලශ්
ReplyDeleteලිහිණි ගොඩ දවසකින් නේද අවේ?
Deleteමේ සටහන පුළුවන් උපරිමයෙන් සරල කළා. ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.
අද පාඩම නම් ගොඩාක් දුරට තේරුම් ගන්න පුලුවන් උනා. පොඩි ප්‍රශ්නයක් තියෙනව අයිලාශ් අයියෙ. Point & Shoot කැමරාවකිනුත් DOF එක වෙනස් කරන්න පුලුවන්ද? විශේෂයෙන්ම Shallow DOF එකක් තියෙන ඡායාරූප ගන්න පුලුවන්ද?
ReplyDeleteදැන් ඔයා දන්නවනේ DOF පාලනය වෙන්නේ
Delete1. ඇපචර්
2. ෆොකල් ලෙන්ග්ත්
3. වස්තුවට ඇති දුර, කියන දේවල් වලට අනුව කියලා.
ඔයාගේ point & shoot එකේ optical zoom එකක් තියෙනවනම් හැකි තරම් zoom කරන්න. ඇපචර් එක හදන්න පුලුවන්නම් හැකි තරම් ලොකු ඇපචර් එකක් පාවිචි කරන්න.
ඔය දෙකම කරන්න බැරි උනත් හැකි තරම් ඔයා ෆොටෝ ගන්න යන subject එකට හැකිතරම් ලංවෙන්න.
දැන් ෆොටෝ එක අරගෙන බලන්න. පුලුවන්නම් එහෙම ගන්න ෆෝටො එකක් මේකේ පොස්ට් කරන්න, ඔයාගේ සෙටින්ග්ස් එක්කම, එතකොට අපි බලමු.
නමුත් point & shoot වලින් මේක කරන්න ටිකක් අමාරුයි.
ඡායාරූපකරණය ගැන නොදත් සමහර කරුණු ටිකක් දැනගත්තා 'ඡායාරූපකරණය' ලේබලය යටතේ ඇති පෝස්ට් සේරම අද එකපාරම කියවලා.කලින් දවසක අහම්බෙන් දැක්කා මේ බ්ලොග් එක.බුක්මාක් මාක් එකක් දාගත්තේ වෙලාවක් තියෙන විටෙක බලන්න.අද ඒ වැඩෙත් කරගත්තා. :)
ReplyDeleteඡායාරූපකරණයට පිවිසෙන්න ඉන්න ආධුනික අයට වැදගත් කරුණු තියෙනවා.දිගටම මේ ගැන හැකි අයුරින් ලියන්න.මොකද මටත් මේ ගැන නොදත් දේ දැනගන්න තියේවි.
ජය!
ඔයාව සාදරයෙන් පිලිගන්නවා ඉෂාන්. ඔයාගෙව් කොමෙන්ට් එක මට සතුටක්.
Deleteදිගටම මේ පැත්තේ එන්න.
මටත් මේ සීන් එක ඉංග්‍රීසියෙන් කියෙව්වට හරියටම දිරවන්නෙ නැති සීන් එකක් තිබ්බා..දැන් නම් බොහොම පැහැදිලීයි...
ReplyDeleteගොඩක් සතුටුයි වෙනි මලයෝ. දිගටමේ මේ පැත්තේ ගොඩවෙන්න.
Deleteකොහොමත් අපිට ඔය පර සුද්දගේ භාෂාව එතරම් දිරවන්නේ නැහැ නේද?
අයියා පාඩම පටන් අරගෙනනේ. මේ දවස්වල දුවන පෙරහරේ තමයි බ්ලොග් බලන් යන්නෙ. ඒ අතරෙ මට පෝස්ට් කීපයක්ම මඟහැරිලත් එක්ක. මේ පාඩම් ටික නිවාඩු පාඩුවෙ බලන්ට ඕන, කියවල රසවිඳින කතාවක් වගේනෙවිනේ. හොඳට තේරුම්ගන්න එපෑයැ.
ReplyDeleteමල්ලියා මේ දවස් වල busy වගේ නේද? නිවාඩු පාඩුවේ කියවන්න.
Deleteඔය දීලා තියෙන්නෙ කොර වෙන්න.
ReplyDeleteඇත්තෙන්ම ඔය නිසා පසුබිම බොඳ වෙලා වස්තුව තියුණුව වැටුනාම මාර ගතියක් එනවා නේ?
මෙහෙමයි ඩුඩ් portraits, macro, flowers වගේ දේවල් ෆොටෝ ගන්න කොට ඔය විදිහට පසුබිම බොඳ කරලා ගන්නවා, තව සෙනග ගොඩක් මැද ඉන්න කෙනෙක් හෝ දෙයක් high light කරන්නත් මේ ක්‍රමයෙන් පුළුවන්, මේ තියෙන්නේ එහෙම ෆොටෝ එකක්.
Delete[im]http://farm9.staticflickr.com/8376/8516772373_ec0a68e984_m.jpg[/im]
නමුත් දර්ශණ වල ෆෝට් ගන්නකොට වැඩි DOF එකක් ඕනේ.
අද ලිපියනම් ටිකක් සරලයි. මේ මට්ටමෙන් යමු.
ReplyDeleteතව දෙයක්, මේ වාගේ නිතරම උදාහරණ සඳහා Photo යොදන්න.
Deleteඉදිරියට වැඩි තාක්ෂණික කරුණු ගැන කතා කරන්න අදහසක් නැහැ. ඒ නිසා මෙහෙම යමු.
Deleteනියමයි අයිලාෂ් අයියේ..පුදුම විදිහට වටින පාඩම් මාලාවක්. ගොඩක් ස්තුතියි ලෝබකමක් නැතුව කියල දෙනවට. "DOF" එකට ඩොෆ් කියලාද භාවිත වෙන්නේ නැත්තම් ඩී.ඕ.එෆ් කියලද ?
ReplyDeleteස්තුතියි මල්ලි.. D.O.F කියලා
Deleteජායාරූපකරණය ගැන ලියල තියෙන ඔක්කොම පෝස්ට් ටික කියෙවුව. වැදගත් විස්තර ගොඩක් තියෙනවනෙ. දිගටම ලියමු.
ReplyDeleteමෙහෙට ගොඩවිම සතුටක් ප්‍රසන්න. සාදරයෙන් පිලිගන්නවා.
Deleteදිගටම පැමිණෙන්න. ඔබගේ වටිනා අදහස් ගොඩක් අගයකරනවා.
අද පාඩම නම් සරළව ලස්සනට කියා දීලා තියෙනවා.... තේරුනා හොදටම... ස්තුතියි අයිලාෂ් අයියේ!
ReplyDeleteමග ඇරුණු පෝස්ට් ටිකකුත් තියෙනවා බලන්න. හිමින් සැරේ බලන්න ඕනි.....
ස්තුතියි සමනලියේ.
Deleteවටිනා තොරතුරු ටිකක්, ඉතාම සරලව ..
ReplyDeleteමලේ පින්තූරයක් compose කරන විදිහයි, edit කරගන්න විදිහයි ඉදිරියෙදි විස්තර කළානම් හොඳයි කියලා හිතෙනවා.
ස්තුතියි ගාමිණි අයියේ. ගොඩ දවසකින් නේද?
Deleteමම ඊළඟට ලියන්න හිතාගෙන ඉන්නේ ඔය ගැන තමයි.
බොහොම නිර්ලෝබීව උදාහරන සහිතව පැහැදිලි කරලා තියෙනවා. හරිම වැදගත් ල්පියක්. ගොඩක් මහන්සි වෙලා තියෙනවා.මගේ අවන්ක ප්‍රනාමය. මන් නම් කැමති චායාරූපකරනය ගැන විතරක් ලිපි දනවාට. විහිලු කතා දාන්න ඕන කෙනෙකුට පුලුවන් ඒත් මේව දාන්න හැම කෙනාටම බැ.
ReplyDeleteඔබව සාදරයෙන් පිළිගන්නා අතර, ඔබගේ වටිනා අදහස් දැක්වීම ඉතා අගය කරනවා.
Deleteඋදේ 8ට ඕපන් කලේ තාම කියවන්න බැරි උනා. නිවිහැනහිල්ලේ කියවන්නම් අයියේ
ReplyDeleteහිකිස්,,, මොකද බන් ඔච්චරටම බිසීද?
Deleteසරලයි හරිම පැහැදිලියි. බොහෝම ස්තූතියි.
ReplyDeleteඔයාගේ අදහස් දැක්වීමට ස්තුතියි මලේ.
Deleteමචං
ReplyDeleteපොඩි උදව්වක් කරපන්.
මට මගේ සපත්තු බිස්නස් එකේ වැඩේට හොඳ කැමරා එකක් ගන්න ඕන. කරන්න ඕන අපි හදන සපත්තු වල ෆොටෝස් අරගෙන ෆේස්බුක් එකට දාන එක.
ඒකට හරියන හොඳ ඩී.එස්.එල්.ආර්. කැමරා එකක් යෝජනා කරපන්.
මගේ බජට් එක රුපියල් 50,000-75,000.
ලොකු උදව්වක්.
අහ් මේ ලිපි ටික හෙමීට කියවන්න ඕන. මොකද දැන් මගේ ෆොටෝ එඩිටින් එහෙම ලිෂාන්ගෙන් ඉගෙන ගෙන මමමයි කරන්නේ.
ඉතිං ඉගෙන ගන්න සෑහෙන්න තියෙනවනේ.
ඊයේ තමයි මචං උඹේ බිස්නස් එක ගැන දැක්කේ. මරු ඩිසයින් තියෙනවා හරිම ලස්සනයි. උඹේ වෙබ් එකෙන් තමයි දැක්කේ.
Deleteමචං දාලා තියෙන ෆොටෝ එල.
උඹ DSLR එකක් ගන්න යන්නේ සපත්තු වල පින්තුර අරගෙන නෙට් එකට අප්ලෝඩ් කරන්න විතරනම්, ඇත්තටම DSLR එකක් ඕනෙද කියලා තව ටිකක් කල්පනා කරලා බලන්න. එහෙම නැතිව උඹ සීරියස් ෆොටෝග්‍රපි කරන්න හිතනවානම් අනිවා ගනින්. මගේ කලින් පොස්ට් දෙකේ ලින්ක් දෙක පහල තියෙනවා අනිවා කියවලා බලපන්.
කැමරාවක් ඕනෙද? මේ ගැනත් සිතන්න
මොකක්ද හොඳ?
මචං උඹ ඉන්නේ ඩුබායි වල නේද? එහෙ කැමරා ලාබයි. මම නම් පාවිච්චි කරන්නේ Nikon D5100 එකක්.
දැන් නම් ගාන අඩුයි ලංකාවේ ඒජන්ට් ගෙන් 85000/- ගන්න පුළුවන් 1 year warranty එක්ක. පිට කොටුවෙන් ගන්න පුළුවන් 75000/- ට warranty නැතිව.
උත්තරේ ලැබෙන්න ඇති නේද? තව විස්තර ඕනේ නම් ඊයක් විදපන් ayilas419@gmail.com වලට උඹේ ෆෝන් නම්බෙර් එකත් එක්ක.
මචං මම ඊමේල් එකක් එව්වා පොඩ්ඩක් බලන්න . .
Deleteතැන්කූ සෝ මච් මචං උපදෙස් වලට . . .
උඹ මේ කොමෙන්ට් එක දානකොට මම ඊයට රිප්ලයි කරලා ඉවරයි.
Deleteෆෝන් එකෙන් ගන්නකොට මැක්‍රො දැම්මම DOF එක වෙනස් වෙන්නෙ කොහොමද?
ReplyDeleteඅනේ උකුස්සෝ... පොස්ට් එක කියවුවේ නැතිද? macro එකක් ගන්නකොට කැමරා එකේ subject එකට ගොඩක් ලං කරන්න ඕනේ. එතකොට
Deletecamera to subject distance එක අඩු වෙනවනේ....
මේක තමයි අයියේ මට ඕනේ කරන්නේ. තැන්ක්ස් කියන්නේ බොක්කෙන්ම. :) ඉතිරිය මටම තමයි අත්හදා බලන්න වෙන්නේ.
ReplyDeleteහරි කොරලා බලලා කියන්නකෝ.
Deleteබැලුව. ගිහිං ගත්තේ හඳේ ෆොටෝ එකක්. අලුත් ටෙලි ලෙන්ස් එකෙන් ගත්තේ. ආව ලෙසටම. කලින් කියෙව්වා ISO එහෙම ගැන තිබ්බ එක. බොහොම ස්තුතියි දැනුමට.
ReplyDeleteමමත් ටෙලි ලෙන්ස් එක අරන් ඉස්සෙල්ලම ගත්තේ හඳේ ෆොටෝ එකක් :D
Deleteකියල වැඩක් නෑ සුපිරියටම තේරුම් ගියා, සරලව ගින්දර වගේ කියල දීල තියෙනව
ReplyDeleteඔබ දැනුමක් ලබාගත්තානම් ඉතාම සතුටුයි.
Deleteමත් ගත්ත හදේ පෝටො එකක්..
ReplyDelete