අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ ආලෝකයේ වර්ණ උෂ්ණත්වය ගැන සහ කැමරාවේ වයිට් බැලන්ස් කිරීම ගැන. මේ කරුණු ගැන අපි ඉතාමත්ම සරලව සලකා බලමු.
මොකක්ද මේ වර්ණ උෂ්ණත්වය?
අපිට ලැබෙන ආලෝකය විවිධ වර්ණ වලින් යුක්ත බව ඔබ දන්නවා, අපේ ප්‍රධාන ආලෝක ප්‍රභවය වන සුර්යයා ගෙන් ලැබෙන ආලෝකයේ වර්ණය දවසේ ඒ ඒ වේලාවන් අනුව වෙනස් වන බව අපි දන්නවා. හිරු පායා එනවිට මෙන්ම, හිරු බැසයන විටත් හිරු රැස් රත් පැහැයක් ගන්නා බව අපි දැකලා තියෙනවා. නමුත් දවල් කාලයේ හිරු රැස් ඉතා දීප්තිමත් සුදු පැහැයක් ගන්නවා.
දැන් ඉටිපන්දම් ආලෝකයක් මතකයට නගා ගන්න. එහි දැල්ල කහ පැහැයක් ගන්නවා. නමුත් සුත්‍රිකාව සහිත විදුලි බුබුලකින් ලැබෙන ආලෝකය කහ පැහැ උවත්, එය ඉටිපන්දම් දල්ලට වඩා දීප්තිමත් මෙන්ම එහි කහ පැහැය , සුදු පැහැයට වඩා සමීප බවක් දක්වනවා. මේ බල්බයේ ආලෝකය ටියුබ් බල්බයක් සමග සංසන්දනය කළහොත් ටියුබ් බල්බයේ ආලෝකය වඩාත් සුදු පැහැයට ආසන්න බවක් පෙනෙනවා.
බොහෝ දෙනෙක් දැකලා ඇති නේද පැට්‍රොල් මැක්ස් කියන ලාම්බු වර්ගය, එහම නැත්නම් බන්සන් දාහකය.
මේ වර්ග වල ලාම්පු පත්තුකරන ආකාරය දැකලා තියෙනවා නේද? මේවා මුලින් පත්තු කල ගමන් කහ ආලෝකයක් ගන්නවා , නමුත් එහි උෂ්ණත්වය වැඩි කරන විට එම ආලෝකය නිල් පැහැයක් ගන්නවා. ගෑස් ලිප උනත් එහෙම තමයි.
හොඳයි දැන් මේ කාරනා වලින් අපට තේරෙනවා විවිධ ආලෝක ප්‍රභවයන් ගෙන් ලැබෙන ආලෝකයේ වර්ණය වෙනස් බවත්, එකම ආලෝක ප්‍රභවයක උවත් ඒ ඒ අවස්ථා අනුව ලැබෙන ආලෝකයේ වර්ණය වෙනස් වන බවත් ( සුර්යාලෝකය) . එමෙන්ම ඒ ඒ ආලෝකයට අනුව එහි උෂ්ණත්වය වෙනස් වන බවත්.
මෙන්න මේ ආලෝකයේ ඇති උෂ්ණත්වය තමයි වර්ණ උෂ්ණත්වය කියන්නේ. මෙය මනින ඒකකය වන්නේ කෙල්වින් කියන ඒකකයයි. පහල තියෙන රුපය බලන්න
මේ අනුව දැන් ඉතාම පැහැදිලි වෙනවා වැඩි වර්ණ උෂ්ණත්වයක් ඇති විටදී නිකුත් වන ආලෝකය නිල් පැහැ වෙන අතර අඩු වර්ණ උෂ්ණත්වයක් ඇති විටදී නිකුත් වන ආලෝකය රතු පැහැ වෙන බව.
වර්ණ උෂ්ණත්වය ඡායරුපයට සිදුකරන බලපෑම.
ලෝකයේ තියෙන ඉතාම හොඳම කැමරාව වන අපේ ඇසට මෙම ආලෝකයේ ඇතිවන වර්ණ වෙනස එතරම් ප්‍රශ්නයක් නොවුවද, කැමරාවට මෙය දැඩි ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා විවිධ වර්ණ උෂ්ණත්වයන් මත ඡායාරුප ගැනීමේදී එම ආලෝකයට අදාළ වර්ණය මුළු ඡායාරුපය පුරා පැතිරී ඇති ආකාරයක් දකින්නට ලැබෙනවා.
|
වැඩි වර්ණ උෂ්ණත්වයක් ලැබුන විට නිල් පැහැ ගනී |
|
අඩු වර්ණ උෂ්ණත්වයක් ලැබුන විට රත් පැහැ ගනී |
මේ දෝෂය මගහැරීම සඳහා, කැමරාවට අප භාවිතා කරන ආලෝකයේ වර්ණ උෂ්ණත්වය ලබාදිය යුතු වෙනවා. එවිට ඒ අනුව කැමරාව, එම අගය සහිත වර්ණය සුදු වර්ණය ලෙස හඳුනා ගන්නවා. එවිට අනිකුත් වර්ණ නිසි ලෙස සටහන් වෙනවා.
උදාහරණයක් ලෙස මෙහෙම හිතන්න. අපි සුදු පැහැති කමිසයක් ඇඳගත් කෙනෙකුගේ ඡායාරුපයක්, 1000 සිට 2000 දක්වා කෙල්වින් අගය ඇති ඉටිපන්දම් ආලෝකයකින් ගත්තා කියලා. එතකොට සිදුවන්නේ එම වර්ණ උෂ්ණත්වයට අදාළ වර්ණය වන රතු පැහැය මුළු ඡායාරුපය පුරාවටම දකින්නට ලැබීමයි. ඔහු ඇඳ සිටින සුදු කමිසය රතු පැහැයෙන් දැක්වෙනු ඇත. නමුත් මේ අවස්ථාවේදී කැමරාව එම රතු ආලෝකය, සුදු පැහැ ආලෝකයක් ලෙස දකිනවානම්, ඔහුගේ කමිසය රතු පැහැ නොවී සුදු පැහැයෙන් සටහන් වනු ඇත. එමෙන්ම මුළු ඡායාරුපය පුරාවටම දකින්නට ලැබෙන රත් පැහැ ස්වභාවය නැතිවී යනු ඇත.
මෙන්න මේ දේ තමයි අපි White Balance කරනවා කියලා කරන්නේ. බොහෝ කැමරා වල මේ වයිට් බැලන්සින් කිරීම සඳහා කෙල්වින් අගයන් දෙන්නේ නැහැ. ඒ වෙනුවට නිෂ්පාදකයන්, අපිට බොහෝවිට දකින්නට ලැබෙන ආලෝක ප්‍රභවයන් වෙනුවෙන් සංකේත ලබා දී ඒ වෙනුවෙන් කැමරාවේ අගයන් සකසා තිබීමයි. (preset). ඉහත වර්ණ උෂ්ණත්වයන් සඳහන් කල සටහනේ එම සංකේත දක්වා ඇති ආකාරය බලන්න.
නමුත් සමහර කැමරා වල මේ පෙර සැකසුම් අගයන්ට අමතරව තමන්ටද වයිට් බැලන්සින් කිරීම සඳහා option එකක් ලබාදෙනවා. එවිට තමන් භාවිතා කරන ආලෝකය දෙසට සුදු පැහැ කඩදාසියක් අල්වා එය සුදු ලෙස සටහන් වන ලෙස කැමරාව සුසර කරගත යුතු වෙනවා. නමුත් මේ සඳහා වඩාත් සුදුසු වන්නේ expodisk නම් පහත උපකරණය කැමරාවට සවිකර කැමරාව වයිට් බැලන්ස් කිරීමයි.
මොකක්ද මේ Auto White Balance
මෙම Auto මෝඩ් එක භාවිතයෙන් බොහෝ කැමරා වල වයිට් බැලන්ස් කිරීම කැමරාව මගින් ස්වයන්ක්‍රියව සිදු කෙරෙනවා. බොහෝ අවස්ථාවල මෙම auto මොඩ් එකෙන් සාර්ථක පුතිපල ලබාගත හැක. ඉතාමත් විශේෂ අවස්ථාවකදී හැර අන් සියලුම අවස්ථාවන්හිදී මං තුමා යොදාගන්නේ auto මෝඩ් එක.
පොඩි ක්‍රියාකාරකමක්
පහත දැක්වෙන රුප පෙළ හොඳින් බලන්න. එහි අංක සහ එම අවස්ථාවේදී යොදාගත් වයිට් බැලන්ස් පෙරසැකසුම් සන්කෙතයත් දක්වා ඇත. මේ සියල්ලම රු ගත කලේ වලාකුළු සහිත, සවස එලි මහනේදී.
මෙහි අංක 3 auto මොඩ් එකෙන් ගත් රුපය ඉතා නිවැරදි ලෙස ගත හැක. අංක 2 රූපයත් බොහෝ දුරට නිවැරදි වේ. නමුත් මේ වෙනසට හේතුව වන්නේ පෙර සැකසුම් අගය "Cloudy" වීමයි. එම වස්තාවේදී කැමරාව බොහෝ විට සිතන්නේ දහවල් කාලයේ වලාකුළු සහිත අවස්ථාවක් ලෙසයි.
දැන් අපි අංක 6 රුප රාමුව බලමු
මේ අවස්ථාවේදී වයිට් බැලන්ස් මොඩ් එක භාවිතා කලේ බල්බ් ලෙසයි. එහෙමනම් මේ රුපය මෙතරම් නිල් පැහැ උනේ කොහොමද? බල්බ් කියන්නේ කෙල්වින් 2500 - 3000 අතර අගයක් බව ඉහත සටහනේ පෙනෙනවා නේද? ඒ කියන්නේ මෙම අවස්ථාවේදී කැමරාව බලාපොරොත්තු වන්නේ කෙල්වින් 2500 - 3000 අතර අගයක්. නමුත් මේ ඡායාරුප ගනු ලැබුවේ වලාකුළු සහිත, සවස එලි මහනේදී. එවිට එම අවස්ථාවේ වර්ණ උෂ්ණත්වය සවස බැවින්, කෙල්වින් 6500 - 8000 ට වඩා මදක් අඩු බව සිතිය හැක. (කෙල්වින් 5500-6000 විය හැක) . එනම් කැමරාව බලාපොරොත්තු වනවාට වඩා ඉතා වැඩි වර්ණ උෂ්ණත්වයක් එම නිසා එම ෆොටෝ එක නිල් පැහැ ගැනී ඇත.
අංක 4 සහ 5 රුප රාමු එලෙසම සාපේක්ෂව නිල් පැහැය වැඩි වී ඇති ආකාරය ඉහත උදාහරණය ඇසුරෙන් කල්පනා කරන්න.
අංක 1 රුපය රතු වර්ණයට වඩා නැඹුරු වුයේ කෙසේද?
මෙමෙ ඡායාරුප ගනු ලැබූ අවස්ථාවේ වර්ණ උෂ්ණත්වය කෙල්වින් 5500 -6000 පමණ වන්නට ඇති බව උපකල්පනය කලානේ. මේ අංක 1 රුපය ගනු ලැබුවේ Shade කියන මෝඩ් එක භාවිතා කරමින්. ඉහත හටහන අනුව Shade අවස්ථාවේ වර්ණ උෂ්ණත්වය කෙල්වින් 6500-8000 පමණ වෙනවා. එනම් කැමරාව බලාබොරොත්තු වන්නේ එවැනි වූ අගයකින් යුත් ආලෝකයක්, නමුත් මෙය ඡායාරුප ගත කල අවස්ථාවේදී වර්ණ උෂ්ණත්වය ඊට වඩා මදක් අඩු බැවින් රුපය මද රත් පැහැයක් ගෙන තියෙනවා.
මේ පොස්ට් එක කියවීමෙන් වර්ණ උෂ්ණත්වයේ වෙනස ඡායරුපයට බලපාන්නේ කෙසේද යන කරුණු පැහැදිලි වන්නට ඇති. නමුත් ඡායාරුප ශිල්පය යනු ප්‍රායෝගික විෂයක් බැවින් ඔබගේ කැමරාවේ වර්ණ උෂ්ණත්වයන් වෙනස් කරමින් එය බලපාන ආකාරය ගැන මනා දැනුමක් ලබාගන්න.
අලුතෙන් ගත්තු කමරා එකෙන් මේ ටික ට්‍රයි කොරලා බලන්න ඕන මචෝ . .
ReplyDeleteතැන්කූ වේවා ඈ . .
අලුතෙන් කැමරාව ගත්තාම ට්‍රයි කරලා බලන්න ඕනේ :)
Deleteදුකා ගේ අලුත් කැමරාවෙන් මේ ටික ට්‍රයි කරලා බලන්න පුළුවන්. නමුත් මතක ඇතිව ඔටෝ වයිට් බැලන්ස් මොඩ් එකට නැවත සකස් කරගන්න.
Deleteහසිත මල්ලි ළඟදීම කැමරාවක් ගනී වගේ නේද? එතකොට පුළුවනි.
Deleteme mama hoya hoya hitiya balaporoththuwen hitiya post ekak
ReplyDeleteමොකද බන් ලඟකදී ඉඳන් ඉංගිරිසියෙන් කොටන්නේ? බොට දැන් සිංහල අමතකද?
Deleteනියමයි අයිලාෂ් ඔයා මගේ ඉල්ලිම ඉටු කළා එහෙම නං...මේ ටික මට හරිම වටිනවා.
ReplyDeleteතව දැනගන්න දෙයක් තියේනම් කියන්න.
Deleteහොඳයි ඒකත් දැනගත්ත එක.
ReplyDeleteමේදේවල් දැනගෙන හිටියම හොඳයි.
Deleteඅර 3D පින්තුර ගන්න හැටිත් දැන ගන්න ආසයි අයියේ. අර කැමරා දෙකක් එකම ස්ටෑන්ඩ් එකේ තියල ගන්නේ
ReplyDeleteමේ වැඩේ මම කරලා නැහැ මල්ලි, ඒ නිසා [co="red"]දන්නේ නැහැ[/co] එතරම් උනන්දුවත් ඇති උනෙත් නැහැ.මේ පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න.
Deletehttp://www.wikihow.com/Take-3D-Photos
වෙලාවක මමත් ඕක කරලා බලලා පොස්ට් එකක් දාන්නම්. (දැම්මම නෙවේ)
මෙහෙම උත්තරයක් දුන්නට තරහා වෙන්න එපා මල්ලි. දන්නේ නැති දේ දන්නේ නැහැ කියන්න ලැජ්ජා වෙන්න ඕනේ නැහැ නේද?
හරිම වටිනා ලිපියක්.
ReplyDelete//ලෝකේ තියන ඉතාම හොඳ කැමරාව වන අපේ ඇසට//
මේ ටික දැක්කාම නම් හිතුනේ හැම දෙයක්ම මීට පස්සේ පියවි ඇහෙන් බලනවා කියලයි.:D
පොඩි කුමාරිහාමි ගොඩ දවසකින්..
Deleteඔයා හරි, ඇත්තෙන්ම ඡායාරුප ශිල්පියා කරන්නේ තමන්ගේ පියවි ඇසට පෙනේන රුපයේ විශේෂිත කොටසක්, (සමහර විට විශේෂිත කෝණයකින්) අන් අය වෙත ගෙනහැර ගෙනහැර දැක්වීමයි.
මේ ලිපි ඔක්කොම ටික පිලිවෙලකට නිදහසේ කියවන්න ඕනි...
ReplyDeleteහොඳයි ගොඳයි ඒ ටික කියවන්නකෝ.
Deleteහ්ම්ම්..ඔය බල්බ් සීන් එක දැකලා තිබ්බට හරියටම වෙන වැඩේ දැන ගත්තේ අදනේ!
ReplyDeleteදැන් තේරුනා නේද? මේවා ගැන සිංහලෙන් ලියවෙන්නේ නැහැනේ.
Deleteපට්ට...
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අනේ රජෝ මොනවා හරි කියපන්කො.
Deleteගොඩක් හොද පෝස්ටුවක් ඔයගෙ පරණ ඔක්කොම පොස්ට් කියෝල තම මෙකට ආවෙ :D ඔය ඉස්සර කැමරා එ කිව්වෙ ඔය රීල් කැමරා එහෙම colour balance කියන option එක තිබ්බද
ReplyDeletecolour balance නවේ මල්ලි [co="red"]white balance[/co]
Deleteඔය ඔප්ෂන් එක ෆිල්ම් කැමරා වල තිබුනේ නැහැ. තියෙන්න විදිහක් නැහැ, සෙන්සර් එකක් නෙවේ අපි දාන ෆිල්ම් රෝල් එකක් නේ තිබුනේ. ISO එකත් එහෙම තමයි වෙනස් කරන්න බෑ.
මේ ගැන මම වෙනමම පොස්ට් එකක් දාන්නම් එතකොට වඩා පැහැදිලි වෙයි, කොහොමද ඒ දවස් වල වයිට් බැලන්ස් කලේ කියලා.
නියමයි, ගොඩක් වැදගත් කරුණු ගණනාවක් ඔබෙන් අපි ඉගෙන ගන්නවා, මේ කරුණු නොදැන අපි කොයිතරම් හොද අවස්තාවන් ජායාරුපගත කිරීමේදී වරද්ද ගන්නවාද? ඔබට බොහොම ස්තුතියි
ReplyDeleteඅයිලාෂ් මම කලිනුත් කිව්වවගේ ඔයාගේ බ්ලොග් එකේ කමෙන්ට් කරන්න බැරි අවුලක් මගේ cromeඑකේ තියෙනවා, කමෙන්ට් නොකරත් ලිපි කියවනවා, ඒ නිසා තවදුරටත් අපව දැනුවත් කරන්න,
මම හිතන්නේ අමිල මේ වෙනකොට බොහෝ technical කාරනා මම කියලා ඉවරයි. ඉතින් ඔය ගොල්ලන්ට විශේෂයෙන් දැනගන්න දෙයක් තියෙනවානම් කියන්න. එතකොට හොඳයි.
Deleteඔන්න අපෙ නම් ඔටෝ මූඩ් එක ඔටෝමැටිකලිම වැටිල තියෙන්නේ. ඒක හන්ද වද වෙන්න දෙයක් නෑ. හොඳ එකක් ගත්ත දවසට.... එදාටත් ඔටෝම දාන එක හොඳයි වගේ
ReplyDeleteහික්.. හික්....
Deleteඋඹත් මං තුමා වගේමයි, මං තුමාත් ගහන්නේ ඔටෝ වයිට් බැලන්ස් එකෙන් තමයි.
නොදන්නා කරුණු ගොඩක් ඉගෙන ගත්තා..... ස්තුතියි අයිලාෂ් අයියේ....
ReplyDeleteඔයාට වැදගත් පොස්ට් කීපයක් අතහැරුණා සමනලී, ඒ ටික බලන්න.
Deleteකැමරාවක් ගැනීමේ උවමනාව දවසින් දවස වැඩි වෙනවා මේවා දකිද්දි.. :(
ReplyDeleteඉතින් ගන්නකො අෆ්ෆා.. ලෝබ කමට සල්ලි හංගාගෙන ඉන්නේ නැතිව.
Deleteහ්ම්ම් හ්ම්ම් මටත් මේ ගැන දැනගන්න ඕනෙ කමක් තිබ්බට උනන්දු වෙලා හොයන්න අවස්ථාවක් ලැබුනේ නෑ.
ReplyDeleteමම ඔටමැටික් ගියර් තියෙන වාහන වලට වඩා කැමති මැන්‍යුවල් ගියර්ස් තියෙන වාහන එලවන්න. ඒවායිනුත් ෆ්ලෝබෝර්ඩ් ගියර් ෂිෆ්ට් එක තියෙන ඒවා තමයි වඩා කැමති.
උඹලා වගේ වෘතීය ඡායාරූප ශිල්පීන් මේ ඔටෝ සෙටිංස් අතෑරලා මැන්‍යුවල් වලට මේ හැටි කැමති වීම මම දකින්නෙත් අර මගේ වාහන උදාහරණයට සමාන කරලා.
නමුත් මචං හදිස්සියකට ෆෝටෝ එකක් ගන්න ඔටෝ සෙටිංස් වල තියන වටිනාකමත් අර ට්‍රැෆික් එකේ ලගිනකොට ඔටමැටික් ට්‍රෑන්ස්මිෂන් වල වටිනාකම වගේම තේරෙනවා නේහ්? :D
මචෝ රිප්ලයි එක දෙන්න පරක්කු උනාට සමාවෙන්න ඕනේ.
Deleteඋඹ මේ කතාකරන්නේ මම ආසම කරන සබ්ජෙක්ට් එකක් ගැන. ඒ ටික ලිස්ට් කලොත් මෙහෙමයි.
1. බුද්ධ ධර්මය
2. වාහන. (car)
3. වන සතුන්
4. ෆොටෝග්‍රපි
ඉතින් බලපන් මේකට කොහොමද කොමෙන්ට් කරන්නේ කියලා. අපි A/L කරන කාලේ මගේ යාළුවො කෙල්ලෝ පස්සේ යනකොට මම කලේ පාරේ යන වාහන දිහා බලාගෙන හිටපු එක වගේම කාර් සෙල් වලට ගිහින් කාර් අත්පත ගාලා බලන එක. මම හිතන්නේ මේ පුරුද්ද මට ඇති උනේ මගේ සීයාගෙන්.(අම්මගේ තාත්තාගෙන්) සියා ලඟත් හැමදාම කාර් එකක් වැරදුනේ නැහැ.
මමත් මචං මුලින් කැමති උනේ manual ගියර් වලට නමුත් මම ඉස්සෙල්ලම ගත්ත auto එකෙන් පස්සේ ඒ අදහස වෙනස් උනා. ඇත්තටම මචන් auto එකේ driving style එක වෙනස්, හුඟක් දෙනෙක් එක දන්නේ නැති නිසාම ඖටෝ වලින් ප්‍රෆොර්මන්ස් ගන්න දන්නේ නැහැ. නමුත් එහෙම ප්‍රෆොර්මන්ස් ගන්නකොට ප්‍රශ්නේ වෙන්නේ fuel consumption එක වැඩිවෙන එක. නමුත් දැන්නම් තියෙන්නේ manual එකක් :(
//උඹලා වගේ වෘතීය ඡායාරූප ශිල්පීන් මේ ඔටෝ සෙටිංස් අතෑරලා මැන්‍යුවල් වලට මේ හැටි කැමති වීම මම දකින්නෙත් අර මගේ වාහන උදාහරණයට සමාන කරලා.//
මොකක්ද බන් උඹ පොස්ට් එක කියවන්නේ නැතිද?
කියවලා බලපන් පොස්ට් එක අපහු අර auto වයිට් බැලන්ස් කියන එක යටතේ මම කියලා තියෙන්නේ මම වැඩිපුරම භාවිතා කරන්නේ auto මෝඩ් එක කියලා. නවීන කැමරා වලට බොහෝ දුරට නිවැරදි ලෙස මේ දේ කරන්න හැකියාව තියෙනකොට අපි අහවල් දේකටද බන් ඕක කොරන්න මොලේ වෙහෙසන්නේ. ෆෝකසින් උනත් එහෙමයි හැම වෙලේම auto focusing තමයි. :D
නමුත් මේ තාක්ෂණික කරුණු අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට කාටවත් අපිට challenge කරන්න බෑ, උඹ මොනවද මේ ගැන දන්නේ කියලා. ඔය සමහර ප්‍රවීන කියන උන් කියන කතා බලපන්, සමහර බ්ලොග් වලත් මම දැකලා තියෙනවා. උන් හිතාගෙන ඉන්නේ මේ ශිපය උන්ගේ අම්මගේ අප්පාගේ බුදලයක් කියලා. අලුතින් එකෙක් එනවට තරහයි, එතකොට පොර ටෝක් දෙනවා නවීන ඩිජිටල් කැමරාවක් අතේ තියන් වැඩකාරයෙක් කියලා පෙන්නනවා කියලා. (එහෙම උන් නැතිවා නෙවේ) මේ මොකක්ද පැහැදිලි ඉරිසියාව
නේද්? ඊට වඩා හොඳ නැතිද තමං දන්නා දේ [co="red"]නොමිලයේ[/co]කියලා දෙන එක. ඒ නිසා තමයි මචං මෙච්චර මහන්සි වෙලා මේ දේවල් ගොඩක් සරලව කියලා දෙන්නේ.
ඉතින් මචන් මේක කියවලා දැනුම ගන්න උන් එකෙක් හරි හිටියොත් ඇති. මේ අදසහින්ම් තමයි අර සය්බර් එක්ෂිබිෂන් එක ගැන හිතට ආවේ. එකත් කරමු. එක මේ ශිල්පයට ආස කරන උන්ට ලොකු උදවුවක් වේවි.
ස්තුතියි අයිලාෂ් අයියා විස්තර වලට..
ReplyDeleteමල්ලි, ස්තුති කරන්න එපා. අපි බ්ලොග් ලියන උන් ඔක්කොම උඹේ ෆොටෝ එකක් ගහගෙන උදේ හවා පානත් පත්තුකරන්න ඕනේ, බ්ලොගේට කෙල උනාම ගොඩදාගන්න තියෙන්නේ උඹේ පිහිටනේ.
Deleteමගෙ දුප්පත් කැමරාවෙනුත් ට්‍රයි කරලා බලන්ඩ ඕනේ.ඉස්තූතියි මේවා කියලා දෙනවට.
ReplyDeleteස්තුතියි දිනුක, මෙහෙට ගොඩවෙලා කොමෙන්ටුවක් දැම්මට.
Deleteස්තූතියි අයිලාශ් අයියේ. මෙච්චර දවසක් මගේ කැමරාවෙ WB settings වල තිබුනේ flash mode එක. දැන් ඒක auto mode එකට වෙනස් කලා. flash mode තියෙද්දි විශේෂයෙන් රාත්‍රී කාලයේ ගත්ත පින්තූරවල කහ පාට ටිකක් වැඩියෙන් තිබුනා. දැන් auto mode එකෙන් ගනිද්දි සාමාන්‍ය විදිහටම පින්තූරය තිබුනා.
ReplyDeleteදැන් ඔයාට තේරෙනවද ශම්මි එහෙම උනේ අයි කියලා?
Deleteflash කියන්නේ කෙල්වින් 5000 - 5500 වැනි අගයක් නමුත් රාත්‍රී කාලයේ වර්ණ උෂ්ණත්වය ඊට වඩා බොහෝ අඩුයි, අපි හිතමු ගේ ඇතුලේ ටන්ග්ස්ටන් බලබ් තියෙනවා කියලා එතකොට වර්ණ උෂ්ණත්වය කෙල්වින් 3000 පමණ නේ. ඉතින් ඔය ඒ වෙලේ ෆ්ලෑෂ් කරලා ෆොටෝ එකක් ගත්තත්, ඔයාගේ තියෙන point and hoot කැමරා එකේ ෆ්ලෑෂ් එකේ ආලෝකයට වඩා බල්බ් වල ආලෝකය පුමුඛතාවයක් දක්වනවා වෙන්න පුළුවන්. එතකොට කැමරාව බලාබොරොත්තු වෙනවාට වඩා අඩු වර්ණ උෂ්ණත්වයක් ලැබෙන නිසා කහ පාට වෙනවා.
හොඳම වැඩේ තමයි ඔටෝ තියෙන එක.
ඉතාම සරලව විස්තර කරලා තියෙනවා මලේ.. ස්තුතියි !
ReplyDeleteගොඩක් ස්තුතියි මේ පැත්තේ ගොඩ උනාට.
Deleteමොකෝ මචං මට විතරක් උත්තර නොදුන්නෙ? උඹ තරහ වෙලා වත්ද? :D
ReplyDeleteදිග උත්තරයක් දෙන්න ඕනා නිසා මචෝ. ඔය උත්තරේ දීලා තියෙන්නේ, කියවලා බලලා උඹේ අදහස කියපන්.
Deleteකැරකිල!!
Deleteනියමෙට දීලා තියෙනවා.
මචං. මම කිව්වේ වයිට් බැලනස් කිරිල්ල ගැන විතරක් නෙවෙයි. අනිකුත් සියලුම සීරුමාරු කිරීම් සම්බන්ධයෙනුයි. අනික මම කිව්වේඋඹ ගැන විතරක් නෙවෙයි. සමස්ථයක් වශෙයෙන් වෘත්තීය ඡායාරූප ශිල්පියො ගැනයි.
මටත් තියෙන්නෙ උඹට වගේම සුව නොවෙන රත ගායක්. මමත් ඔටමැටික් එලවලා තියෙනවා මචං. නමුත් මැන්‍යුවල් වලට කැමතියි. ස්ටියරිං ගියර් ෂිෆ්ට් එකට වඩා ෆ්ලෝ බෝඩ් ෂිෆ්ට් එකට කැමතියි. :D
අපෝ ස්ටියරින් ජියර් මතක් කරන්න එපා, මෙලෝ රහක් නැහැ. අපිටත් තිබුනා 403 එකක් මල හුචක්කුවක් ජියර් එක දාන්න ගියාම.
Deleteමුලින්ම හිස නවා ආචාර කරන්න ඕනි ලිපි අතර පරතරය වැඩි කරන්න ගත්තු තීරණය ගැන. (මොකද මං අද තමයි ඇරියස් ටික ඇල්ලුවේ.) දවස් දෙකක් මේ පැත්තෙ එන්න බැරි උණා කියන්නේ පෝස්ට් දහයක් දොළහක් මග ඇරෙනවා කියන ඒකනේ...
ReplyDeleteඔය ඔටෝ කතන්දරේ හැම වෙලාවේම හරි යන්නේ නෑ නේද? විශේෂයෙන් වීඩියෝ කැමරා ගැන. සංගීත ප්‍රසංග වල එහෙම වීඩියෝ බලන කොට ඒක තේරෙනවා. ඒවයේ නිතරම වෙනස් වෙන ආලෝකයත් එක්ක කැමරාවේ සෙටින්ග්ස් ටිකත් සරින් සැරේ වෙනස් වෙන්න බලනවානේ.
මගෙ කමරාවෙනම් ඔය ඔප්ෂන් මුකුත් නෑ. එකට චිප් ගහන්නත් බෑ. ෆ්ලාෂර් ඇත්තෙත් නෑ. ඒ හින්දම බැටරි ඕනිත් නෑ. දැන්නම් කැඩිලා. ආයෙත් එකක් අලුතින් හදා ගන්න ඕනි. :D
ස්තුතියි AKM ඔබේ අදහස් දැක්වීමට.
Deleteෆොටෝග්‍රපි ගැන මේ බ්ලොග් එකෙන් ලියන්න මගේ අදහසක් තිබුනේ නැහැ. නමුත් අර මන් තුමාගේ ෆොටෝ සිහිනය පොස්ට් එකට ලැබුන පුතිචාර වලින් මට තේරුණා දෙයක් තමයි මේ විෂයට බොහෝ දෙනෙක් කැමති බව. ඉතින් ඒ නිසා තමයි ෆොටෝග්‍රපි ගැන ලියන්න ගත්තේ, නමුත් ඉන් පසු මේ අඩවියට අපු බොහෝ දෙනෙක් මේ විෂයට බොහෝ ලෙස ප්‍රියකරණ බව තේරුණා.
මම අර ඩුඩ් ගේ පලවෙනි කොමෙන්ට් එකට දීලා තියෙන පිළිතුර බලන්න. ඉතින් මම දන්නා ඉතා සුළු technical කරුණු හැකි ඉක්මනින් මෙහි පළකිරීමයි මම හිතුවේ. එහෙම හිතුවේ මේ බ්ලොග් එක දීර්ඝ කාලයක් ලියන්න හැකි වේවිද කියන ප්‍රශ්නය මට තියෙන නිසා. එතකොට ඕන කෙනෙක්ට නිදහස් වෙලාවක උනත් ඒවා කියවන්න පුළුවන්නේ ඔබ වගේ. schedule කරේ නැත්තේ එතකොට කොමෙන්ට්ස් වලට පිළිතුරු දෙන්න බැරි නිසයි.
නමුත් දැන් බොහෝ අත්‍යවශ්‍ය කරුණු ගැන කතා කරලා තියෙන නිසාත් කීප දෙනෙකුගේ ඉල්ලීම මතත් කාල පරතරය වැඩිකලා. (මේ ගැන පොස්ට් එකකින් දැනුවත් කිරීමත් හොඳයි කියලා දැන් හිතුනා)
වීඩියෝ වලදිනම් හැමවෙලේම වගේ මැනුවල් වයිට් බැලන්ස් කරනවා.
කොල්ලො උණාම ආස කරන දේවල් ගොඩක් පොදුයි. ඒවා ඔක්කොම වගේ තාක්ෂණික පැත්තට බර එව්වා. කාර්, කම්පියුටර්, ෆෝන් වගේම කැමරා.
Deleteමගෙත් ලොකු හීනයක් තමා කැමරාවක් ගන්න එක. ඔයාගෙ ලිපි ඇත්තටම හරවත්. වැදගත්.