Tuesday, March 19, 2013

ඩිජිටල් ඡායාරුප - කොයිබටද?


අද පොස්ට් එකෙන් මං තුමා සාකච්චා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඩිජිටල් ඡායාරුපයක්, ෆොටෝෂොප්, ලයිට් රූම්  වැනි මෘදුකාංග භාවිතයෙන් එඩිට් කිරීම, කලාත්ම ඡායාරුප කරණයේදී  අනුමතද යන කාරණාව ගැන.

පසුගිය පොස්ට් කීපයේදීම බොහෝ දෙනෙක් නගපු ප්‍රශ්නයක් වුයේ ෆොටෝ එකක් ගත්තම ෆොටෝෂොප් වලින් එඩිට් කරන්න පුලුවන්ද? කලර් බැලන්ස් කරන්න පුලුවන්ද? වගේ ප්‍රශ්න.  ඒ නිසාම තමයි මේ පොස්ට් එක එලි දක්වන්න හිතුවේ.

කෙටිම පිළිතුර මෘදුකාංග භාවිතයෙන් එඩිට් කිරීම, කලාත්ම ඡායාරුප කරණයේදී  අනුමතයි යන්නයි. නමුත් සමහර ඡායාරුප තරග  වලදී, ඡායාරුපය එඩිට් කල හැකිද, නොහැකිද යන වගත්  එසේ එඩිට් කිරීම අනුමත නම් කොපමණ ප්‍රමානයකටද  යන වගත් සඳහන් කරනවා.

එඩිට් කිරීම කිවම කලර් බැලන්ස් කිරීම පමණක් නෙවේ මෘදුකාංග භාවිතයෙන් ෆොටෝ එකට නොයෙකුත් කොටස් එකතු කිරීම, ෆොටෝ එකෙන් කොටස් ඉවත් කිරීම් වැනි දේ තුලින් වෙනමම නිර්මාණයක් උවත් කල හැකියි.

මේ සඳහා හොඳම උදාහරණය ලෙස ලෝක ප්‍රකට ඡායාරුප ශිල්පියෙකු  වන බෙල්ජියම් ජාතික Ben Goossens ගේ ඉතා ප්‍රසිද්ධ ඡායාරුප කීපයක් ඉදිරිපත් කරනවා. 

Ben Goossens


For you're eyes only

Summer feeling

Break out

May the light shine bright in 2013

මේ ඡායාරුප බලන කෙනෙකුට කියන්න පුළුවන් " අයියෝ ඔක ෆොටෝෂොප්... සිම්පල් නේ " කියලා, නමුත් උත්සහ කරලා බලන්න ඒ සඳහා කොපමණ දස්කමක්, කැපවීමක් තිබිය යුතුද කියලා.

එඩිට් නොකළ ඡායාරුප උසස් නිර්මාණාත්මක තත්වයේ ඡායාරුප නොවේද? නොඑසේනම් එඩිට් කිරීමෙන් පමණක්ද, ඉහල නිර්මාණාත්මක ඡායාරුපය ලබාගත හැක්කේ? මෙහෙමත් හිතෙනවා නේද? නැහැ මේ ඡායාරුප කලාවේ අංශයන් දෙකක්.  එක්  අංශයක් මේ ලෙස එඩිට් කිරීමන් ඡායාරුප සැකසීමත් අනිත් අංශය එසේ එඩිට් නොකිරීමත් කරනවා. නමුත් කලර් බැලන්ස් කිරම වැනි සුළු වෙනස් කම් කල හැකියි.

වනජීවී චායරුප, ආලේඛ්‍ය ඡායාරුප, භුමි දර්ශන, මැක්රෝ  වැනි අංශ මෙලෙස එඩිට් නොකරන කොටසට ගන්න පුළුවන්.

මේ අංග දෙකෙන් කෝකද හොඳ? කුමන අංශයේ ශිල්පියාද දක්ෂ? මේකට දෙන්න තියෙන පිළිතුර තමයි, පිකාසොද? එහෙම නැත්නම් මයිකල් ඇන්ජලොද ? දෙදෙනාම එකහා සමාන වෙනස් ආරයන් දෙකක ශිල්පින්  නේද? 

බොහෝ ඡායාරුප සිල්පින්ද තම තමන්ගේ ගුරුකුල මතවාදයන්ට අනුව යනවා. මං  තුමා නිදහස් මත ධාරියෙක් ,  ඒ නිසා මන් තුමා ඔය අංශ දෙකම එක සේ රස විඳිනවා. නමුත් මේ අද කතා කල Ben Goossens නම් ඡායාරුප ශිල්පියාගේ දස්කම් වලට අලගු තියන්නවත් මං තුමාට බැහැ . එම නිසා මං  තුමා එවැනි නිර්මාණයන්  කිරමට නොයා ස්වභාවික නිර්මාණ (එඩිට් නොකරන) පැත්තට තමයි යන්නේ. නමුත් මෙවැනි වූ නිර්මාණ ඉතා උසස් ලෙස අගය කරනවා.


35 comments:

  1. මගේ වැඩි කැමැත්ත තියෙන්නේ එඩිට් නොකරන අංශයට තමයි. මමත් කලර් බැලන්සිං නම් කරනවා. විශේෂයෙන්ම RAW ෆොටෝස් ගත්තහම. නමුත් ඉඳලා හිටලා ඡායාරූප වලින් මේ වගේ නිර්මාණ කරන්නත් උත්සාහ කරලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ නිර්මාණ කීපයක් දාන්නකෝ බලන්න.

      Delete
  2. අගෙයි අයිලාෂ් තුමා... බොහොම වැදගත්..

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙක් දන්නවට වඩා පරාසයක මේ කලාව විහිදෙනවා. මේ abstract photography වල තවත් ක්‍රමයක් ගැනත් ඉදිරි ලිපියකින් කතා කරන්න හිතාගෙන ඉන්නවා නලින්.

      Delete
  3. මුහුද අශ්‍රිතව ගන්නා ඡායාරූප කොහොම ගත්තත් අමුතු හැඩයක් තියෙනවා කියලා මම හිතනවා.ඒ නිසා එම ඡායා රූප එඩිට් කරන්න අවශ්‍ය නැ.නොදන්න කරුණු ටිකක් අදත් දැන ගත්තා.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතින් මුහුදු කුමාරියක්නේ, අපිට ඔය අත්දැකීම් නැහැ. මම දවසක් බෝට්ටුවක ගියා කොරල් බලන්න අප්පෝ මට එදා මුහුද එපා උනා.



      Delete
  4. නියම විස්තරයක්.
    වනජීවී ඡායාරූප එඩිට් කළොත්නං ඒවයෙ තියෙන ගුණාත්මක බව නැතිවෙනව තමයි.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ප්‍රසන්න, මෙතන මම එඩිට් කීම තුලින් අදහස් කලේ ඔය ෆොටෝවල් තියෙනවා වගේ ලොකු වෙනස්කම් කිරීම. එහෙම නැතිව ටිකක් කලර් බැලන්ස් කිරීම් ක්‍රොප් කිරීම් වගේ දේවල් නෙවේ.

      මෙහෙම හිතමු.
      වතුර බොන මුවෙක් ගේ ෆොටෝ එකක් ගන්නවා. තවත් ෆොටෝ එකක කුරුමනමක් අල්ලන කොටියෙක් ඉන්නවා, මේකා කුරුමානම අල්ලන්නේ පැටියා එක්ක සෙල්ලම් කරන්න වෙන්න පුළුවන්. දැන් මේ දෙක එකතු කරලා මුවාට කුරුමානම අල්ලන එක පෙන්නනවා.

      මේක හරිද? වැරදිද?

      නමුත් ෆොටෝ එකේ වටිනාකම තියෙන්නේ ඒ ශිල්පියාට ඒ අවස්ථාව ග්‍රහණය කරගන්න ලැබුනොත් නේද?

      සමහර ෆොටෝනම් තියෙනවා ඡායාරුප ශිල්පියාගේ වාසනාවට ලැබෙන. මටත් එකම එක අවස්ථාවක් එහෙම ලැබිලා තියෙනවා. කුරුල්ලෙක් ඈනුමක් අරින අවස්ථාවක්.

      Delete
  5. මමත් ඡායාරූප එඩිට් කරනවට නම් අකමැතියි..

    ReplyDelete
    Replies
    1. ඒ මොකද අප්පේ, එහෙම අන්තයකට වැටුනේ?

      Delete
  6. මේවා කියවන්න ඕනෙ ගෙදර ඉඳන්..හදිස්සියේ කියවන එකේ තේරුමක් නෑ..හවසට ආයෙම කියවලා කොමෙන්ටුවක් දමන්නම් අයිලාෂ්

    ReplyDelete
  7. සමහර චායාරූප පොඩ්ඩක් එඩිට් කලාම තමා ඒකේ උපරිමයට පත්වෙන්නේ කියලා මට හිතෙනවා.

    හැබැයි හැම එකක්ම ත් නෙමෙයි.

    මේ මගේ අදහස

    (අපි ෆොටෝ ගන්න දන්නේ නැතිඋනාට රසවිඳින්න දන්නවා හරිය)

    ReplyDelete
    Replies
    1. රසවින්දනය හැකිනම් නිර්මාණය කිරීම කල හැකියි මචං.

      Delete
  8. එල එල, නැත්තම් ඉතින් මේ ෆෝන් කට්ටෙන් පින්තූර අරගෙන එක්සිබිශන් තියනව බොරු.

    ReplyDelete
    Replies
    1. දැනට ෆෝන් කට්ටත් ඇති.

      Delete
  9. මම පහු ගිය කාලෙ වතුර යට ගත්ත ෆොටෝ සිය ගානක් තියෙනවා...රළ නැගීම අවම වීම, හොඳර සූර්‍යාලෝකය, ජලය යට දූවිලි අංශු අඩු වීම...වගේ කරුණු කාරනා ගොඩක් ඉෂ්ඨ වෙන්න ඕනි ජලය යට ගන්න ඡායාරූපයක් සාර්ථක වෙන්න..මගේ ෆොටෝ සමහරක් ඒවා පිකාසා එකෙන් එඩිට් කලා..එතන නම් එඩිට් කිරීමෙන් ඡායාරූපයට ලොකු ආකර්ෂනයක් ගන්න පුළුවන් උනා..ඉදිරි පෝස්ට් වල මන් ඒ ටික දාන්නම්.....

    ReplyDelete
    Replies
    1. මම දැනගෙන හිටියේ නැහැනේ උඹ "under water photography" කරනවා කියලා.

      මචං, "Light Room" use කරපන් පිකාසා වලට වඩා ගොඩාක් හොඳයි. ඉස්සර ෆිල්ම්ස් පාවිච්චි කරන කාලේ ෆොටෝ ප්‍රින්ට් කලේ "dark room" එකේනේ, මේ "Light Room" මෘදුකාංගය හදලා තියෙන්නේ ඩිජිටල් ෆොටෝ වලටමයි. උඹට ඕනෙනම් මම soft ware එක දෙන්නම්.

      Delete
  10. පින්තුරයක් එඩිට් නොකර අමුවෙන්ම ගන්න පුළුවන් නම් මමත් කැමතියි. ඒත් අපි වගේ අවම පහසුකම්, හදිස්සි අවශ්‍යතාමත ගන්න (ෆෝන්වලින් , එතකොට point and shoot කැමරා වලින් ගන්න එව්වට සාධාරණයක් කරන්නනම් අනිවා එඩිට් කරන්න ඕනි) එහෙම ඕනේ නැති වෙලාවලුත් තියනව මයේ හිතේ.

    ReplyDelete
    Replies
    1. මේ ලිපියෙන් මම පෙන්නන්න උත්සහ කලේ ඡායාරුප ශිල්පයේ තවත් එක පැතිකඩක්. එහෙම නැතිව low quality කැමරා එකෙකින් ගන්න ෆොටෝ එඩිට් කරලා image quality එක හදාගනිමක් ගැන නෙවේ.

      Delete
  11. අටවක කියලා අපේ කැම්පස් එකේ ෆොටෝග්‍රැෆි කරන සෙට් එක කරපු එක්ෂිබිෂන් එකෙත් ඔය ජාතියේ ෆොටෝ ගොඩක් තිබුණා වගේ මතකයි

    ReplyDelete
    Replies
    1. ඔව් මේ අධිතාත්වික ඡායාරුප, ඡායාරුප කලාවේ එක අංශයක් මල්ලි.

      Delete
  12. අගෙයි අයිලාෂ් අයියා ලිපිය.. ස්තුතියි විස්තර වලට..!

    ReplyDelete
    Replies
    1. මේවගේ විෂයට සම්බන්ද දේවල් දැනගන්න ඕන නේ.

      Delete
  13. එඩිට් නොකර කලාත්මක පින්තූරයක් ගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. ඒත් සමහර වෙලාවලදි එඩිට් කිරීමෙන් ඒ පින්තූරයට වෙනස් අර්ථකථනයක් දෙන්න පුලුවන් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් චම්ස් මේ මම කතා කරන්නේ ඡායාරුප කලාවේ අංශ දෙකක් ගැන.

      Delete
  14. හ්ම්ම්...හ්ම්ම්ම්... ස්තුතියි අයිලාෂ් අයියේ ලිපියට.... මටත් මේක ගැටළුවක් වෙලා තිබුනේ. මං ගිය පෝස්ට් ඒකෙත් ඕක ගැන ඇහුව මයේ හිතේ.....

    ReplyDelete
    Replies
    1. සමනලී, ,මේ ලිපියේ තියෙන්නේ කලර් බැලන්ස් කිරීම්, ක්‍රොප් කිරීම් වගේ දේවල් ගැන විතරක් නෙවේ. ඒ දේවල් එඩිට් කිරීමක් කියල ගණන් ගන්නත් බෑ.

      Delete
    2. තේරුනෙහිය.... තේරුනෙහිය...... :D

      Delete
  15. Dude:
    ම්ම්ම්... මට නම් මයිකල්ඇන්ජලෝව හොඳින් තේරෙනවා. බොරු කියන්නෙ මොකටද පිකාසෝගෙ චිත්‍ර නම් තේරෙන්නෙ නෑ.
    ෆොටෝග්‍ර‍ෆි වල නම් ඔය දෙකටම කැමතියි.

    ReplyDelete
    Replies
    1. මචෝ මටනම් ඔකේ අනිත් පැත්ත චිත්‍ර ගැන, ඔය අංශ දෙකම මම ඉතාම කැමතියි, ඒ මොන අංශයෙන් නිර්මාණයක් කලත් ඒ ශිපියාට පුලුම හැකියාවක් තියෙන්නේ ඕනේ. මටනම් පේන්ට් , කැන්වස් එකක් සහ බුෂ් එක අරගෙන් ඔය අංශ දෙකෙන් මොන එකක්වත් අඳින්න බෑ.

      තාත්වික චිත්‍රයක් රස විඳින්න පුළුවන් අපි දන්නවා ඒ ශිපියා අදහස් කලේ මොකක්ද කියලා. නමුත් මචන් abstract එකක් එහෙම නෙවේනේ, මටනම් දින, මාස ගණන් බලාගෙන් හිතියත් එකේ අවසානයක් නැතිව දකින්න පුළුවන්. abstract කියන්නේ බොහෝ දෙනෙක් හිතන විදිහට නිකන්ම කුරුටුගෑමක් නෙවේ නේ?



      Delete
  16. මමත් ෆොටෝ එකක් ගත්තහම color balance කරලා crop කරලා නම් ගන්නවා..ඊට වඩා දෙයක් නම් කරන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. අනිත් විදිහත් උත්සාහ කරලා බලන්න.

      Delete
  17. සද්ද නැතුවම වුනත් කියනවනවා දිගටම. මං නොදන්නා දේ ගොඩක් ඉගනගත්තා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, මේ පැත්තේ එන බව දැනුවත් කිරීමට.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

වණජීවී ඡායාරූප

 වණජීවී ඡායාරූප කොහොමද ඉතින්, වසර ගණනාවකින් තමයි මං තුමා ආපහු බ්ලොග් එක පැත්තට ගොඩ උනේ. අපේ  කස්ටියට දැන් මං තුමා අමතක වෙලාද දන්නෙත් නෑ . කො...