මාත් එක්ක එකතු වෙන්න

Monday, August 24, 2015

කිරලා මැනලා හදාපු කූඩුව

ඔන්න යාලුවනේ සැහෙන කාලෙකින් මේ  පැත්තේ ගොඩවුනා,  පෙන්නන්න දෙයක් අරගෙන.  මිට කලින් පොස්ට් දෙකකින් කුරුළු කූඩු වර්ග දෙකක් පෙන්නුවා මතකද? හෑ... අමතක වෙලා... එහෙනම් මුලින්ම ගොහින් බලාගෙන එන්න. මෙන්න තියෙනවා යන පාර. කහ කුරුළු කූඩුවක්  ආ බලාගත්තා නේද? එහෙනම් මේකත් බලලම ඉන්න මෙයා දැකලා තියෙනවද?  හොඳයි එහෙනම් දැන් බලමු මොකක්ද අද පෙන්නන්න යන්නේ කියලා. 

පේනවා නේද පැට්ටා පැත්තක ඉන්න හැටි...

ඔන්න එහෙනම් බලාගන්න මෙයාට කියන්නේ කිරලා කියලා නිකම්ම කිරලා නෙවේ, රතු තැලි කිරලා (red wattled lapwing). මේ විස්තර මට දුන්නේ අපේ ගාමිණි අය්යා.. ගාමිණි ෆොන්සේකා නෙවේ අනේ ගාමිණි විජිත් සමරකෝන් අර ගාමිණීගේ විජිතය බොලොග් එක ලියන්නේ අන්න එයා තමයි. ඕනෑම සතෙකුගේ නියම නම දැනගන්න ඕන උනාම මම ඉස්සෙල්ලම කරන්නේ ඒ සතාගෙන්ම  නම අහන එක. ඒ උනාට මුන් හරිම ආඩම්බරයි, නම කියන්නෙම නැහැ. එතකොට ඉතින් ගාමිණි අය්යාට මෙසේජ් එකක් දාලා අහගන්න එක තමයි කරන්නේ. මැසේජ් එක ගහපු ගමන් සුටුස් ගාල මෙන්න නම ගම විස්තර ඔක්කොම මට එවනවා.  ඔයාට ගොඩාක් ස්තුතියි ගාමිණි අය්යේ.

 
පේනවා නේද, පැට්ටෝ  ටික

දැන් ටිකක් විතර කුඩුවෙන් එලියට ඇවිත්
මේකා ටිකක් විසේ කාරයා... හැමතැනම දුවනවා..

පේනවා නේද අනිත් අය කුඩුවේ, විසේකාරයා අම්මා පස්සේ දුවනවා..  

කොහොමහරි විසේකාරයාආම්බන් කරගෙන අපහු කුඩුවට ගෙනාවා..

ඔන්න ඉතින් බලාගත්තා නේද කිරලගේ කූඩුව සහ පැටවූ. මොනවා උනත් මෙයා කිරලා මැනලා කූඩුව හදපු තැන වැරදියි. පසුවෙනිදා යනකොට මෙයාලට විශාල ඇබැද්දියක් වෙලා තිබුනා. ඉතින් මේ පැටවූ ටික බේරාගන්න ෆුල් ඔපරේෂන් එකක් දෙන්න උනා.. හ්ම්ම්.. මොකක්ද එකට දාන නම ? "operation lapwing" - ඔපරේෂන් කිරලා.  ආ ඒ නම හොඳයි ඒ ගැන මීළඟට පොස්ට් එකක් දාන්නම්. එතකම් ඕනෑමනම් "Operation Eagle" බලන්න.

33 comments:

  1. අපූරුයි අයියණ්ඩි...ගොඩක් දවසකින් වුණත් වටින පෝස්ට් එකක්. අපේ පැත්තෙත් මේ ගොල්ලො ඉන්නවා. ඒත් පින්තූරයක් ගන්න එක හරි අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලී. මේ ෆොටෝ ගත්තේ මි මි 300 ලෙන්ස් එකෙන්

      Delete
  2. ලස්සන පිංතූර ටික. අපි පොඩිකාලෙ කිරල ජෝඩුවගෙන් කුනුහරුප අහගෙන අමාරුවෙන් බිත්තර කාලෙ ඉදන් පැටවු කාලෙ වෙනකම් බලල තියනව.
    වෙල් කම්බැක් අයිලාස්

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කම්මලට කියන්න මමත් අනේක වාරයක් ඔය ජෝඩු වලින් කුණුහරප අහගෙන තියෙනවා එයාලගේ කුඩු දිහා බලන්න ගිහින්. වැඩේ කියන්නේ උන් වැඩිය නෑ දෙක තුනක් කිව්වට පස්සේ එන්නේ හොට අමෝරාගෙන!!

      ඒ හින්ද මේ වගේ පින්තුර ගන්නේ කොහෙද? මේ පින්තුර ගත්තේ ෆුල් ෆේස් හෙල්මට් දාගෙනද?

      ඒ ඔක්කොමත් හරි, මුන් මේ විගඩම් වලට ගෙවල් හදන්නේ අපි කවුරුත් යන එන තැනක බිම. ඉතින් හත්වලාමේ බැනල හරියනවද? නැද්ද කම්මලේ??

      Delete
    3. අපි නාපු තැනට , එගොඩ ඉවුරෙ තමයි මුන් බිත්තර දාන්නෙ , ශේප් එකේ පීනල ගිහින් බලන්න පුලුවන් ඒත් ආව වෙලේ ඉදන් #$@& කොල්ලො කියල බනින්න පටන් ගන්නව. අනික වෙලේ නියරවල් උඩ , රෑ තිස්සෙ නින්දක් නෑ කන ඇතුලෙන් පියාඹනව වගේ සද්දෙ.

      Delete
    4. ස්තූතියි කම්මලේ. මමත් මුන් දෙන්නගෙන් හොඳටම කුණුහබ්බ ටිකක් අහගත්ත.

      Delete
    5. ස්තූතියි උපේක්ෂා. ෆුල් ෆේස් හෙල්මට් ඕන නැහැ ටෙලි ලෙන්ස් තියෙනකොට

      Delete
  3. නියමයි අංකල්.. කාලෙකින් පස් පෑගුවේ නේද?? ඔය ගාමිණි කියන අයියා ඉන්නවා නේද ඒ හාදයා ආයි බ්ලොග් ලියන්නේ පැන්සොන් ගියාමයි කියල මට කිව්ව නෙව...

    වල්කම් බෑක් අයිලාස්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයෝ

      Delete
  4. අගේ අැති රූප ටික.......

    ReplyDelete
  5. කාලෙකට පස්සෙ.
    නියම ෆොටෝ ටිකක්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මමත් දැන් බොලොග් එක ලියන්නේ ඔයා ලියන විදිහට. හික් හික්

      Delete
  6. ලස්සන පින්තුර ටිකක් වගේම අගනා විස්තරයක්.

    ReplyDelete
  7. ස්තුතියි නලියෝ

    ReplyDelete
  8. අපූරු රූප පෙළ සමඟ වටිනා විස්තරයක්.. නියමයි

    ReplyDelete
  9. පින්තූර ටිකනම් පංකාදු පහයි ඈ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ්

      Delete
  10. කිරල්ලු? හුහ්.......... මුන් තමා ඒ කාලේ යුද්ධ භූමියේ අපට හිටිය හතුරෝ. කොහොම හරි සතුරාට වැඩක් දෙන්න බඩගාගෙන ඉස්සරහට යනකොට මෙවුන් එකෙක් හි ඉඳලා කෑගහගෙන අහසට පනිනවා. ඉතින් සතුරා දන්නවා අපි එනවා කියලා.

    පින්තූර ටික බොහොම අගෙයි. කොච්චර ඈත ඉඳලද ගත්තේ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක. වැඩි ඇතක ඉඳලා නෙවේ, යාර 3-4 ක වගේ දුරක ඉඳල හිටං.
      බොහොම හිමින් සැරේ මුන්ට නොදැනෙන්න ලං වුනහැකි.

      Delete
  11. කාාාා......ලෙකිං ඇවිත් පට්ට පොස්ට් එකක් අරං. මෙච්චර කල් මොකද කොලේ. ඒ ගැනත් ලියමුද?

    ReplyDelete
    Replies
    1. හෑ ... මෙච්චර කල් මොකද කලේ කියල දන්නෙම නැතිද? මෙච්චර කල් කොලේ පොස්ට් ලියපු නැති එක බොලේ.

      Delete
  12. කිරලා මැනලා කාලෙකින් දාපු පෝස්ට් එකක්. ඉස්සර නිතර දකින හිටියා මේ කුරුල්ලා. දැන් කොහොමද දන්නේ නෑ.

    මමත් සත්තු ගැන යමක් දැනගන්න ඕනෙ වුනොත් ගාමිණීගෙන් තමයි අහන්නේ.

    ReplyDelete
  13. කිරලා මැනලා තමයි කමෙන්ට් කරන්න වෙන්නෙත් ආයෙත් කවදා දකින්න වේවිද දන්නේ නැහැනේ හිටං.:D

    ReplyDelete
    Replies
    1. එහෙනම් ආපහු කවදා දකින්න වෙයිද කියලා බලන් හිටං

      Delete
  14. මෙයා නේද අහස කඩන් වැටිලා බිත්තරබිදෙයි කියලා උඩු බැලි අතට ඉඳන් බඩ උඩ බිත්තර තියන් රකිනවා කියන්නේ.

    අයිලාස් දකින්න ලැබීම සතුටක්.

    සිත් පහන් කරවන පෝස්ට් එකක්. තුති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා...

      Delete
  15. කුඹුරු තියෙන ඉසව් වල කිරලා බොහොම සුලභයි නේද..අපූරු සද්ධයකුත් දාගෙන පියාබන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මෙයා බොහොම සුලබයි, නමුත් සමහර ප්‍රදේශ වල නැහැ නේද?

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

************ *************