Monday, March 18, 2013
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්
පහුගිය දවස්වල මං තුමා පුංචි ඡන්දයක් පැවැත්වුවා. ඉතින් දැන් ප්‍රතිපල නිකුත් කරන්න තමයි ලැස්ති වෙන්නේ. ඔන්න එහෙනම් බලන්නකෝ ප්‍රතිපලේ
ඔය ප්‍රතිපලේ දැක්කම මගේ මොලේ නිකන් මෙව්වා උනා. කෝ එතකොට මට අර ඊ මේල එවපු උන් ? කොහොම හරි මං තුමාගේ අවසාන තීරණය තමයි ඔය බ්ලොගේ කොරන් ගිය විදිහටම කොරනවා කියන එක. ඒ විතරක් නෙවේ, ඔය හුට පට අස්සේ වෙනම බ්ලොගක් පටන් ගත්තා. ෆොටෝග්‍රපි විතරක් ලියන. මේ තියෙන්නේ එක. "I Know Foto (ඡායා රූ)" ඒ අඩවියේ මං තුමා "shutter blade " කියන නමින් පෙනී සිටීමට තීරණය කළා. මෙම නව අඩවියට ලිපි එක්කිරීමට පෙර එම ලිපි අනිවාර්යයෙන්ම මෙම අඩවියේ පළකරනවා.
මේ නව බ්ලොග් එක විශේෂයෙන්ම මම ෆොටෝග්‍රපි ගැන නොමිලයේ පාඩම් මාලාවක් කරන පාසලක් තියෙනවා ඒ පාසලේ දරුවන් සහ ඔවුන්ගේ යහළු යෙහෙලියන් සඳහා වෙන්කළා. ඒ නිසා ලිවීමේ ක්‍රමේ පොඩ්ඩක් වෙනස් කළා..
ඒ විතරක් නෙවේ මේ පුංචි ඡන්දේ ප්‍රකාශ කල අයටත්, "කලාත්මක ඡායාරුප - අවසන් කොටස" පොස්ට් එකට කොමෙන්ට් කරලා අදහස් දක්වපු අයටත් බොහොම ස්තුතිවන්ත වෙනවා.
ඡායාරුප කරණය ගැන ඉදිරියට පලකරන්න හිතාගෙන ඉන්න පොස්ට් වල බරපතල තාක්ෂණික කරුණු නැහැ. ඩිජිටල් කැමරාවේ, බොහෝ දෙනෙක් භුවිතා නොකරන පහසුකම් කීපයක් සහ කුරුල්ලන්, සමනලුන් ඡයාරුප ගත කිරීමේදී මං තුමා යොදාගන්න ක්‍රම වගේ දේවල් තමයි කතා කරන්න හිතාගෙන ඉන්නේ. ආ ඒ විතරක් නෙවේ ඩුඩ් ගේ අදහසට අනුව ඩිජිටල් ෆොටෝ එකක් කොහොමද සංරක්ෂණය කරන්නේ වගේ දේවල් ටිකකුත් කතා කරමු.
අවසානයට ෆොටෝ ගන්න කැමති හැමෝගෙම ෆොටෝ කීපය බැගින් බ්ලොග් එකේ දාලා සය්බර් එක්ෂිබිෂන් එකක් කරමුද? සිංහල බ්ලොග් ලෝකයේ පළමු වතාවට.
හන්වඩු ගහපුවා:
ඡායාරුප කරණය
37 comments:
කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?
දැන් ලස්සනට කොමෙන්ට් කල හැක
Image : [im] image url [/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්
Subscribe to:
Post Comments (Atom)
ඉතාම අගෙයි සුබ පැතුම් අයිලාෂ්...
ReplyDeleteස්තුතියි නලින්, සහයෝගය බලාපොරොත්තු වෙනවා.
Deleteසයිබර් එක්ෂිබිෂන් එක පට්ටම අයිඩියා එක අයියේ...
ReplyDeleteකරලා බලමු නේද? ෆොටෝ ප්‍රින්ට් කරන්න, හෝල් ගන්න, කිසි වියදමක් නැහැ.
Deleteනියමයි. ඉස්සරහටත් ඔය වගේම යමු.
ReplyDeleteඔව් ප්‍රසන්න මේ විදිහට කරගෙන යමු.
Deleteපොටෝ ගන්න කැමරාවක් ඕන >> කැමරාවක් ගන්න සල්ලි ඕන >> සල්ලි අම්මගෙන් ඉල්ලන්න ඕන >> අම්මට හේතු පහදන්න ඕන >> අම්ම තාත්තගෙන් අහන්න ඕන >> තාත්ත කැමති වෙන්න ඕන >> තාත්තට පඩි හම්බ වෙනකම් ඉන්න ඕන >>>>>>>>>>>>>>>>>>>>>>>
ReplyDeleteග්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....
කලවමේ විවිධාංග පෝස්ටු දැමීමට යෝජනා කරමි..
මම ඒ යෝජනාව ස්ථිර කරමි..
Deleteහික්.... මූම යෝජනා කරලා මූම ස්ථිරත් කරලා...... :p
Deleteඉතින් මේක කොහොමත් එහෙමනේ කරගෙන ආවේ යසිත්.
Deleteසයිබර් එක්සිබිෂන් එකක්??? ඒ අදහස නම් නියමයි. කැමරාවෙ බැට්රි අවුලක් නිසා පහුගිය ටිකේ ෆොටෝ ගන්න එක නවත්තල තිබ්බෙ. ඉක්මනට ඒක හදාගෙන ෆොටෝ ටිකක් ගන්න ඕන එක්සිබිෂන් එකට තියන්න :))
ReplyDeleteබ්ලොග් ලෝකයේ අලුත් වැඩක් වේවි නේද?
Deleteෂටර් බ්ලේඩ්?? :O නිකම් භයානක මැරයෙක්ගේ නමක් වගේනේ අනේ,, අර සයිබර් එක්ෂිබිෂන් එකේ වැඩේ නම් මරු :D
ReplyDeleteඔයා ඒ නමට කැමති නැතිද ශම්මි?
Deleteඔන්න දැම්ම ඉඳන් ෆොටෝ ටිකක් එකතු කරගන්න.
සයිබර් එක්ශිබිෂන් එක නියම අදහස.
ReplyDeleteනමුත් කැටගරි කීපයක් තියෙන්න ඕන හරිද.
වයිල්ඩ් ලයිෆ්, නේචර්, මොඩ්ල් ෆොර්ටෝග්‍රැෆි ඕන් ඔය වගේ . . හෙ හෙ හේ . .
ඇත්තමයි මම ෆොටෝග්‍රැෆි ගැන ඉගෙන ගන්නවා ඉක්මනටම.
මචෝ අපි මේ වැඩේට පොඩි කොමිටියක් පත් කරගෙන, හැමෝගෙම අදහස් අරගෙන කරමු.
Deleteනියම වැඩක්.මමත් මගේ බ්ලොග් එකේ මම ගත්ත ඡායා රූප ටිකක් දැම්මා.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/2012/12/normal-0-false-false-false-en-us-x-none.html#comment-form
හොඳයිද බලන්න.
මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
බැලුවා, ෆොටෝ ටික හොඳයි. ෆොටෝෂොප් පාරක් එහෙමත් දාලා තියෙන්නේ.
Deleteඅයිලාෂ් , වෙනම අඩවියක් පටන් ගත්තෙකත් හොදයි,නමුත් මේ අඩවිය ඔබ පවත්වාගෙන ගිය විදිය හොදටම හොදයි, ඔබේ පොස්ට් පලකිරීමේ වේගය අනුව සාමාන්‍ය පොස්ට් දෙකක් අතරට එක පොස්ට් එකක් ෆොටෝග්‍රපි ගැන දාන්න, මේ ක්ෂේත්‍රය මෙවැනි ලිපි කිහිපයකින් ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි නේද? අනවශ්‍ය අයට වඩා මේ පාඩම් මාලාව වැදගත් වෙන ගොඩක් අය ඉන්නවා,මෙතන කමෙන්ට් නොකර කීදෙනෙක් බලලා යනවද කියලා ඔයා දන්නවා ඇතිනේ, සැලෙන්නෙපා අපි ඉන්නවා ඔබේ අඩවියේ යාවජීවව, එස්සිබිසන් එකත් හොද අයිඩියාවක්
ReplyDeleteමගේ Fuji Bridge FinePix SL240 කැමරාවේ සෙටින්ග් හදාගන්න උදවු වෙන්න පුලුවන්ද? දැනට මම ගන්න ජායාරුපවල එතරම් Colourfullගතියක්නෑ,
ඔයා හරි අමිල, මේ බ්ලොග් එක පවත්වාගෙන ගිය විදිහටම කරනවා. අලුත් සයිට් එක පටන් ගත්තේ විශේෂයෙන්ම මේ සබ්ජෙච්ට් එකට කැමති පාසල් ළමයිට. එක නිසා තමයි comments moderate කරන්නේ. එකේ පළකරන්නේ ඒ පොස්ට් එකට අදාළ ප්‍රශ්න හෝ විෂයට අදාළ පුශ්න යම් කෙනෙක් ඇහුවොත් විතරයි.
Deleteමේ සයිට් එකේ පල නොකරන කිසිවක් එකේ පළකරන්නේ නැහැ, ඉස්සෙල්ලම පොස්ට් එක පලකරන්නෙත් මේ බ්ලොග් එකේ.
අමිල, සමහර ෆුජි කැමරා වල colours වල අවුලක් තියෙනවා. ඔය මගේ කලින් පොස්ට් එක දැක්කද? කොන්ඩ කුරුල්ලාගේ. එකෙත් colours ටිකක් අවුල්. (මට නම් colours හරියටම හරි යන්නේ Nikon වල.)
ඔයාගේ ෆොටෝ කීපයක් flickr සයිට් එකට අප්ලෝඩ් කරලා මට url එක දෙන්න ෆොටෝ කීපයක් බලන්න ඕනේ.විශේෂයෙන්ම Exif data බලන්න ඕනේ. එක flickr එකෙන් කරන්න පුළුවන්.
විශේෂයෙන් මට බලන්න ඕනේ ඔයාගේ
1. exposure එක (manual ද එහෙම නැත්නම් auto ද කියලා
2. white balance
3. exposure compensation භාවිතා කරනවද වගේ දේවල්.
ඔයාගේ flickr සයිට් එක මෙතන දුන්නත් කමක් නැහැ නැතිනම් මට ayilas419@gmil.com වලට එවුවත් කමක් නැහැ.
මේ අදහස කදිමයි. ඒවා කියවන්න අවශ්‍ය අය ඒකටම ඒවිනේ :)අලුත් වැඩේට සුභ පැතුම්. අර එක්ෂිබිෂන් එකට අපිත් එන්නම් :D
ReplyDeleteෆොටෝග්‍රපි ගැන මේ බ්ලොග් එකේ දිගටම දානවා හසිත, අර සයිට් එකේ අරමුණ විශේෂයෙන්ම පාසල් ළමුන් සඳහා.
Deleteඅදහස හොඳයි මම සුභ පතනවා වැඩේ සාර්ථක වේවා කියලා.
ReplyDeleteසුභ පතලා විතරක් මදි, ෆොටෝ ටිකක් ගහලා සහභාගී වෙන්නත් ඕනේ.
Deleteඑලමකිරි. ඔන්න රීඩරේට දාගත්තා අමතක වෙන්න කලින්. හෙටම යන්න ඕන ෆොටෝ ටිකක් ගන්න. ෆෝන් වලින් ෆොටෝ ගන්න අයට Photoshop වලින් Colour බැලන්ස් කරන්න දෙනවද?
ReplyDeleteනියමයි, කස්ටියම හරිම උනන්දුයි වැඩේට.
Deleteනීති නැත, එකම නිතිය ෆොටෝ එක තමන්ම ගැනීම පමණයි.
Dude:
ReplyDeleteමට ගූගල් දෙවියෝ කචල් දානවා මචං. ඒකයි පරක්කු.
ඒ බ්ලොග් එක තිබ්බට කමක් කෑ. උඹ ඡායාරූපශිල්පය ගැනඔය කල විදියටම මේකෙත් දාපං. අනිත් ලිපි එක්ක කවලමේ.
කවුදෝ කෙනෙක් ඔය ඡායාරූප ශිල්පය වෙනුවට ප්‍රභාලේඛණය හරි කිව්වා ඒ දවස්වල. මට මතක නෑ කවුද කියලා.
මචෝ, ඉස්සෙල්ලම දෙයියන්ට පොල් ගෙඩියකින් ගහපන්.
Deleteමේ බ්ලොග් එක කරගෙන ගිය විදිහටම කරනවා මචෝ.
මචං උඹ දන්නවනේ Photography කියන වචනය හැදිලා තියෙන්නේ, [co="red"]ෆොටෝස්[/co] සහ [co="red"]ග්‍රාෆෝස්[/co] කියන ග්‍රීක් වචන දෙකින්.
ෆොටෝස් = ආලෝකය
ග්‍රාෆෝස් = ඇඳීම
[co="blue"]ආලෝකයෙන් ඇඳීම[/co] එහෙම නැත්නම් [co="blue"]ආලෝකයෙන් ලිවීම[/co] තමයි තේරුම. ඉතින් ප්‍රභාලේඛනය කියන එක හරි. නමුත් අපි වැඩිපුරම භාවිතා කරන්නේ ඡායාරුප ශිල්පය කියන වචනය නේ.
එක්සිබිෂන් අදහස නම් මරු.... දන්නේ නැති උනාට ෆොටෝ කෑලි දෙක තුනක් ගහ ගන්න බැරියැ අපිටත්..... මේ ඒ ෆොටෝ පොඩ්ඩක් එඩිට් කලාට අවුලක් නැද්ද දන්නේ නෑ.... මොකද මගේ කැමරාවේන් ගන්න ෆොටෝ වල කලර්ස් එච්චර හරි නෑ....
ReplyDeleteඑඩිට් කලාට කිසිම අවුලක් නැහැ.
Deleteඑහෙම වෙනම බ්ලොග් එකක් කරන එක හුඟක් ප්‍රයෝජනවත් වෙයි. එක්සිබිෂන් එකත් නියම අදහසක් නේ. වැඩේ සාර්ථක වේවා..!
ReplyDeleteඑල! එක්සිබිෂන් අදහස නම් මරු!!!!කරමු වැඩේ!
ReplyDeleteඑල මචෝ අන්න එහෙම ෆුල් මොරාල් එකෙන් වැඩේට බහිමු.
Deleteඕං ඕකනේ අපි කිව්වේ.. දැං හරිනේ.. සුභ පැතුම් ඔයාට.. හික්...ජය
ReplyDeleteමචං, සුභ පතන්න ඕන මට නෙවේ, මේ වැඩේට සෙට්වෙන හැම එකාටම.
Deleteමෙන්න මේකයි බ්ලොග් 10 ක් ලිව්වත් අපිට කමක් නැහැ මේ බ්ලොගේට ඕන කිව්වා මමත් දෙන්නම් එහෙන් මෙහෙන් මට අහ ගැටිච්ච ෆොටෝ ටිකක්
ReplyDeleteඅනේ බුදු කෝරලේ මහත්තයෝ.. දඬු කදේ එහෙම ගහන්න හිතන්නවත් එපෝ.. මේක දිගටම කොරනවා.
Delete