Friday, March 15, 2013

අයිලාෂ්ගේ හිස පොඩි මැඩියා - අලුත්ම ගෙම්බා


ගාමිණීගේ  විජිතය ලියන අපේ ගාමිණී අයියා ලියලා තිබුන අලුත්ම පොස්ට් එක වන අලුත්ම පඳුරු මැඩියෝ අට දෙනෙක් ..! කියන පොස්ට් එක දැක්ක ගමන් තමයි මේ පොස්ට් එක ලියන්න හිතුනේ.  ඇයි  අප්පා අපි කොපමණ දේවල් හොයාගන්නවද? එහෙම කොලා කියලා කවදාවත් අපේ නමක් ගමක් කෙහේවත් සටහන් වෙන්නේ නැහැ නේ. ඒ නිසාම තමයි මං තුමා හොයාගත්ත මේ අපුරු උභය ජීවි විශේෂය ගැන ලියන්න හිතුවේ. කවුරු මොනවා කිවත් මේ ගෙම්බා නම් කරන්නේ මං  තුමා ගේ නමින්.. ඉස්සෙල්ලම දාන්නම්කො හිතාගෙන ඉන්න නම.

"අයිලාෂ්ගේ හිස පොඩි මැඩියා" කාටද ආඩම්බර, මීට වඩා හොඳ නමක් තියෙනව නම් යෝජනා කරමු බලන්න.

මේ මැඩියා එහෙම නැත්නම් ගෙම්බා ඔය ගාමිණී අයියා කියන ගෙඹි වර්ග 120ට අයිති නැහැ. ඒ නිසා මෙකාවත්  අනිවා ඔය ලිස්ට් එකට දාන්න පුළුවන්. ඔය කස්ටිය ඉතින් දන්නවනේ මං තුමා ඔය කැමරාව එල්ලගෙන හැමතැනම යන වග. ඔහොම යනකොට තමයි මේ අපුරු මැඩියා හමු උනේ. ඉතින් දීර්ග කාලින පරීක්ෂණයක් කළා විතරක් නෙවේ, මේ සම්බන්ධව පොත පත එහෙමත් කියවලා බැලුවා. උභය ජීවින් කියන්නේ දිය ගොඩ දෙකේම ජිවත් වෙන්න පුළුවන් උන්ට  නේ. මේ ගෙඹි විශේෂයත් කිසිම් ප්‍රශ්නයක් නැතිව පරිසර දෙකක ඒ පැත්තට , මේ පැත්තට  පැන පැන ජිවත් වෙන්න පුළුවන් විදිහට අනුවර්තනය වෙලා ඉන්නේ. වැඩියෙන් කන්න දෙයක් තියෙන  පරිසරය පැත්තට තමයි නිතරම පනින්නේ.  දැම්මම මේ ගෙම්බන් ගැන ලෝකයට එලි කරන්න හිතාගෙන හිටියේ නැති උනත්, ඔය ගෙම්බෝ ගැන හොයන පරීක්ෂක කණ්ඩායම මේ ගෙම්බව හොයාගත්තොත් මං  තුමාගේ සොයාගැනීම අහක යන නිසා වහාම මේ ගැන හෙළිකරන්න තීරණය කළා.

මේ ගෙම්බාගේ ශරීර ලක්ෂණ:

  • විශාල උදරයක් පිහිටීම 
  • ඉතා කුඩා හිසක් පිහිටීම 
  • ඉතාමත්ම කුඩා ක්ෂිනවි ගිය  මොලයක් පිහිටීම 
  • හිස සහ උදරය පැහැදිලි ලෙස වෙන්කර හඳුනාගත නොහැකි ලෙස මහත් වූ බෙල්ලක් පිහිටීම 
  • බොහෝ විට සුදු පැහැයෙන්  පෙනී සිටීම 


මේ ගෙම්බාගේ හැසිරීම් ලක්ෂණ:

  • ඉතා නිද්‍රාශීලි වීම 
  • පරිසරයට සංවේදී නොවීම 
  • මිනිසුන්ගෙන් ඇත්වී  ජිවත් වීම 
  • හැකි සෑම විටම පුම්බාගෙන  සිටීම 
  • ජරාව කෑමට මහත් රුචි වීම 
  • ඉතා ඉක්මනින්, කෑම  වැඩි පරිසරයට  පැනීම 

බොහෝවිට ගැවසෙන ස්ථාන:  දියවන්නාව අසල 




"අයිලාෂ්ගේ හිස පොඩි මැඩියා" 

34 comments:

  1. ඇයි චන්දෙ කාලෙට බුරුතු පිටින් බෝ වීම... හික්ස්..

    ReplyDelete
  2. මේ වර්ගයේ මැදියන් විශාල ප්‍රමාණයක් නිරන්තරයෙන් දියවන්නාවට මහජනයා නොකමත්තෙන් හෝ මුදාහරි,
    අයිලාෂ් ඔබගේ නිතාමානිත්වයට මගේ ගෞරවය..
    සමහර වෙලාවට මේ අඩවියේ කමෙන්ට් බොක්ස් එක පෙන්නැතුව යනවා
    මගේ දෝෂයක්ද දන්නැහැ

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නම් මහජනයා අකමැත්තෙන් උවත් මේ වර්ගය දියවන්නාවට මුදා හරිනවනේන්නම්.

      කොමෙන්ට් බොක්ස් එක පෙන්නේ නැත්නම් මම වගේ කන්නාඩි දෙකක් දාපන් මල්ලියේ. හික්ස්...

      Delete
  3. ඇයි කශේරුකාවක් රහිත වීම....

    ReplyDelete
    Replies
    1. ලොකු තැන ඉදිරියේ කශේරුකාව නම්‍යශීලි වීම සහ පොඩි උන් ඉදිරියේදී නම්‍යශීලි නොවන ලෙස කශේරුකාව පරිවර්තනය වීම.

      Delete
  4. අපුරු සතෙක් නොවැ

    ReplyDelete
    Replies
    1. ඔව් මේකා හරිම අපුරු එකෙක්.

      Delete
  5. ඇයි කොපමන කෑවත් ඇති නොවීම?

    ReplyDelete
  6. අයිලාෂ් වගේමලු මේකා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මන් තුමා ඒ වගේද රජෝ? අපේ ගෙදර කන්නාඩියක් නැති නිසා මන් තුමා මොනවගේද කියලා දන්නේ නැහැ.

      Delete
  7. අහ්හ්... අලුත් ගෙම්බෙක්..!!

    අනෙක් ගෙම්බන්ට හා සසඳන කල ජීවන චක්‍රයේ අවස්ථා අඩු වීම. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔය එන්නේ අදහස් ....

      Delete
  8. මම පෝස්ට් එකත් කියෝලා,පින්තූරෙත් බලලා,ක්මෙන්ට් ටිකත් කියෙව්වට පස්සෙ තමයි තේරුණේ මේ මොන ගෙම්බෙක්ද කියලා, වැරදුනා,, මොන මැඩියෙක් ගැනද කියන්නෙ කියලා.. :D

    ReplyDelete
    Replies
    1. හපෝ ඔයා ටියුබ් ලයිට් එකක්නේ.

      Delete
  9. මචෝ ගාමිණී කියන්නෙ ගෙම්බෝ වර්ග 120ක් කියලා නෙවෙයි. උභය ජීවීන් වර්ග 120ක් "පමණ" වෙනවා කියලයි.

    ඔය වර්ගය ගැන කතා නොකර ඉමු.

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ උභය ජීවින් තමයි, මම පොඩ්ඩක් මොඩිෆයි කළා. :D

      ඔව් බන් මුන් ගැන කතා කරලා වැඩක් නැහැ. නමුත් ප්‍රශ්නෙකට තියෙන්නේ මුන්ගේ ගහනය එන්න එන්නම වැඩිවෙන එක.

      Delete
  10. අනේ කාට හරි ගෙඹි කකුල් කන්න හිතක් පහල වේවා... එතකොටවත් වඳ වෙයි නොවෑ...

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක් බන්. ඕනෙනම් හලාල් ලේබලය ගහලා ගත්තත් කමක් නැහැ.

      Delete
  11. අපි මෙවයේ කොච්චර බණ කිවුවත් මේ ගෙම්බන්ව කර උඩින්මනේ දියවන්නාවට අරන් ගිහිල්ලා දාන්නේ..එහෙම දාලා අපි බලාපොරොත්තු වුදේ නොලැබෙනකොට උන්ව මරං කන්න හදනවා.. බොරුද මං කියන්නේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. එහෙමත් හිතන්න පුළුවන්.

      Delete
  12. පව් අනේ මැඩියට නිදහසේ ඉන්න ඇරපං..

    ReplyDelete
  13. මුන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා, පුදුම උභය ජීවින් තමයි මුන්.

      Delete
  14. මූ රතු දත්ත පොතේ ඉන්නවද බං???

    ReplyDelete
    Replies
    1. මේකාව නම් කවදාවත් රතු දත්ත තට වැටෙන එකක් නැහැ, මොකද මුන්ට කිසිම තර්ජනයක් නැහැනේ. මුන් සීග්‍රයෙන් වර්ධනය වෙනවා. නමුත් මුන්ව බෝ කරන උන් තමයි වඳවීමේ තර්ජනයට මුනපාලා තියෙන්නේ, ඒ නිසා උන් බෝකරන උන්වනම් රතු දත්ත පොතට වැටේවි, ළඟදීම.

      Delete
  15. අපි ඔක්කොම එකතුවෙලා මේ ගෙඹි වර්ගය රතු දත්ත පොතට යවන්න ට්‍රයි එකක් දෙන්න ඕනෙ අයිලාශ් අයියේ. කෝ උඹලා මේකුන්ව තවත් ප්‍රමෝට් කරනවා නෙව.

    ReplyDelete
    Replies
    1. ප්‍රමෝට් කළා නෙවේ රතු, මේ ආකාර වූ විනාශකාරී සත්ව කොට්ඨාශයක් එහෙට මෙහෙට පනිමින් ජිවත්වන බව පෙන්නුවා විතරයි.

      වෛරසයක් තුරන් කිරීමට කලින් එය ඇති බව දැනගත යුතු වෙනවා නේද? හැබැයි අපි මොනවා කිවත් මුන්ව බෝකරන වගේම මුන්ගෙන් පෝෂණය වන උන් බොහොමයක් ඉන්නවා.

      බොහොම ස්තුතියි අදහස් දැක්වීමට මලයෝ.

      Delete
  16. හික්.... කවුද බොලේ මේ ගෙම්බා.....

    ReplyDelete
  17. මාද්ධිය කියන පොල්ලෙන් කොච්චර ගැහුවත් ගොරෝසු හමට නොදැනීම තවත් එකක් නේද අයිලාෂ්?

    ReplyDelete
    Replies
    1. මොලේ ක්ෂිණවෙලා, සංවේදීතාව අඩු වෙලා නිසා ඕවා දැනෙන්නේ නැහැ AKM.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...