Tuesday, February 26, 2013

මොකෙන්ද ගත්තේ? මෙන්න උත්තරේ



ගිය සැරේ පොස්ට්  වන මොකක්ද හොඳ?  පොස්ට් එකේ අවසානයට පොඩි චැලේන්ජ් එකක් දුන්න නේ.  එක තමයි මේ දා ලා තියෙන ෆොටෝ දෙක අරගෙන් තියෙන්නේ මොන වර්ගයේ කමරවකින්ද? කියන එක.

ඔන්න අද එකට උත්තරේ දෙනවා. ඔය උත්තරේ බලන්න කලින් පොඩ්ඩක් කලින් පොස්ට් එක අපහු කියවලා බලන්න.

සමහර අයගේ උත්තර උනේ පලවෙනි එක bridge කැමරාවකින්,  දෙවෙනි එක DSLR  එකකින් කියලා, තවත් අය  ඔකේ අතීත පැත්ත කිවා. ඒ කියන්නේ පලවෙනි එක DSLR  කැමරාවකින්,  දෙවෙනි එක bridge එකකින් කියලා,  තවත් එක්කෙනෙක් කිව මේ දෙකම  bridge  කියලා.

chams කියලා තිබුනේ point and  shoot කියලා ,ඩුඩ් කියුවා point and  shoot හෝ ෆෝන් කැමරා කියලා. මේ දෙන්නගේ  ම පිළිතුරු  නිවැරදි ලෙස බාරගන්නවා. 

ඔය ෆොටෝ දෙකම Nokia C7 ෆෝන් කැමරා එකකින් ගත්ත ඒවා.


ඔන්න බලන්න ඔක තමයි මම කිවේ දැන් තියෙන හොඳ ෆෝන් කැමරා එකකින් point and shoot  කැමරා එකකින් තරමටම හොඳ ෆොටෝ එකක් ගන්න පුළුවන් කියලා.

නමුත් bridge  හෝ DSLR  වලින් ගත්ත එකක් උනා නම් මිට වැඩ ගුණාත්මක භාවයෙන් ඉහලයි. 

මේ ලිපි මාලාවෙන් කැමරා ගැන යම් අවබෝධයක් ලබා ගන්න ඇති නේ ඒවගේම දැන් ඔයගොල්ලන්ට කැමරාවක් මිලදී ගැනීමේදී, තමන්ට සුදුසු වර්ගය මොකක්ද? යන එක ගැන තීරණයක් ගන්නත් පුළුවන් කියලා හිතනවා. 

එහෙමනම් කැමරා වර්ග ගැන කතා කිරීම මෙතකින් නවත්වනවා. ඡායාරුප කරණයේ පදනම වන depth of field  එහෙම නැත්නම් ශේෂ්ත්‍ර ගැඹුර පිළිබඳව ඉදිරි ලිපියකින් සරල අවබෝධයක් ලබා ගමු.  depth of field එක පාලනය කිරීම ගැන අවබෝධයක් ලබා ගැනීම කලාත්මක ඡායාරුපයක් නිර්මාණය කිරීමට ඉතාම වැදගත්.

24 comments:

  1. WOW!

    Congratulations Chams!

    ඉතින් මොනවද තෑග්ගට දෙන්න හිතාගෙන ඉන්නෙ මචං? :)

    ReplyDelete
  2. තෑග්ගට [co="red"]depth of field[/co] ගැන පොස්ට් එකක් දෙනවා මචං.

    ReplyDelete
  3. YES!!!!

    Congratulations Dude! :)

    ඒ තෑග්ග හැර වෙන තෑගිත් තියෙයිද දන්නෙ නෑ නේද? නිකන් DSLR කැමරාවක් වගේ දෙයක් ;)

    ReplyDelete
    Replies
    1. මාත් හිතුවේ එහෙම තමයි Chams අඩුම ගානේ telephoto lense එකක් හරි නැතිනම් DSLR කැමරා කේස් එකක් වත් :D
      Chams අර කැමරාව දාලා තියන්න පුලුවන් dry box එකක් උනත් හොඳයි නේ?

      Delete
    2. ඇයි මම කලින්ම ඩිජිටල් කැමරාවක් නොන්මිලයේ දුන්නේ. නොමිලයේ ඩිජිටල්

      Delete
    3. හොඳයි හොඳයි Dude. telephoto lense එකක්, කැමරා කේස් එකක්, dry box එකක් එහෙමත් නැත්තන් මේ වෙලාවෙ හැටියට මට re-chargeable battery දෙකක් උනත් කමක් නෑ ;)

      Delete
  4. @ Cchams & Dude
    ඔන්න එහෙනම් දෙන්නටම මගෙන් තෑග්ගක්. ආයේ මොකුත් ඉල්ලන්න එපා.
    [im]http://3.bp.blogspot.com/-l3XfhwNMqo8/USxhtutNbOI/AAAAAAAABSE/rCpJAA0qcLo/s320/winner.jpg[/im]

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි අයිලාස්. ඔන්න මෙකෙන් ගත්ත ෆෝටෝ එකකුත් මේ එක්කම පහතින් දැම්මා.

      Delete
    2. ශා... ඩුඩ් නියමෙට ෆොටෝ එක ගහලා තියෙන්නේ. කැමරාව දුන්නට පාඩු නැහැ.

      Delete
    3. ෂා ලස්සන තෑග්ගක් :) ස්තූතියි අයිලාශ් අයියා. මාත් මේකෙන් ෆොටෝ අරන් වෙලාවක දාන්නම්කො :D

      Delete
  5. පොඩ්ඩක් ලිපිය සරල කරන්න. අපිට වචන සෙට් එක ආවෙනික නිසා.

    ReplyDelete
    Replies
    1. හැකි උපරිම අයුරින් සරල කරන්නම් නමුත් මේ depth of field කියන කොටස ඉතාම සංකීර්ණ වගේම ගැඹුරු කොටසක්. තනිකරම physics තියෙන්නේ. නමුත් ඒ හැම දෙයක්ම ඇත හැරලා ඡායාරුප සහිතව සරල ලෙස ඉදිරිපත් කරන්න උත්සහ කරන්නම්.

      ඔබගේ අදසසට ස්තුතියි.

      Delete
  6. මේ වගේ අඩවියක් හමු උන එක හොදයි. මමත් කැමරා ගැන හදාරන්න හිතාගෙන ඉන්නෙ. ගොඩක් හොද අඩවියක්. නිවාඩුපාඩුවේ කියවන්න බුක්මාර්කයක් දාගත්තා. දිනෙන් දිනම දියුණුව පතනවා.
    ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. පළමුවෙන් සාදරයෙන් පිලිගන්නවා. දිගටම පැමිණෙන්න.

      Delete
  7. Replies
    1. Fuji එකේ බැලුවේ නතුද? මමොයගේ කලින් කොමෙන්ට් එකට රිප්ලයි දීලා තිබුන විදිහට.

      Canon , Nikon, Sony, Fuji වගේ brands ඔයිට වඩා හොඳයි.

      Delete
  8. Depth of Field ගැන ලිපිය කියවන්න බලාගෙන ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඊළඟ ලිපියෙන් නෙවේ පැතුම්, එක දිගටම ෆොටෝග්‍රපි ගැන ලිව්වොත් මේක එපාවෙයි ඒ සබ්ජෙක්ට් එකට ආසා නැති අයට. ඒ නිසා පොඩ්ඩක් හිනාවෙන්න පුළුවන් ලිපියක් දාලා ඊට පස්සේ අපහු වැඩේට බහිමු.
      එහෙම හොඳයි නේද?

      Delete
  9. මන් ඔයට ප්‍රශ්නේ අහපු පෝස්ට් එක දැක්කේ නැහැනේ.:)

    ReplyDelete
  10. මේ තියෙන්නෙ මම nokia n900 phone එකෙන් ගත්ත ඡායාරූප ටිකක්
    [im]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-prn2/960059_126637210872682_497422211_n.jpg[/im]
    [im]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn1/p206x206/944405_126639494205787_703048175_n.jpg[/im]
    [im]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-frc3/p206x206/603456_126639750872428_1995181572_n.jpg[/im]
    [im]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash3/p206x206/936178_126639814205755_864961620_n.jpg[/im]
    මමත් හිරි කැමතියි සෞන්දාර්යාත්මක දේ කැමරාවට නගන්න කැමරාවක ්පිළිබඳව සිතමින් හිටියෙ. ඔබේ ලිපි පෙළ හරිම උපකාරයක් ඒ සඳහා.

    ReplyDelete
  11. mama camera ekakak ganna hithagena innewa,internet pura gihin hewa review baluwa,anthimata fujifil SL100,nikon p600/610,canon sx60hs, Sony h400 thoregaththa..zoom, 1080p vdo, best pics jpg raw compact,point and shoots camera thama balanne, thiland,china,singapure, ratewal welin thama enne...dealersla athuorizelagen ahala 41000 - 70000 price check kela,mama camera ansheyen igennna blaporothuwk naha..namuth samnya use kirima sadaha 40000 idela hode ekaka balenewa..me 3n hodema mokadda...fujifilm hode nadda...aduma ganeta 41000te thiyenewa,wada hoda canon ekeda, thiland china singapure badu hodeda...ganna hodema camera company eka mokadda...lankawe brand new,canon nikon fujifilm dealers authorized la kawde...koheda ganne? cmarealk,phototenica,ChelseyLK.com,mc wela camara ganne eka hodeda...?

    ReplyDelete
  12. Canon metropltan/abans kerenewa..
    fujifilm Hayleys PLC company yen keranne
    nikon phototecnica
    Sony siedels/singer

    me aygen wishwase kerela brand new, warranty, camera ganna hode company eka mokkada..? price eka no problem?

    made in japan/usa/uk wage hode ratewal welin camera lankaweta genna hode thanak nadda?
    me gana sampurna pahadili kirimak keranna..

    thanks

    pl help...soon reply...

    ReplyDelete
    Replies
    1. මමනම් ගත්තේ photo technica එකෙන්

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...