Friday, February 15, 2013

වැලන්ටයින් දිනයට පමණක් ද?

DSC_0015

මෙය මගේ ආදරණිය බිරිඳ වෙනුවෙන්ම ලියුවෙකි, වැලන්ටයින් දිනයට පසු මෙය පලකිරීමට අදහස් කලේ, ආදරය එක්  දිනයකට පමණක් සීමාකළ  නොහැකි  මෙන්ම, වානිජ්‍ය කරණයට ද හසුනොවිය යුතුය යන්න, මගේ විශ්වාසය බැවිනි.

මවෙකි ඔබ මට 
පියෙකි ඔබ  මට 
තවත් විටකදී 
සොහොයුරෙකි  ඔබ මට,
නැවත විටකදී 
සොයුරියකි  මා හට ....
මවෙත සිටිනා 
යහළුවත් ඔබමැය,
යෙහෙළියත් ඔබ මිස, වෙනත් කවුරුද?
මගේ මුළු ලොව ඔබ පමණි මට.
සසර වසනා තුරුම ලැබුමට
බිරිඳ ලෙස මගේ 
පතමි සැම  කල.




26 comments:

  1. ලස්සනයි, මටත් ඔය කොයි දේත් එක දවසකට විතරක් විශේෂයක් දීම ගැන කැමැත්තක් නැහැ, වැලන්ටයින් විතරක් නෙවෙයි,අම්මාවරුන්ගේ පියවරුන්ගේ දිනය පවා එහෙමයි... හරි ලස්සන පද පේළිය අයියණ්ඩියා
    ජය!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ශම්මි,
      ඔය හරි අපි වගේ ජාතියකට ඔය එක දිනයක්වත් ඕනේ නැහැ.

      Delete
  2. අයිලාෂ් මිතුර අදයි ඔබේ අඩවිය මා නෙත ගැටුණේ..බිරියට ලියු මේ කව අනර්ඝයි....දිනකට නොවේ හැමදාමත් කාගේත් හිත් වල මේ සිතුවිලි ඇතිවේවා.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා ඔබව නලින් මල්ලි. ඔබගේ අගය කිරීම ඉතාම වටිනවා.
      මම නම් ඉතින් සමකය වටේ කරක් ගහනවා, සමකය වටේ පළවුණා චන්දනගේ "කෝ .. කවිය.. කෝ.." කවියට මම ලියපු පිළිතුරු කවියත්, චන්දනගේ තවත් කවියකුත් ඔයා අපහු පොස්ට් කරලා තිබුනා මතකයි.

      Delete
  3. ඇත්තටම මේකයි වෙන්න ඕනේ! ආදරයට දින සිමාමයිම් දමා ගැනීම මෝඩකමක්!

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි මේ දේවල් මලට සිමා මායිම් නැහැ. මේ ඔක්කොම වෙන්නේ වෙළඳ ලෝකයට අහුවිමෙන්.

      Delete
  4. කවිය ගැන නං ඇත්තටම ලොකු දෙයක් කියන්න නෑ බං අවංකව කිව්වොත්.. ඒත් ඒකෙන් එන අදහස තමා හරිම වැදගත්,, උඹ හරිම අහිංසක මිනිහෙක් කියන එක...

    ReplyDelete
    Replies
    1. උඹ එක හරියටම් තේරුම් ගත්තා මල්ලියේ.

      Delete
    2. බලං ගියාම මේකා කාගෙත් අයියා නෙව.. හැක්...

      Delete
    3. එහෙම තමයි බොල. හැක... හැක... හික්...

      Delete
  5. බැඳලා වැඩි කල් නැතුව ඇති....

    ReplyDelete
    Replies
    1. අවුරුදු බරගානක් බන්.

      Delete
  6. උඹලා දෙන්නාටම මේ වගේම ආදරෙන් කුරුල්ලයි කිරිල්ලියි වගේ චිරාත් කාලයක් කීචි බීචි ගාමින් ඉන්න ලැබේවා. :)

    ReplyDelete
    Replies
    1. තැන්කිව් කිව්වා මචෝ.

      Delete
  7. එක වහලක් යටට වුනාට පස්සෙ දෙන්න දෙමාල්ලන්ට ඉතිං තම තමන්ම තමා.

    ඔය වැලන්ටයින් කියල රටේ වෙන දේවල් දැක්කම හොඳටම පේනව මේක විකුණන මිනිස්සුන්ගෙ ව්‍යාපෘති ඇරුනම ඊට වැඩි දෙයක් නෑ එතන. තම තමන් ආදරය කරන අය සමඟ සතුටින් ඉන්න, ඒක සමරන්න විශේෂ දිනයක් අවශ්‍ය නැහැ වගේම ඒක සමරන්න අනුන්ගෙ ව්‍යාපෘතිවලට ජැක් ගහන්න යන්න ඕනත් නැහැ.

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණයෙන්ම එකයි ඔබත් එක්ක.
      ස්තුතියි කොමෙන්ටුවට.

      Delete
  8. උපදින උපදින හැම ආත්මෙකදිම ඇය ඔබේම වෙන්න කියල මමත් ප්‍රර්ථනා කරනවා, අයිලා...!!!

    ReplyDelete
    Replies
    1. පළමුවෙන්ම ඔබව සාදරයෙන් පිලිගන්නවා, ඔබට ස්තුතියි පැතුම්..

      Delete
  9. වටින අදහසක් ...... මම නම් ඉතින් ඔව්වා ගැන වැඩිය දන්නේ නෑ :) ඇත්තටම කිව්වා වගේ අපේ රටට දවස් වෙන් කරන්න ඕනේ නෑ

    ReplyDelete
  10. හැමදේම සමරන්න දිනයක් ඕනෙම නැහැ තමා. වාණිජකරණයට ඒවා හසුවෙලා ව්‍යාපාරිකයන්ගේ පහසුවට ඒවා දිනයකට සීමා කරලා. අන්තිමට මිනිස්සු අන්දනවා උන් මඩිය තර කරගන්න

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට අන්දන්න ඕනේ නැහැ, මාධ්‍යයෙන් පෙන්නුපු ගමන් ඇඳගන්නවා. අපේ රටේ තියෙන සදාචාරයක් නැති පින්තුර නාලිකා (oh අලුත් වචනයක් නේද? අර අනික් නම කියුවොත් එකත් එක නාලිකාවකට ප්‍රචාරයක් වෙනවා.) සහ FM නාලිකා තමයි මේ රට කන්නේ.

      Delete
  11. හරිම ලස්සනයි..ඒ වගේම ආදරණීය බිරිඳව ආදරයෙන් වටහාගෙන පද බැඳපු ආදරණීය සටහනක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ලිහිණි මේ පැත්තේ ගොඩවුනාට, ඔයාව සදරෙයෙන් පිලිගන්නවා.
      ලිහිණිගේ කොමෙන්ට් එක අගේ කරනවා.

      Delete
  12. හ හා... අපට මොන වැලන්ටයින් ද? තව ටික කාලෙකට මෙහෙමම හොඳයි වගේ...
    ම්ම්ම්...කවිය ගැන නම් මට කියන්න තියෙන්නෙ අයිය වගේ හස්බන්ඩ් කෙනෙක් ලැබුණු අක්කා වාසනාවන්තයි කියල තමයි..!!!

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...