මාත් එක්ක එකතු වෙන්න

Friday, February 8, 2013

නොමිලයේ ඩිජිටල් කැමරාවක්


මෙන්න නොමිලයේ ඩිජිටල් කැමරාවක් , මං  තුමාගේ ෆොටෝ සිහිනය පොස්ට් එක කියවපු ගොඩක් දෙනෙක් ගේ සිහිනයක් උනෙත් DSLR එකක් ගන්න එක කියලා තමයි කොමෙන්ට් වල තිබුනේ. ඔන්න ඒ හින්ද මං  තුමා ඕගොල්ලන්ට ඇතිවෙනකල් ෆොටෝ ගහලා ඉගෙනගන්න පුළුවන් විදිහේ camera simulator එකක්  නෙවේ දෙකක්ම ගෙනාවා.

මේ simulator එකේ තියෙන settings  මාරු කරමින් ෆොටෝ අරන් බලන්න.  මේකෙන් ඔයාලට aperture, shutter speed, ISO, Focal Length of the lens, Camera to subject distance,  hand held and tripod mounted shots කියන දේවල් වලින් කොහොමද ෆොටෝ එකට බලපෑමක් වෙන්නේ කියල බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙවේ මේ settings මාරු වෙනකොට Exposure, Depth of Field, Motion blur and Noise  කියන දේවල් වෙනස් වෙන්නේ කොහොමද කියල තේරුම් ගන්න උත්සහ කරන්න.

DSLR එකක් ගත්ත දවසට කැමරා එක වැඩිය මරවන්නේ නැතිව ෆොටෝ ගහන්න මේක හොඳ අභ්‍යාසයක් වෙයි. එහෙනම් පටන් ගන්න. අහන්න දෙයක් තියෙනවනම්අහන්න.







57 comments:

  1. ඊයේ මම ඕක පොඩ්ඩක් ටෙස්ට් කළා! එල නේ!

    ReplyDelete
    Replies
    1. සැහෙන්න දෙයක් ඉගෙනගන්න පුළුවන් ඕකෙන්?

      Delete
  2. Replies
    1. මම මේ කැමරා ගැන ඉගනගණන් ගොඩක් උනන්දුයි. මොකද මම පාවිච්චි කරන්නේ Nikon 5100 එකක් උනත් මට ඉගනගණන් තවත් බොහෝ දේ තියෙනවා රාජකාරිත් එක්ක ඒ සඳහා කාලය වැයකිරීමට ඇති අපහසුතාවය ගැන තැවී තැවී උන් මට මේ පෝස්ටුව මසුරන්වටිනවා මම මේක බුක්මාර්ක් කරගත්තා හොඳේ. එකෙන්ම සුපිරියි.

      Delete
    2. මම පාවිච්චි නරන්නෙත් D5100 එකක්ම තමයි. photography ගැන පොස්ට් දෙකතුනක් දන්නා හිතාගෙන ඉන්නේ.

      කෝරලේ මහත්තයා පාවිච්චිකරන ලෙන්ස් මොනවද?

      Delete
    3. එලම අදහසක් තමයි ඒක. මම ඔය කැමරාව පාවිච්චි කොරාට ඉගනගන්න දේවල් ගොඩක් තියෙනවා.
      18-55,70-300,18-200 හිතන් ඉන්නවා ෆිෂ් අයි එකක් ගන්න කොහේද ආර්ථිකේ කියන හෙනහුරා තමයි කරුමෙට ඉන්නේ. නමුත් උත්සාහය අතාරින්නෙ නැහැ. 18-200 එක තමයි වැඩියෙන්ම වටින්නේ වගේම නිතරම පාවිච්චි කරන්නෙත්. ලෙන්ස් මාරුකරන කරදරෙන් බොහෝදුරට නිදහස්.

      Delete
    4. මගේ ළඟ නම් තියෙන්නේ 18-55, 55-300 විතරයි. ඩුබායි වල කැමරා සහ උපාංග මිල අඩුයි නේද?

      Delete
    5. තරමක් දුරට තමයි අයියේ

      Delete
  3. අය්යා එදා කියපු විදියට කරා..දැන් හරි..රොම්බ තෑන්ක්ස් අය්යා..... අය්යා nikon D3100 එකෙන් කලර්ස් ‍ෆිල්ටර් කරල ගන්න පුලුවන්ද????

    ReplyDelete
    Replies
    1. ඕකට කියන්නේ 'selective colour' කියලා. මම දන්නා විදිහට ඔය ඔප්ෂන් එක මුලින්ම අවේ D5000 එකේ.

      මගේ D5100 එකේනම් තියෙනවා, මම ගොඩක් කැමති ඔප්ෂන් එකක්.

      Delete
    2. අය්යො..එ කියන්නෙ 3100 එකෙන් ගන්න බැරුව ඇති නෙද???ගත්ත එවානම් එඩිට් කරන්න පුලුවන්..

      Delete
    3. Photoshop වල පිහිට තමයි.

      Delete
  4. Replies
    1. ගහලා බැලුවද ෆොටෝ ටිකක්?

      Delete
  5. හි හි ... මාත් ෆොටෝ ටිකක් ගහල බැලුව ඔන්න. ස්තූතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. ඕකෙන් හරි කල්පනාවෙන් ෆොටෝ ගැහැව්වොත් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. මොකද ආයේ සල්ලි යන එකක් යෑ.
      ස්තුතියි ඔබටත් අප සමග එක්වෙනවට .

      Delete
  6. බොහොම ස්තූතියි අයියේ. සිරාවටම සෑහෙන්න වටිනවා මේකනම්. DSLR නැති අපිට අත්දැකීමක් ගන්න හොඳ අවස්තාවක්. ඉක්මනටම ෆොටෝග්‍රෆි ගැන පෝස්ට් ටික දාන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියා.

      Delete
  7. මොකවත්ම නොදන්න අපිට නං මරේ මරු

    ReplyDelete
    Replies
    1. මේල්ලුවක් දැම්මා දැක්කද

      Delete
    2. ඕකෙන් ෆොටෝ ගහලා ඉගෙන ගනින්. සල්ලි යන්නේ නැහැනේ.

      මේල් එක දැක්කා. උඹේ ෆෝන් එක ගන්න බැහැ. ප්‍රතිචාරයක් නොමැත කියනවා.

      Delete
    3. අටම් අයියටද ගත්තෙ, චාරයක් නෑ කියනවද ?????

      හරියට හරි ... හරියට හරි.

      Delete
    4. අනේ මන් දන්නේ නැහැ, ගන්න ගන්න සැරේ අනික් පැත්තේන් ගැනු කටහඬකින් කියනවා " චාරයක් නොමැත"

      හික් හික් ......

      Delete
  8. Very informative. I too am interested in photography but know nothing.I tested it and very interesting. I bookmarked your blog.Waiting to read posts on photography.

    ReplyDelete
    Replies
    1. First of all I welcome you.
      Thanks for your comment. I will post some photographic tips.

      Delete
  9. මේක නම් එල ඈ.... මාත් ෆොටෝ ටිකක් ගහල බැලුවා. බුක්මාර්ක් එකකුත් දා ගත්තා.....

    ReplyDelete
    Replies
    1. කොහොමද ෆොටෝ ගැහිල්ල.
      ඔකේ තියෙන සෙටින්ග්ස් වලින් එකක් විතරක් වෙනස් කරමින් ෆොටෝ ගන්න. එතකොට සිදුවෙන වෙනස්කම් නිරීක්ෂණය කරන්න. ඉන් පසු වෙනත් සෙටින්ග් එකක් ඒ විදිහට වෙනස්කරමින් ෆොටෝ ගන්න.

      එතකොට ඔය දේවල් ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්.

      Delete
  10. කෝ මචං සිමියුලේටර් එක වැඩ කරන්නේ නෑනේ. අනිත් හැම එකාම Emporor's Nw Clothes කතාවේ වගේ මාරයි, එලයි කියනවා
    |Flash Player 11 install කලා

    ReplyDelete
    Replies
    1. අය්යෝ පවු ඩුඩ්.

      දෙකෙන් එකක් වත් දදකරන්නේ නැත්ද මචං. ෆ්ලෑෂ් 10 තිබුනම ඇති. මම හිතන්නේ ෆ්ලෑෂ් 9 එක්කත් වැඩකරනවා.

      මොකක්ද එන error එක?

      Delete
    2. නෑ මචං කලු කො‍ටු දෙකක් තියෙනවා. උඩ එකේ කෙයන නිසාම Flash Player 11 ඉන්ස්ටෝල් කලා. ඒක රනිං කියලා පෙන්නනවා. නමුත් කො‍ටු දෙක උඩ ක්ලික් කලත් එහෙමම ගල් වෙලා තියෙන්නෙ.

      Delete
    3. ඉන්ටෙර්නෙට් එකේ ස්පීඩ් එක කොහොමද?. අඩු වෙන්න විදිහක් නැහැනේ. ඔය මගුල විසිකරලා අලුත් ලැපක් ගනින් ඩුඩ්.

      Delete
    4. වෙන කොම්පුටෙර් එකකින් ට්‍රයි කරලා බලපන්.

      Delete
    5. අඩෝ මේක ෆුල් ඔප්ෂන් එකක්. හැබැයි මේ ලඟකදි ඉඳලා මෙහෙ යූ ටියුබ් එහෙම ලෝඩ් වෙන්නෙ නැති උණක් තියනවා

      Delete
    6. මේ හෙන්රි අයියා හද්ද ඩොටේ කරවල වාඩියක් පැත්තෙනේ ඉන්නෙ, ඒකවෙන්ටැ.

      ඇයි දෙයියනේ ඔය යස අගේට වැඩ කරන්නෙ.

      Delete
    7. මටත් හිතෙන්නේ එහෙමයි මලයෝ, හෙන්රියා ඉන්නේ කරෝල වැඩියක වගේ. හිකිස්....

      Delete
    8. මොකද මේ ඩුඩා ගේ කොමෙන්ටුවට උනේ? ඔන්න ඊ මල්ලේ තිබ්බ එක මෙතනට දැම්මා.

      Dude has left a new comment on your post "නොමිලයේ ඩිජිටල් කැමරාවක්":

      අඩෝ මේක ෆුල් ඔප්ෂන් එකක්. හැබැයි මේ ලඟකදි ඉඳලා මෙහෙ යූ ටියුබ් එහෙම ලෝඩ් වෙන්නෙ නැති උණක් තියනවා

      Delete
    9. හරි.. හරි.. මචන්, DDT කිව්වා වගේ කරෝල වාඩියක තමයි උඹ ඉන්නේ, දැන්නම් ෂුවර්.

      Delete
  11. අඩේ අප්පා අදනේ උඹව හවු උනේ.. කලින් මං බලපු වෙලාවක බ්ගොගේ තිබ්බේ නෑනේ. බං.. මට නං හෙන ඉන්ටරෙස්ටින් ඔය ගැන. ඒත් දුක තමා රංජනී බඩු නෑ නේ...

    ReplyDelete
    Replies
    1. හමුවීම සතුටක් මල්ලියා. මමනම් උඹේ දේශනා අහන්න ඒ පැත්තේ ගෙදවෙනවා.

      දුක්වෙන්න දෙයක් නැහැ කොල්ලෝ ගහන්න බඩුවක් හිමින් සැරේ ගමු, එතකල් මේකෙන් ගහලා පුරුදු වෙයන්.

      Delete
  12. මම ආස කරන වැඩක්නෙ ෆොටෝ ගැහිල්ල. අයිලාස්ව හම්බුනේ නියම වෙලාවට.

    ReplyDelete
    Replies
    1. හමුවිම සතුටක්. පළමුව සාදරයෙන් පිලිගන්නවා. මමත් කම්මල පැත්තේ ගියා. වහලා වගේ ?

      Delete
  13. මාර ආතල්. සෙටිංස් හදන්න දන්නෙ නෑ. ආතල් එකට ගැහුවා... :P

    ReplyDelete
    Replies
    1. යසිත් මල්ලි, ඔය slide bar වල තියෙන්නේ එක එක settings එකක් වෙනස් කරලා ෆොටෝ ගහලා බලන්න, ෆොටෝ වල සිදුවෙන වෙනස්කම් තේරුම් ගන්න බලන්න. පස්සේ දවසක ඔය settings ගැන කතා කරමු.

      Delete
  14. අපේ මලයා ෆොටෝ ගැපරයෙක් නිසා ඒකාට පෙන්වන්නම්...

    ReplyDelete
    Replies
    1. හොඳයි... හොඳයි,සිරාත් ෆොටෝ ටිකක් ගහලා බැලුවද?

      Delete
  15. DSLR කැමරාවක් ගන්න හිතේ තියෙනවා අයියා. සාමාන්‍යයෙන් මගේ වැඩ කටයුතුවලට [ඒ කිව්වේ ඔය ඉතිහාස වැඩනේ. ස්මාරක වගේ පරණ කියන දේවල්වලනේ ෆොටෝ ගැහිල්ල කරන්නේ] හොඳ, සාක්කුවටත් ගැටලුවක් නොවෙන හොඳ වර්ගයේ කැමරාවක් විදිහට මොන වගේ එකක්ද හොඳ ?

    ReplyDelete
    Replies
    1. කෙලින්ම උත්තරයක් දෙන්න අමාරුයි.

      DSLR එකක් අවම වශයෙන් රු 75000/- විතර වෙනවා. 18-55 මි.මි. ලෙන්ස් එකත් එක්ක.

      එහෙම නැත්නම් bridge එකක් ගන්න පුළුවන් ඉට වැඩ අඩුවෙන්. නමුත් ෆොටෝස් enlarge කරනකොට 10"X 1 2" වගේ ප්‍රමාණ වලට sharpness එකේ ප්‍රශ්න තියෙන්න පුළුවන් වගේම ලෙන්ස් මාරු කරන්න බැරි නිසා ඒ සිමාවේ හිර වෙනවා.

      ඊ ලඟට sensor ගැන සහ bridge vs DSLR ගැන කීපයක් දන්නා හිතාගෙන ඉන්නේ.

      ඔයාගේ ෆෝන් නම්බර් එක මට මේල් කරන්න ayilas419@gmail.com වලට මම වැඩි විස්තර කියන්නම්.

      මන් තුමාගේ ෆොටෝ සිහිනය කියන පොස්ට් එකත් කියවලා බලන්න.

      Delete

  16. අනේ අයිලෂ් ඔයාගේ අර පොලිස් පෝස්ට් එකෙන් පස්සේ ඔක්කොම පෝස්ට්
    මට මග ඇරිලනේ ..ඉන්නකෝ මුලක ඉඳන් කියවන්න..මගේ එකෙත් මේ
    සිමිව්ලේටර් එක නම් වැඩ නැහැ , ඒත් හිතා ගත්තැකි වෙන දේ නම්...

    ReplyDelete
    Replies
    1. ඔයාගෙයි ඩුඩ් ගෙයි විතරයි මේ සිමුලේටරේ වැඩකරන්නේ නැත්තේ. මේ පැත්තේ අව එකට ගොඩක් ස්තුතියි සහන්.

      Delete
    2. වැඩ වැඩ වැඩ එලට වැඩ ....

      මෙතන පොළොව නම් පට්ට ඇදයි අයිලෂ් අයියේ..
      සාර්ථක පොටෝ එහෙකට අනිවාර්යෙන්ම පොලොව
      ඇද නැති වෙන්න ඕනේ...

      අනිත් එක ඔය ඉන්න කෙල්ලත් එක විදිහකට ඉන්නේ නැහැ .
      ඔය වගේ වැරදි කීපයක්ම මෙතන තියෙනවා..ඉර එළියත්
      හරි නැහැ ...

      කරුණාකරලා ඒ වැරදි කීපය නිවැරදි කරන්න...

      විශේෂෙන්ම පොලොව ..D

      Delete
    3. මල්ලි පොලවේ ඇදේ ප්‍රශ්නයක් වෙන්නේ නටන්න බැරි එකාට, ෆොටෝ ගහන්න බැරි එකාට නෙවේ.... හික්ස්


      Delete
  17. Good job !!! I'm also interested on photography. It was one of my dreams to buy a good camera. Right now I have a Canon Rebel 3T with 18-55 mm lens and 70-300 mm lens. Your posts are educational, because I didn't have much knowledge on that side. Keep up the good work ! BRAVO !!!

    ReplyDelete
    Replies
    1. Thanks for visiting my blog අමා. Keep on visiting I අමා planning more posts on photography. you may visit all post under ඡායාරුප කරණය.

      [im]http://www.imaging-resource.com/PRODS/T3/ZYFRONT-MD.JPG[/im]
      3T is the first DSLR I used. Good luck

      Delete
  18. මේකර රොම්බ තෑන්ක්ස් කියටන්න වචන නෑ. මම මේ ෆොටෝග්‍රැෆි ගැන තියන ටික පිලිවෙලකට කියෝන ගමන්. ඔක්කොම කියෝලා කමෙන්ටුවක් දානවා කියලා හිතාගෙන හිටියට මෙතනදිත් දාන්නම හිතුනා. දෙයියනේ කියලා ඊයේ පලවෙනි ප්‍රොෆිෂනල් කැම් එක ගත්තා. ආයෙත් ටැනික්වි මේකට.

    ReplyDelete
    Replies
    1. මේකෙන් ගොඩක් දේවල් දැනගන්න පුළුවන්.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

************ *************