මාත් එක්ක එකතු වෙන්න

Tuesday, February 19, 2013

කැමරාවේ Sensor Format සහ Crop Factor


කලින් පොස්ට් එකෙන්  අපි  කථා  කලේ ඩිජිටල් කැමරා බොඩි එකේ  තියෙන වැදගත්ම කොටස වන Image Sensor  එක ගැන.  බලන්න බැරි උනානම්  මෙතනින් ගිහින් බලන්න. 


ඒ පොස්ට් එකට කොමෙන්ට් කරපු දේශකයා කියලා තිබුනා සෙන්සර් ෆොර්මැට් එක ගැන චාර්ට් එකක් දෙන්න කියලා , එහෙනම් මේ චාර්ට් එක බලන්නකෝ.


පින්තුර  අංක 1




ඒ පොස්ට් එක ඉවර කලේ , Image  Sensor  එකටම අදාළ  වන Crop Factor  එක සහ Focal  Length  Multiplier කියන දේවල් ගැන ඊළඟ සැරේ කතා කරමු කියලා නේ ඔන්න එහෙනම් අද ඒ ගැන බලමු  ඔය ඉහල තියෙන chart  එකේ බලන්න අන්තිමට තියෙනවා crop factor  එක කියලා ඒ, ඒ සෙන්සර් ෆොර්මැට් වලට අදාලව.


මොකක්ද මේ crop  factor  එක ?


මෙන්න මේ විදිහට  සරලව හිතන්න,  දැන් අපි දන්නා විදිහට full frame  කියන සෙන්සොර් ෆොර්මැට් එකනේ ලොකුම, ඉතින් අපි හිතමු යම් ඡායාවක් ඔය full  frame  සෙන්සොර් එකට වැටෙනවා කියලා,  දැන් අපි ඊට වඩා කුඩා සෙන්සර් එකක් ඔය full frame  සෙන්සර් එකේ මැදින් තිබොත් ඒ සෙන්සොර් එකට වැටෙන්නේ මුල් ඡායාවෙන් කොටසයි නේද?  අන්න ඒ වැටෙන කොටසට අපි කියනවා cropped image එකක් කියලා. ඔන්න ඔය crop  වෙන ප්‍රමාණය තමයි crop factor  එක කියන්නේ, බලන්නකෝ මේ පහල තියෙන පින්තුරය. මම ගත්ත ෆොටෝ එකකට ඔය sensor formats  ටික දැම්මා. (මේ ෆොටෝ එකම දාන්න හේතු උනේ ලිහිණි කියලා තුබුණා රැට  මොන ෆොටෝග්‍රපි ද කියලා. ඔන්න බලන්න ලිහිණි රැට ෆොටෝ ගන්න පුළුවන්)

පින්තුර  අංක 2



දැන් වැඩේ පැහැදිලියි නේද? මුළු ෆොටෝ එක full  frame  නම් ඊට වඩා අඩු formats  වලදී අපිට ලැබෙන image  එකේ අඩුවක් වෙනවා. මෙන්න මේ අඩු වන ප්‍රමාණයට තමයි crop එක කියන්නේ. දැනට මේ ඇති ඉතිරි ටික ගැන කතා කරන්න කලින් Focal  Length  Multiplier එක ගැන ටිකක් අවබෝධ කරගමු.


 Focal  Length Multiplier 

දැන් බලමු මොකක්ද මේ Focal  Length  Multiplier කියන්නේ කියලා. හොඳයි එක අවබෝධ කරගන්න මෙන්න මේ විදිහට හිතන්න.  ඔය කලින් තියෙන ෆොටෝ එක බලන්න එකේ තියෙන four-third  කියන සෙන්සර් ෆොර්මැට් එකට අදාල කොටස බලන්න. එතන ලකුණු කරලා තියෙනවා 2x  කියලා, ඒ තමයි ඒ සෙන්සර් එකේ crop factor  එක.

හොඳයි දැන් අපි හිතමු four-third සෙන්සර් එකක් තියෙන කැමරාවකින් 50mm  ලෙන්ස්  එකක් දාලා ගත්තොත් ලැබෙන ෆොටෝ එක තමයි ඔය කොටුවෙන් සටහන් කරලා තියෙන කොටසින් පෙන්නේ කියලා.   නමුත් full  frame කැමරා එකකට 50mm  ලෙන්ස් එකක් දාලා ෆොටෝ එකක් ගත්තොත් ඔය මුළු ෆොටෝ එකේ තියෙනවා වගේ කොටසක් ලැබෙනවා.

 හොඳයි දැන් full frame  එකකට අර four-third එකක් 50mm  ලෙන්ස් එක දාලා ගත්තා වගේ කොටසක් විතරක් ගන්න ඕනේ නම් කරන්නේ වෙන්නේ මොකක්ද? අර crop factor එකෙන් 50mm  වැඩිකරන්න වෙනවා  50mm  x  2.0 = 100mm  ඔන්න උත්තරේ. ඒ කියන්නේ full frame  එකට 100mm  ලෙන්ස් එකක් දාන්න වෙනවා ඒ වගේ එකක් ගන්න.  ඒ නිසා මේ crop factor එකට Focal  Length  Multiplier කියලත් භාවිතා  කරනවා.

ටිකක් විතර මොලේ කචල් වෙනවා නේද? ඔන්න ඔය අපිට මොලේ ටිකක් කචල් වෙන එකේ වාසිය අරගෙන තමයි කැමරා නිෂ්පාදකයෝ bridge කැමරා වලට super zoom  එකක් තියෙනවා කියලා කියන්නේ.

පින්තුර  අංක 3


ඔය තියෙන්නේ Fuji HS20 කියන bridge  කැමරා එකක් බලන්න ඔය ලෙන්ස් බැරල් එකේ සටසන් කරලා තියෙන දත්ත. එක පැත්තක  Equl 135 කියලා 24mm  - 720mm  වෙනකල් zoom  range එකක් සටහන් කරලා තියෙනවා. නමුත් අනිත් පැත්තේ තමයි නිවැරදි  focal  length  එක තියෙන්නේ එක 4.2mm  - 126mm  මේ කැමරා එකේ  crop  factor එක 5.71 ඉතින් අර 4.2mm x 5.71 = 24mm  වගේම 126mm  x 5.71=720mm . ඔන්න ඔය කොම්පුටර් ජිල්මාල් එක දාල නිෂ්පාදකයා කියනවා 135 equal 24 - 720 zoom  එකක් තියෙනවා කියලා. නමුත් මේකේ ඇත්තටම තියෙන්නේ 4.2 -126 zoom  එකක් නමුත් මේ කැමරා එකේ තියෙන sensor  එක කුඩා එකක් නිසා අර  crop  factor එක හේතුවෙන්,  මිමි 35 කැමරාවක් භාවිතා කරනවානම් මිමි 720 ක ලෙන්ස් එකකින් ගන්න ෆොටෝ එකක් මිමි 126 ගන්න පුළුවන් වෙලා තියෙනවා.


දැන් අපි අපහු අර පින්තුර  අංක 2 වෙත යමු. දැන් මෙතැනදී ඕගොල්ලන්ට ප්‍රශ්නයක් වෙනවා කුඩා සෙන්සර් එකක් තියෙන කැමරාවක් භවිතා කරනකොට අපිට 35mm  කැමරාවකින් ගන්න කොටසක් අහිමි වෙනවා නේද කියලා. නැහැ එහෙම වෙන්නේ නැහැ. එකට නිෂ්පාදකය කරන්නේ  crop factor  එකට අනුව අඩු focal  length  එකක් තියෙන ලෙන්ස් එකක් නිෂ්පාදනය කිරීම.

නැවත උදාහරණයක් බලමු. අපි හිතමු ඔය ෆොටෝ එකේ තියෙන්නේ හැම සෙන්සොර් එකක්ම 50mm  ලෙන්ස් භාවිතයෙන්  ගත්ත ඒවා කියලා. දැන් අපි බලමු කොහොමද මේ කුඩාම සෙන්සර් එක තියෙන කැමරාවට ඔය සම්පුර්ණ image එකම ගන්නේ කියලා. මෙන්න  ක්‍රමේ  ඔය සෙන්සර් එකේ crop  factor එක 5.7 නේ? ඉතින් 50/5.7=8.7mm  දැන් ඔය කැමරා  එකට යොදනවා 8.7mm  ලෙන්ස් එකක් එතකොට full frame එකේ 50mm  එකට අහුවෙන  කොටස ගන්න පුලුවන් .


FX format & DX format


DSLR  කැමරා වලදී Full  Fame (FX format) කැමරා වලට සහ APS-C (DX format) කැමරා වලට වෙන වෙනම ලෙන්ස් වර්ග නිෂ්පාදනය කරනවා. මෙහිදී APS-C (DX format)  සෙන්සර් භාවිතා වන කැමරා වලට අර මුලින් කියුවා වගේ crop  factor  එක බාවිතා කරලා අඩු focal length  එකක් තියෙන ලෙන්ස් භාවිතා කරන්නේ නැහැ. එතැනදී නිෂ්පාදකය focal length එක වෙනස් නොකර ලෙන්ස් එකේ field  of  view  කියන කෝණය වෙනස් කරමින් අදාල format  එක වෙනුවෙන් ලෙන්ස්  නිෂ්පාදනය කරනවා.






මෙම ලෙන්ස් වර්ග වලින් Full  Fame sensor වලට අදාළ FX format වර්ගය මිල අධික වන අතර එම ලෙන්ස් APS-C sensor සහිත කැමරා බොඩියක් සමග භවිතා කල  හැකි උවද,  APC sensor සහිත කැමරා වලට අදාළ DX format සහිත ලෙන්ස් Full  Fame කැමරා හන්දහා බාවිතා කල නොහැක. එහෙ භෝවිත කළහොත් වන්නේ Full  Fame සෙන්සර් එකෙහි APS-C  කොටසේ පමණක් ඡායාව සටහන් වන නිසා  ඡායාරුපය වටේ අඳුරු පැහැති  වලයාකාර කොටසක් පෙනීමයි.


සාරාංශය:
මේ පොස්ට් එක  ටිකක් බර සාර වැඩි වගේ හිතෙනවා. ඒ නිසා මේ සාරාංශය බලන්න මේ ටික හිතට ගත්තොත් ඒ ඇති. 


  • සෙන්සර් ෆොර්මැට් එක විශාල වන විට image quality  එක වැඩි වෙනවා.
  • Mega Pixel ගනනට  වඩා වැදගත් වන්නේ සෙන්සර් ෆොර්මැට් එක
  • විශාල සෙන්සර් ෆොර්මැට් එකක් සමග වැඩි Mega Pixel ගණනක් තියෙන විට image quality  එක වැඩි වෙනවා.
    • උදා:  APS-C  sensor  එකක් සහ 10 Mega  Pixel  සහිත කැමරාවකට වඩා  APS-C sensor  එකක් සහ 16 Mega  Pixel  සහිත කැමරාවකින් ගන්නා ෆොටෝ වල quality  එක වැඩි වේ.
  • සෙන්සර් ෆොර්මැට් එක කුඩා වන විට ඊට සාපේක්ෂව ලෙන්ස් එකේ Focal Length  එක හෙවත් නාභි දුර අඩුවෙන් භාවිතා කල හැක.  මේ නිසා bridge  කැමරා වලට අඩු මිලකට වැඩි Zoom  range එකක් ලබාදීමට හැකි වී ඇත.




27 comments:

  1. ඔයි පාර මම හැමඒකාටම බෙදනවා මේ ටික... ඔබ වගේ අය තමා මෙතන ඉන්න ඕන.. ඒ කියන්නේ මම කලිනුත් කියල තිබුනා කොහේද මන්ද මතක නෑ.. බ්ලොග් ලෝකේ වෘත්තිකයන් වැඩි පුර ඉන්න ඕන කියන එක. ඒකෙන් තමා අපිට දැනුම ගන්න පුළුවන්.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. තව කෙනෙක් මේ දැනුම ගන්නවනම් එක ලොකු සතුටක් දේශකයෝ.

      අර සෙන්සර් ෆොර්මැට් චාර්ට් එක හොඳයි ද?

      Delete
  2. ටිකක් එක පාරටම විශයට එන්ටර් වෙන්න අපහසුයි. නමුත්, මා භෞතික විද්‍යාවට කැමැතියි. එම නිසා මෙම ක්ෂේත්‍රයට ද ඇලුම් කරමි. වෙනසක් දැනෙන්නේ අලුත් වචන සෙට් එකක් නිසා. කාලයක් යනවිට හරියාවි. හැකි සෑම විටම සරල කරන්නත් බලන්න....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් වචන සෙට් එක තමයි ටිකක් වෙන්න ඕනේ. ඔහොම යන් ... හොම යන් ...

      Delete
  3. කලින් පෝස්ට් එකට වඩා මේක ටිකක් සංකීර්ණයි වගේ.නිවාඩු වෙලාවක ආයෙත් කියවන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් ඔයාවත් පළමුවෙන් සාදරයෙන් පිළිගත්තා. දිගටම එන්න

      මේක ටිකක් මොලො අවුල් වෙන විදිහේ පොස්ට් එකක්. වැඩිය හිතට ගන්න එපා. මවෙ ටික විතරක් ඇති

      1. සෙන්සොර් ෆොර්මැට් එක ලොකුවෙන තරමට image quality එක වැඩිවෙනවා.

      2. mega pixel වලට වඩා වැදගත් වෙන්නේ sensoer format එක

      3.. ලොකු sensor format එකක් එක්ක වැඩි mega pixel ගණනක් තියෙනවානම් හොඳයි.

      4. sensor format එක කුඩා වෙනකොට ඊට සාපේක්ෂව lens එකේ focal length එක හෙවත් නාභි දුර අඩුවෙන් භාවිතා කල හැක.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. දැන් නම් ඔන්න හොඳටම පැහැදිලියි :) ස්තූතියි මේ පැහැදිළි කිරීමට අයිලාෂ්.

      Delete
    4. ඔය 1,2,3,4 ප.ලි. යට දාන්න අයියේ. එතකොට නොතේරෙන කෙනෙක්ට තේරුම් ගන්න පහසුයි....

      Delete
    5. ඔන්න සමනලී කියපු විදිහට කළා.ස්තුතියි ඔබේ අදහසට සමනළියේ.

      Delete
  4. හම්බෝ..පොටෝ ගැහිල්ල ලේසි වුනාට ඒ ගැන ඉගෙන ගන්න එක ලේසි පහසු දෙයක් නෙමෙයිනේ බලාගෙන ගියාම

    ReplyDelete
    Replies
    1. කලින් කොමෙන්ට් එකේ රිප්ලයි එක බලන්න පැතුම්.

      ඇත්තම කියනවනම් පැතුම් DSLR එකක ශටර් එක ඔබන්න වඳුරෙක් පුරුදු කරලා ඔටෝ මෝඩ් එක දාලා දුන්නොත් ඌට ෆොටෝ ගන්න පුළුවන්. නමුත් මේකා ඡායාරුප ශිල්පියෙක් වෙන්නේ නැහැ.

      මෙන්න මේ දේ තමයි අපි තේරුම් ගන්න ඕනේ. ඡායාරුප ශිල්පියෙක් වෙන්න නම් කැමරාව, ඇස වගේම තාක්ෂණයත් ප්‍රයෝජනයට ගන්න ඕනේ.

      Delete
  5. ස්තුතියි මචං. තාම හිමිහිට ජීරණය කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔය sabject එක ටිකක් ජීරණය වෙනවා අඩුයි මචං.

      කිහිප සැරයක් කියවපන්. ඒ වගේම chams ට දුන්න රිප්ලයි එක තමා summary එක.

      Delete
  6. හර බර පාඩමක් බොහොම ස්තුතිය් අයිලාෂ්..

    ReplyDelete
    Replies
    1. ටිකක් බර සාර වැඩි වගේ නේද? ෆොටෝග්‍රපි එපා වෙයිද දන්නේ නැහැ කස්ටියට.

      Delete
  7. බොහෝම ස්තුතියි. ඉගෙන තියෙන පාඩමක් ආයෙම මතක් කර ගත්තා.

    ReplyDelete
    Replies
    1. එක සතුටක් ලිහිණි

      Delete
  8. @ කවදා කැමරාවක හිමිකරුවෙක් වෙයිදෝ සිතමින්/ හූල්ලමින් :(

    ReplyDelete
    Replies
    1. මමත් ඔහොම හිටය කාලයක්.

      Delete
  9. ස්තූතියි සෑහෙන දෙයක් ඉගෙන ගත්තා. හැබැයි ටිකක් ග්‍රීක් වගේ... ආයේ පාරක් කියවලා බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අයෙත් සරහක් කියවන්න කලින් chams ට දුන්න රිප්ලයි එක කියවන්න. එක තමයි summary එක.

      Delete
  10. දැන් පොඩ්ඩක් කලබලයි. පස්සේ බලනවා නිවිහැනහිල්ලේ.

    ReplyDelete
    Replies
    1. හිමින් බලහන් මලේ, මේක ටිකක් මොලේ කචල් වෙන පොස්ට් එකක්.

      Delete
  11. මේක නම් දැම්මම ඔන වෙන්නෙ නෑ වගේ

    ReplyDelete
    Replies
    1. වැරදියි, මේක තමයි ඉස්සෙල්ලම් ඉගෙන ගන්න ඕනේ නැතිනම් කැමරාවක් ගන්න දවසට මොකක් හරි මාකටින් ජිල්මාල් එකකට අහුවෙනවා.

      Delete
  12. දෙයියො දුන්නා වගේ බ්ලොග් පෝස්ට් එකක්.මගෙ කම්පැක්ට් එකේ ගහලා තියෙන්නෙ මිලි මිටර් 4-248 ලෙන්ස් එකක් කියලා.ඔන් කරාම සෙට්න් හදන්න තියෙන්නෙ මිලි මිටර් 24-1440 ගැන.ඕක ලිහාගන්න බැරුව හෙන කල් දුක් වින්ඩා

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

************ *************