මේ සිදුවීම මට මතක් උනේ ඩුඩ් ගේ ජාතික දිනයට පෙරවදනක් පොස්ට් එක කියවද්දී. ඩුඩ් ඒ පොස්ට් එකෙන් ලස්සනට කියල තිබුනා අපේ රටේ මිනිස්සුන්ගේ කොන්දට කරලා තියෙන දේ ගැන. වැඩිහිටියන්ට ගරු කිරීම, වැඳීම අපේ සගුස්කුරුතෙට සහ ආගම ට එකයි. මං තුමා නම් එකේ වරදක් දකින්නේ නැහැ, නමුත් වැඩිහිටි ඇත්තෝ අනික් අයගේ ගරුකිරීමට, වන්දනාවට සුදුසු තත්වයෙන් රැදෙන්න ඕනේ. ඔන්න ඔය ටික මං තුමා කොලුවෝ දෙන්නට කියල දීලා තියෙනවා. මේ සිදුවීම කියවලා බලන්නකෝ, අපේ පොඩි එකා කරපු දෙයක් ගැන තමයි.
දැනට වසර හතරකට විතර පෙර මං තුමා ගේ බිරිඳගේ මාමා කෙනෙක් හදිසියේම පරලොව යන්න ගියා. මේ මළ ගෙදර වැඩ කටයුතු තිබුනේ නුවර. ඔන්න ඉතින් අපේ ගෙදර කස්ටියත් මළගෙදර ගියයි කියමුකෝ. දැන් ඉතින් මළගෙදර වැඩ රාජකාරි එහෙම අහවර වෙලා එකතු උන නෑදෑයෝ කතා බහ කර කර ඉන්න අතරේ මං තුමා ගේ බිරිඳගේ පුංචි අම්මලා දෙන්නකුගේ මහත්තුරු දෙන්නෙක් ඒ කියන්නේ බාප්පොච්චිලා දෙතුන් දෙනකුයි, එක මාමා කෙනෙකුයි එලියට වෙලා මත්වතුර බෝතලයක් තියාගෙන වැඩ. (මම හිතන්නේ හිතේ දුකට වෙන්න ඇති.) මං තුමා නම් ඒ පැත්ත පළාත බැලුවේ නැහැ ,මොකද කියනවනම් අපේ ගෙදර මතට තිත.
ඔන්න ඔය අතරේ මං තුමා කීවා, "දැන් ඉතින් කොළඹ යන්නත් තියෙන නිසා අපි පිටත් වෙමු" කියලා. එහෙම කියපුවහම මං තුමා ගේ බිරිඳ කොලුවෝ දෙන්නට මෙහෙම කියනවා.
" පුතාලා එහෙනම් වැඩිහිටි අයට වැඳලා යනවා කියලා එන්න"
එහෙම කිව විතරයි පොඩි එකා සුටුස් ගාලා නැගිට්ටා, මෙන්න ඔක්කොටම දනගහලා වැඳගෙන යනවා. "ආච්චි අපි ගිහින් එන්නම්, ලොකු අම්මේ අපි ගිහින් එන්නම්, නැන්දේ අපි ගිහින් එන්නම්, ....." ඔහොම කියා කියා
ඔක්කොටම වැන්දා.
ඊට පස්සේ ඇය නැවත කියනවා ..
"එළියේ ඉන්න සීයලාටත් කියන්න ඕනේ පුතා"
"හොඳයි අම්මේ යමු, එළියේ ඉන්න සියලටත් ගිහිල්ලා කියමු.."
දැන් මේකා අම්මත් එක්ක එලියට ගියා, අර කස්ටියට ටිකක් ලං වෙලා කියනවා
"අපි එහෙනම් ගිහින් එන්නම් සියේ.."
දැන් ඇය නැවත මෙහෙම කියනවා
" හා හා එහෙම බැහැ පුතේ සියලට වැඳලා කියන්න ඕනේ"
දැන් මු මහා හයියෙන් මෙහෙම කියනවා
"සීයලා නෙවේ කවුරු උනත් මම මොකටද මේ ජරාව බොන අයට වඳින්නේ? මම වඳින්නේ නැහැ."
ඔය කතාව කිව විතරයි එක බාප්පොච්චි කෙනෙක් සුටුස් ගාලා නැගිටලා මගේ ලඟට ඇවිත් මෙහෙම කියනවා.
"අයිලාෂ් පුතේ, මගේ ජීවිතේට මෙහෙම කතාවක් ඇහුවේ නැහැ, මගේ ඩෝප් බැස්සා පොඩි එකාගේ කතාවට."
ප.ලි.:
කොන්ද පමණක් පණ ඇති ජාතියක් නොව, මතින් තොරවූ කොන්ද පණ ඇති ජාතියක් අපිට අවශ්‍ය බව මගේ පිළිගැනීමයි.
පොඩ්ඩගේ කතාව හරියටම හරි,, ඕක අනුගමනය කරන අය හුඟක් ඉන්නවා දැන් වෙද්දි...
ReplyDeleteඅයිලාෂ් ගෙ පුතා නියම උත්තරයක් නේ දීලා තියන්නේ. කතාව ඇත්ත තමයි.
ReplyDeleteඅනාගත පරපුර හරි මත වතුරෙන් බේරගන්න ඕනේ.
Deleteනියම කතාව! ඔය වෙලාවට ඔහොම උත්තරයක් තමයි දෙන්න ඕනේ!
ReplyDeleteඑහෙම උත්තරයක් දෙන්න පුළුවන් උනේ උන් දන්නවා අපේ ගෙදරට මත වතුර කටේ ගවගත්ත එකෙක් ගන්නේ නැහැ කියලා. ඉතින් පොඩි කලේ ඉඳලම උන් දෙන්නා තදබල මලෙස මතට තිත.
Deleteශම්මිගේ කොමෙන්ට් එක පොස්ට් වෙලා තිබුනේ නැහැ නමුත් මගේ මේල් එකේ තිබුන, ඔන්න මම එක මෙතන පොස්ට් කළා.
ReplyDeleteශම්මි has left a new comment on your post "මතට තිත , තිතට මත සහ වැඩිහිටියන්ට වැඳීම":
පොඩ්ඩගේ කතාව හරියටම හරි,, ඕක අනුගමනය කරන අය හුඟක් ඉන්නවා දැන් වෙද්දි...
එක තමයි වෙන්න ඕනේ ශම්මි. අඩුගානේ ඊළඟ පරපුර හරි ඔය ජරාවෙන් මිදෙන්න ඕනේ.
Deleteපොඩි එකාගේ කතාව සහතික ඇත්ත. පොඩි අයට තේරෙන ඒවා ලොකු අයට තේරෙන්නේ නැති එකයි පුදුමේ.....
ReplyDeleteපොඩි උන්ට තේරෙන විදිහට උන්ව හැඩගස්සන්න ඕනේ නේද සමනලී?
Deleteස්තුතියි අයිලාස් ලින්ක් එකට.
ReplyDeleteඅයිලාස් කතාකරන්නෙ සෑහෙන අමාරු මාතෘකාවක්.
පලමුවෙන්ම මිනිසෙක් තව මිනිසෙකුට වැඳිය යුතුද? උත්තරේ නෑ කියලා පිලිගන්න අයට මේ ගැටලුව එනවා. වැඳුම සංස්කෘතික අංගයක් වූ රටක එහෙම නොකර හිටියාම නොයෙකුත් මත ගැටුම් වලට මුල පිරෙනවා. ළමයිනුත් ඒකට විවේචනය වෙනවා බැනුම් අහනවා.
උත්තරේ ඔව් කියලා පිළිගන්න අයට ඔය අයිලාස් මූණ දීපු ගැටලුව මතුවෙනවා. සීමාව කොතනද කියලා හොයාගන්න බැරුව වික්ෂිප්ත වෙනවා. දැන් කාටද වඳින්න ඕනෙ, කාටද නැත්තෙ කියන එක හිතාගන්න බැරුව ළමයත් වික්ෂිප්ත වෙනවා. දෙමව්පියොත් උභතෝකෝටික ප්‍රශ්නෙකට මූණ පානවා. දැන් අයිලාස්ගෙ පුතාගෙ කතාව අර මනුස්සයා කොච්චර බීලා හිටියත් ලස්සනට තේරුම් ගත්තා විතරක් නෙවේයි, ප්‍රතිචාරත් දැක්වුවා. ඒක එහෙම නොවෙන්නත් ඉඩ තිබුනා වෙන පුද්ගලයෙක් එතන හිටියා නම්. ඒක ගැටුමකට, නැවත මූන නොබලන තත්වයකට, නෑ දෑ කම් අත හැරෙන තත්වයකට වර්ධනය වෙන්න තිබ්බා.
සමහර විට කුඩු ගෙන්නන අපරාධ කරන එකෙකුටත් ළමයට කියලා වන්දන්න වෙන අවස්ථා ඇතිවෙන්න පුලුවන් ඔය වගේ සමූහ වැඳ සමුගැනීම් වලදි.
අන්න ඒකයි මේක උභතෝකෝටිකයක් වෙන්නෙ.
ඩුඩ් ගොඩක් ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.
Deleteමේ මගේ පුද්ගලික අදහස.
මමනම් පිළිගන්නේ මේකත් කොන්ද පිලිබඳ ගැටළුවක් විදිහටයි. ඔය වගේ සිදුවීමකදී නෑදෑ කම් නැතිවෙනවානම් එවන් නෑදෑ කම් පලක් නැහැ. අපේ ගෙදර ඇතුලේ සිගරට් එකක් පත්තු කරන්න යන ඕනෑම කෙනෙකුට අපි විරුද්ධ වෙනවා, අවශ්‍ය නම් වත්තෙන් එලියට ගිහින් ඔය වැඩේ කරන්න කියල කියපු වාර බොහොමයි. එසේ කීමේදී එම තැනැත්තාගේ නෑදෑකම, වයස හෝ තරාතිරම අදාල නැහැ.
වසර ගණනාවකට කලින් මම එක්තරා පුද්ගලික ආයතනයක සේවය කල අවස්ථාවකදී රාජකාරිමය කටයුත්තකට එම ආයතනයේ MD සහ මට ගමනක් යන්න උනා. ඔය ගමන අපි දෙන්න ගියේ මගේ කාර් එකේ. ඔය MD මොහොම තදින් සිගරට් වලට ඇබ්බැහි වෙලා හිටියේ. 555 වර්ගයේ සිගරට් බන්ඩල් එකක් දවසකට බොනවා. කටේ ඔය කැහි කුර නැති වෙලාවක් නැහැ. ඔන්න මු කර එකට නැග්ගා විතරයි මුගේ ගඳ මට ඉවසන්න බැහැ, මම AC එක නිවලා ජනේලය ඇරියා. මුට එකට හරි චුන් මු ටක් ගල සිගරට් එකක් අරගෙන කටේ ගහගෙන පැකට් එක මට දික්කලා. මම මුට මෙහෙම කිවා.
"MD, you cannot smoke inside my car, your cigarette smell is very bad that’s the reason I opened the shutters."
"Oh sorry " කියලා මිනිහා හිනාවෙලා නිකන් හිටිය. ඒ එකා ඉගෙනගත්ත මිනිහෙක් හින්දා.
නමුත් අපේ ගෙදර හදනකොට බාස්ලා නම් බරගානත් මගෙත් එක්ක තරහා වෙලා ගිය ඔය කොන්දේසියට. අන්තිමට වැඩේ බාරදීපු උන්ට දාපු මුලික කොන්දේසිය තමයි දුම්බිම තහනම්.
මන් නම් ලේසියෙන් කෙනෙකුට වඳින්නේ නෑ..වඳින්නේ ඒ පුද්ගලයගේ තියෙන ගුණ වලට..කවුරු හරි මට වදින එක තරම් මාව අපහසුතාවයට පත් කරන වෙන කිසිම දෙයක් නෑ
ReplyDeleteවෙනි මලයෝ ගොඩක් ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.
Deleteඔය වදින එක නම් මටත් පෙන්නන්න බැරි දෙයක් මතට තිත කෙසේ වෙතත්. මම හිතන්නේ දෙමාපියන් සහ උගන්වපු ගුරුවරුන් ඇරුනම අනිත් අයට වදින එක තේරුමක් නැති දෙයක්.
ReplyDeleteඔබේ අදහස් දැක්වීමට ස්තුතියි සුජියෝ.
Deleteඇයි පැවිදි උතුමන් අමතක උනාද?
ඒක වෙනම කතාවක් නේ මචන්.
Deleteඇත්ත මචන්
Deleteනියම උත්තරේ
ReplyDeleteමමත් හිතන්නේ එහෙමයි.
Deleteකොහොමත් ලොකු එකා වගේ නෙවේ, පොඩි එකාගේ කටට බ්රේක් නැහැ.