Friday, February 15, 2013

රජාගේ පෙට්ටිය


මේ කතාවත් ඉතින් අර මං තුමා ළඟ තියෙන  කඳුළු දුපතේ රජ කතා කියන වටිනා පොතෙන් සොයා ගත්ත එකක් තමයි. ඔන්න ළමයිනේ මුලින්ම කියන්නේ මේ කතාව ඔය වෙන රටවල් වල රජවරුන්ට ගවා ගන්නවා එහෙම නෙවේ.

ඔන්න ඉතින් අර අපේ කඳුළු දුපතේ රජකම් කල ප්‍රසිද්ධ නාකි රජතුමා මැරෙන්න කලින් අපායට ගියානේ, යම රජතුමා යාලු  කරගන්න. කියවන්න බැරිඋන අය මෙතනින් කියවන්න. ඉතින් ඒ වැඩෙත් හරිගියේ නැති නිසා මෙයා  මැරෙන්න හරිම බයෙන් තමයි හිටියේ. මොකද ඉතින් මරුනයින්  පස්සේ, කොරපු වැඩ වල හැටියට ආයේ  ඉතින් අපායෙන් ගැලවීමක් නැහැ කියලා දන්නවනේ. ඔන්න ඔහොම මරණයට බයෙන් ඉන්න වෙලාවක එක පුරෝහිත කෙනෙක් මේ රජතුමාට මෙන්න මෙහෙම අදහසක් දෙනවා.

"මහා රජතුමනි ඔබ තුමා  අහලා තියෙනවා නේද අර  Snow White  ගේ කතාව.?"

"ඔව්, ඉතින් මොකද එක මේ වෙලේ මතක් උනේ."

"රජ තුමනි, ඔබ තුමත් ඒ වගේ විදුරු වලින් මිනී පෙට්ටියක් හදවන්න, ඔබ තුමා මැරුණම එකේ දාලා කැලේ ගිහින් තියන්න කියලා අණ  කරන්න, කවුරු හරි කැලේදී  ඔක දැකලා ඔබ තුමාට උම්මා එකක් දුන්නම ඔබ තුමාට පන එනවා, එතකොට අපහු මෙහෙ ඇවිත් රජකම් කරන්න පුළුවන්නේ. කොහොමද මගේ ටිකිරි මොලේ?"

පුරෝහිතලගේ ලණු  ගිල ගිල හිටපු මේ නාකි රජා, මේ ලනුවත් හුටස් ගාලා ගිල්ලා. දැන් රටේ ඉන්න දක්ෂම විදුරු භාණ්ඩ නිෂ්පාදන ශිල්පියා  කැඳවලා ඔහුට මෙහෙම උපදෙස් දෙනවා.

"තමා  මට විදුරු වලින් මිනී පෙටිටියක් හදන්න ඕනේ. මේ පෙට්ටිය ඉතාම ලස්සනට වගේම මගේ රජකීය විලාශයට ගැලපෙන විදිහට හදන්න ඕනේ, මගේ මිනිය මේකේ තැන්පත් කලාම, මහා ජනතාවට හොඳට පෙන විදිහට තියෙන්න ඕනේ'

"හොඳයි රජ තුමනි මේ සඳහා සති දෙකක කාලයක් අවශ්‍ය වන අතර, මේ අපුරු නිර්මාණය ඔබ තුමා වෙනුවෙන් කිරීම සඳහා වෙනමම කුටියක් අවශ්‍ය වෙනවා."

"ඔබට ඇවැසි සියලුම පහසුකම් රජයෙන් ලැබෙන අතර සති දෙකකදී මේ මිනීපෙට්ටියේ සියලු වැඩ නිමකළ යුතුය"

දැන් ඉතින් අපේ මේ ශිල්පියා  බරටම වැඩ. ඔන්න ඉතින් සති දෙකක ඇවෑමෙන් වැඩ කටයුතු අවසන් කල බව රජ තුමාට දැනුම් දුන් අතර , රජ තුමා මේ මිනි පෙට්ටිය තබා ඇති තැනට පැමිණ එහි අලංකාර නිමාව ගැන මෙම ශිල්පියාට ප්‍රසංශා කරමින් ඒ ගැන තොරතුරු මේසේ විමසයි.


"ෂා.. බොහොම ලස්සනට වැඩේ කොරලා තියෙනවා"

"එහෙමයි රජ තුමනි"

"වටේටම විදුරු නේද?"

"එහෙමයි, වෙඩි නොවදින විදුරු"

"බොහොම හොඳයි,  අර මොකක් ද පැත්තකින් හේත්තු කොරලා  තියෙන්නේ"

"රජ තුමනි,  ඒ මෙම පෙට්ටියේ විදුරු පියන"

"ඉතින් මොකද එකේ අර වයිපර් එකක් හයි කොරලා  තියෙන්නේ"

"රජතුමනි, එක ඔටෝ වැඩ  කරන වයිපර්  එකක්... ඔබ තුමාගේ  දේහය පෙට්ටියේ තැන්පත් කරලා පියන වැහුවම වතුර වගේ දෙයක් වැටුනොත් මේක ක්‍රියාත්මක වෙලා පිහ දැමෙනවා"

"ඇයි  මෝඩ මිනිහෝ, එහෙම වෙන්නේ කොහොමද? රාජකීය දේහය මහජනයාට ප්‍රදර්ශනය කොරන්නේ මණ්ඩපයක තැන්පත් කොරලානේ"

"ඒ උනාට රජ තුමනි, ඔබ තුමාගේ මිනිය බලන්න එන හැම එකාම මේකට තු.... තු... කියලා කෙල ගහනවනේ"



24 comments:

  1. අප්පට හුඩු... මාර කතන්දරේ නෙව.. මේක අළුත් නිපැයුමක්ද බොල

    ReplyDelete
    Replies
    1. නැත සබඳ, මෙය මං තුමා ළඟ පමණක් ඇති වටිනා පුස්තකයකින් උපුටාගන්නා ලද්දකි.

      Delete
  2. මේක මේ ලංකාව ගැන කියපු එකක් වගේ. අයියේ බොල මගේ නම්බුව කාලා ඇඬේනවා බොල ගෑනි දැක්කොත් එල්ලෙන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද කෝරලේ මහත්තයෝ ඕක කඳුළු දුපතේ උන දෙයක්. මම මුලින්ම කීවානේ වෙන රටවල් වලට ගාවා ගන්න එපා කියලා.

      හික්... හික්... ඒ මොකද මලයෝ, අර කොමෙන්ට් එකට ද? කමක් නැහැ, බනි නගාට පෙන්නපන්. හික් හික්....

      Delete
  3. හික්ස්, මරු බොලව් මේක... :D

    ReplyDelete
  4. හප්පට සිරි! ග්ලාස් ක්ලීනර් එකකුත් සෙට් කලානම් හරි.

    ඇත්තටම පුරෝහිතයා මොකක්ද දන්නෙ නෑ කරන්න හිතා හිටියෙ.

    ReplyDelete
    Replies
    1. පුරෝහිතයෝ ඉතින් කරන්නේ මොකක් හරි ලනුවක් දීල ලකුණු දාගන්න එකනේ මචං.

      Delete
  5. හික් හික් හික්..... රටවල් වලට ගාව ගන්න එපා කිව්වා හින්දා අපි නම් රජාව රටවල් වලට ගාව ගත්තේ නෑලු.....

    ReplyDelete
    Replies
    1. සමනලී හොඳ කීකරු ළමයෙක්ලු...

      Delete
  6. ඕක කැලේ ගෙනිහින් තිබ්බට පස්සෙ මිනිස්සු කෙළ විතරක් ගහල නැවතුනොත් ඇති.

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් උඹටත් හිතෙන දේවල් DDT මල්ලියෝ.

      Delete
  7. ඕකට වයිපර් එකක් මදි වෙයි කෙල ගහන හැටියට. :)

    ReplyDelete
    Replies
    1. එක මන් හිතන්නේ රජාටත් හිතෙන්න ඇති.

      Delete
  8. අයියෝ රජාගේ රෙදි :D

    ReplyDelete
    Replies
    1. ඔය හුඟක් රජාල රෙදි අඳින්නේ කඩේ විකුනන්න තියන නිසා මිසක්.......

      Delete
  9. දැහැමින් සෙමින් රට පාලනය කල රජෙක් වගෙයි...

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව් මලේ, "ධර්මිෂ්ට සමාජයක්"

      Delete
  10. හික්ස්! අපේ රටෙත් ඔය වගේ එකක් තියනවද බං?

    ReplyDelete
    Replies
    1. පිස්සුද කොල්ලෝ, අපේ රටට ඔය වගේ ඒවා මොනවටද?

      Delete
  11. පට්ටයි කිව්වලු. ඔය වීදුරු පෙට්ටියක තැන්පත් කරනවා කිව්වාම මතක් වුනේ. ඔය හුඟක් සමාජවාදී රටවල නායකයෝ මැරිච්චාම වීදුරු පෙට්ටිය මිනිය තැන්පත් කරලා ප්‍රදර්ශනයට තියෙලා තියෙනවානේ

    ReplyDelete
  12. මාවෝ සේතුන්ගේ මිනිය නම් තවමත් තියෙනවා, සෝවියට් සමුහාණ්ඩුව කඩාවැටීමෙන් පස්සේ මෝඩ රුස්සෝ ටික ලෙනින්ගේ මිනිය වල දැම්මා.

    ReplyDelete
    Replies
    1. නැහැ අයියා මම දන්නා තරමින් සෝවියට් සමූහාණ්ඩුව කඩා වැටීමෙන් පස්සේ ස්ටාලින්ගේ මිනිය වැල්ලුවා ඇරෙන්න ලෙනින්ගේ මිනිය වැල්ලුවේ නැහැ. ඒ වගේමයි වියට්නාමයේ හෝචිං මිං, උතුරු කොරියාවේ කිම් ජොන් ඉල් සුන්ගේ දේහත් මේ විදිහට වීදුරු පෙට්ටිවල තවමත් ප්‍රදර්ශනය කෙරෙනවා. මේ තියෙන්නේ සත් සමුදුර ලියන දිනේෂ් අයියා ඒ ගැන ලියපු ලිපි 2 ක්

      http://sathsamudura.blogspot.com/2011/03/preservation-of-human-body-in-twentieth.html

      http://sathsamudura.blogspot.com/2011/03/preservation-of-human-body-in-twentieth_08.html

      Delete
    2. එහෙමද? මට මතක තිබුනේ ලෙනින්ගේ මිනියත් වල දැම්මා වගේ.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...