Monday, January 21, 2013

අල්ලස් දීම සහ *කේ ඇරීම



ඔන්න මම බිසවුන් වහන්ස *ක තියෙනවද? කියලා ලියපු කතාවෙන් ඔය කඳුළු දුපත නමින් ප්‍රසිද්ධ වුන රටේ හිටපු බොහොම බලසම්පන්න යයි කියාගත්ත  රජ කෙනෙක් ගැන කියුවනේ. මේ කතාවත් එයාගේ වැඩක් ගැන තමයි. මේකත් බොහොම පැරණි කථාවස්තුවක් නිසා සමහර දෙනෙක් අහලා ඇති.  කොහොම උනත්  හැමෝම මේ කතාවත් කියවලා බලන්නකෝ.

අපේ මේ ජරාතුමා වැරදුනා.. වැරදුනා... (මෙයා  ගැන කියන කොට කියවෙන්නෙම ඔය වචනේ ) රජ තුමා රජකම් කරන කාලේ රටේ බොහොම කලබල,  කුමන්ත්‍රණ ආදිය තිබුනා. ඉතින් ඔය හේතුවෙන්ම යුවරජ තනතුරේ හිටපු තුන් දෙනාගෙන් දෙන්නෙක්ම අකාලයේ පරලොව යන්න උනා. රජා ටත් මේකට බොහොම දුකයි. මොකද කියනවනම් ඔය ඉතිරි උන යුවරජාට රජකම දෙන්න මෙයාගේ කිසිම කැමැත්තක් තිබුනේ නැහැ.  දැන් ඉතින් කොරන්න දෙයකුත් නැහැ, මගෙන් පස්සේ රජකම පවරන්න වෙන්නේ මේ ඉතිරි උන එකාට උනත්, මම රජ වෙලා ඉන්නකල් මූට කොරන්න පුළුවන් ඔක්කොම කෙනහිලි කම් ටික කොරන්න ඕනේ කියලා මේ නාකි රජා  හිතාගත්හා.

ඔන්න ඔහොම ඉන්නකොට  දවසක්  රෑ හීනෙන් මේ රජාට අර පරලොව ගිය යුවරජ කෙනක් පෙනිලා මෙහෙම කියනවා.

"රජ තුමනි මම දැන් ඉන්නේ අපායේ... මෙහෙ යමරජ තුමා ඔබ තුමා ගැන බොහොම තරහෙන් ඉන්නේ... ඔබ තුමා මැරිලා මෙහේ  අවොත් එහෙම බඩුම තමයි. ඉක්මනට මොනවා හරි කරන්න"

හීනෙන් බයවෙච්ච රජා දාඩිය දාගෙන නැගිට්ටා. දැන් හොඳටම බයවෙලා මේකෙන්  ගැලවෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවා.  දැන් රජාගේ කපටි මොලයට මෙහෙම අදහසක් පහල වෙනවා.

"මම මැරිලා ගිහින් අපායේ ඉපදුනොත් නේ වැඩේ වෙන්නේ... ඊට කලින් මම අපායට  රාජකීය සංචාරයක් ලස්තිකොරලා ගිහින් යම රජ්ජුරුවන්ට පගාවක් එහෙම දීලා යාළු  කොරගන්නවා." 

ඔහොම හිතපු රජා අපායේ  සංචාරයට ලෑස්තිවෙලා, යම රජ්ජුරුවන්ට ගෙනියන දැකුම් කදේ ගෙනියන්න ඕනේ මොනවද කියලා තනිවම කල්පනා කොරණකොට  හිතුනා;

"අපායේ   fresh fruits  නැතිව ඇති.. මොනවද ගෙනියන්නේ.. ආ මේ රඹුටන් වාරේ  නේ හොඳ රඹුටන් ටිකක් ගෙනියන්න ඕනේ"

ඔන්න ඔහොම හිතලා බොහොම රසවත් මල්වානේ  පැණි රඹුටන් පාර්සලයක් එහෙම අරගෙන අපායේ විසිට් එකක් ගියා. මේ බව දැනගෙන හිටියේ අර දැන් පන පිටින් ඉන්න යුවරජා විතරයි. ඔන්න දැන් අපේ රජා අපායට  ගිහිල්ලා යමරජු ඉදිරිපිට.

" පස්වාන් දහසකට බුදු වෙන්න යම රජ තුමනි... ඔබ වහන්සේ  බැහැ දැක මේ දැකුම් කද පුදන්ට අවසර....."

" ඈ බෝල  ජ.රා.  රජෝ ... උඹ කොරන දේවල් වලට කොහොමත් එන්නේ මෙහෙ තමයි.. ඊට කලින් මොකද බෝල මේ හදිසියේ."

"අනේ යම රජ තුමණි.. එහෙම කියන්නට එපා. ඔබ තුමත් රජා, මමත් එහෙට රජා.. ඉතින් 
රජාලගේ හැටි දන්නවනේ.. ඕවා අමතක කොරලා  දාන්න ... මම මේ පොඩි තෑග්ගක් එහෙමත් ගෙනාවා."

මේක කියපු ගමන් යම  රජ තුමාට යකා නැග්ගා.

"ඈ  බොල  ජ.රෝ.   තෝ හිතුවද මට පගාව දෙන්න. හිටු තොට පාඩමක් උගන්නන්න පගාව දෙන්නට ආවට .."  ඔහොම කියලා යම පල්ලෙක්ට මෙහෙම අණ  කළා.

"මේ නරයාගේ සරම ගලවලා.. මුනින් අතට බුදි කරවපිය .  ඊට පස්සේ මේ මට පගාව දෙන්න ගෙනාපුවා එකෙන්  එක මුගේ *කෙන් අස්සට ඔබපිය  කටෙන් එලියට එනකල්ම"

කොහොමද සැප.., දැන් අර රඹුටන් ඔක්කොම අපේ රජාගේ අධෝමුඛයෙන් ඇතුල් කරලා, රජාව  අපහු මේ ලෝකෙට  එවුව .  දැන් නැවතත් රජා තමාගේ රජ මාලිගයේ. දැන් ඉතින් වේදනාව ඉවසගන්න බැහැ. මෙහෙම ඉතාම වේදනාවෙන්  ඉන්නකොට අර යුවරජ එනවා.  යුවරජා දැකපු ගමන් රජා  හිතනවා හිටු මම තොටත් ගේමක් දෙන්නම්, මම විතරක් මොකටද පරිප්පු කන්නේ කියලා.

"ආයුබෝවන් රජ තුමණි... කොහොමද ගමන?..  මොකද නිකන් මුණ හරි නැහැ වගේ... ගිය වැඩේ හරි ගියේ නැතිද?...."

"ඔව් බන් යම  රජ්ජුරුවෝ මට හොඳටම දොස් කිවා. අනාගතයේදී රජ වෙන්න ඉන්න යුවරජු එක්කගෙන අවේ නැහැ කියලා.. ගියගමන් උඹවත් එහෙ විසිට් එකකට එවන්න කිවා"

"හොඳමයි රජ තුමනි, මම වහාම විසිට් එකක් දාන්නං "  ඔහොම කියපු යුවරජු විසිට් එක දන්න කියල හිතාගෙන රජුට ආචාර කරලා පිටත් වෙනකොටම රජතුමා මෙහෙම කියපි.

"ආ... එක නෙවේ තව පොඩ්ඩෙන් මට අමතක වෙනවා ... යමරජු කියුවා  දූරියං කන්න හරිම අසයි කියලා."

17 comments:

  1. හක්ස්! මේ කතාව අහලා තියනවා..හැබැයි ටිකක් වෙනස් විදිහටකට..... ;)

    ReplyDelete
    Replies
    1. ඔව්... ඔව්.. මේක පරණ කතාවක් නේ...

      Delete
  2. මචං ඒ යුව රජතුමා ශ්‍රී ලංකන් ෆ්ලයිට් එකට නැග්ගම දූරියන් ගෙනියන්න දෙන්නෙ නෑ කිව්වලු, . ඒ ගමන පොර ලෙල්ලයි ඇටයි දෙකම අයින් කරලාලු ගෙනිච්චෙ. කොහොමත් දූරියන්වල සුවඳට පුරුදු වෙලා හන්දා දූරියන් කටට ආවත් එච්චර වෙනසක් තිබ්බෙ නෑයි කියලා පස්සෙ බුවා ඔය විකල්ප පත්තරේකට කියලා තිබ්බා.

    ReplyDelete
    Replies
    1. හික්... හෝක්.... හිකිස්... ඔය ඇටේ අයින් කරපු කතාව ඇහුවම තවත් එකක් මත උනා.... පස්සේ එකත් දාන්නම්

      Delete
  3. අනේ බං අයියේ කොහෙන්ද බං මේ කතා හොයා ගන්නේ පට්ටයි. කොහොම උනත් මමත් කැමතියි දූරියන් කන්න. වලව්වට එහෙම දූරියන ගෙන්වා එහෙම නෙවෙයි. හරිද?

    ReplyDelete
    Replies
    1. කතා මල්ලක්ම තියෙනවා මලයා..
      එහෙනම් වලව්වට දුරියන් ලෙලි ටිකක් එවන්නද ආයිබෝං ....?

      Delete
  4. අනේ අපොයි... මාර කතාවක් නෙ මේක... මම නම් අහල නෑ... ෂෝක් අයියා... තවත් මේ වගේ කතාවක් ලියන්න...

    ReplyDelete
    Replies
    1. කතා ගොඩක් තියෙනවා හිමින් හිමින් ලියන්නම් නගෝ. එතකන් ඉස්සෙල්ල ලියපුවත් බලන්නකෝ.

      Delete
  5. :D හි හි එල කතාව :D

    මීට කලින් දාපු පෝස්ට් එකක් ඩිලීට් කලාද?

    ReplyDelete
    Replies
    1. ඔව් මලයෝ, ඒක වැරදිලා පොස්ට් උනේ තාම ඉවර නැහැ.

      Delete
  6. යම රජ්ජුරුවො කොස් කන්න ආස නැද්ද දන්නෑ. :P

    ReplyDelete
    Replies
    1. කොස් වලට වැඩ මේ දුරියන් වල කටු තියෙනවනේ කොල්ලෝ.

      Delete
  7. හිකිස්.... අයියෝ.... මරු කතාවක්නේ.... මං අදමයි ඇහුවේ...... හික්...හික්...

    ReplyDelete
  8. නියමයි. මේකේ ප්‍රේමේ/ජේ.ආර්. වර්ෂන් එක තමයි මම අහලා තිබුනේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  9. නියමයි. මේකේ ප්‍රේමේ/ජේ.ආර්. වර්ෂන් එක තමයි මම අහලා තිබුනේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...