Thursday, January 10, 2013

මෙන්න හරිම පුදුම සතෙක්

මම ඉතින් ඔය කැමරාව අරගෙන කැලැ පැනපු දවසක, මේ  පොඩි එකා  බොහොම උනන්දුවෙන් මගේ දිහා බලගෙන හිටියා. ඒ වෙලාවේ  එයාට මෙහෙම හිතුනද දන්නේ නැහැ.


පා හතරක් නැතිව වගෙයි 
වලිගයකුත් නැතිව වගෙයි 
ගමන් මුගේ බිමින් වගෙයි  
හරිම පුදුම සතෙක් වගෙයි 

16 comments:

  1. ඌට මෙහෙමත් හිතුනලු,

    පා දෙකකී - අත් දෙකකී
    වලිගයකී - දැක නොහැකී
    මූණ මුගේ - දුටුව සකී
    මගේ පියා - වගේ මෙකී

    (හොක් හොක් හොක්... ජෝක් හොදේ)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... එහෙම හිතෙන්ටත් ඇති තමයි.

      Delete
  2. හරිම දුර්ලබ, අහින්සක පින්තූරයක්.හරිම ලස්සනයි.

    ReplyDelete
  3. අහිංසක සත්තු.... මුන්වත් මරාගෙන කන්න තරම් තිරිසන් හිත් තියෙන උනුත් ඉන්නවනෙ...

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්.. සිරා, ඕකුන්ට කන්න පුලුවන්නම් ඕනේ දෙයක්..

      Delete
  4. hari lassanai macha...
    good post....

    ReplyDelete
    Replies
    1. 6, 4 නොතේරෙන කාලේ කියපු machan
      කෑල්ල ඉල්ලා අස් කරගන්නවා බුදු අයියේ...

      Delete
    2. මේ මොකද බන් එකපාරටම උනේ?

      Delete
  5. අනේ මම උදේට ‍රැවුල කපන්න ගියාමත් ඔය වගේම මූණක් දකිනවා,

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත , මට පේන්නෙත් ඒ මුනමයි.

      Delete
  6. අපුරු පින්තුරයක්.....

    ReplyDelete
  7. රිලා පැටවු නම් දැක්කම පව් කියල හිතෙනවා. උන්ගේ මූනේ තියන්නේ අහිංසක පෙනුමක්. ලස්සන ෆොටෝ එක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන, හැම සතෙක්ම මිනිහට වඩා අහිංසකයි, අසරණයි.

      Delete
  8. මං පුංචි ම කාලෙ කියවපු පොත් වැඩි හරියක් ලියල තිබුණේ අබේසීල රත්නායක මාමා.. මං ඒ සුන්දර ලේඛකයා ගැන කියන්න ඒ හැටි දන්නේ නෑ.. කවදාහරි ඔහු ඇගයීමට ලක් වෙලා තියෙනවාද කියලත් මම දන් නෑ... ඒත්, ඒ කවි කතා පුදුම සුන්දරත්වයක්, රිත්මයක් මගේ හිතේ ඇති කළා.. සිනහවක්... ඒ කවි රිත්මය වගේ ම නිර්මාණශීලිත්වයෙනුත් පරිපූර්ණ අපූරු කවි.. ඔබටත් ඒ වගේ සුන්දර ලේඛකයෙක් වෙලා පොඩි ළමයින්ට ලස්සන ලෝකයක් මවල දෙන්න පුළුවනියි කියලා මේ පුංචි පුංචි කුරුල්ලන්, සත්තු ගැන ලියල තියෙන දේවල් කියෙව්ව ම මට හිතුණා...

    සු'පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි කඳු, ඔබගේ අදහස් දැක්වීමට. ඇත්තටම් මට එහෙම ආසාවක් තියෙනවා.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...