Wednesday, January 9, 2013

මල් පඳුරේ ඉගිලෙන මල්

කුරුල්ලන් ඡායාරුප ගත කිරිම වගේම තවත් බොහොම ආසා කරන දෙයක් තමයි සමනළයින් ගේ  ඡායාරුප ගැනීම. ඉතාම අමාරු වගේම ගොඩක් ඉවසීමෙන් කරන්න ඕන දෙයක්. සමහර විට  පැය ගණන් ගතකරපු දවස් එහෙමත් තියෙනවා.
        
මල් පඳුරේ මල් සොයමින්
මල් පෙති මත හාදු දෙමින්
මල් මීවිත රස විඳිමින්
මල් සමනලු රඟයි සොඳින්
  
මල් පෙති මත නුඹ වැහුවා
මල් පැණි රොන් මුවගෑවා
මල් පෙති වන් තටුසැලුවා
මල් සොයමින් පියැබුවා
  

20 comments:

  1. පින්තුරය සහ කවිය ලස්සනයි...
    වම් පැත්තෙන් අඩු කරලා සමනලයව තව ලොකුවට ගත්ත නම් හොද නැද්ද? මං ෆොටෝග්‍රැෆි ගැන දන්නේ නෑ... නිකන් හිතුනට කිව්වේ හොදේ..... :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සමණලි.
      මේ ලින්ක් එකට ගිහිල්ල බලන්න http://digital-photography-school.com/rule-of-thirds

      Delete
    2. සමාවෙන්න ඕනි. මං තර්ඩ් රූල් එකක් ගැන දැන ගෙන හිටියේ නෑනේ.... නොදන්නා කමටයි කිව්වේ.....
      ලින්කුවට බොහොම ස්තුතියි.... දන්නේ නැති දෙයක් ඉගෙන ගත්තා..... :)

      Delete
    3. අයියෝ ඕකට සමාවෙන්න කියන්න දෙයක් නැහැ සමණලි.

      ඔය ෆොටෝස් වල composition එකට සමහර rules තියෙනවා. නමුත් එවන් පිට ගිහිල්ලත් හොඳ ෆොටෝ එකක් ඉදිරිපත් කරන්න පුළුවන්.

      Delete
  2. ගෙතුම වගේම පින්තූරෙත් ලස්සනයි... සමනල්ලු ඡායාරූප ගත කිරීම ඇත්තටම අමාරු වැඩක් තමා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා, ඔය බොහෝ වේලාවට මම ඡායාරුපයක් අරගෙන පසුව ඒ දිහා බලනකොට ඔය වගේ මොනවහරි හරි අදසක් එනවා.. ඒවගෙන් කිහිපයක් තමයි මේ බ්ලොග් එකේ දාන්න හිතුවේ.

      Delete
  3. මලින් මලට යන ලස්සන සමනලුනේ
    නෙතින් නෙතට සුවදෙයි ඔබ පියකරැනේ
    නෙලා බුදු පුදට ගෙන යන මල් අතරේ
    තවත් එක් මලක් වන්නද දගලන්නේ

    හරිම ලස්සන ජයාරැපයක්
    කවියක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩක් ඔබට. ඔබගේ කවි සිතුවිල්ල ගොඩක් ලස්සනයි

      Delete
  4. පින්තුරය වගේම පද පේලිත් ලස්සනයි. මේ වගේ සතුන් දිහා බලන් ඉන්න එකත් හරිම සුන්දර වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන, මිනිස්සු සතුන්ට සහ ගහකොළ වලට ආදරේ කරනවානම් මේ ලෝකේ දොඩක් ලස්සනයි.

      Delete
  5. සෝස මලේ නටුවෙ කටූ
    සමනලයෝ ඔහොම හිටූ

    ReplyDelete
    Replies
    1. මොන කටු තිබුනත් මලට එන උන් නවත්තන්න බැහැ පුතෝ

      Delete
  6. ලස්සනයි...මල් පොකුර තවත් අහු උනානම් තවත් හොඳා.

    ReplyDelete
  7. උඹ මචං මුංව සුපර් ග්ලූ වලින් අලෝලා හෙම ෆොටෝස් ගන්නවා නෙවෙයිනේද? :D

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හික්... හික්...
      ඕකුන්ව ෆොටෝස් ගන්න එක හරිම අමාරු වැඩක් හෙන්රි, ත පය හොලවන්නේ නැතිව තමයි උන්ට ලන්වෙන්න ඕනේ. මුන් හරිම sensitive පොඩ්ඩක් හෙලල්ලුනොත් ඉගිලිලා යනවා.

      Delete
  8. හරිම ලස්සනයි සහෝදරයා! සමනළයන් ෆොටෝ ගන්න එක කොයිතරම් අමාරුද කියලා මම අත්දැකීමෙන් දන්නවා. මම ගත්තු ටිකක් මේ ලින්ක් එකෙන් බලන්න http://sobaroo.blogspot.com/2012/07/1.html
    http://sobaroo.blogspot.com/2012/07/2.html

    ReplyDelete
    Replies
    1. ඔව් සමනලයෝ ෆොටෝ අල්ලපු උන් තමයි එකේ රහ දන්නේ....


      මම ඒ පැත්තේ ගියා කොමෙන්ට් එහෙමත් දාල ආව මලයෝ..

      Delete
  9. මේක කරන්න බැහැ මා මිත්‍රයා අයිලාෂ් ..
    ඔබ වෙනුවෙන් පුරා දිනයක් වැය කල යුතුයි..
    ඒ තරම් නිදහසේ රස විඳිය යුත්තක් මේ වෙබ් අඩවිය..
    සියල්ල උපරිමයි...

    නිදහසේ රස විදින්න එන්නම් හෙමීට..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සහන්, ඔයා කියනවා වගේම මේ බ්ලොග් එකෙන් මම උත්සහ කරන්නේ විශේෂයෙන්ම මගෙ stress එක අඩුකරගන්න, ඒ නිහම හැමෝටම රස විඳින්න හැකි දෙයක් දෙන්න තමයි උත්සහ කරන්නේ. මහප්පරාන දේවල් ලියන්නේ නැත්තේ එකයි.

      ඔයා වගේ කෙනෙක්ගේ අගයකිරිම ගොඩක් වටිනවා.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...