Thursday, January 17, 2013

කුරුටු බලි හා ලොකු චිත්‍ර

images
"හා ... හා... ඔය මොකද ළමයෝ ඔය බිතියේ කුරුටු ගාන්නේ... ඔය වැඩේ නවත්තන්න."
එහෙම නැත්නම්
"අම්මේ මෙන්න බලන්න , මල්ලී බිම පුරාම චිත්‍ර ඇඳලා "
මේ වගේ කතාවල්  අපි කොතරම් අසා ඇත්ද?. නමුත් මේ පොඩි එකාට  කුරුටු ගාලා  ලොකු චිත්‍රයක් අඳින්න තියෙන ආසාව ගැන අපි කවදාවත් හිතලා නැහැ නේද ?


images (1)

මිනිසා කියන සතාට  චිත්‍ර ඇඳීමේ ආසාව ඇති උනේ ගල් යුගයේ ඉඳන් කියලා තමයි මං තුමා නම් හිතන්නේ. ඒ බව පැරණි ගල් ගුහා  තුලින් හමුවෙන චිත්‍ර වලින් පැහැදිලිවෙනවා. මේ ගල් යුගයේ ඇඳපු  චිත්‍ර ගැන කවුරු කොහොම කියුවත් මං තුමා ට නම් හිතෙන්නෙම ඒ කලා  හැකියාව තිබුණු අය  ගේ දස්කම් කියලයි. ගල් ගුහා තුල විතරක් නෙවේ පිරමිඩ ඇතුලෙත් නොයෙක්   රුප ඇඳලා තමන් ගේ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා.  ඒ විතරක් ද....
සීගිරියේ... අජන්තාවේ...  කොපමණ ලස්සන බිතු සිතුවම් තියෙනවද...? ඔය බිම එහෙම නැත්නම් බිත්තියේ අඟුරු කැල්ලක්, පාට  කුරක් අරන් අඳින පොඩි එකා නේද මේ ලොකු වෙලා අපුරු නිර්මාණ කරන්නේ කියල  මං තුමාට  හිතෙනවා.  ඔය චිත්‍ර අඳින පොතක් දුන්නට, බොහෝවිට මේ පොඩි උන් ආසා කරන්නේ බිම හරි බිත්තියක හරි අඳින්න. මං  තුමාට නම් හිතෙන්නේ, එහෙම කරන්නේ අර කඩදාසියට  සීමා  නොවී තමන්ගේ චිත්‍රය විශාලව අඳින්න ඕන නිසා කියලයි.


මොකද මේකා එකපාරටම මේ චිත්‍ර ගැන කියවන්න ගත්තේ කියලා හිතෙනවා ඇති නේද? එකට හේතු දෙකක් තියෙනවා. පලවෙනි එක තමයි මගේ පොඩි එකා. අර මගෙත් එක්ක මාලිගා තැන්න අරණ්‍ය සේනාසනය බලන්න ගියේ අන්න ඌ කුරුටු බලි අඳින එක..






මෙයා  පොඩි  කාලේ ඉඳන්ම බොහොම අසයි චිත්‍ර අදින්න.   ඔය පලවෙනි  ෆොටෝ එකේ තියෙන්නේ, අපි   ගේ   හදන කොට බිම සිමෙන්තියේ  ඇඳපු  චිත්‍රයක්. එතකොට වයස අවුරුදු 3ක් විතර ඇති.   අනිත් එක තමයි එයා මුලින්ම canvas එකක ඇන්දේ .
දැන් ඔන්න ඒක-පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්න කියල හිතාගෙන හිටු කියලා අඳිනවා.

මේ පොස්ට් එක ලියන්න හේතු උන අනිත් කාරණය තමයි ලොකු චිත්‍ර, එහෙම නැත්නම් "ස්ට්‍රීට් ආර්ට්" සංකල්පය. අර මම මුලින් කියුව වගේ, කොලයකට හෝ canvas    එකකට  සීමා  නොවී විශාලව මහපාරේ නැතිනම් තාප්පයක චිත්‍ර ඇඳීමේ කලාව. මේක බොහොම ලස්සන වැඩක්. ඉතාම ලස්සනට ත්‍රිමාණ චිත්‍ර නිර්මාණ මහා පාරේ පුරාවට. ඔය නෙට් එකේ  පොඩ්ඩක්  සර්ච් පාරක් දාලා බලන්නකෝ. මේවට කියන්නේ 3D  Street  Art  කියල.  ඔන්න දැන් මේ 3D  Street  Art  පලවෙනි වතාවට ලංකාවේදී බලාගන්න පුළුවන්. එන්න කෝට්ටේ දියවන්නාව ලඟට. ඉතාම ලස්සන 3D  Street  Art  බලන්න පුළුවන්. ඇඳලා  තියෙන්නේ සුදත් අබේසේකර කියන කලාකරුවා. මේ වගේ දක්ෂයන්ව අපි අගය කරන්න ඕනේ.
 
ඔන්න මං  තුමා හුදී ජන පහන් සංවේගය උදෙසා පොටෝ කැලි  ටිකක් ගහගෙන අවා.






මේ හපන්කම් ඔක්කොම  කරන්නේ  අර බිතියේ එහෙම නැත්නම් බිම කුරුටු ගාන පොඩිඋන්ටික  ලොකුවෙලා කියල අමතක කරන්න හොඳ නැහැ.

13 comments:

  1. සිබිල් වෙත්තසිංහ මහත්මියගේ කතාවක් මතක් වුණා. එතුමිය කුඩා කාලයේ අලුත් අවුරුද්දට ගෙදර තීන්ත ආලේප කළාට පස්සේ සාලේ බිත්තිය දැකලා චිත්‍රයක් අඳින්න මේ බිත්තිය හොඳයි කියලා හිතලා ලොකු පූස් රූපයක් ඇන්දාලු :)

    ReplyDelete
    Replies
    1. ඔව් හසිත මල්ලි .. හුඟ දෙනෙක් එහෙම තමයි.. පටන් අරන් තියෙන්නේ.

      Delete
    2. අපි පොඩි කාලේ ITN එකේ එතුමියගේ වැඩසටහන් යනවා දැකල තියෙනවා.

      Delete
  2. පොඩි උන් බිත්තියේ චිත්‍ර‍ අදිනවානම් එය වළක්වා ගත යුතු නම් එයට විසදුම ඒ අයගේ හැගීම් ප්‍ර‍කාශනයට වෙනත් මාධ්‍යයක් ලබා දීම මිස චිත්‍ර‍ නොඅදින ලෙස තරවටු කිරීම නොවේ.. බහුතරයක් මෝඩ දෙමාපියන් මේ වරද කරන හෙයින් දරුවාගේ චින්තන ශක්තිය උපන් ගෙයිම මොට වේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත සිරා, පොඩි උන්ගේ හැකියාවන් අදුනගෙන, දියුණු කරන්න උදවු කරන්න ඕනේ. මම නම් කලේ ඔය දන්නා ප්‍රින්ටින් ප්‍රේස් එකකින් ඉතාම ලොකු කඩදාසි ගිහිල්ල දුන්න එක. පස්සේ canvas වල පටන් ගත්තම තමයි වැඩේ උනේ. හික් හික්... මොනවා කොරන්නද?

      Delete
  3. ශා ලස්සනයි. පොඩි උන්ට නිදහස තියෙන්න ඕනේ ඔය වයසේදී හිතට එන දෙයක් කරන්න.

    ReplyDelete
    Replies
    1. ආ... කෝරලේ මහත්තයෝ ආයිබොන් කියුවා. ගොඩ කාලෙකින් නොව. ඔය street arts ඇඳලා තියෙන්නේ සුදත් අබේසේකර කියන කලාකරුවා.

      Delete
  4. street arts නොදන්න එකෙක් ඔය පාරක ගියොත් විනාසයි... හරි හොඳ තාත්ත කෙනෙක්නේ Ayilas A

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යසිත් මල්ලි.
      ඔය පාරේ ගියාට මුකුත් වෙන්නේ නැහැ view points තියෙනවා, ඒ තැන වල ඉඳලා බැලුවහම තමයි 3D පෙනෙන්නේ. හොඳටම පෙනෙන්නේ ෆොටෝ එකක් ගත්තම. එහෙම නැත්නම් එක ඇහැකින් බලන්න ඕනේ.

      Delete
  5. අපේ අක්කගේ පොඩි අයත් බිත්තියේ කුරුටු ගානවා....එයාලටම කියල තඩි බිත්තියක්ම තියෙනවා බලි අදින්න....හික්....
    පොඩි අය බිත්ති වල අදිනකොට ඒවා නවත්තන්න හදන්නේ නම් කිසිම දැනුමක් නැති දෙමවුපියෝ කියලයි මට නම් හිතෙන්නේ.පොඩි අයට එයාලගේ නිදහස දෙන්න ඕනි. එතකොටයි අනාගතයේදී හොද නිර්මාණකරුවෝ බිහිවෙන්නේ.....
    අයිලාස් අයියගේ පුතත් හොද සිත්තරෙක් වගේ. සුභ පතනවා!

    ReplyDelete
  6. අපිත් ළමයින්ට එහෙම අඳින්න තහංචි පැනෙව්වෙ නෑ. කුළී ගෙදරක ඉන්නකොට නම් බිත්තිවල අඳින එකට සහයෝගය දෙන්න අමාරුයි. එතකොට ඇති තරම් කඩදාසි, වයිට් බෝඩ් හෙම දුන්නා.

    මමත් මගේ කාමෙරේ බිත්ති වල ඇඳපු අකුරු වලට විත්‍ර වලට මම තවම ආසයි. මගෙ අම්මා තාත්තා වුනත් ගේ පේන්ට් කරනකොට ඒවා වටේට තීන්තා ගාලා ඒවා බේරුවා. නමුත් ඒවා තියෙන්නෙ මහ ගෙදර නිසා ප්‍රශ්ණයක් ඒවා දකින්නත්. මට ඕනෙ කමක් තියෙනවා ඒවයෙ ෆෝටෝස් වත් ගන්න. මේ පාරත් බැරිවුනා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි හෙන්රි අදසස් දැක්වීමට. ඊළඟ සැරේ හරි ඒ ෆොටෝ ටික ගන්න අපිටත් බලන්න එක්කම.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...