Tuesday, January 15, 2013

බුදු දහමින් පෝෂණය වූ අපේ දේශපාලනය.


මේ කියන්නට යන්නේ මට හිතෙන හැටිය. මේ ගැන කවුරුත් හිත කල බල නොකරගෙන ඉන්නවානම් හොඳය.මම සාමාන්‍යයෙන් දේශපාලනය ගැන කතා කරන්නේද නැතිය. මොකද මම ඔය දේශපාලනයට කැමති  නැතිය.  නමුත් දැන් දැන් නම් කැමති වේගෙන එන්නේය. ඒ මොකද කියනවනම් මේ ක්‍රමය බුදු දහමට එකගය.

මහා වංසය කියන විදිහට  විජය ලංකාවට ඇවිත් කුවේණිය  බිරිය කරගත්තේය. විජයට කුවේණිය හොඳය. ටික කලකින් විජය කුවේණිය පැන්නුවේය. එවිට කුවේණිය හොඳ නැතිය. වෙන හොඳ කෙනෙක් ඉන්දියාවෙන් ඉම්පෝර්ට් කළේය.  එදා සිටම ඔහොමය...

පොඩි කාලේ කාශ්‍යපට තාත්තා හොඳය. ලොකු උනාම තාත්තා හොඳ නැතිය, වස්තුව දෙන්නේ නැතිය. ඒ නිසා  තාත්තා මරා රජ උනේය.

පරංගින් කොළඹට ආවේය. දැන්  සිංහල නම් ගම්  හොඳ නැතිය. පරංගි නම් ගම් හොඳය අපේ උන් පරංගි  නම් දා ගත්තේය. පරංගි බොහොම හොඳය, ටික කලනින් පරංගි හොඳ නැතිය ලන්දේසින් හොඳය. ඉඟුරු දී මිරිස් ගත්තේ ඒ නිසාය. තව ටික කලකින් ලන්දේසින් නරකය ඉංගිරිසින් හොඳය. උන්ට හැකි  තරම් කත්  ඇද්දේය. අපේ රජ්ජුරුවොත් උන්ට අල්ලා  දී ඔටුන්නේ කොස් ඇට බැදගෙන කෑවේය.

ඊට පසු ඉංගිරිසින් හොද  නැත. නිදහස හොඳය. 

දැන් ඩි.ඇස්. හොඳය, ඩඩ්ලි හොඳය. ටික කාලෙකින් මුන් හොඳ නැතිය. බණ්ඩා  හොදය.  පංච මහා බලවේගයම බණ්ඩා පැත්තේය. ටික දිනකින් වෙඩි තබා ද දැම්මේය. බණ්ඩා හොද නැතිය.

ඊට  පසු UNP එක හොඳය. ටික කාලෙකින් ශ්‍රී  ලංකා  එක හොඳය.  ඔහොම ගීහින් ශ්‍රී ලංකා ද හොඳ නැතිය. සන්ධානය  හොඳය. එවිට ජ.වී.පෙ ට සන්ධානය හොඳය. සන්ධානයට ජ.වී.පෙ   හොඳය. දැන් නම් දෙගොල්ල නයි මුගටි වගෙය.

කලෙක ජ.වී.පෙ ට UNP එක නරකය. තමන්ගේ උන් මරා  දැමුවේ උන්ය. තවකලෙක UNP  ය හොඳය. එක පතේ කන්නේය.  තමන්ගේ උන් මරා දැමුවාට කම් නැත්තේය.

යුධ කාලයේදී ෆොන්සේකාට ආණ්ඩුව හොඳය. ආණ්ඩුවට ෆොන්සේකා හොඳය. මේ කාලයේදී මංගල හමුදාවට යට ඇදුම් මැහිමට වත් හොඳ නැත්තේමය.  දැන් නම් මංගල හමුදාවටම අණ දීමට තරම් හොඳය. හැබැයි ආණ්ඩුව නරකය. ආණ්ඩුවටත් ෆොන්සේකා නරකය.

හිටපු අග විනිසුරු තුමා පැට්‍රොල් රුපියල් 100ට දෙන්න කි විට නරකය. දෝෂාභියෝගයට පක්‍ෂ වන විට හොඳය.

අග විනිසුරු තුමිය පත් කරන විට ඇය ආණ්ඩුවට හොඳය.  විපක්ෂයට නරකය. දැන් ඇය ආණ්ඩුවට නරකය විපක්ෂයට හොඳය.

මේ සියලු දේ සාධාරණය කිරීමට   "දේශ පාලනයට සදා කල් මිතුරන් හෝ හතුරන් නැත"  යන කියමනට භාවිතා කරන්නේය. ඔය බහුරු කෝලම් කථා උවමනා නැත්තේමය. මක්නිසාද යත් මේ  සියලුම දේ  බුදු දහමට එකගය.  "සදාකල් පවතින කිසිවක් ලොවෙහි නැත්තේමය,  සියලු ධර්මතාවයන් වෙනස්වන සුළුය" යන්න බුදුරජාණන් වහන්සේ ගේ ඉගැන්වීමය. 

අපගේ මුළු මහත් දේශපාලන ඉතිහාසයම බුදුදහමට අනුව හැඩ ගැසුනක් බව තේරුනේ දැන්ය. ඒ නිසා මේ ක්‍රමයට මම ද දැන් කැමතිය.

11 comments:

  1. හික්...සහතික ඇත්ත......
    මෙලොව වෙනස් නොවන එකම දෙය වෙනස් වීමය......

    ReplyDelete
    Replies
    1. මොකද සමනලියේ හිනාවෙන්නේ...

      Delete
  2. ඇයි ඉස්සර අපිට රනිල් හොඳය - දැන් සජිත් හොඳය

    ReplyDelete
  3. කන්න නැතත් ලැම්බොගිනි හොඳය

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් තවත් බොහෝ දේවල්.....

      Delete
  4. හැම දෙයක්ම වගේ බුදු දහමට අනුව විග්‍රහ කරලා බලන්න පුලුවන්

    ReplyDelete
  5. අපේ දේසපාලුවෝ දන්නේ වවන් කන්න විතරයි.

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත කෝරලේ මහත්තයෝ.

      Delete
  6. කතාවට එකගය. "ලෝක සොබාවෙ" කියනවා ඇරෙන්න කියන්න දේකුත් නැතිය.

    ReplyDelete
    Replies
    1. වෙන මොනව හිතන්නද මලයෝ

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...