Monday, January 7, 2013

කෝච්චියේ සුස්තරේ



ඔන්න ඉතින් මම කලින් පෝස්ට් එකක් දැම්මානේ අපායට නඩු කියල. ඔන්න ඔය කතාවේදී කියල තිබුනේ ලොයර්ස් ලා ගැන නේ. ඉතින් මේ එකවුන්ටන්ට් නොහොත් ගණකාධිකාරී වරුන් ගැන කතාවක්. මේ පොස්ට් බලන  එකවුන්ටන්ට්  උතමයෝ ඉන්නවනම් තරහ අවසරයි.

කොහොමත් බොහොමයක්  එකවුන්ටන්ට්ලා  කිසිම ලොජික් එකක් ගැන හිතන්නේ නැති  අය තමයි කස්ටිය කියන්නේ, අනේ මං තුමා නම් ඕව දන්නේ නැහැ. හැබැයි ඔය IT කස්ටිය එහෙම නැහැ. ෆුල් ෆන් එකේ වගේම ෆුල් ජොලියෙන් ඉන්න බුවාලා තමයි ඔය IT කස්ටිය. මං  තුමාත්  ඉතින් ඔය දෙවෙනියට කියපු කස්ටියේ එකෙක් තමයි. හොදයි ඒ වගෙන් වැඩක් නැහැ දැන් කතාව අහමුකෝ.

ඔන්න දවසක්  එකවුන්ටන්ට් මහත්තුරැ 5 දෙනකුයි , IT බුවාලා 5 දෙනකුයි  ඔෆීෂියල් (ඉංගිරිසියෙන් කියන්නේ රාජකාරි කිලා)ගමනක් යනවා.  යන්න තිබුනේ කෝච්චියෙන්.ඔන්න ඉතින් කෝච්චිය එනකල් කොටස් දෙකකට බෙදිලා ඉන්නවා. (කොහොමත් ඔය දෙගොල්ලෝ පැහෙන්නේ නැහැ) ඔය IT  බුවාලා ෆුල් චුන් එකේ  කැෂුවල් ඇඳුම් එහෙම ඇඳගෙන ෆන් එකේ ඉන්නවා කෝච්චිය එනකල්. අනික් එකවුන්ටන්ට්ලා  ෆුල් කිට ගහලා ඔෆීෂියල්  පිට ඉන්නවා. 

දැන් ඔන්න කොච්චි ටිකට් දෙන වෙලාව. .. එකවුන්ටන්ට්ලා   ඉස්සර වෙලා ගිහින් ටිකට් 5 ක් ගත්තා.  ඔන්න දැන් IT  එකෙක් කියනවා,... එකවුන්ටන්ට්ලාට ඇහෙන්න , නිකන් කෝචෝක් එකට වගේ..

"මචෝ  ලොජික් එක දන්නවනම් එක ටිකට් එකක් ඇති ඔක්කොටොම " 
එහෙම කියල එක ටිකට් එකක් ගත්තා. අනික් උන්   ටිකට් ගන්නේ නැතිව ෂේප් එකේ කෝච්චියට නැග්ගා. 


එකවුන්ටන්ට් සෙට් එක මේක දැකලා දැන් ෆුල් ට්‍රයි එක මේ ලොජික් එක අල්ල ගන්න. දැන් මුන් එක දිගටම රබර් ඇහැ දානවා IT කස්ටිය පැත්තට මේ ලොජික් එක අල්ල ගන්න. ඔන්න දැන් කෝච්චිය පිටත් වෙලා ගියා. අපේ සෙට් එක ෆුල් චුන්  එකේ යනවා. ඔන්න ඔය අතරේදී තමයි කෝච්චියේ ටිකට් චෙක් කරන්න ටික්කො පැන්නේ එකවුන්ටන්ට් ලට ෆුල් චුන්.. ඇයි  දැන් අරුන් මාට්ටු නේ.  ඒවා කොහෙද IT  බුවාලා එක්ක. ඔන්න දැන් මුන් ඔක්කොම  
කෝච්චියේ වැසිකිලියට රිංගුවා ටික්කට පෙන්නේ නැතිව. එහෙම රිංගලා දොර ලොක් කරගෙන ඉන්නවා.  දැන් ටික්කා  ටිකට් බලබල ඇවිත් ටොයිලට් එකේ දොර තල්ලු කරලා බලනවා. මේක වහලා. ඉතින් මු දැන් දොරට තට්ටු කරලා මෙහෙම කියනවා.

"ටිකට් ප්ලීස් ...."

දැන් දොරේ තිබුන පොඩි හිඩැසකින්  ටිකට් එකක් එලියට එනවා ...  "ටිකිස්" ටිකට් එක කපලා ආපහු අර හිඩැසින්ම ඇතුලට දීල ටික්කා  ගියා. ටික වෙලාවකින් අරුන් ටික  එලියට ඇවිත් චුන් එකේ ගමන යනවා. දැන් මේ සිද්දිය අපේ එකවුන්ටන්ට් සෙට් එක බලාගෙන තමයි හිටියේ.... 

ඔන්න දැන් ගිය රාජකාරිය  ඉවර වෙලා අපහු එනගමන්, දැන් අපේ IT සෙට් එකට පේනවා මේ එකවුන්ටන්ට් සෙට් එක ටිකක් විතර නොසන්සුන් කියලා. මුන්   බලාගෙන හිටිය මේ මොකද කියලා. ඔන්න ටිකට්  දෙන්න පටන්ගත්තා විතරයි එක එකවුන්ටන්ට් කෙනෙක් කියනවා මුන්ට ඇහෙන්න 

"අපිත්  ලොජික්  දන්නවා  එක ටිකට් එකක් ඇති...." 

ඔහොම කියලා මුන් ටික  ඉස්සරවෙලා එක ටිකට් එකක් අරගෙන කෝච්චියට නැග්ගා.

දැන් IT එකෙක් කියනවා ..

"මචෝ දැන්  IF condition එක ..... අපි ටිකට් නැතිව යමු"

දැන් මුන්  ටිකට් නැතිව යනවා.  එකවුන්ටන්ට්ලා මේක දන්නේ නැහැ. ඔන්න දැන් කෝච්චිය පිටත් වෙලා ටිකක් දුර යනකොට අර ඉස්සෙල්ල වගේ ටික්කො  එනවා. ඔන්න දැන් එකවුන්ටන්ට්ලා මේ  IT  කස්ටියට  කෝචෝක් හිනාවක් එහෙම දාලා කෝච්චියේ වැසිකිලියට රිංගලා දොර ලොක් කර ගත්තා.

දැන් IT  එකෙක් ගිහින් දොරට තට්ටු කරලා කටහඬ ටිකක් වෙනස් කරලා කියනවා.

"ටිකට් ප්ලීස්..."

දැන් දොරේ තිබුන පොඩි හිඩැසකින්  ටිකට් එකක් එලියට ආවා. දැන් IT  සෙට් එක මේ ටිකට් එකත් අරගෙන අනික් ටොයිලට් එකට රිංගුවා.


(ඔය පලවෙනි ෆොටෝ එකනම් මගේ. අනිත් එවුවා නම් ඉතින් ඉන්ටෙර්නෙට් එකෙන් ගත්ත ඒවා. ඒ වාගේ අයිති කරුවන්ට මගේ ප්‍රණාමය)

12 comments:

  1. Replies
    1. හික්... හික්... එක ඇත්ත හෙන්රි.

      Delete
  2. හප්පේ..... නියමම සෙට් එකක්නේ...... ලොජික් තමා ලොජික්....හික්....

    ReplyDelete
    Replies
    1. හපෝ මතක් කරන්න එපා.. මම ඔය programmer කෙනෙක් වෙලා හිටපු දවස් වල හීනෙනුත් ඔය කෙහෙල්මල් ලොජික් පේනවා.

      Delete
  3. නියම වැඩේ ඒකනම් අයියේ.....ලොකු කම දාන උන්ට ඔහොම කරලත් මදි......

    ReplyDelete
    Replies
    1. ඕක ඒ දවස්වල අපි හදපු කතාවක්.

      Delete
  4. හපෝයි.. අර පොඩි ටොයිලට් එක ඇතුලේ 5 දෙනෙක් කොහොම රිංඟන්නද ? :P

    IT කට්ටිය ෆුල් ෆන් පොරවල් +++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. තැනෙ හැටියට ඇනේ කිවලු මලේ.

      Delete
  5. අයියේ උඹ මොනවා නැතත් අපේ වෘතිය ගෞරවය බේරලා තියෙනවා. IT උන් කියනේ කොහොමත් ලොජිකල් ෆන් බුවාලා තමයි බං.

    ReplyDelete
    Replies
    1. එහෙම නැතිව බැහැනේ මලයෝ..

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...