Monday, March 11, 2013

කලාත්ම ඡායාරුප - අවසන් කොටස


කලාත්මක ඡායාරුපයක් නිර්මාණයේදී වැදගත් වන මුලික කරුණු වන ඡායරුපයේ සැකැස්ම  ගැන මෙන්ම ඡායරුප ගැනීමේදී එහි අනාවරණය  ගැන තොරතුරුත්  මිට කලින් පොස්ට් දෙකෙන් අපි ඉගෙන ගත්තා. අද  අපි කතාකරන්නේ ආලෝකය සහ කාච භාවිතා කලයුතු ආකාරය ගැන.

ස්වභාවික ආලෝකය. (available light)

හැකි සැම  විටම එම අවස්ථාවේ පවතින ස්වභාවික ආලෝක ප්‍රභවය භාවිතා කිරීමෙන් ඡායාරුපය ගැනීමට උත්සහ කරන්න. ෆ්ලෑෂ් (flash) ආලෝකය භාවිතා කිරීමෙන් එම අවස්ථාවේ ස්වභාවික තත්වය (intimate mood) විනාශ විය හැක.  (ෆ්ලෑෂ් ආලෝකය නිර්මාණශීලිව භාවිතය ගැන වෙනම කතා කරමු ) රාත්‍රී කාලයේදී  ද,  හැකිනම් ස්වභාවික ආලෝකයෙන් ඡායාරුපය නිර්මාණය කිරීමට උත්සහ ගන්න.
Fuji HS20 Camera :  1.5 sec , f 2.8,  ISO 200

Fuji HS20 Camera :  1/26 sec , f 2.8,  ISO 800


පැති ආලෝකය  භාවිතය. (using sidelight) 

හැකි සෑම  විටකම පැති ආලෝකයක් භාවිතා කරන්න. අලේඛ්‍ය (Portrait) ඡායාරුප වලදී කෙලින්ම ඉදිරිපසින් වැටෙන ආලෝකයෙන් ගැඹුර නොපෙනී යන අතර (flatten effect) කෙලින්ම හිස මතට ආලෝකය පතිත වීමෙන්, ඇස් සහ නිකට යට අඳුරු පැහැ  ගැනේ. උදයේ සහ සවස ඇති හිරු  එලිය පති ආලෝකය සපයන හොඳ ආලෝක ප්‍රභවයන් වේ. එමෙන්ම ජනෙල්, දොරවල් තුලින් ලැබෙන ආලෝකය පැති  ආලෝකයක් ලෙස යොදාගත හැක. පහත ඇත්තේ ජනේලයක් තුලින් ලබාගත් ආලෝකයෙන්  ගත්  ඡායාරුපයකි. 

Fuji S2950 camera: 1/30, f 5.3, ISO 800

Nikin D5100 camera: 1/250, f 5.3, ISO 250


Nikin D5100 camera: 1/30, f 5.3, ISO 800

Against the Light 

ඡායාරුප ගැනීමේ සම්මත ක්‍රමය වන්නේ, ආලෝක ප්‍රභවය ශිල්පියාට පිටිපසින් පිහිටන ආකාරයට වස්තුව ස්ථාන ගතකිරීමයි. නමුත් මෙම ක්‍රමයේදී කැමරාව ඉදිරියෙන් ආලෝක ප්‍රභවය පිහිටන ලෙස වස්තුව ස්ථාන ගත කෙරේ. මෙම ක්‍රමය Against the Light Photography  නැතහොත් silhouette Photography ලෙස හඳුන්වයි. මේ ගැන විස්තරාත්ම ලිපියක් පසුවට.

Fuji HS20  camera: 1/280, f 3.6, ISO 100

Flash Photography

ඉතා සුලබ ලෙස බාවිතා කරන කෘත්‍රීම ආලෝක ප්‍රභවය වන්නේ Flash Gun එකය. බොහෝවිට Flash කිරීමේදී  භාවිතා කරන්නේ කැමරාවෙහි ඇති ෆ්ලෑෂරය   හෝ අතිරේක  Flash Gun එක කැමරාවට සවිකර වන අතර,  එසේ direct flash  ලබා දීමෙන් කලාත්මක ඡායාරුප නිර්මාණය  අපහසු වේ.  නමුත් Flash Guns  කීපයක් භාවිතා කිරීමෙන්,  ෆ්ලෑෂ් කිරීමෙන් ලැබෙන  ආලෝකය පරාවර්තනය කර වස්තුව වෙත යොමු කිරීමෙන් සහ  කැමරාවට සවි නොකර flash  එක භාවිතයෙන් අපට අවශ්‍ය ලෙස ආලෝකය සපයා ගත හැක. මේ ගැනද වෙනම කතා කරමු.

Fuji S2950 camera: 1/50, f 4.2, ISO 100

කෘත්‍රිම ආලෝකය 

ෆ්ලෑෂ් ආලෝකය කෘතීම ආලෝකයක් උවද මෙහෙදී මා විශේෂ අවධානය යොමු කරනුයේ  රිෆ්ලෙක්ටර්  උපයෝගී කරගෙන ආලෝකය සැපයීමය.

මෙවැනි අවස්ථාවන් හිදී, ආලෝක ප්‍රභවය ලෙස CFL බල්බ්, flash ගන්ස් වැනි ආලෝක ප්‍රභවයන් භාවිතා කල හැක. ඔබ සතුව මෙවැනි උපකරණ කට්ටලයක් තිබේ නම් විවිධ පැති  වලින් ආලෝකය සපයා ඡායාරුප ගත හැක. පහත දක්වනුවේ එලෙස CFL  බල්බ් යොදා ගනු ලැබූ ආලේඛ්‍ය ඡායරුපයකි.

Fuji HS20 camera: 1/100, f 4.5, ISO 1600


උපයෝගී කරගන්නා  කාචය.

ඡායාරුප ගත  කිරීමේදී, ඒ සඳහා භාවිතා කරන කාචයේ නාභි දුර ගැන සැලකිලිමත් වන්න. දර්ගන (landscape, seascape ) සඳහා අඩු නාභි දුරක් ඇති කාච (wide angle lens) සුදුවූ වන අතර,  එමගින්  වැඩි  පරාසයක ඡායාරුපයක් ගැනීමට හැකි වීම මෙන්ම වැඩි ශේෂ්ත්‍ර ගැඹුරක් ඇති ඡායාරුපයක් ලබාගත් හැක. පළමුවෙනි ඡායාරුපය බලන්න.

අලේඛ්‍ය ඡායාරුප සඳහා මධ්‍යස්ත ප්‍රමාණයේ ටෙලි ලෙන්ස්  වඩා සුදුසු වේ. නාභි දුර 80 - 135 දක්වා. එයින් පසු බිම අපැහැදිලි කර රුපය ඉස්මතු කල හැක. 4 වෙනි ඡායාරුපය බලන්න.

වන ජීවී ඡායාරුප කරණයේදී මෙන්ම  sports photography  වලදී අනිවාර්යයෙන්ම අවම ලෙස මි.මි. 200 ක හෝ නාභි දුරකින් යුත් කාචයක් භාවිතා කල යුතු වේ.  නමුත් කුරුල්ලන්ගේ ඡායාරුප ගැනීම සඳහා නම් අවම ලෙස මි.මි. 300 ක හෝ නාභි දුරකින් යුත් කාචයක් අවශ්‍ය බව මගේ අත්දැකිම වේ.


පසු සටහන.

පසු ගිය ලිපි 3ම ඡායාරූපකරණය පිළිබඳව ම  එක දිගට පලකලේ ඒ ලිපි අතර සම්බන්ධ තාවයක්  තිබු බැවිනි. මෙම ලිපි තුනම කලාත්මක ඡායාරුපයක් සකස්කර ගන්නේ කෙසේද යනුවෙන් එක මාතෘකාවක් යටතේ ගොනුකළ හැක.

ඡායාරුප කරණය ගැන පළවූ  මේ ලිපි කිහිපය පරිශීලනය කිරීමෙන් ආධුනිකයෙනුට සැහෙන තරම් අවබෝධයක් ලබාගත හැක. දිගින් දිගටම ඡායාරුපකරණය පිලිබඳ ලිපි පළකිරීම කල යුතුද යන්න පිලිබඳ  කුකුසක් ඇතිවී ඇත. මා වෙත ලැබුණු ඊ-මේල කීපයකින් කියා සිටියේ මේ විෂය සම්බන්ධයෙන් කරුණු දැක්වීම ප්‍රමාණවත් බවය.

ඒ නිසා මේ සම්බන්ධයෙන් ඔබගේ වටිනා අදහස් ලබාගැනීමට අදහස් කරන අතර, ඒ සඳහා said  bar  එකේ ඇති මත විමසුමේ ඔබගේ මතය සටහන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටින අතර, එහි බහුතරයකගේ කැමැත්ත මත මෙම විෂය  සම්බන්ධයෙන් ඉදිරියට පොස්ට් පල කරන්නේද යන බව තීරණය කරමි.

කොහොමද මගේ පොරජා තන්තරේ ... ?

අවසන් වශයෙන් මේ ලිපි කීපය පලකිරීමට අවශ්‍ය වූ ඡායාරුප ලබාදීමෙන් සහ වරින් වර නිරුපන ශිල්පියෙකු වීමෙන්ද  අනගි සහයක් දුන් මගේ පුත්‍ර රත්නය වන චමිඳු විකුම්ශ්‍රී ට මගේ ස්තුතිය පිරිනමමි.







49 comments:

  1. මම ඔක්කෝම කියෙව්වේ නැත්තේ දැනට වැඩක් නැති හින්දා. ඒත් ඔක්කොම පසුවට කියවන්න වෙන බව දන්නව නෙව. ඒක හින්දා ඔබගේ උත්සාහය ඉතා වටිනවා මට නං.. ඇති යාන්තං මේක ඉවර කරා. හ්ම්.. දැං එහෙනං හොද කතා දෙක තුනක් දාමුකෝ බලන්ට අයියා...

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි, නිශාන්

      Delete
  2. මම නම් ඇත්තටම ඡායාරූපකරණය ගැන ලියවුන මේ ලිපි මාලාව නිසා සෑහෙන දෙයක් ඉගෙන ගත්තා. සමහර සංකීර්ණ දේවල් පවා සරලව උදාහරණත් එක්කම කියල දුන්න නිසා ඒ දේවල් ඉගෙන ගන්න එක ගොඩක් ලේසි උනා. ඒ නිසා මටනම් මේ ලිපි පෙල ගොඩක් වටිනව.
    අනිත් අතට ඡායාරූපකරණය ගැන විතරක්ම ලිපි පල උනොත් ඒ ගැන ඒ තරම් උනන්දුවක් නොදක්වන අයට ඒක නීරස වෙන්න පුලුවන් තමයි.
    ඉතින් මං නම් යෝජනා කරන්නෙ සම්පූර්ණයෙන්ම ඡායාරූපකරණය ගැන ලියන එක නතර නොකර, අනිත් ලිපි ලියන අතරෙ, ඉඳල හිටල හරි ඡායාරූපකරණය ගැන ලියවුන ලිපිත් පළ කරන්න කියල.

    ReplyDelete
    Replies
    1. මගේ අදහසත් මේකම තමා.... මට කියන්න ඕන වෙලා තිබ්බ සේරම ටික චාම්ස් කියල. ඒ නිසා මං ආයෙත් අමුතුවෙන් කෙටුවේ නෑ ඕන්......

      Delete
    2. චම්ස්, සමනලී ඔය දෙන්නගේ අදහස් දැක්වීමට ස්තුතියි

      Delete
  3. මහත්මයාණනි,
    ඕනදෙයක් එකදිගට ලියන කියන කරනවිට එපා වෙනබව ඇත්තක්, නමුත් ඔබගේ ලිපි පෙළ මානම් ඉතා ආශාවෙන් වැලදගත්තක්,මිට පෙර PhotographyLK,Photo Comments,Nature and Wildlife Photogrhapy වගේ අඩවි කිහිපයක් ඉතා සාර්ථක ලෙස ගොඩක් දැනුමක් ලබා දුන්නත් PhotographyLK අඩවිය පමණයි දැන් ඉද හිට මාසයක සැරයක් හෝ ලිපියක් පල වෙන්නේ,මෙහි වටිනාකම හරියට නොදත් කෙනෙකුට හෝ, ඔබට වඩා අඩු දැනුමක් ඇති අය ඔබේ දැනුම ගැන හා දැනුවත් වෙන අය ගැන යම්කිසි ඉර්ශ්‍යවකින් පෙලෙන අයෙක් නෙවෙයිනම් ඔබට මේල් නොඑවන බව මගේ විස්වාසයයි, මෙම ලිපිපෙළ සහමුලින්ම නවතා නොදමා ඉඩහිටහෝ තවදුරටත් අපව දැනුවත් කරන්නේනම් ඔබට ස්තුතිවන්තවෙමි,

    ReplyDelete
    Replies
    1. ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තුතියි, අමිල

      Delete
  4. කොටස් දෙක තුනක්ම මග ඇරිලද මන්දා :(

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ ඒ වගේ ශම්මි.

      Delete
  5. චාම්ස් උඩිං කියල තියෙනව ‍වගේ මේ වගේ විෂයානුබද්ද ලිපි දිගටම දාපුවාම ඒ ගැන උනන්දුවක් නැති අය බ්ලොග් එකෙන් හැලෙන්න පුලුවං.
    නමුත් වෙනත් ලිපි අතරට මේ වගේ ලිපි දැම්මයි කියල ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒ නිසා අනිත්වත් ලියන ගමං මේ ගැනත් තවදුරටත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි, ප්‍රසන්න

      Delete
  6. බ්ලොගින් කියන විනෝදාංසෙන් ලබපු විනෝදය අඩු වේගන යනවා..

    ඉස්සර ෆොටෝ ග්‍රැෆි ගන මෙලෝ දෙයක් නොදන්න කාලේ රීල් දාන පොකට් කැමරාවක් තියාගෙන හතර අතේ ෆොටෝ ගැහුවා - අතේ තියෙන තුට්ටු දෙක ඉවර වෙනකම් ෆොටෝ ප්‍රින්ට් කලා.

    දැන් ආයේ හිතෙනවා මේ ලිපි බලලා ෆොටෝග්‍රැෆි විනෝදාංසෙට අපහු බැස්ස නම් කියල

    අහ් අර පොඩි කොලු පැටිය අයිලාෂ්ගේ පොඩ්ඩද?

    අර මැද ඉන්න හැන්ඩියා අයිලාෂ්ද? :D

    ReplyDelete
    Replies
    1. නියම අදහස මචන්. ඇත්තටම photography කියන්නේ නියම විනෝදාංශයක්. stress relief එකට මරු.

      ඔව් බන් පොඩි එකා මගේ කොලු පැටියා, ඒ කොටස පොස්ට් එකේ අහු උනේ නැතිද?

      හි.... හි... ඒ මන් නෙවේ බන්, තවම මගේ self portrait එකක අරගෙන නැහැ. ඌ මන් දන්නා එකෙක්. බොහෝ දෙනෙක් portrait කීවම හිතන්නේ කෙල්ලන්ගේ එහෙම නැත්නම් වයසට ගිය අයගේ portrait ගැන. කොල්ලෙක්ගේ portrait එකක් ගැන හිතනවා අඩුයි. ඒ නිසාමයි මුගේ portrait එක දැම්මේ, එකේ පිරිමියෙක් ගේ ලක්ෂණ තියෙනවා කියලා මට හිතෙනවා.

      Delete
    2. අඩේ අන්තිම කෑල්ල කියවන්නේ නැතුවනේ කොමෙන්ට් එක ලිව්වේ . .. හෙ හෙ හේ

      Delete
  7. ඇත්තම කිව්වොත් මං කැමතියි මේ ලිපි ටික ඉවර උනාට... මට මෙව්වා මෙලෝ දෙයක් තේරෙන්නෙත් නෑ... දාන්න කොමෙන්ට් හිතා ගන්නත් බෑ..

    ඒත් මේ විෂයට කැමති අයට නම් අයියා කළේ ලොකු සේවයක්..

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි, යසිත් මල්ලි.

      Delete
  8. ෆොටෝග්‍රැෆි වලට ආස අපිවගේ අයට මේ පාඩම් මාලාව ගොඩක් වැදගත් අයිලාස් අයියේ. මම නම් කියන්නේ පොස්ට් දෙක තුනකට එකක්වත් ෆොටෝග්‍රැෆි ගැන දාන්න.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීම ගොඩක් අගය කරනවා. ස්තුතියි, පැතුම්

      Delete
  9. මට තව දේයක් දැන ගන්න ඕන.ෆෝටෝ එකක් ගන්න විට කුමන ප්‍රමාණයකට ගත් යුත්තේ

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නය පැහැදිලි මදි ගයනි.

      Delete
    2. අපි ඩිජිටල් කැමර් එකකින් ෆොටෝ එකක් ගන්න වා නම් කුමන ප්‍රමාණයක්ද තිබිය යුත්තේ

      Delete
    3. ඔයා අහන්නේ ෆොටෝ එක ගන්න ඕන සයිස් එක ද?

      එක තීරණය වෙන්න ඕනේ ඔය ෆොටෝ එකෙන් කරන්න යන වැඩේ අනුව. නෙට් එකට අප්ලෝඩ් කරන්න විතරක් නමු small size එකෙන් ගත්තම ඇති. ප්‍රින්ට් කරන්න බලාපොරොත්තු නම්, ප්‍රින්ට් සයිස් එක මත තීරණය කරන්න ඕනේ. නමුත් ලොකු enlargments print කරන්න බලාපොරොත්තු වෙනවා නම් large size එකෙන් ෆොටෝ ගන්න. එතකොට ඔයාගේ memory card එකට ඇතුල් කරන්න පුළුවන් ෆොටෝ ප්‍රමාණය අඩු වෙනවා. ඒ ගැනත් කල්පනාකාරී වෙන්න.

      Delete
  10. මත විමසුමේ උඹ දීලා තියෙන්නෙ ඔප්ෂන් දෙකයි.

    මට ඕනෙ ඒ එකක්වත් නෙවෙයි.

    ඡායාරූප ශිල්පය ගැන වගේම අනිත් දේවලුත් මිශ්‍රව පළ කරන එක තමයි මට හිතෙන්නෙ සුදුසුයි කියලා. ඡායාරූප ශිල්පය ගැන පළ වෙච්ච ලිපි හරිම වැදගත් බවත් ඒ එක්කම කියන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් උඹේ මතය දන්නවනේ..

      Delete
  11. ඡායාරූප මුද්‍රණය කිරීමේදී 3R, 4R, 5R... ලෙස ශ්‍රෙණි ගත කිරීම සහ ඒවා අවස්ථාව අනුව සුදුසු පරිදි ගලපාගැනීම සඳහා (වෙඩින් ෆොටෝ සඳහා සම්මත ප්‍රමාණයක්) පදනමක් තිබේද?

    ReplyDelete
    Replies
    1. 3R නම් දැන් බාවිතා වෙන්නේ නැහැ නේද? ඔය ප්‍රමාණ ඉතින් තමන්ගේ අවශ්‍යතාවය මත තීරණය වෙන්න ඕනේ.

      Wedding Photography කියන එක ගැන කතා කරන්න ගියොත් වෙනම පොස්ට් එකක්? ඇත්තෙන්ම Wedding Photography කියන දේ අද බල්ලට ගිහිල්ලා. අධි තාක්ෂණික ඇල්බම් සහ අධි තාක්ෂණික කැමරා වලින් මේ දේ ගිලගෙන. සමහර ඇල්බම් බලන්න බෑ හිරිකිතයි. මේ ලඟදි මම දැක්කා මනමාලයා ටොයිලට් එකේ චු කරන දිහා, මනමාලි බලන් ඉන්න ෆොටෝ එකක්, මේ කලාවද? වෘත්තීය ඡායාරුප කරණයද?

      වෘත්තීය ඡායාරුප ශිල්පින් ලෙස බොහෝවිට පෙනීසිටින්නේ අධි තාක්ෂණික කැමරාවක් අතින් ගත්ත එකෙක්. පුළුවන් තරම් ෆොටෝ ගහනවා 1000-2000 හෝ ඊටත් වඩා, ඩිජිටල් නිසා හොඳයි. අන්තිමේදී ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් අල්ලාගෙන ඇල්බම් එක බේරාගන්නවා. අපි ෆිල්ම් කැමරා වලින් wedding කරපු කාලේ ෆිල්ම් රෝල් 2-3 වඩා පාවිච්චි කලේ නැහැ. නිවැරදි මොහොත ග්‍රහණය කරගැනීමට ශිල්පියා දක්ෂ විය යුතුයි.

      අනික අද මගුල සම්පුර්ණයෙන්ම ෆොටෝග්‍රෆර් අතට අරගෙන. හරියට ටෙලි නාටකයක් වගේ. මම නම් මේ ක්‍රමයට සම්පුර්ණයෙන්ම විරුද්ධයි. මම නම් හිතන්නේ ඒ සුන්දර දවසේ ස්වභාවික සුන්දරත්වය ග්‍රහණය කරගැනීමට ඡායාරුප ශිල්පියා දක්ෂ විය යුතු බවයි. අදටත් මම wedding එකක් බාරගන්නකොට මගේ ක්‍රමයට එකඟ නම විතරයි බාර ගන්නේ.





      Delete
    2. වටිනා කතාවක්. මගේ හොඳම යාලුවාගේ වෙඩින් එකට ආපු කැමරාමන් හොඳට බැනුම් ඇහුව උගෙ තාත්තගෙන්. කැමරා 3ක්. ඒ මදිවට මනාල ජෝඩුවට ආපු උන් එක්ක කතා කරන්න දෙන්නෙත් නැතුව පෝරුවෙන් බැස්ස ගමන් ආපහු එලියට ඇදගෙන ගියා ෆොටෝ ගන්න. අංකල් බලාගෙන ඉඳල බැරිම තැන "මහත්තයා අපිට ෆොටෝ එපා. ඇඩ්වාන්ස් මුදල ඔයාගෙ මහන්සියට තියාගෙන දැන් යන්න" කිව්වා. බොහෝම අමාරුවෙන් අපි කියල කියල ශේප් කරේ

      Delete
    3. මේ කාරනවා සංවාදයකට ලක්විය යුත්තක් වගේම ලඟදි වෙඩිමක් ගන්න ඉන්න අයයි, වැඩිහිටියෝයි හිතලා බලන්න ඕන දෙයක්, වෙඩිම කියන්නේ මෙතරම් රවටිල්ලකට ලක්විය යුත්තක්ද යන වග.

      Delete
    4. පිළිතුරට ස්තූති කරමි....

      Delete
    5. මෙන්න ඔබ කියන ඡායාරූපය
      http://www.facebook.com/photo.php?fbid=4449446078995&set=a.3893864549804.2142016.1374776560&type=1&theater

      Delete
    6. ඔව් එක තමයි.

      Delete
  12. මමනං ඔක්කොම ටික වගේ කියෙව්වා! මොකෝ මේක මගෙත් ආසම සබ්ජෙක්ට් එක නිසා! දිගටම ලියමු බං! ඒ අතරේ තව නෝමල් ස්ටෝරි ටිකුත් දාමු! නැත්නම් කැමරාකරණය ගැනම වෙනම බ්ලොග් එකක් පටන් ගමු!

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීම ඉතාම වටිනවා. ස්තුතියි, නාඩියෝ

      Delete
  13. මගේ නම් අදහස ඔබ ලිවිය යුත්තේ ඔබට සතුටක් ගෙන දෙන දේවල් ගැන බවයි. බොහෝ දෙනා කියා ඇති පරිදි වරින් වර මේ මාතෘකාව යටතේ ලිපි පලකිරීම හෝ මේ සඳහා වෙනම බ්ලොගයක් පටන් ගැනීම ගැන ඔබට සිතා බැලිය හැකියි. එකිනෙකට සම්බන්ධ මේ කරුණු එක දිගට පලවූ පෝස්ට් වලින් දැක්වීම සුදුසු බවයි මට හිතෙන්නේ, මොකද ඔබ පෝස්ට් අතර විශාල කාල පරාසයක් නොතියන නිසා.

    sellout photography = silhouette photography?

    ReplyDelete
    Replies
    1. තිසර මාත් හිතන්නෙ ඒක Silhouette photography කියලා තමයි. මේකා ඩිංක්ස් එකක් දාලා ඉන්න ඇති!:D

      Delete
    2. එක printing mistake එකක් බන්. හැදුවා... දෙන්නටම ස්තුතියි.

      Delete
  14. ඇත්තම කිව්වොත් මමනම් කැමති මේ ලිපිම දිගටම පලකරනවාට උනත් , ඒ තරමටම මේ ලිපි වල වටිනාකමක් තියෙනවා , ඒත් හැමෝටම එහෙම නොවෙන්න පුළුවන් එක නිසා වෙනත් පොස්ට් දාන අතර වරින් වර ජයාරූප ගැන පොස්ට් දාන්න මේ ලේබලය යටතේ,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චමි, ඔබගේ අදහස් දැක්වීමට.

      Delete
  15. මටත් ගොඩක් ලිපි මඟ ඇරිලා තියෙන හැඩයි... මෙලෝ හසරක් දන්නේ නැති උනාට ෆොටෝ ගන්න මාත් ආසයි...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය ආසාව තමයි ඔයාව ඡායාරුප ශිල්පිනියක් කරවන්නේ.

      Delete
  16. අනිත් කතා තියනව නම් ඒවත් දාන්න. ඒ උනාට මේව නවත්තන්න එපා. අනිත් මාතෘකා ගැන ලියන්න ඕන තරම් බ්ලොග් කාරයො ඉන්නවනේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උකුස්සෝ. කැමරාවට මොකක්ද තෝරාගත්තේ?

      මටනම් හිතෙන්නේ ඔයා Samsung එක තෝරාගන්න ඇති කියලා.

      Delete
  17. ඉතාමත් ම වටිනා ලිපි පෙළක් අයිලාෂ් මේ.....හදවතින්ම වැළදගත් අඩවියක් වෙලා දැන් මෙතැන..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින්, අදහස් දැක්වීමට

      Delete
  18. අනේ... ඇත්තද ඈ .....

    ReplyDelete
  19. ඉතාමත් වටිනා ලිපි පෙළක් චායාරුපකරණය ගැන දිගටම ලියන්න ජය පතනවා ...

    ReplyDelete
  20. ඕන් කියෙව්වා පෝස්ටු පහ හයක්ම ...හෙමීට අනිත් ටිකත් කියවන්නම්කො ... ස්තුතියි මේ ලිපිවලට ..

    ReplyDelete
    Replies
    1. දැනුමක් ලබාගත්තා නම් සතුටුයි.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...