Monday, February 11, 2013

කැමරාව බේරගන්න -Dry Box එකක් හදාගන්න



මගේ කලින් ඡායාරුප කරණය පිලිබඳ පොස්ට් දෙක වන මං තුමාගේ ෆොටෝ සිහිනය සහ නොමිලයේ ඩිජිටල් කැමරාවක් යන පොස්ට් දෙකට කොමෙන්ට් කරපු ගොඩක් දෙනෙක් මේ ඡායාරුප ශිල්පය ගැන උනන්දුවක් දක්වන අය  , එහෙමත් නැත්නම් තමන්ට කැමරාවක් ලබාගැනීමට බලාගෙන සිටින අය. මේ අයගේ කොමෙන්ට් වලින් වගේම සමහර අය මට  ඊ  මේල එහෙමත් විදලා තිබුන, ෆොටෝග්‍රෆි ගැන පොස්ට් කීපයක් දමන්න කියලා. ඔන්න ඔය හේතු නිසා මං තුමා කල්පනා කළා මේ පොස්ට් එක ඉස්සෙල්ලම දාන්න.

මේ පොස්ට් එකෙන් මං තුමා කියලා දෙන්න යන්නේ අපේ කැමරා උපකරණ ටික කොහොමද නිවැරදිව ගබඩා කරලා තියාගන්නේ කියලා වගේම ඒ සඳහා අවශ්‍ය වන Dry Box එකක් කොහොමද ඉතම සුළු මුදලකට අපිම හදාගන්නේ කියන එක. බොහොම කාලයක් පෙරුම් පුරලා ලක්ෂ ගානක් වියදම් කරලා මිලදී ගත්ත කැමරාවට එහෙම නැත්නම් ලෙන්ස් වලට  හානියක් උනොත් ඉතින් හුටා තමයි නේද? 

මං  තුමා බොහෝ අවස්ථාවල දැකලා තියෙනවා අපේ කස්ටිය කැමරාව ඇඳුම් දමන අල්මාරියේ දාලා තියෙනවා, එහෙම නැත්නම් පොත් දාන කබඩ් එකක දාලා යතුරු දාලා තියෙනවා. මේක සම්පුර්ණයෙන්ම වැරදි වැඩක්. කවුරු හරි ඒ දේ කරනවානම් දැන්මම කැමරාව එතනින් එලියට ගන්න. 

අපේ වගේ රටවල් වල humidity  ඉංගිරිසියෙන්  ආර්ද්‍රතාවය කියලා කියන්නේ, අන්න  එක ගොඩක් වැඩියි. මේ humidity 50% වඩා වැඩිවන විට කැමරා ලෙන්ස් වල, sensor  එකේ වගේම අනිකුත් විදුරු මතුපිටවල් සහිත කොටස් (viewfinders, mirrors) වල නොයෙකුත් පුස් වර්ග හැදෙනවා. මේවට සිංහලෙන් කියන්නේ molds (fungus) කියලා. මේ පුස් වර්ග ඔය උපකරණ වල තියෙන glass coatings  විනාශ කරනවා.  කැමරා lens  එක හදලා තියෙන්නේ lenses කීපයක් එකතුකරලා, ඉතින් ඔය ඇතුලේ තියෙන ලෙන්ස් කෑල්ලකට ඔය පුස් අවොත් එහෙම සුද්ද කරන එක ලේසි නැහැ. බොහෝවිට අලුත් ලෙන්ස් එකක් ගන්න තමයි වෙන්නේ. ඔය fungus සුද්ද කරන අය  ඉන්නවා නමුත් මං  තුමාගේ පුද්ගලික අදහසනම් ඔය fungus සුද්ද කරපු ලෙන්ස් එකක් මුල් තත්වගේ තරම් හොඳ නැහැ කියන එකයි.



දැන් තේරෙනවා ඇති නේද, කැමරා සහ උපාංග  ඇඳුම්, පොත් වගේ දේවල් එක්ක තියන්න එපා කියලා කියුවේ ඇයි  කියලා. ඔය අල්මාරි, කබඩ් ඇතුලේ humidity එක වැඩි වගේම එලිය වැටෙන්නේ නැති නිසා මේ පුස් වර්ග ඉක්මනින් හැදෙනවා.

Dry Box එකක් ඇතුලේ මේ උපකරණ ටික තබාගන්න එක තමයි විසදුම. මේ Dry  Box  කියන්නේ අපිට අවශ්‍ය මට්ටමින් humidity % පාලනය කල ඇතුලට සාමාන්‍ය ලෙස ආලෝකය වැටෙන විදිහට සකස් කල පෙට්ටගමක්.

මේ තියෙන්නේ ඒ වගේ එකක්.

හැබැයි පුතෝ මේවා හරි ගණන්. ලංකාවේ නම් අඩුම මිල රුපියල් 9500/- විතර වෙනවා. ඉතින් මෙන්න මං තුමා dry box  එක හදපු හැටි. මේ විදිහට වහාම එකක් හදාගෙන කැමරාව එකේ දමන්න. 

මෙන්න උපකරණ ලැයිස්තුව සහ මං  තුමාට  වියදම් උන මිල ගණන්.

1. Air tight Container Box - රු. 950.00
2. Silica gel 250g              - රු. 125.00
3. Humidity මීටරයක්           - රු.500.00

මුළු වියදම = 1575.00  නරක නැහැ නේද?


මෙන්න සදා ගන්න පිළිවෙල:


ඔය තියෙන්නේ මං  තුමා ගත්ත පෙට්ටගම, සුපිරි වෙළඳ සලකින් ගන්න පුළුවන්.


පියනට ඔය වගේ රබර් බිඩින්  එකක් තියෙන්න ඕනේ එතකොට තමයි Air  Tight වෙන්නේ.

පෙට්ටියේ අඩියට ෆෙල්ට් රෙදි කෑල්ලක් දාන්න.


Silica gel ග්‍රැම් 100 විතර දාන්න. අනිත් ටික කට තදින් වැසූ බෝතලයක අරන් තියාගන්න.



දැන් ඊට උඩින් තවත් ෆෙල්ට් රෙදි කැල්ලක් දාන්න. 




ඔය  තියෙන්නේ Humidity මීටරය.


ඕවා නම් මෙහෙ ගන්න නැහැ. මං තුමාගේ යාලුවෙක් ඉන්නවා මාසයකට සැරයක් දෙකක් බැංකොක් යන එතුමාට කියල ගෙන්නවා ගත්තා. දැන් ඔය මීටරය එලියට පෙනෙන  විදිහට පෙටිය ඇතුලේ තියා ගන්න.

දැන් කැමරා එකයි ලෙන්ස් ටිකයි  අසුරගන්න.

පියන හොඳින් වසා මීටරය පෙනෙන ලෙස මේසයක් උඩින් තබාගන්න.


සැලකිය යුතුයි:

ඔය මීටරය 30% - 45% අතර තබාගන්න. 45% වඩා ඉහල යනවනම් සිලිකා ජෙල් තව ටිකක් එකතු කරන්න. 30% වඩා අඩු වෙනවනම් සිලිකා ජෙල් ප්‍රමාණය අඩුකරන්න.


සිලිකාජෙල් නිල්  පැහැයෙන්  යුක්ත වන අතර ජල  වාෂ්ප උරා ගැනීමෙන් රෝස පැහැයට හැරේ. එවිට  සිලිකා ජෙල් රත්කර ගැනීමෙන් නැවත සක්‍රිය කරගත හැක.


මේ තියෙන්නේ නිල්  පාටට, ජල වාෂ්ප උරා නොගත් සිලිකා ජෙල්. රෝස පාටට තියෙන්නේ ජල වාෂ්ප උරා ගත් සිලිකා ජෙල්.



33 comments:

  1. මට නම් තියෙන්නේ පුංචි ඩිජිටල් පික්සල් 10. ගානේ එකක්.එත් මෙක මගේ අනාගතයට වටිනවා.ස්තුතියි පැහැදිලි දැනුවත් කිරීමට.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. එක උනත් පොඩි Dry Box එකක් හදලා තියාගත්තොත් ගොඩක් පරිස්සම්.

      Delete
  2. එළනේ කොටින්ම මමත් තියල තියෙන්නේ අල්මාරියේ හුටා කිව්වලු

    ReplyDelete
    Replies
    1. දැන්මම අයින් කරලා මේසය උඩින් තියන්න, dry box එකක් හදාගන්නකන්.

      දැනටම හුටා වෙලාද දන්නේ නැහැ.

      Delete
  3. ආර්ද්‍රතාමානයක් හොයාගන්න එක තමා වැඩේ. මොනා උනත් නියම අදහසක්!!!!!

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලියේ මීටරේ හොයාගන්න එක තමයි අමාරු.

      Delete
  4. එල එල.. මමත් කැමරාව පෙට්ටගමේ දාන ටයිප් පොරක්. අදම ඔය පෙට්ටිය හදන්න ගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන්නේ ඕකට තමයි.

      Delete
    2. තවම මට මේ වැඩේ කරගන්න බැරිවුණා නේ. බලන්න ඕනේ මේ මාසේ අන්තිමේ හොඳ ඩ්‍රයි බොක්ස් එකක් ගන්න.

      Delete
    3. ඒ වැඩේනම් පරක්කු කරන්න එපා...

      Delete
  5. උඹේ ඔය ඩ්‍රයි බොක්ස් එකේ දාලා අල්මාරියේ දැම්මොත් මොකද?

    ReplyDelete
    Replies
    1. එපා මචං, fungas හැදෙන්න ඕන සාධක තමයි තෙතමනය සහ අඳුර. අපි ඔය සාධක දෙකම ඉවත් කරන්න ඕනේ. Dry Box එකේදී humidity අඩු කරනවා. ඔක direct light වැටෙන්නේ නැති වෙන විදිහට කාමරයේ තියෙන මේසයක් හරි මොකක් හරි මගුලක් උඩින් තියපන්.

      Delete
  6. හ්ම්ම් හ්ම්ම්...දැම්ම තියාම හදලා තියා ගත්තොත් හොඳයි වගේ..

    ReplyDelete
  7. අපේ මලයා ලග නම් මේ පෙට්ටියක් තියෙනවා මම දැකලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් දෙනෙක් ඕක බාවිතා කරනවා.

      Delete
  8. මමත් මගේ පුංචි කැමරා පොඩ්ඩා දාල තියෙන්නේ plastic airtight පෙට්ටියක. හැබැයි ඒක විනිවිද පේන්නේ නම් නෑ. හරි වටිනවා මේ පෝස්ට් එක. ආර්ද්‍රතාවය ගොඩක්ම අඩු වෙන්නත් හොඳ නෑ මන් හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ආර්ද්‍රතාවය 30% - 45% අතර තියාගන්න. මීටරයක් හොයාගත්තොත් ගොඩක් හොඳයි.

      Delete
  9. මං ලග නම් හිච්චි කැමරාවක් තියෙන්නේ. ඒක දාල තියෙන්නෙත් අල්මාරියේ තමා.....

    ReplyDelete
    Replies
    1. හිකිස්, මම කිවේ හුඟ දෙනෙක් ඔහොම තමයි.

      Delete
  10. මීටරයක් ඕනෙමයි නේද ???

    ReplyDelete
    Replies
    1. මීටරේ තිබුනේ නැත්නම් humidity % එක දැනගන්න විදිහක් නැහැ. ඔය මීටරේ එතරම් මිලක් නැහැ, මට උනේ රු 500 යි.

      Delete
  11. ආර්ද්‍රතාවය 35%ට වඩා අඩු උනහම ඒක ලෙන්සස් වලට බලපාන විදිහ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. වැදගත් ප්‍රශ්නයක් දේශාන්,

      කැමරා ලෙන්ස් එකක් කියන්නේ තනිකරම විදුරු කොටසක් නෙවේ නේ. ඒ වගේම තමයි බොඩි එකත්. ආර්ද්‍රතාවය ගොඩක් අඩු උනාම විශේෂයෙන්ම රබර් කොටස් වලට හානි වෙනවා. ඒ වගේ පැහැය වෙනස් වෙනවා වගේම ඉක්මනින් කැලි වලට කැඩීමේ ප්‍රවනතාවක් ඇතිවෙනවා.

      Dry Box එකකින් බලාපොරොත්තු වන්නේ පුස් වර්ග වලක්වා ගැනීමනේ ඒ සඳහා ප්‍රමාණවත් මට්ටමකින් ආර්ද්‍රතාවය පවත්වා ගත්තාම ඇති.

      Delete
    2. බොහොම ස්තුතියි.මමත් photography වලට ගොඩක් ආස කෙනෙක්. දිගටම මේ පැත්තට එන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් වටින ලිපි පෙලක්. :) හැබැයි ඉතින් DSLR එකක් ගන්න එක නම් තාම හීනයක්..

      Delete
  12. හැහ්... දැනට තියෙන්නෙ මේ ෆෝන් කට්ට විතරනේ (නරක නෑ, ඒකත් 8 මෙග පික්සල්) ඒක හින්ඩ අවුලක් නෑ

    ReplyDelete
    Replies
    1. එකට නම් අවුලක් නැහැ.

      Delete
  13. Replies
    1. ඔයා ඉන්නේ කොළඹ නම්, පරණ මාළු මාර්කට් එක තිබුන බිල්ඩිමේ උඩ තට්ටුවේ තියෙනවා ලැබ් අයිටම්ස් විකුණන තැනක්, එතනින් ගන්න පුළුවන්. එතැන් තමයි ඉතාම ලාබෙට ගන්න පුළුවන් තැන.

      තව ෆොටෝ ටෙක්නිකා එකෙන් ගන්න පුළුවන්, නුගේගොඩ දිමාල්ස් එකෙන් ගන්න පුළුවන්.

      Delete
  14. Silica gel උඩට ෆෙල්ට් රෙදි කෑල්ලක් දන්න ඕනමද මචෝ මම නම් Silica gel උඩින් නිකන් තියල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ. උඩින් ෆෙල්ට් එකක් දාලා තියෙන්නේ කැමරාවේ වැඩි ආරක්ෂාවට.

      Delete
  15. කිය්න්න වදන් නෑ සහෝ...........

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...