Thursday, February 21, 2013

කැමරාවක් ඕනෙද? මේ ගැනත් සිතන්න


කැමරාවක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවද? වෙළඳ පොලේ තියෙන කැමරා වර්ග මොනවද? වගේ විස්තර ටිකක් දෙන්න කියලා පහුගිය ලිපි බලපු අපේ කස්ටියගෙන් ඉල්ලීම් තිබුන නේ.  එනිසා අද මං  තුමා ඒ පිළිබඳව පොඩි විස්තරයක් කරන්න හිතුවා. අපි දැන් ඉන්නේ ඩිජිටල් ලෝකයේ නිසා ෆිල්ම් කැමරා ගැන කතා කරන්නේ නැහැ.

කැමරා වර්ග 

අපි ඉස්සෙල්ලම බලමු වෙළඳ පොලේ තියෙන කැමරා වර්ග මොනවද කියලා. (Brand  names  නෙවේ) ප්‍රධාන වශයෙන් කැමරා වර්ග 4 ක්  දක්වන්න පුළුවන් 
  • Point  & Shoot එහෙම නැත්නම් Compact Camera 
  • Prosumer Camera  නොහොත් Bridge Camera 
  • DSLR Camera 
  • Mirror-less Camera 
ඔය තමයි ප්‍රධාන කැමරා වර්ග 4 වෙන්නේ. 

Point  & Shoot / Compact Camera 




ඔය තියෙන කැමරා දෙක දැක්කම හැමෝම දන්නවනේ. මේ කැමරා වර්ග වල තියෙන්නේ ඉතාම කුඩා image sensor  එකක් ඒ නිසා මේ වගේ කැමරා වලින් ගන්න ෆොටෝ enlarge කරලා මුද්‍රනය කරන්න අමාරුයි.
මේ වගේ කැමරා එකක් ගන්නවානම් ඉතින් හිතන්න වෙන්නේ මෙගා පික්සල් ගණන ගැන තමයි.

මේ කැමරාව අපිට ෆොටෝ එක ගන්න අවශ්‍ය පැත්තට කැමරාව අල්ලලා පිටිපස්සේ තියෙන LCD  පැනල්  එකෙන් බලල ශටර් එක ඔබන්න විතරයි තියෙන්නේ. ඒ නිසාම තමයි මේ වර්ගයට  point & shoot කියලා කියන්නේ. ඔය වර්ගයේ කැමරාවල අපිට සකස් කරන්න පුළුවන් සෙටින්ග්ස් ප්‍රමාණය ඉතාම සිමා සහිතයි. ඒ නිසා මේ මගින් කලාත්මක ඡායාරුපයක් නිර්මාණය කරගන්න නම හැකියාවක් නැති තරම්.

මෙහි මිල ඉතාම අඩුයි,  ඒ වගේම ප්‍රමාණයෙන් කුඩා සහ සැහැල්ලු බැවින් යුක්ත නිසා ඕනෑම අවස්ථාවක ඡායාරුපයක් ගැනීමේ පරමාර්ථයෙන්  සැම  වෙලේම සාක්කුවේ දමාගෙන යන්න පුළුවන්. නමුත් මං  තුමාගේ පුද්ගලික අදහස නම මේ වර්ගයේ කැමරාවක් මිලදී ගැනීම වැඩකට නැති දෙයක් බවයි.  එහෙම කියන්නේ අද අපි හැමෝම අතේ තියෙන ෆෝන් කැමරා එකෙනුත් ඔයිට සමාන ෆොටෝ ගන්න පුළුවන් නිසා. මේ පහලින් තියෙන්නේ මං තුමාගේ ෆෝන් කැමරාවෙන් ගත්ත පින්තුර කීපයක්. හැම වෙලේම DSLR එක උස්සගෙන යන්න බැහැනේ?




පලවෙනි එක macro  එකක්, මොකක්ද මේ macro කියන්නේ කියලා පස්සේ දවසක කතා කරමු, දෙවෙනි එක මං  තුමා මාලිගා කන්ද අරණ්‍ය සේනාසනය බලන්න ගිහින් එනගමන් ෆෝන් කැමරා එකෙන් ගත්ත එකක්. අන්තිම එක මං  තුමාගේ කාර් එකට ඉස්සරහින් ගිය කාර් එකකට උන වැඩක්. මේ වගේ වෙලාවක අපි අතේ DSLR  එක නැහැ නේ. point & shoot එකකින් ගත්තත් ඔයිට වැඩ හොඳින් ෆොටෝ එකක් ගන්න බැහැ. 

Prosumer Camera  /Bridge Camera 



මේ bridge වර්ගයේ කැමරා නිෂ්පාදනය කරලා තියෙන්නේ  point & shoot සහ DSLR  කියන  වර්ග දෙකට අතරමැදි වර්ගයක් ලෙසයි. මේ නිසා තමයි මේ වර්ගයට bridge  කියන්නේ. ඒ වර්ග දෙක අතර පාලමක් වගේ. මෙම කැමරා DSLR  වලට වඩා ප්‍රමාණයෙන් කුඩා වෙනවා. මේවයේ  බොහෝ දුරට භාවිතා වන්නේ 1/2" හෝ 2/3" කියන කුඩා ප්‍රමාණයේ image sensor  එකක්. නමුත් DSLR  එකකින් කරන බොහෝ කාර්යයන් මේ කැමරාවකින් කරගන්න පුළුවන්. 

DSLR වලට වඩා Bridge හි ඇති අවාසි 
  • කුඩා සෙන්සර් එකක් තිබීම.
  • ලෙන්ස් මාරු කිරීමට නොහැකි වීම.
  • Optical  view finder  එකක් නොමැති වීම. (මෙහිදී අපිට දර්ශනය වන්නේ video එකකි)
  • බොහෝවිට ලෙන්ස් නිෂ්පාදනය කර ඇත්තේ ප්ලාස්ටික් වලින් වීම (DSLR  වල high  quality glass)
  • සමහර වර්ග වලට external flash  එකක් සවිකිරීමේ නොහැකි වීම.

මිල අතින් ගත්කල DSLR  එකකට වඩා අඩු වීමත්,  Manual  settings සාදාගැනීමේ හැකියාවත් වගේම  DSLR එකකින් කරගත හැකි වැඩ බොහොමක් කරගැනීමට හැකිවීමත් 10" x 15"  වැනි ප්‍රමාණයේ මුද්‍රණයක් ලබා ගත හැකිවීම වැනි හේතුන් මත,  අඩු මිලකට කැමරාවක් ගැනීමට බලාපොරොත්තු වන අයට  ද, ඒ  කැමරාවේ ඇති සිමාවන් තමන්ට ප්‍රමාණවත් යයි සිතන අයෙකුට මෙන්ම, ඡායාරුප ශිල්පයට  ආධුනිකයන් හටත් සුදුසු වර්ගයකි. (DSLR  එකක්ම මිලදී ගත හැකිනම් වඩා හොඳය.)

DSLR - Digital  Single  Lens Reflex 







මිල ඉතාම අධික  උනත් ඔන්න ඉතින් ගන්නවානම් බඩු.  DSLR  කැමරාව ගැන හැමෝම දන්නවනේ. මේකේ ලෙන්ස්  එකෙන් එන ආලෝකය කැමරා බොඩි එක ඇතුලේ තියෙන දර්පණයකින් (mirror) හරවලා ඊට පස්සේ ඉහල තියෙන pentaprism  එකෙන් නැවත හරවලා තමයි අපේ දර්ශනය ලබා දෙන්නේ. මේ නිසා view finder  එකෙන් බලන්න කැමරාව on  කරන්න ඕනේ නැහැ වගේම ඉතාම පැහැදිලි දසුනක් ලබාගන්න පුළුවන්. මේ පහල තියෙන රුපය බලන්න 

කලාත්මක ඡායාරුප කරණයේ මෙන්ම වෘත්තීය මට්ටමින් ඡායාරුප කරණය කිරීමට බලාපොරොත්තු වෙනවානම් ඔබ අනිවාර්යයෙන්ම මෙම වර්ගය මිලදී ගත යුතු වෙනවා. ලංකාවේ නම් බොහෝ සෙයින් ජනප්‍රිය වන්නේ Nikon  සහ Canon  කියන වර්ග දෙකයි. මෙම වර්ග දෙකම එක හා සමාන තත්වයෙන් යුක්ත වන අතර මෙම වර්ග තෝරා ගැනීම තමන්ගේ පුද්ගලික රුචිය අනුව සිදුවෙනවා. Nikon  භාවිතා කරන්නන් එම වර්ගයෙන් ගන්න ඡායාරුප වල  තත්වය හොඳයි කියන අතර Canon  භාවිතා කරන අය  කියන්නේ Canon  වලින් ගන්නා ෆොටෝ හොඳයි කියායි.


Mirror-less Camera 



මේ තියෙන්නේ අලුතෙන්ම හදුන්වා දී ඇති කැමරා වර්ගයයි. මෙම කැමරා වල DSLR  වල මෙන් mirror  එකක් නැහැ. මෙම කන්නාඩිය ඉවත් කිරීමෙන් නිෂ්පාදකයන් බලාපොරොත්තු වන්නේ කැමරාවේ විශාලත්වය සහ බර අඩුකිරීමයි. නමුත් එහි කන්නාඩියක් නැති නිසාම එයට optical view  finder එක අහිමි වී digital view  finder එකක් හිමි වී තියෙනවා. මෙය මෙහි ඇති ප්‍රධාන අවාසියක් වෙනවා. 

මෙම වර්ගයේ කැමරා වල ලෙන්ස් මාරු කිරීමේ හැකියාව ඇති නමුත්. ලබාගත හැකි ලෙන්ස් ගණන ඉතාම් සීමිතයි. ලෙන්ස් ප්‍රමාණ 2 -3 කට වඩා තවම නිෂ්පදානය කර නැහැ. 

මෙම කැමරා වල ඇත්තේ APS-C  වර්ගයේ සෙන්සර් එකක් නිසා තත්වයෙන් ඉහල ෆොටෝ ගන්න පුළුවන්. මෙම වර්ගය ඉතාම ලඟදි හදුන්වා  දුන් නිසාම  මිල ඉතාම අධිකයි.  නමුත් අනාගතයේදී මෙම වර්ගය Bridge  කැමරා අභිබවා ඉදිරියට යන බව විශ්වාස කරන අතරම, තවදුරටත් DSLR   කැමරා  ලෝකයේ රජු ලෙස තවත් බොහෝ කාලයක් වැජඹෙනු ඇත.

Bridge & DSLR Image Comparison 



පලවෙනි ෆොටෝ එක Fuji HS 20 Bridge  කැමරාවකින් ගත් එකක්  වන අතර අනික Nikon D5100 DSLR  කැමරාවකින් ගත්  ෆොටෝ එකක්. මේ ෆොටෝ දෙකම එකම ස්ථානයකදී එක හා සමාන ආලෝක තත්වයන් මත ගනු ලැබූ අතර DSLR එකෙන් ගනු ලැබූ ෆොටෝ එකේ image quality එක ඉතා ඉහල  බව පැහැදිලිව දැකගත හැක. 


කැමරාවක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු 

  • ඔබට කැමරාවක් මිලදී  ගත යුතුමද යන්න පළමුවෙන් විමසන්න.
    • බොහෝ දෙනෙක් නිකන් ගන්නන් වාලේ කැමරා මිලදී ගන්නවා. එකෙන් වෙන්නේ මුදල් නාස්තිවීමක්  පමණයි.
  • ඔබ මිලදී ගන්න කැමරාව පාවිච්චි කරන්නේ කොතරම් කලකට  සැරයක් ද? how  often use it?
    • සමහර අය  කැමරාව ආසාවට මිලදී ගෙන වසරකට වරක් හෝ දෙවරක් ගෙදර තියෙන මොකක් හරි උපන්දින සාදයක් වගේ දෙයක ෆොටෝ ටිකක් ගහනවා විතරයි. එහෙම නම් එකත් මුදල් අපතේ යැවීමක්. ඒ වෙනුවෙන් කැමරාවක් මිලදී නොගෙන ඡායාරුප ශිල්පියෙකුගේ සේවාව ලබා ගැනීම වඩා පලදායකය 
  • ඔබ ඒ වෙනුවෙන් වැයකරන මුදල පළමුව තීරණය කරන්න.
    • පළමුව වැයකරන මුදල තීරණය කරන්නේ නැතිව camera showroom  එකකට ගිය විට එතන ඉන්න salesmen  මොන මොනව හරි බොරු  ටිකක් කියලා, එක එක ජාති පෙන්නලා ඔබ බලාපොරොත්තු උනාට වඩා වැඩි මුදලක එකක් කොහොම හරි ඇඟේ  ගහනවා.
  • ඔබ කැමරාව භාවිතා කරන්නේ කුමන කරුණකට ද යන්න තීරණය කරන්න.
    • මෙන්න මේක තමයි deciding factor එක වෙන්න ඕනේ. දැන් ඔබ මේ කැමරා වර්ග ගැන දන්නා නිසා මොන වර්ගයෙන්ද ගන්න ඕනේ කියලා ඔබට තීරණය කරන්න පුලුවන්. ඔබට කලාත්මක එහෙම නැත්නම්  වෘත්තීය මට්ටමින් ඡායාරුප කරණය කිරීමට බලාපොරොත්තු වන්නේනම් අනිවාර්යයෙන් DSLR  එකක් මිලදී ගන්න.
  • කැමරා brand එක ගැනත් model  එක ගැනත් අන්තර්ජාලයේ තියෙන reviews  හැකිතරම් කියවන්න.
  • ඔබ මිලදී ගන්නේ DSLR  එකක් නම් සැම විටම ලෙන්ස් මිලදී ගැනීමේදී හොඳම වර්ගයෙන් (high quality optics) මිලදී ගන්න. කැමරා බොඩි එක යම් දිනක මාරු කලත් මේ ලෙන්ස් දිගටම පාවිච්චි කරන්න පුළුවන්.
  • අවසානයේදී ඔබ මිලදී ගන්නා කැමරාවෙන් සැහීමකට පත්වන්න. එයින් ප්‍රයෝජනයක් ගන්න.



58 comments:

  1. නියමයි..සෑහෙන්න වටින විස්තරයක්..අපේ හීන හැබෑ කරගන්න අමාරුවේ නොවැටෙන්න හොඳ උපදෙස් ටිකක්..

    ReplyDelete
    Replies
    1. කැමරා වලදී විතරක් නෙවේ අනික් හැම දෙයකදිමත් අපි වෙළඳ ලෝකයට අහුවෙන්නේ නැතිව ඉන්න ඕනේ.

      Delete
  2. අන්තිම අවවාදය නම් මටම කියල දාපු එකක් වගේ. හික් හික් හික්. එකෙන්ම නියමට යන පොස්ට් ටිකක් සෑහෙන්න හොඳයි.

    ReplyDelete
    Replies
    1. මොකද කෝරලේ මහත්තයෝ, කැමරාවෙන් සැටිස් නැත්ද? එහෙම නැත්නම් ප්‍රයෝජනයක් ගන්නේ නැද්ද? වැඩක් ගන්නේ නැත්නම් ලංකාවට එන වෙලාවක ඔන්න ඕක ගෙනත් මට දියන් බන්.

      Delete
    2. හික් හික් හික්. මේක නෙවෙයි මට ගන්න ඕනේ කරලා තිබ්බේ D7000 එක. මොනා කරන්නද සල්ලි නැති කම නිසා මේකට ගියේ. තව ලෙන්ස් සෙට් එකක් ගන්නත් ඕනේ නැත්නම් මේ කැමරා කටුවෙන් මට වැඩක් නැහැ.



      Delete
    3. එහෙම කියන්න එපා බන්. D7000 එකේ තියෙන්නේ D5100 එකේ සෙන්සර් එකමයි

      මට හිතෙන විදිහට න ඔකේ වැදගත් වෙන්නේ මෙන්න මේ දේවල් ටික විතරයි

      1. forcusing points : 39

      2.Weather sealed body

      3. more cross-type focus points : 9

      4. built-in focus motor

      5.Much faster max shutter speed 1/8000

      6. built-in Flash Commands

      හැබැයි මචන් ඔය ටික වෙනුවෙන් තව කොච්චර ගානක් ගෙවන්න ඕනෙද?



      ඒවිතරක් නෙවේ මලේ ඔය D7000 මගුලට වඩා D7100 හොඳයිනේ

      ඊට වඩා D 300S එක හොඳයි

      ඊට වඩා D 600 එක හොඳයි

      ඊට වඩා D 800 එක හොඳයි

      ඊට වඩා D 3s එක හොඳයි

      ඊට වඩා D 3x එක හොඳයි

      ඊට වඩා D 4 එක හොඳයි

      දැන් මොකද කියන්නේ? ගමු D4 එකක්ම, ආයේ මොකටද නේද
      ඔන්න ඔය තියෙන හුචක්කුව කියන එක මට එවපිය

      Delete

  3. ගොඩක්ම වැදගත් අයිලෂ් අයියේ..මේක විකියටටත් දාන්න..
    ඒ තරම් වැදගත් මේ විස්තර ටික..superb ah ...

    ReplyDelete
    Replies
    1. මේකේ විකියට දාන්න තරම් දෙයක් තියේද මල්ලියේ.

      Delete
  4. ඔහ්හ් මෙන්න මන් අවුරුදු ගානකට කලින් හොයන්න දගලපු හැම විස්තරයක්ම මේකේ තියෙනෝ....... වැදගත් වැඩක් :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් හරිනේ දැන්.

      Delete
  5. වටිනා විස්තර ටිඅක් දැම්මට ස්තුතියි මුලින්ම ,
    මමත් කැමරාවක් ගන්න බල බල ඉන්නේ මේ දවස් වල ..COMPACTකැමරාවක් හොදයි .. ඔය එහෙට මෙහෙට ට්‍රිප් එහෙම යනකොට ෆොටෝස් ටිකක් ගන්න .. ඒක හොදයිනේ ,
    මට දැනගන්න ඕනේ සාමාන්‍ය භාවිතයට හොද , කැමරාවක් ගන්නවනම් මෙගා පික්සල් කියක විතර එකක්ද හොද.. ඒ වගේම දැනට හොද වර්ගයක් කියන්න , සෝනි හොදයිද ..
    මිල ගණන් දන්නවනම් එකත් ලොකු උදව්වක් ,

    ReplyDelete
    Replies
    1. ** හොඳ ෆෝන් කැමරා එකක් තිබුනත් ඔය වැඩේ කරගන්න පුළුවන්.

      ** මෙගා පික්සල් 14ක විතර එකක් ගන්න.

      ** සෝනි, ෆුජි, නිකොන්, කැනොන් වගේ Brands හොඳයි.

      ** මොන වර්ගය මිලදී ගත්තත් agent ගෙන් ගන්න, වගකීම හොඳයි.

      ** මේ දවස්වල fuji promotion එකක් තියෙනවා. කොල්ලුපිටියේ Fuji Cafe Pixel එකට ගිහින් බලන්න. 443, ගාලු පාර, කොළඹ 3. : 0112555530

      Delete
  6. මම ඔක්කම බලලා, ඔක්කමත් හිතලා අන්තිමට කම්පනා කරේ ලැප්ටොප් එකකුත් ඕනේ අප්පා අලුත්, කැමරාවකුත් ඔනේ..කෝක ගන්වද කියලා.. :(

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ ඕන එකක් කියලා දෙකම ගන්න අප්පා.

      Delete
    2. :O බැංකුවක්වත් කඩමුද අයියේ? O.o

      Delete
    3. ඊට පස්සේ ෆොටෝ ගහන්න වෙන්නේ ආණ්ඩුවේ බෝඩිම ඇතුලේ තමයි.

      Delete
  7. ගොඩක් වැදගත් ලිපියක් අයියා. මීට අවුරුදු තුනකට විතර කලින් මේ වගේ ලිපියක් කියෙවුව නම්.....කියල හිතුනා. ඒ කාලේ පින්තූර ගන්න තිබ්බ ආසාවට කැමරාවක් ගත්තට කැමරාවක් ගනිද්දි හිතන්න ඕන දේවල් ගැන හරි අදහසක් තිබුනෙ නෑ. ඒකෙන් පින්තූර ගනිද්දි තමයි අපරාදේ තව ටිකක් හොයල බලන්න තිබුන කියල හිතුනෙ :(

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඔය ළඟ තියෙන කැමරාව?

      Delete
    2. Point n shoot. සෝනි සයිබර් ශොට් කැමරා එකක්...10.1MP. මේකෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි බැට්රි එක චාර්ජ් කරන්න බැරි එක. ෆොටෝ 20-30ක් ගත්තම අලුත් බැට්රි දෙකක් දාන්න ඕන :(

      Delete
    3. ඔයාගේ ප්‍රශ්නේ හරියට ඉදිපත් කලේ නැහැ නේ chams. ඒ කියන්නේ කැමරා මොඩල් එක සහ පාවිච්චි කරන බැටරි වර්ගය වගේ, ඒ නිසා මේ රිප්ලයි එක ගොඩක් දිග වෙයි පොස්ට් එකක් තරමටම, හිකිස්.

      සෝනි point & shoot වල බැටරි වර්ග කීපයක් භාවිතා කරනවා. සමහර බැටරි ඒ ගොල්ලන්ගෙම නිෂ්පාදන මේ වගේ,
      [im]http://1.bp.blogspot.com/-vKEKL5BhpHY/USg7s7hRfwI/AAAAAAAABLE/qPVelV7DTYI/s1600/bat.jpg[/im]
      ඔයවගේ බැටරියක් නම් තියෙන්නේ වැඩේ හුටස්. මොකද අපිට හිතන්න වෙනවා mother board එකේ ප්‍රශ්නයක් කියලා. මට හිතෙන්නේ අලුත්වදියාවක් කරන එක වැඩක් නැහැ. අලුත් කැමරාවක් ගන්න එක හොඳයි.

      තවත් සමහර සෝනි point & shoot වල AAA බැටරි භාවිතා කරනවා, ඔයාගේ එකේ තියෙන්නේ මේ AAA බැටරි නම් ඔයා දාන්නේ මොනවද?
      ඔයා දාන්නේ සාමාන්‍ය pen torch බැටරිනම් ඔයාට ගන්න පුටුවන් වෙන්නේ ඔය වගේ ෆොටෝ ගානක් තමයි. එකට විකල්පයක් විදිහට alkaline බැටරි දන්නා. කැමරා එකට ගොඩක් කරන්ට් එකක් ඕනේ ඒ නිසා හරියන්නේ alkaline බැටරි, එතකොට ෆොටෝ 100-150 විතර ගන්න පුළුවන්
      [im]http://3.bp.blogspot.com/-WO9mfG-CDvg/USg7s3V2tAI/AAAAAAAABLI/vIKWDCh8MxY/s1600/MDA01234.jpg[/im]

      එහෙම නැත්නම් මේ වගේ re-chargable බැටරි 4ක් ගන්න, ටිකක් ගණන් උනාට දීර්ග කාලීනව ගොඩක් ලාබයි.
      [im]http://4.bp.blogspot.com/-eounkIDjcUc/USg7smhx7QI/AAAAAAAABLA/T7uBxibOsM4/s1600/AA_AAA_Rechargeable_Battery_With_Charger.jpg[/im]

      ඔයා කැමරාව ගත්තේ අවුරුදු 3කට විතර ඉස්සෙල්ල කිවනේ, ඒ වැය කල මුදල වගේ මිලකට දැන් bridge කැමරා එකක් ගන්න පුළුවන්.

      උත්තරේ ලැබෙන්න ඇති නේද?


      Delete
    4. මුලින්ම කියන්න ඕන ගොඩක් ස්තූතියි අයිලාශ් අයියා මේ විස්තරයට. මම දිගටම දැම්මෙ alkaline බැට්රි තමයි. පස්සෙ re-chargeable බැට්රි ගත්තා. ඒත් දැන් re-chargeable බැට්රි වලින් ගන්න පුලුවන් පින්තූර 10ක් විතර. ඉක්මනටම බැට්රි එක බහිනව. alkaline බැට්රි දාල ගනිද්දි 20-30ක් විතර ගන්න පුලුවන්. කැමරා එකයි re-chargeable බැට්රියි ගත්ත තැන අයට මේක කිව්වම කියන්නෙ එයාලට පේන්න තරම් වරැද්දක් නෑ කියල. ඒ උනත් මේ ලඟදිත් පින්තූර වගයක් ගන්න ගිහින් ඉක්මනටම බැට්රි එක බැහැල ගියා. දැන් මම පින්තූර ගන්න යද්දි alkaline බැට්රි 4කුයි, re-chargeable බැට්රි 2කුයි අරන් තමයි යන්නෙ. නැත්තම් ගන්න ඕන ඔක්කොම පින්තූර ගන්න වෙන්නෙ නෑ.
      අලුත් කැමරාවක් ආයෙ ගන්න කාලෙක අයිලාශ් අයියා රිප්ලයි එකේ මුලින්ම දාල තියෙන වර්ගයේ බැට්රි තියෙන කැමරාවක් ගන්න ඕන. මොකද සැරින් සැරේ බැට්රි මාරු කරනවට වඩා ඒක ලේසි නිසා.

      Delete
    5. එහෙමනම් අපහු කියන්න වෙන්නේ Mother Board එකේ ප්‍රශ්නයක් කියලා තමයි. ත දිගටම ඔය කැමරාව පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවනම් විතරක් repair එකක් කරන්න. නමුත් ඊට කලින් estimate එකක් අරගෙන එම වියදම ගැන සලකා බලන්න. වඩා හොඳ වෙන්නේ agent ගෙන්ම repair එක කරගන්න එක.

      Delete
  8. තව දෙයක් කරපං මචං.

    ඔය වර්ග අතරට කැමරාවේ වර්ගයයි බ්‍රෑන්ඩ් එකයි (සීරීස් එක්ක) දාපං මචං උදාහරන හැටියට.

    උඹට ඒක කරන්න පුලුවන්නෙ මේක බ්ලොග් එකක් නිසා. පත්තර වල නම් ඒක මාධ්‍ය සදාචාරයට ගැලපෙන්නෙ නෑ. අපිට තියෙන නිදහස ඒකයි.

    උදාහරණ වලින් පුරෝපං. එතකොට ගන්න එකාට ලේසියි.

    ReplyDelete
    Replies
    1. උඹ කියන දේ හරියට තේරෙන්නේ නැහැ මචං. මම ඉතින් බබා නේ? හික් හික්...

      උඹ කියන්නේ උදාහරණයක් විදිහට මෙහෙම ලියන්න කියලද?

      Bridge Camera

      * fuji HS20EXR, fuji HS30EXR, fuji S2950
      * nikon P510

      DSLR

      Nikon D4, D800, D600, D7000, D90, D5100, D3100
      Canon EOS 5D mark -III, EOS 5D mark -II, EOS 7D, EOS 60D, EOS 600D

      Delete
    2. ඔව් මචං ඔව්.

      හරියට හරි.

      මාකට් එකේ තියෙන හැම කැමරාවක්ම උඹ ඔය කියපු ගෲප් හතරෙන් එකකට වැටෙනවනෙ. ඉතින් මේක අමාරු වුනත් උඹ ඔය මේ දැන් කලා වගේ ඒවා ගෲප් කලොත් ගන්න එකාට ලේසියි. ඒ වගේම දන්නවා නම් මිලත් දාපං. රේන්ජ් එකක් වගේ.

      මචං , ඔය විස්තර ෂොප් එකකට ගිහින් ගන්න බෑ ලේසියෙන්.

      මම ඇණයක් වීගෙන එනවා කියලා උමට හිතෙනවද? :D

      Delete
    3. මෙන්න 2013 හොඳම DSLR කැමරා 25.
      Nikon D300s
      Olympus E-3
      Canon EOS 5D
      Nikon D600
      Canon EOS 5D Mark II
      Nikon D800
      Canon EOS 7D
      Canon EOS 5D Mark III
      Nikon D4
      Pentax K-5
      Sony Alpha SLT-A77V
      Canon EOS 40D
      Nikon D7000
      Pentax K-30
      Canon EOS Rebel T2i
      Sony Alpha SLT-A37
      Canon EOS Rebel T3i
      Nikon D3200
      Canon Rebel XS
      Nikon D3100
      Canon EOS Rebel T1i
      Nikon D90
      Canon EOS 60D
      Nikon D5100
      Canon EOS Rebel T4i

      Delete
    4. නිකම් ඇණයක් නෙවේ ඉස්කුරුප්පු ඇණයක් බං. හිකි...හික්...

      වැඩක් නැහැ මචං, ඕව ඉක්මනට out of date වෙනවා. වෙන්න ඕනේ මෙහෙමයි මචං,
      මුලින්ම තමන්ට ගැලපෙන කැටගරි එක තෝරාගන්න ඕනේ. - කරන වැඩේ සහ වැයකළ හානි මිල මත.
      දැන් brands කීපයක් ගැන නෙට් එකෙන් reviews කියවන්න ඕනේ, හොඳ බෑන්ඩ් එකක් තෝරාගන්න ඕනේ. ඔන්න ඔච්චරයි මචෝ කරන්න තියෙන්නේ

      nikon , canon , fuji, sony, pentax, olimpas වගේ.

      අනික මචං bridge එකකින් සැහෙන්න හොඳ ෆොටෝ ගන්න පුළුවන්. මම ඊ ළඟ පොස්ට් එකකින් පොටෝ එක්ක DSLR vs bridge ගැන පොස්ට් එකක් දැන්නම්. point & shoot ගැනනම් මගේ කිසිම පැහැදීමක් නැහැ. ඊට වැඩ හොඳයි හොඳ ෆෝන් කැමරා එකක් පාවිච්චි කරන එන.


      Delete
    5. මචං කොමෙන්ට් එකකට image එකක් දාන්න පුලුවන්ද?

      Delete
    6. වර්ඩ් ප්‍රෙස් වල නම් වීඩියෝ එකක් වුනත් දාන්න පුලුවන්. බ්ලොගර් වල මම දන්නෙ නෑ. උඹ බලපං මෙන්න මේකෙ මම දාලා තියෙන කමෙන්ට් එකයි චන්දන දීලා තියෙන උත්තරෙයි. මම හිතන්නෙ චන්දන ලඟ පිළිතුරක් ඇති.

      http://chandanadm.blogspot.com/2013/02/antique-moter-bike-story-jork.html

      චන්දන දීලා තිබ්බ මේ ලින්ක් එක.

      http://nohimlokaya.blogspot.com/2012/08/blog-comment-box-video-image-comment.html

      මම දන්න විදියට මෙන්න මේ ජාතියෙ [ ]වරහන් ඇතුලේ im දාලා ඉමේජ් එකේ URL එක අලවලා ආයෙම ඒ ජාතියෙ වරහන් ඇතුලෙ /im දැම්මාම හරියන්න ඕනෙ. නමුත් ඕකට අර දෙවනියට කියලා තියෙන විදිය්ට ටෙම්ප්ලෙට් එකේ වෙනස් කම් කරන්න ඕනෙ. ඔය චන්දනගෙන් අහ ගනිං මචං.

      Delete
    7. [im]http://1.bp.blogspot.com/-iq2VNhknXpM/USSOaMpmt7I/AAAAAAAABHI/B7wfFKgZla4/s200/fujifilmx-e1.jpg[/im]

      තැන්කිව් මචෝ, උඹලා වගේ බ්ලොග් ලෝකයේ දැවැන්ත යුග පුරුෂයන් සිටිනා කල කුමක් කල නොහැක්කේද?

      Delete
    8. හප්පට සිරි! කොහොමද බං කලේ?
      අපි යුග පුරුෂයෝ, ඈ?
      ඒකට මට හිනා හිනා.:D

      Delete
    9. අයි බන් උඹනේ පාර පෙන්නුවේ. ඉතින් මං තුමා ඒ පාරේ ගිහින් හොයාගත්තා.

      මේ code එක blogger එකේ template එකට ගිහින් edit HTML වල /body> ටැග් එකට පස්සේ දාන්න

      script src='http://hosting.gmodules.com/ig/gadgets/file/105066904960012479556/nccode.js' type='text/javascript'/>


      මචං script කියන එකට < දාන්න ඕනේ මේකේ එහෙම දාන්න දෙන්නේ නැති හින්දා කොකා නැතිව දැම්මා.

      එච්චරයි මචං
      දැන් කොමෙන්ට් කරනකොට උඹ කිව වගේ අර [] ඇතුලේ im දාල වැඩේ කරනවා.


      යුග පුරුෂයෙක් තමයි බන් නැත්නම් කොහොමද අහපු ගමන් හුසට් දාලා ඔය ලින්ක් එක දෙන්නේ. ගුරුවරයා කියන්නේ එහෙම කෙනෙක් තමයි නේද බන්? අපිට වෙලා තියෙන්නේ "ගෙදර මහ පොතක් ඇත, එකක් වත් මතක නැත" කියන එකයි.

      Delete
    10. බලපන් මචන් කලින් එකට දුන්න රිප්ලයි එක. මේක මාර වටිනවා කෙනෙක්ට කියලා දෙනකොට.

      Delete
    11. මට උඹ කියනකල් මේක දාන්න ඕනෙ කමක් ඇතිවුනේ නෑ. මමත් ඕක දැම්මා උඹට කියන්න ලින්ක් චෙක් කරපු වෙලාවෙ. මම එහෙම ඇහුවේ. ඒවායින් තවත් බ්ලොග් ලින්ක් තිබ්බ නිසා. අර ඉන්දියන් පොරගෙ SpiceUpYourBlog කියන එක හෙම. මම ඇලෙව්වෙ ඒකෙන් නෙවෙයි. අපේ එකාගෙ එකෙන්.

      [co="red"]දැන් උඹ මෙහෙම එකක් කලා කියලා උමේ පාඨකයන්ට දෙනුම් දෙන්න කමෙන්ට් බොක්ස් එක යටින් අර මෙසේජ් එකත් ඇලෙව්වැකි උඹ කැමති නම්. අන්න මම ඇලෙව්වා මගේ සිංහල ඉංග්ලිෂ් දෙකේම කමෙන්ට් බොක්ස් එක යට.[/co]

      Delete
    12. මමත් අලවල තියෙන්නේ , මග පෙන්වීම ඩුඩ් ගෙන් කියල දාලා තියෙනවා දැක්කේ නැතිද?

      Delete
  9. කැමරාවයි ආම්පන්න ටිකයි නම් ගොඩ ගහ ගෙන තියේ..නිවාඩු පාඩු එන කම් ඉන්න වෙනවා ෆොටෝ අල්ලන්න !

    ReplyDelete
    Replies
    1. මචං මම නම් සෙනසුරාදා හරි ඉරිදා හරි අනිවා ෆොටෝ ටිකක් ගහනවා. වෙලාවක සෙට් වෙලා ෆොටෝ ටිකක් ගහමු.

      Delete
  10. මගේ ළඟ තියන නිකොන් DSLR එකට මම මේ දවස්වල හොඳ ලෙන්ස් එකක් හොයනවා. 300 විතර. නිකොන් ඔරිජිනල් ලෙන්ස් එකක් රියාල් 4000 විතර වෙද්දී සිග්මා හරි ටමරොන් ලෙන්ස් එකක් 2000 ට අඩුවෙන් ගන්න පුළුවන්.

    මේ දෙකම ඔරිජිනල් නිකොන් එකක් තරම් නම් නෑ කියල දන්නවා. එත් වඩා හොඳ එක මොකක්ද? කොහොමද හොයන්නේ?

    ReplyDelete
    Replies
    1. කැමරා මොඩල් එක මොකක්ද?

      අනිවාර්යයෙන්ම් nikon original ලෙන්ස් එක ගන්න. මම පාවිච්චි කරන්නේ
      nikon AF-S DX NIKKOR 55-300 F/4.5-5.6G ED VR ලෙන්ස් එකක් මේකේ image quality එක ගොඩක් ඉහලයි ඒ වගේම VR -II නිසා slow shutter speeds වලට ඉතාම හොඳයි. මේ ලෙන්ස් එක බරෙන් අඩු නිසා හසුරවන්නත් පහසුයි. ලංකාවේ මේක රු 55000/- විතර වෙනවා.

      තව ඕනෙ නම් Nikon AF-S VR Zoom-Nikkor 70-300mm f/4.5-5.6G ලෙන්ස් එකක් ගන්න පුළුවන් මේක ලංකාවේ රු 75000/- විතර වෙනවා. නමුත් මේ ලෙන්ස් එකේ තියෙන්නේ VR -I , ඒ වගේම ප්‍රමාණයෙන් සහ බරෙන් ටිකක් විශාලයි. focusing speed එක වැඩියි,

      ටැම්රෝන් , සිග්මා වගේ ලෙන්ස් වලට වඩා Nikon ලෙන්ස් එකේ quality එක ගොඩක් හොඳයි.

      Delete
    2. කොකා බාස්- කුඩුව හදන හැටි මේ ලින්ක් එකෙන් ගිහිල්ල පොස්ට් එක බලන්න ඔය ෆොටෝ nikkon 55-300 ලෙන්ස එකෙන් ගත්ත ඒවා.

      Delete
    3. බොහොම ස්තුතියි උත්තරේට. මගේ කැමරා බොඩි එක D3100 එකක්. ලංකාවේ කොහෙන්ද හොඳ කොලිටි ලෙන්ස් ගන්න තියෙන්නේ ඔය ගානට? මෙහෙට වඩා ලාබයි නේ.

      Delete
    4. Photo Technica (Pvt) Ltd
      288,Galle Road
      Colombo 3
      Sri Lanka
      Tel:+94 11 2577877

      මේ තමයි ලංකාවේ nikon agent.

      ඔය ළඟ තියන්නේ D3100 එකක් නිසා අනිවාර්යයෙන්ම AF-S ලෙන්ස් ගන්න ඕනේ. නැතිනම් auto focus කරන්න බැහැ. මම කලින් කියපු ලෙන්ස් දෙකෙන් කැමති එකක් තෝරාගන්න.

      Delete
    5. ඔන්න ලෙන්ස් එක ගත්තා. බොහොම පිං. කියපු විදියෙම නිකොන් 55-300 f/4.5-5.6G ED VR ලෙන්ස් එකක්ම ගත්තා. මිල වුනේ රියල් 1499. ඒ කියන්නේ මේ දවස්වල රේට් එකේ හැටියට 50000 52000 අතරේ යන්නේ. මේක එක්ක තමා බෑග් එකක් ඕනේ වුනේ. දැන් කල්පනාව 135 ප්‍රයිම් එකකට යන්න කියල. මට කෙනෙක් කිව්වා ඒ ප්‍රයිම් එක ගොඩක් දේවල් වලට හොඳයි කියල. (මේ ටිකකට කලින්) මට ඒත් ඒ ගැන දැනුමක් නෑ හරියටම. පොඩ්ඩක් පහදන්න පුළුවන් ද ඒ ගැන?

      Delete
    6. ප්‍රයිම් ලෙන්ස් ගැන ඔයා අහපු අනිත් තැනදී පහදලා තියෙනවා.

      දැන් ඔයා ළඟ තියෙන්නේ 18-55 සහ 55-300 නේ. මේ වගේ ලෙන්ස් එකක් බොහොම වටිනවා
      Nikon AF-s Zoom Nikkor 18-135mm F/3.5-5.6 DX IF ED G Lens

      Delete
  11. නියමයි. සෑහෙන විස්තර ටිකක් දන ගත්තා මම ගාව තියෙන්නේ bridge කැමරාවක්. ඒකෙන් ගත්තුවා තමයි මගේ බ්ලොග් එකේ දාන්නේ.

    ReplyDelete
    Replies
    1. bridge එකක් හරියට භාවිතා කරනවානම් හොඳ පින්තුර ගන්න පුළුවන්. low light condition වලදී තමයි ප්‍රශ්නේ ඇතිවෙන්නේ. බොහෝවිට noice ගොඩක් එනවා. ඒ විතරක් නෙවේ relatively DSLR එකකට වඩා image quality එක අඩුයි.
      නමුත් ඔයා ළඟ තියෙන canon එකේ ලෙන්ස් quality එක ගොඩක් හොඳයි.

      Delete
  12. නියමයි මචං . . සෑහෙන දෙයක් ඉගෙන ගත්තා.

    මම උඹෙන් අහපු ප්‍රශ්නෙට සම්පූර්ණ පිලිතුර මේ ලිපියේ තියෙනවා.

    දැන් ඉතුරු වෙලා තියෙන්නේ තව ටිකක් හරියටම දැනගෙන එකක් ගන්න එක විතරයි.

    තැන්කූ මචං . .

    ReplyDelete
    Replies
    1. එක මට සතුටක් මචං.

      Delete
  13. හුඟක් වැදගත් මේකනම්. නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තිතියි, අද නේද ඉස්සෙල්ලම මෙහෙට ගොඩවුනේ?

      ඡායාරුපකරණය ලේබලය යටතේ ඇති පොස්ට් ටික කියවන්න. අමතර දැනගැනීමට අවශ්‍ය දෙයක් ඇත්නම ඊ මෙලක් එවන්න.

      Delete
  14. නියමෙට විස්තර කරල තියනවා, බොහොම ස්තුතියි. මට දැනගන්න අවශ්‍ය කරල තියනවා D3200 කියන කැමරා එක ගැන, මෙක Rs. 69000.00 වෙනවා. මෙ මුදලට මිට වඩා හොද එකක් ගන්න පුලුවන්ද ?

    ReplyDelete
  15. ගොඩාක් ආස කරන විෂයක්. හ්ම්.... දැනට නම් ඉතින් ෆෝන් කට්ට සහ කොම්පැක්ට් ඩිජිටල් කැමරාව තමා. එත් දැන් ටිකක් ආසාවක් එනවා DSLR එකක් ගන්න. හ්ම්ම්..... විස්තර ටික සැහෙන්න වටිනවා. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂිකා

      Delete
  16. Yaluwa mata kiyanna nikon onema cemarawaka lens ekak onema ehekata danna puluwanda e kiyanna nikan udaharana washayen d3100 kiyannako e leas eka d90 yata danna puluwanda

    ReplyDelete
  17. DSLR camara ekak thamai matath one.hoda post ekak daala thyenne.man camara ekak ganna hoyanawa me dawaswala.mage limit eka 50000k wage.e mudalata hoda DSLR ekak ganna puluwnda?model eka mokadda? Kohenda ganna thyenne? Saha gewiime pahasuwa thyena thanak thyenwada oya danna?

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...