Tuesday, February 5, 2013

කොකා බාස් -කොකා කුඩුව හදන හැටි



මගේ කලින් පොස්ට් එකේ කියලා තිබුනේ  මං  තුමා ගේ ෆොටෝ සිහිනය ගැන නේ.  ඉතින් මේ පොස්ට් එකෙන් මම හිතුව ටිකක්  දකින්න අපහසු ෆොටෝ කැලි කීපයක්   පෙන්නන්න කියලා.  පහුගිය දවස් වල දිග සති අන්තයක් තිබුන නිසා අපි ගියා නුවර. නුවර ගියොත් මං  තුමා  කැමරාව අරගෙන වැව රවුමේ කැරකෙන එක නම් වරදින්නේ නැහැ.


මහනුවර  ස්විස් හෝටලය ඉදිරිපස වැව  අයිනේ තියෙන විශාල ගහක් දියකාවන් තමන්ගේ නිවහන කරගෙන ඉන්නවා. ඉතින් ඒ ගොල්ලන්ගේ ෆොටෝ දෙක තුනක් ගහගත්තා. ඊට පස්සේ මම දැක්කා ඔය ගහේම ලස්සන ලොකු කොක්කු දෙන්නෙක් කුඩුවක් හදන හැටි. ටිකක වෙලාවක්  බලාගෙන හිටියා. 



ඉස්සෙල්ලම කොකා ළඟ තියෙන වෙනත්  ගහකට පියබගෙන ගිහින් ඒ ගහෙන් තමන්ට ගැලපෙන කොටුවක් කඩාගෙන අපහු අර කුඩුව  හදන ගසට එනවා. එහෙම ඇවිත් තමන්ගේ සහකාරිය සමග කුඩුව  හැදීමේ නිරත වෙනවා. ඊට පස්සේ දෙන්න ටික වෙලාවක් විවේක ගන්නවා. අපහු කොටුවක් සොයාගෙන පියාඹනවා.



ඔන්න ඉතින් ඒ ටිකත් ෆොටෝ ගහගත්තා. බලන්නකෝ කොහොමද කියලා.










15 comments:

  1. මේක නිකම් කැමරාවකින් ගත්තු එකක්ද?? ලස්සනයි,, ඉක්මනටම කැමරාවක් ගන්න ලැබෙන්න ඕනේ....
    ජය!

    ReplyDelete
  2. දෙන්නදෙමාල්ලො සමඟියෙන් ජීවිතයට අත්තිවාරමක් දමනව. ඒකත් නරක නෑ.

    ඔය කූඩුව හදන්නෙ අඹ ගහකද? ඒ වගේම උන් ජනාකීර්ණ ප්‍රදේශවලත් කූඩු හදනවද? මම නම් මීට කලින් දැකලම නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය ගහ සම්පුර්ණයෙන්ම දියකාවන් කුඩු හදාගෙන තියෙන්නේ. ඒ අස්සේ ඔය මිස්ටර් ආණ්ඩ මිසිස් කොක් දෙන්නා කුඩුවක් හදනවා.

      අනේ අම්මප මලයෝ මම ඔය කුරුල්ලෝ දිහබලන් හිටිය මිසක් ගහ ගැන හිතුවෙවත් නැහැ. ෆොටෝ වලින් නම් පෙන්නේ අඹ වගේ තමයි. හික්,... හිකිස්.

      Delete
  3. නියමයි අපූරු ෆොටෝ ටික. යන ඕන තැනක කැමරාව ගෙනියන එක මගෙත් පුරුද්ද. එකෙන් මට සැහෙන්න වාසි වෙලා තියෙනවා. අර මම බ්ලොග් එකේ දැම්ම තනිදලයාගේ ෆොටෝ එක ගන්න හම්බවුනෙත් රාජකාරි ගමනක් යන අතරතුරේ අතේ කැමරාව තිබිච්ච නිසා

    ReplyDelete
    Replies
    1. අනිවා කැමරා එක හැම වෙලේම ළඟ තියෙන්න ඕනේ. ඒ විතරක් නෙවේ tripod එකත් හැම වෙලේම ගෙනියන්න පුලුවන්නම් හොඳයි.

      Delete
  4. කොකාගෙයි කෙකිගෙයි කුඩු හැදිල්ල.....
    ෆොටෝ ටික ඔය තියෙන්නේ හොදට....

    ReplyDelete
    Replies
    1. හික්.. හික්.. කොහොමද වැඩේ?

      Delete
  5. නියමයි මචං. මායි පුතයිත් ගිය අවුරුද්දෙ ඕක වටේ ඉන්න තාරාවො ගත්තා. මට ඒක මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. මචං එදා මට ඔය තාරාවන්ගේ hard-co sex පාරක් ෆොටෝ ගන්න ලැබුනා

      Delete
    2. තියෙනවා.... තියෙනවා....

      Delete
  6. නියම ෆොටෝ ටික. කලකට ඉහත බ්ලොග් ලිව්වා ලොකු පුතා කියල කෙනෙක්. මට මිනිහගේ ෆොටෝ ටික මතක්වුණා. ඒත් තව එක වයිල්ඩ් ලයිෆ් ෆොටෝ පිස්සෙක්. :)

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...