Friday, April 26, 2013

මියන් මර්ධනයට බෙහෙතක්.


ම කලින් පොස්ට් එකක ලියුවනේ දලබුවන් මර්ධනය කරපු  විදිහ.  නමුත් මේ කතාව ඊට වැඩ වෙනස් විදිහකට මියන් මර්ධනය කරපු විදිහක් ගැන. අත්හදා බලන්න මේක ඉතාම සාර්ථක ක්‍රමයක්.

මේ දැනට අවුරුදු හතරකට විතර කලින්, මම මේ දැන් වැඩ කරන office එකට ඇවිත් දින කීපයකින් උන දෙයක්. මම මෙතන වැඩට අපු දවසේ ඉඳලම බොහෝවිට මුලින්ම  එන්නේ මම. ඒ අවහම තමයි ඔය නන්දසිරියා දොරවල් එහෙම අරින්නේ. මම එනකල් ඔය  cleaning  service එකෙන් යොදවලා තියෙන දෙන්නා කාර්යාලය අවට අතු පතු ගාල එහෙම තියෙනවා. ඔන්න ඉතින් එදා දොරවල් ඇරියා .. මම ඇතුලට ගිය විතරයි .... අම්මෝ එහෙම ගඳක් ... 

"නන්දසිරි ඉක්මනට අර ක්ලීනින් සර්විස් එකේ දෙන්නට එන්න කියන්න..."

ඔන්න  දැන් උන් දෙන්න එනවා.

"මොකද මේ ඉවසන්න බැරි ගඳ .... "

"සර් ඔය මියෙක්  මැරිලා.. අපි ඉක්මනට හොයලා  කරලා අයින් කරන්නම්....  එයාර් ප්රෙස්නර්  ගැහුවම හරි...."

"හරි... හරි...  ඕන මගුලක් ගහලා ඔය ගඳ නැති කරනවා..."

එදා සිද්දිය ඔතනින් ඉවරයි.  ඊට  දවස් දෙක තුනකට  විතර පස්සේ  අපහු එම කතන්දරේම  තමයි.

"මොකද මේ අදත් මීයෙක් මැරිලද..?"

"ඔව් සර්..."

"ඇයි  මේ මියන්ට මැරෙන්න වෙන තැනක් නැත්ද? මුන් මෙහෙටම එන්නේ මැරෙන්න...."

" නෑ  සර් .. අපි මියන් මැරෙන්න වස තියනවනේ...."

ඔන්න මගේ මාරය ආවේශ උන් වෙලාව.

"කවුද ඔය වැඩේ කරන්න කියුවේ... ඔයගොල්ල ඉන්නේ මෙතන සුද්ද පවිත්‍ර කරන්න මිසක් එක එකාට වස දෙන්න නෙවේ.."

" නෑ  .... සර්.... , සර් දන්නේ නැහැ ... මේකේ ඉන්න බැහැ පුදුම මි කරදරයක් තියෙන්නේ"  නන්ද සිරි මැදට පැන්නා 

"ඉතින්..."

"සර් එන්න කලින් ඉඳලම උන්ට මෙහෙම කරනවා සර්... දවස්  දෙක තුනකට සැරයක් මුන් අයින් කරලා සුද්ද කරනවා"

"හ්ම්.. ඉතින් ඔච්චරකල් ඔය වැඩේ කරලත් මියෝ ඉවර උනේ නැත්ද ?"

"මුන් ඉවර කරන්න බැහැ  සර්.. කොහෙන් එනවද දන්නේ නැහැ.... , මැනේජර්  මහත්තයා තමයි ඔය කොම්පැනියකින් බෙහෙත් ගෙන්නලා දෙන්නේ.  මේ මිනිස්සු දෙන්නා හැමදාම ඔය බෙහෙත් අහුමුලු වල තියනවා"

"වර කරන්න බැරිනම් මොකටද මිනිහෝ මේක කරන්නේ. හ්ම් තුන් දෙනාම යමු මගෙත් එක්ක ඔය තියල තියෙන ඒවා බලන්න"

දැන් මුන් හැම අස්සක් මුල්ලක් ගානෙම පෙන්න පෙන්න ඇවිදිනවා... නිල්පාට කැට වගයක්.. පොඩි කාඩ් බෝඩ් පියන් වල දාලා.. මම වහාම ක්‍රියාත්මක වන පරිදි මේ සියල්ලම එකතු කරවලා මා ඉදිරියේම වල දැමීමට කටයුතු කළා. 

දැන් ඔන්න සුපුරුදු පරිදි මිස්ටර් කොරේරා (නියම නම නොවේ)  උදේ 8.10 විතර අව..

"ගුඩ් මොර්නින්ග් මිස්ටර් අයිලාෂ්"

" ආ ගුඩ් මොර්නින්ග් මිස්ටර් කොරේරා.. මොකද මේ මියන්ට වස ජාතියක් මෙහෙ තියනවා කියන්නේ  හැමදාම..."

"ඔව්.. ඔව්.. මුන් ගෙන් පුදුම කරදරයක් නේ.. රෙකොර්ඩ් රුම් එකේ කිසිම දෙයක් තියන්න බැහැ.  ඒ  නිසා ඔය  .......පේස්ට් කොන්ට්‍රෝල් කොම්පනියත් එක්ක ඇග්රීමන්ට් එකක් ගහල තියෙන්නේ."

" කෝ කොහෙද දැන් ඔය දීල තියෙන වස ජාතිය.."

මේ බුරුවා බොහොම උජාරුවෙන් යකඩ කබඩ් එකක් ඇරලා මල්ලක් අරගෙන මට පෙන්නුවා. මම වහාම ඔය ක්ලිනින්ග් සර්විස් එකේ එකෙක් ට කතා කරලා මේ මල්ල දීල කිවා

"මේ ටිකත් දැන්මම වල දානවා...."

"අපෝ.. අපෝ..  මිස්ටර් අයිලාෂ්.. ඔය මොනවද කරන්නේ. ඕවට සල්ලි ගෙවල තියෙන්නේ."

"සල්ලි ගෙවලා... එහෙනම් ගෙදර අරගෙන ගිහින් තමුසේ කනවා... මම මේ ඔෆිස් එකේ ඉන්නකල් ආයේ ඔය වැඩේ කරන්නේ නැහැ. වහාම ඔය ඇග්රීමන්ට් එක කැන්සල් කරන්නට ලියුමක් යවන්න."  මගේ උපරිම බලය මුට පෙන්නුවා.

දැන් මේක කටු කුටු ගගා කට අස්සෙන් අපේ අම්මටත් එක්ක බනිනවා කියල මට තේරුනා.  ඊට පස්සේ ඔෆිස් ස්ටාෆ් එක ඔක්කොම ගෙන්නලා හොඳ දේශනයක් එහෙම දිලා  පොඩි ශ්‍රම  දාන පාරක් දැම්මුවා.  සුමානයක් දෙකක් යනකොට ඔෆිස් එකේ එක මීයෙක්, කරපොත්තෙක් නැහැ. අදටත් මියන්ගේ කරදරේ නැහැ. ඔය මියෝ, කැරපොත්තෝ , මදුරුවෝ වගේ සත්තු මරන්නේ නැති උනහම, උන්ගෙන් කරදරයක් නැහැ කියන එක මම ගොඩක් කාලයක් ඉඳලා දැනගෙන හිටි දෙයක්.

ඔය අන්තිම ෆොටෝ එකේ ඉන්නේ මගේ කැමරාවට අහුඋන එක්කෙනෙක්. මටනම් ඔය මියගෙයි, ලේනගෙයි  දෙන්නගේම පෙනෙන්නේ අහිංසක කමක් විතරයි. ඔය ගොල්ලන්ටත් එහෙමද?

*** දලබුවන් මර්ධනයට අත්දුටුවයි සත්තයි පොස්ට් එක අනිවා කියවන්න.****


53 comments:

  1. දීර්ග අවුරුදු නිවාඩුවකින් පස්සේ, මියන්ගෙන්නම් ලේසිනෑ බේරගන්න එක. අහුමුලූවල එක එක කුණුකන්දල් ගොඩ ගහන කොට සත්තු බෝවෙනවා, උන්ට වාසස්ථාන අපිම හදල නිකන් පවුපුරවන් අපිම උන් මරනවා, මාත් එකපාරක් පොත් ටික බෙරගන්නම බැරි හින්ද කුඋදුවකට අල්ලලා වෙලෙන් එහාට ගෙනිහින්දම්මා කීප දෙනෙක්, දවසක් දැක්ක වෙලේ පිනන මීයෙක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අමිල. පොස්ට් එකක් දානකල් බලාගෙන හිටයට.

      අන්න හරි අපි උන්ට බෝවෙන්න සහ ජිවත් වෙන්න අවශ්‍ය කරන පරිසරය අපේ ගෙවල් වල සකස් කරන්න හොඳ නැහැ. එහෙම පරිසරයක් නිවසේ හෝ වෙනත් ස්ථානයක නැත්නම් උන් එන්නේ නැහැ.

      Delete
  2. මේකට නම් මට කියන්න දෙයක් නැ.. අපේ ඔපීසියෙත් මියෝ පිරිලා..

    ReplyDelete
    Replies
    1. මොනවා හරි කියහන් බන්.

      Delete
  3. අපේ ගෙදර නම් අපි පූසො ඇති කරනවා, මීයෝ ඉන්න නිසා නෙවෙයි, අපේ ගෙදර ඔක්කොම පූසොන්ට හරිම ආදරේ නිසා. ඉතින් පූසොන්ගෙ සුවඳ දැනිලද මන්ද, මීයොත් නැහැ. හැබැයි ඉතින් ඔෆිස් වල පූසො ඇති කරන්න බැහැනේ නේද.. පිළිවෙලකට තියාගන්න තමයි ඕන.

    ReplyDelete
    Replies
    1. අන්න හරි පරිසරය මේවගේ සත්තුන්ට හිතකාමී ආකාරයට පවත්වාගන්න හොඳ නැහැ.

      Delete
  4. වයිෆ්ලගේ ගෙදර අපේ සපත්තු බඩු දාලා තියෙන තැන මීයෝ බෝ වෙලා වයිෆ් අම්බානෙක බයෙන් ඉන්නේ හදන සපත්තුයි රෙක්සින් එකෙමයි කාලා ඇත්තේ කියලා. මම නම් කිව්වා මොනව හරි කරමු කියලත් ඒත් "පව් අනේ මට නම් බෑ කියලා" එයා මොකුත් නොකර ඉන්නවා. උඹ කියන විදිහට උන්ට බෝවෙන්න අහුමුලු නොතියා ඉන්න එකද හොඳම ක්‍රමේ මචං?

    ReplyDelete
    Replies
    1. "පව් අනේ මට නම් බෑ ..." අන්න බලපන් මචං මනුස්සකම කියන එක. තමන්ගේ business එකට අදාළ දේවල් වලට හානියක් කලත් සතෙක් මරන්න හිතෙන්නේ නැත්තේ කරුණාව නිසා. එක ගොඩාක් වටිනවා.

      අන්න හරි දුකා, අපි උන්ට බෝවෙන්න සහ ජිවත් වෙන්න අවශ්‍ය කරන පරිසරය අපේ ගෙවල් වල සකස් කරන්න හොඳ නැහැ, එක තමයි හොඳම ක්‍රමය.

      Delete
  5. අපේ ගෙදර මී පවුලක් ඉන්නවා,, ඒකේ පොඩිම එකා තමයි නරකම,, ඈත ඉදන් මගෙ මූණ බලන් ඉදලා මම බලපු ගමන් දුවනවා.. :/

    ReplyDelete
    Replies
    1. මි පැටියට උනත් මුණ දැක්කම තේරෙනවා ඇතිනේ.

      Delete
  6. ඔය මීයො බෝවෙන්න ප්‍රධානම හේතුව තමයි උන්ට ජීවත්වෙන්න පුලුවං වාසස්ථාන අපිම හදල දෙන එක.
    අපේ ගෙදරත් ඉස්සෙල්ල ඔය එක එක දේවල් ගෙනාපු පෙට්ටි ටිකක් ගොඩ ගහගෙන ඉඳල බො‍් උනා මීයො හොඳ එකෙන්. රෑට නිදාගන්න නෑ මුං සීලිම දිගෙ බිම හැමතැනම දුවනව. අන්තිමට පූසෙක් ගෙනහල්ල තමයි වැඩේ ගොඩදාගත්තෙ. ඌ දවසකට දෙන්නෙකුට තුන්දෙනෙකුට වැඩේ දුන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න එක තමයි ඇත්ත අපි උන්ට බෝවෙන්න සහ ජිවත් වෙන්න අවශ්‍ය කරන පරිසරය අපේ ගෙවල් වල සකස් කරලා දීලා, උන් බෝඋනාට පස්සේ නිකරුනේ උන්ව මරලා පවු පුරෝගන්නවා.

      Delete
  7. අපේ ගෙදර වහළෙ උඩත් කාලයක් මී පවුලක් හිටියා. උන් බරස් බරස් ගගා වහළෙ ඉදන් ලී ඉරනවා. කරන්න කිසිම පිළියමක් තිබුණේ නෑ. ඔක්කොටමත් වඩා අමාරැ උන් හිටපු ගමන් මුත්තරා කරනවා. සිවිලිම අස්සෙන් ඒවා ගේ ඇතුලට වැටෙනවා. ගන්දස්සාරේ බෑ... මොනව කරන්නද සුද්ද කරකර බැන බැන හිටියා. කාලයාගේ ඇවෑමෙන් උන් යන්න ගියා. ආයිත් ඉතිං එන්න පුළුවන්. මාත් අදමයි මෙහාට ගොඩ වැදුනේ.

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම ඔයාව සාදරයෙන් පිලිගන්නවා තරු, දිගටම මේ පැත්තේ එන්න.

      උන්ට ආයේ එන්න බැරිවෙන පිදිහේ වැඩපිළිවෙලක් සකස් කරන්න.

      Delete
  8. අඩේ..අපෙ ගෙදරත් හිටියා....හැබැයි දැන් නම් නෑ.... මොකෝ දැන් පූසෙක් ඉන්නවා!

    ReplyDelete
    Replies
    1. පුසත් ඉතා සාර්ථක විසදුමක්.

      Delete
  9. මටත් මී කරදරේ තිබුනා. වටපිටාව සුද්ද කරලා දැම්මම උන් වැඩිය එන්නේ නේ. පොත් පත් උනත් පිළිවෙලකට තියල, නිතරම එතැන බලනවා නම් මීයෝ එන්නේ නෑ කියන එකත් අත්දැකලා තියන දෙයක්.. ඔන්න මීයෝ අල්ලන අඩු වියදම් ක්‍රමයක් ගැන විහිලු කතාවක් මතක් වුනා. පස්සේ වෙලාවක ලියනම් කො. :D

    ReplyDelete
    Replies
    1. ඔය පණිවිඩේ තමයි මට දෙන්න ඕන වුනේ චන්දන, බොහෝ දෙනෙක්ට ඒ පනිවිඩය ලැබිලා කියලා කොමෙන්ට් වලින් තේරෙනවා.

      Delete
  10. මුන්ගෙන් කියන්න තරම් වරදක් නෑ ඉතිං. රෑට රෑට ඇවිත් මගේ නෙට් එක කාලා යන එක තමා පොඩ්ඩකට අවුලකට තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔයත් මේ පලවෙනින් සැරේ නේද කළු පුමෝ... සාදරයෙන් පිලිගන්නවා.

      මටනම් හිතෙන්නේ මියෝ ටික මදුරුවන් එක්ක සන්ධානයක් කියලයි මියෝ නෙට් එක කාලා යනවා, එතනින් රිංගලා මදුරුවෝ ඔයාව කාලා යනවා. හික්...හික්ස්..

      Delete
  11. මීයෝ මැරිල්ල නම් එච්චර වැඩකට ඇති දෙයක් නෙවෙයි මීයෝ නැති කරන්න හිතනවා නම්.... ඒකට ඉතිං කුණු ගොඩවල් අස්කරන්න ඕනේ.. අපේ ගෙවල් වලත් ඉතිං වැඩිපුරම නොකෙරෙන දේනේ ඒක.. කුණු ගොඩහගෙන ඉන්න අපේ අය හරි දක්ෂයිනේ..... ඔෆිස් වල ස්ටෝරෑම් වල නම් සතියකට සැරයක් වත් ඒවා අතුගාලා පිරිසිදු කරනවා නම් මීයෝ බෝ වෙන එක නවත්තන්න පුළුවන්....

    මීයන්ට බේත් තියලා මරන එක නම් අනේ මන්දා... හිතලා බලන්නකො ඌට වතුර බොන්න, හුස්ම ගන්න බැරැව දවසක් විතර දුක් විඳලා මැරෙනකොට කොච්චර දුකක් විඳිනවා ඇද්ද කියලා....

    ReplyDelete
    Replies
    1. මගේ අඩවියටත් හිරු පායලා... ඔයාව සාදරයෙන් පිලිගන්නවා.

      ඔය පණිවිඩය තමයි මට දෙන්න ඕන වුනේ හිරු...

      Delete
  12. සත්තු මරන්ට හොඳ නෑ තමයි. ඒත් ඔය මීයෝ , කැරපොත්තෝ වගේ සත්තුත් එක්ක කොහොමද ඉන්නේ කියන එක නම් තේරෙන්නේ නෑ. සමහර ලෙඩ වර්ග මීයන්ගෙන් හැදෙනවා. පිරිසිදුකම තියාගෙන ඉන්නවා නම් සත්තු බෝවෙන්නේ නෑ. ඒ එක්කම එලියෙන් ඇතුලත එන මාර්ග අවහිර කලා නම් හරි.

    මම නම් කැරපොත්තන්ට පණ බයයි.:)

    ReplyDelete
    Replies
    1. මියෝ කැරපොත්තෝ වගේ සත්තු එක්ක ඉන්න කිවේ කවුද?

      විසඳුම තේරිලා තියෙනවානේ, එක තමයි කරන්න ඕන.

      Delete
  13. මට නම් උඹ කියන දේට උඩ පැනලා එකඟ වෙන්න බෑ, මචං.. මීයන්ගෙන් හැදෙන bubonic plague එකෙන් එක පාරක් යුරෝපෙ ජනගහනය සම්පූර්ණයෙන්ම වගේ විනාශ වෙලා ගියා. තව පාරක් ඉන්දියාවෙත් ඒ වගේ සීන් එකක් වුනා. මිනිස්සුන්ටයි, මීයෝ කැරපොත්තො මදුරුවෝ වගේ සත්තුන්ටයි සහවාසය කරන්න අමාරුයි. එක්කො උං. නැතිනම් අපි.

    ReplyDelete
    Replies
    1. කවුද බන් මුන් එක්ක සහවාසය කරන්න කිවේ?

      මට කියන්න ඕන වුනේ පරිසරය පිළිවෙලට තියාගැනීමෙන් මේ ප්‍රශ්නයට විසඳුම ලැබෙනවා මිසක් සත්තු මරලා මේක ඉවර කරන්න බෑ කියන එක. අනික මොන සතා උනත් මරණ එක හරි නැහැ නේද මචන්, සැම සතෙක්ම තමන්ගේ ජිවිතයට ආදරේ කරනවා.

      Delete
  14. මටත් මීයයි ලේනයි පෙනුමෙන්නම් එක වගේ තමා. දෙන්නම අහිංසකයි. ඒත් මියන්ගේන් බෝවෙන ලෙඩත් එක්ක බැලුවම උන් ටිකක් භයානකයි කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා සයුරි.

      //මියන්ගෙන් බෝවෙන් ලෙඩත් එක්ක බැලුවම උන් ටිකක් භයානකයි..//

      ඇත්ත සයුරි, නමුත් මිනිසුන්ගෙන් බෝවෙන් ලෙඩත් එක්ක බැලුවම [co="red"]මිනිස්සු ගොඩාක් භයානකයි[/co]නේද?

      Delete
  15. අපිට අවුල මීයන්ගෙන් නෙවෙයි ලේන්නුන්ගෙන්...
    වහලෙ සිවිලිමට දාල තියෙන ඇලුමිනියම් ෆොයිල් එක ඔක්කොම කාලා :(

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර පිටිපස්ස දොරේ උළුවස්ස ලේනෙක් කනවා... :)

      Delete
  16. මීයො එක්ක බෑ ! මන් නම් අර නිල් පාට එක තියනවා..ටික දවසකට කරදරේ ඉවරයි.ආයි එනවා..අපි අපේ ගෙවල් කොයිතරම් පිරිසිදුවට තියා ගත්තත් අහල පහල කැලවල් වලින් එනවා..අපිට අයිති නැති ඒවා සුද්ද කරන්න බෑනෙ..මීයොත් දැන ගන්න ඕනි උන්ට ඉන්න, කන්න දේවල් ඕනි තරම් තියෙද්දි..ගෙවල් අස්සෙම තියෙන රෙදි, පත්තර, පොත් පත් නොකා ඉන්න..ඇයි අපි විතරද සොබාදහම එක්ක සමගියෙන් ඉන්න ඕනි..උනුත් පරිනාමය වෙන්න දැන ගන්න ඕනි !

    ReplyDelete
    Replies
    1. ඇයි වෙනී අයියගෙ නයි ටික ඔය මීයො ගිලල දාන්නෙ නැද්ද? :D

      Delete
    2. වෙනියෝ ඔයටික මියන්ට තේරෙන්න මි භාෂාවෙන් ලියලා බෝඩ් එකක් ගහපන්. පවු බන් උන් ඕක දන්නේ නැති නිසානේ එන්නේ.

      Delete
  17. මීයෝ මැරුවට වැඩක් නෑ.. ආයේ එනවා...

    ReplyDelete
    Replies
    1. ඔවු බන් කිසිම වැඩක් නැහැ උන් මරලා.

      Delete
  18. අයියෝ අයියේ මීයෝ කියන්නේ කරදර කාර සත්තු ජාතියක්. කාලෙකින් ආවේ නිවාඩු පාඩුවේ ඉන්න හම්බවුනේ ගොඩ දවසකට පස්සේ ඉස්සෙල්ලම බැලුවේ ඔයාගේ බ්ලොගේ මේ මොකෝ කැමරා ගැන උගන්වන එක නතර කරලද? පුලුවන්නම් පොස්ට් එකක් දාන්න කෝ ෆෝකසින් ගැන කොහොමද එක ඔබ්ජෙක්ට් එකක් විතරක් ෆෝකස් කරලා අනෙක් ඒවා ඩිෆෝකස් කරලා ගන්නේ කියල. නිකොන් වල. :)

    ReplyDelete
    Replies
    1. ඇයි යකො කලින් මේ ගැන කියලා දුන්නේ Depth of field

      මලේ උඹ කොමෙන්ට් එකකුත් දාලා තියෙන්නේ "උදේ 8ට ඕපන් කලේ තාම කියවන්න බැරි උනා. නිවී සැනසිල්ලේ කියවන්නම් අය්යේ" කියලා.

      Delete
  19. හොඳම දේ තමන්ගේ වටපිටාව සතියකට වතාවක් හෝ සම්පුර්ණ පිරිසිදු කිරීමකට ලක් කිරීමය.
    අවුරුදු හොඳයිද?

    ReplyDelete
    Replies
    1. අන්න හරි එක තමයි කරන්න ඕන.

      අවුරුදු හොඳයි, ඔයාට කොහොමද අවුරුදු?

      Delete
  20. උඹනං කියයි....ම්ගේ සක් රියේ වයරිං එකට කෙලෙව්වා මීයෙක්.......@#$#$^%$

    ReplyDelete
    Replies
    1. වාහන වල වයරින් වලට වැඩියෙන් කෙළවන්නේ වයරින් බාස්ලා බන්.

      Delete
  21. සැටිපිකෙට් ඇත්ත අයිලාස්..අපේ අඩුපාඩු වලට පවු ගෙවන්න වෙන්නෙ සත්තුන්ටයි.. මනුස්ස වර්ගයා ජීවත්වෙන්න කියල එක තත්පරයකට දැනුවත්ව විනාශකරන සත්ව සංක්‍යාව විතරක් ගත්තත් අපරිමිතයි.. එහෙම විනාශ කරන්න යොදාගත්ත රසායන වල උපද්‍රව අද උතුරුමැද මිනිස්සු පරම්පරා පිටින් ගෙවනවා .. අහිංසක සත්තු මරන එක නවත්තන්න ඉස්සර කාලෙ මිනිස්සු එවුවට සුදුසු අනාවැකි හදල තිබ්බ. කපුටෙක් කෑගහනවානම් කවුරු හරි නෑදෑයෙක් එනවා. කූඹි පේලියක් ගේ ඇතුලෙන් යනවානම් සල්ලි හම්බවෙනවා වගෙ මත පිටිපස්සෙ තියෙන්නෙ ඒක. මම අපෙ හාමිනේගෙ මහ ගෙදර ඉන්නකොට ඔන්න එයාගෙ තාත්තා කෘමිනාශකයක් උස්සන් එනවා කූඹි පේලියක් ගේ ඇතුලෙන් යනවා කියල. උන්ට ස්ප්‍රේ කරන්න.. ලක්ශගානක් තව පොඩ්ඩෙන් මැරෙනව. මම අමාරුවෙන් නවත්තගත්තෙ.. ඔහොම සිල් ගන්න ගියොත් ගෙදරක ඉන්න බැරිවෙයි කියලා එයා කිවුව.. කූඹි ‍රැලක් යන පාර වෙනස් කරන්න අපෙ ගමේ හිටි ගුරුන්නාන්සෙ හොඳ විදිහක් කිවුවා. අලු වලින් යන පාර හරහට ඉරක් ඇන්දාම කූඹි ටික ඒ පාර මගහැරලයන්නෙ. ඔහොම හෙමිහිට ජනගහනයම එලියට හරවන්න පුලුවනි.. අපි ඕක අත්හදාබලල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝෂයි ඔයවගේ සිතක් තියෙන කෙනෙක් හඳුනාගන්න ලැබීම සරත්. මම අවන්කවම ඔබට හිසනමා ආචාර කරනවා.

      Delete
    2. ඒ ගෞරවය අපේ අම්මටයි.. අම්මා ගස් කොලං සොබාදහම වගේම පුංචිම කූඹියාගෙන් පටන් අරන් අලියා දක්වාම හැම සතෙකුටම ආදරේ කරන්න අපිට ඉගැන්නුවා .. හැමෝටම මහපොලොවේ සමාන අයිතියක් තියෙන බව මම ඉගෙනගත්තෙ අම්මාගෙන්..

      Delete
    3. ලොකු සතුටක් සරත්, මේ දේම තමයි මමයි මගේ බිරිදයි දරුවන් දෙදෙනාට උගන්නන්නේ.

      Delete
  22. ඔය ප්‍රශ්නේ මීයාගේ මාමා වෙන මීමාට කියන්න තිබුණේ :P

    ReplyDelete
    Replies
    1. අනේ මල්ලි අදමයි දැනගත්තේ මියගේ මාමා මීමා කියලා.

      Delete
  23. අපේ ගෙදර නම් මී අවුලක් නෑ... වත්තේ තියෙන කුරුළු ලෑල්ලට බත් කන්න නම් මීයොත් එනවා

    ReplyDelete
    Replies
    1. ගෙදර පිළිවෙලකට තියගත්තම මී අවුලක් වෙන්නේ නැහැ.

      Delete
  24. සත්තු මැරිල්ල මමත් අකමැතිම දෙයක් මලේ. අපි අවට උන්ට කන්න බොන්න දෙයක්, හැංගිලා ඉන්න තැනක් නැත්නම් උන් අපෙන් ඈත් වෙලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ගාමිණි අය්යේ, මිනිස්සුන්ම මේ සත්තුන්ට හිතකර පරිසර නිර්මාණය කරලා, උන් ඒවාට ආදී එනකොටමරලා දානවා.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...