ඡායාරුප ශිල්පය ගැන බොහෝ කාලයකින් පොස්ට් එකක් ලියන්න බැරි උනා. ඒ නිසා අද පොස්ට් එකෙන් කියලා දෙන්න යන්නේ Smoke Photography ගැන.
Light Painting Photography ගැන මිට කලින් පොස්ට් එකකින් කියලා දුන්නා මතක ඇති නේ. අමතකනම් ඔය දීලා තියෙන ලින්ක් එකෙන් ගිහින් බලාගෙන එන්න.
අද කියලා දෙන Smoke Photography ක්‍රමය මගින්ද ඉතාම සිත්ගන්නා සුළු ඡායාරුප නිර්මාණය කරගන්න පුළුවන්. මේ සඳහා, ඉතාම සුළු ප්‍රයත්නයකින් ඔබගේ කාමරය studio එකක් බවට සකස් කරගන්නට පුළුවන්.
මේ සඳහා අවශ්‍ය උපකරණ:
- DSLR හෝ බ්‍රිජ් වර්ගයේ කැමරාවක්
- Slave Flash එකක් හෝ Spot Light එකක්
- Flash Trigger එකක් ( Slave Flash එක ක්‍රියාත්මක කිරීම සඳහා)
- Tripod එකක්
- Light Stand එකක් (ෆ්ලෑෂ් එක හෝ ස්පෝට් ලයිට් එක රැදවීමට)
- හඳුන් කුරු සහ රඳවනයක්.
- කළු පහැති පසුබිමක්
පහත දැක්වෙන ඡායාරුප දෙකෙන්, මං තුමා මේ වෙනුවෙන් කැමරා ආම්පන්න අටවාගත් ආකාරය බලන්න.
ඔබගේ ෆ්ලෑෂ් එක හෝ ස්පොට් ලයිට් එකෙන් වස්තුව වෙත ලබාදෙන ආලෝකය පැති ආලෝකයක් ලෙස ලබාදෙන්න. එමෙන්ම පසුබිම වෙත ආලෝකය නොවැටෙන ලෙස ආලෝක ප්‍රභවය සකස් කිරීම ඉතා වැදගත් වන බව සලකන්න. මේ සඳහා, මං තුමා ෆ්ලෑෂ් එක කළු කඩදාසියකින් ආවරණය කර, එක් දිශාවකට පමණක් ආලෝකය ලැබෙන ලෙස සකස් කරගත් ආකාරය පළමු ෆොටෝවෙන් බලන්න.
අනිකුත් වැදගත්ම සාධකය වන්නේ, මෙම කාමරය තුල පවතින පාරිසරික තත්වයයි. කාමරය තුල සුළං ගලායෑම අවම තත්වයක පැවතිය යුතුය. මේ සඳහා විදුලි පංකා, වායු සමීකරණ ආදිය ක්‍රියා විරහිත කරන්න. සියලුම දොර ජනෙල් වසා දමන්න. කාමරය තුල ඇති වාතයේ කැළඹිලි ස්වභාවය ඉතා අවම වූ විට, හඳුන් කූර දල්වන්න. ඉන් ඇතිවන දුම නොයෙකුත් රටා මවන ආකාරය දකින්නට පුළුවන්.
දැන් test shots කීපයක් මගින් අනාවරණය සහ ආලෝකය ලබාදිය යුතු දිශාව තීරණය කරන්න. ඡායාරුප ගැනීමෙන් පසු Photoshop හෝ Light Room මෘදුකාංග භාවිතයෙන් සුළුවශයෙන් සකසාගන්න.
මේ තියෙන්නේ මං තුමා ගත්ත ෆොටෝ කීපයක්. ඕගොල්ලොත් මේ ක්‍රමය අත්හදා බලන්න.
දුමෙනුත් අලංකාර නිර්මාණ මැවෙනව නේ.
ReplyDeleteහිතාගන්න බැරිතරම් අලංකාර දේවල්, සුරංගනා ලෝකයක් වගේ.
Deleteෂටර් ස්පීඩ් එක කියක් වගේද මේ වෙලාවට දිලා තියෙන්නේ.
ReplyDeleteISO 100, f 4.0, 1/40
Deleteෆොටෝ ඔක්කොටම ඔය විදිහට.
මටත් ආපු ප්‍රශ්නේ :) මේ තොරතුරු ටිකත් පෝස්ට් එකේම තිබුනානම් ගොඩක් හොඳයි.
Deleteට්‍රයි කරලා බලන්න ඕනේ.
දුමේත් ලස්සන....
ReplyDeleteඔව්, කරලා බලන්න.
Deleteලස්සනයි පින්තූර ටික.
ReplyDeleteස්තුතියි ප්‍රසන්න.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteජායාරූප කරණයේ නොදත් පැත්තක්, කොයිතරම් දේ තියෙනවද අපිට තව මේසම්බන්ධයෙන් ඉගෙන ගන්න. ස්තුතියි අපිව දනුවත්කලාට
ReplyDeleteස්තුතියි අමිල, මේක ට්‍රයි කරලා බලන්න.
Deleteඒක මරු අප්පා.. :D
ReplyDeleteමරු අප්පා නෙවේ, අලුත් කැමරාවකුත් ගත්තනේ දැන් ඉතින මේවා ප්‍රායෝගිකව කරන්න ඕන.
Delete:D ^_^ හලී........ හලී......
Deleteමට කැමරාවක් නෑනේ... ඒ උනාට ඔහොම පොටෝ එකක් නම් පට ගාල හදන්නම් ෆොටෝ ශොප් වලින්.. හි හි
ReplyDeleteහි... හි...
Deleteවාව්..
ReplyDeleteහඳුන්කුරු දෙක තුනක් පත්තු කරලා ගත්තොත් කොහොමට තියේවිද...? සරල බව නැතිවෙයි... ඒත් අමුතු ගතියක් තියේවි කියල හිතෙනවා.
Deleteඑතකොට මේ වගේ තියේවි.
[im]http://farm9.staticflickr.com/8535/8691420533_b93bcd6ff8.jpg[/im]
:D
Deleteනියුඩ් පොටෝග්‍රැපි
ReplyDeleteහෑ... මේකේ කොහෙද බන් එහෙම එකක් තියෙන්නේ.
Deleteදේශකයා naked eyes වලින්නෙ බලලා තියෙන්නේ බං ඒකයි.
Deleteහැක් හැක්... මම නං දුමෙන් දැක්කේ නාරිලතා
Deleteකොයි ෆොටෝ එකේද බන්?
Deleteමාත් දුටිමි.... පහල ඉඳල 2, 3, 4 :)
Deleteමේක නම් කරලා බලන්න ඕනෙ. ඇයි බං DSLR නැතිනම් Bridge camera එකක්ම ඕනෙ වෙන්නේ මේකට?
ReplyDeletepoint & shoot එකකින් කරන්න පුළුවන් දේවල් සීමිතයි මචං. මේ පොස්ට් එක සම්බන්ධයෙන් මේ දේවල් ගැන හිතන්න.
Delete1. අපිට අවශ්‍ය කරන විදිහට manual overexposure එකක් දෙන්න බෑ නේද?
2. slave flash එක ක්‍රියාත්මක කරන්නේ කොහොමද? point & shoot එකකට ෆ්ලෑෂ් ට්‍රිගර් එකක් සවි කරන්න බැහැනේ, ඉතින් slave flash එක ක්‍රියාත්මක කරන්න නම් කැමරාවේ තියෙන ෆ්ලෑෂ් එක භාවිතා කරන්න වෙනවා. එතකොට අපිට අවශ්‍ය කරන විදිහට slave flash එක මගින් ලැබෙන ආලෝකය පමණක් ලැබෙන්නේ නැහැ,කැමරාවේ තියෙන ෆ්ලෑෂ් එකේ ආලෝකය වස්තුව වෙත කෙලින්ම පතිත වෙනවා.
මෙන්න මේ වගේ හේතු නිසා point & shoot එකකින් මේක කරන්න අපහසුයි.(සමහර බ්‍රිජ් කැමරා වලටත් ෆ්ලෑෂ් ට්‍රිගර් භාවිතා කරන්න බැහැ.) නමුත් spot light එකක් භාවිතා කරලා point & shoot එකකින් උනත් උත්සාහ කරලා බලන්න පුළුවන්.
manual exposure බැරි වුනාට ඕකෙ තියෙන මෝඩ් වලින් වැඩක් ගන්න පුලුවන් මම හිතන්නේ. උදාහරනයක් විදියට මචං, ඔය නයිට් ෂොට් නැතිනම් කැන්ඩ්ල් ලයිට් මෝඩ් එකෙයි ස්පොර්ට්ස් ෂොට් නැතිනම් ඩේ ලයිට් වගේ මෝඩ් එකකයි exposure time එක හාත් පසින්ම වෙනස්නේද? ඒකෙන් ප්‍රයෝජන ගන්න පුලුවන් ඇති සෑහෙන දුරකට.
Deleteසමහර ඒවයේ ෆ්ලෑෂර් ෂූ එක තියෙනවා. මගේ පරණ Handycam එකේ තියෙනවා වෙනම ෆ්ලෑෂර් ෂූ එකක්.
සමහර විට ෆ්ලෑෂර් එක ඕෆ් කරලා ස්පොට් ලයිට් එකක් පාවිච්චි කලා නම් බැරි වෙන එකක් නෑ.
උත්සාහ කරලා බලලා කියපන් මචං.
Deleteමටත් ආවෙ ඩූඩ්ට ආව ප්‍රශ්නෙම තමයි. point & shoot එකකින් ගත්තොත් මේ වගේ quality එකකින් එන්නෙ නැතිවෙයිද? මේක දැක්කම නම් කොහොම හරි කරන්න ඕන කියල හිතුන...ඒ තරමටම මේ ෆොටෝස් ටික ලස්සනයි. ඒ උනත් අවශ්‍ය කරන දේවල් වලින් මට හොයාගන්න පුලුවන් හඳුන්කූරුයි රඳවනයයි විතරයිනෙ :'(
ReplyDeleteහික්, හික්, ඔයානම් පට්ට resourceful ගෑල්ලමයෙක්, Chams. :D
Deleteචම්ස්, උත්තරේ ඩුඩ් ට දීලා තියෙනවා.
Deleteවැඩකාරයට දුමෙන්නුත් වැඩ ගන්න ඇහැකි එහෙමනම්......:D
ReplyDeleteනොයෙකුත් ක්‍රම අත්හදා බලන්න පුළුවන්.
Deleteදුමේ වුණත් කලාව :)
ReplyDeleteදුම් නොබිවත්, මේ වගේ දුමකට නම් කැමතියි.
Deleteපට්ටය..
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තුතියි රජෝ.
Deleteඔය වගේ ෆොටෝ දැකල තිබ්බට ගන්න විදිය අද තමා දැන ගත්තේ....
ReplyDeleteදැන් එහෙනම් කරලා බලන්න.
Deleteමෙච්චර වටින දුම් වලටනේ මිනිස්සු බනින්නේ!
ReplyDeleteඅනේ උඹටත් හිතෙන දේවල්.
Deleteආයි මොකටද හඳුන්කූරු පත්තු කරන්නේ. මගේ රූම හොඳ දුමෙක්. :)
ReplyDeleteඑහෙනම් ඉතින් උඹේ පෙනහළු දෙකට දෙය්යන්ගේ පිහිටයි.
Deleteමට හිතුණේ මලක් ගහන්න කතා කරනවා කියලයි මචං. කොහොම වුණත් ජායාරූප කලාවේ මෙවැනි ශානරයක් තියෙන බව මම දැනගෙන හිටියේ නෑ .
ReplyDeleteඋඹත් මලේ උඩ පැනගෙන අවා නේද මලක් ගහන්න.
Deleteපට්ට ලස්සනයි නේ. මාත් දැක්කා මිනිස් රූප වගේ එකක් දෙකක්..
ReplyDeleteමිනිස්සු, සත්වරුප ආදී නොයෙකුත් රුප මැවෙනවා.
Deleteකලාවට සීමා මායිම් නීති රීති සම්ප්‍රදායන් නැහැ දකින දේ නිදහසේ අත්විඳීම ප්‍රමාණවත් මේ විදිහට ලස්සන රටා චායාරුපගත කරන්න පුළුවන්... නියමයි ආ .....
ReplyDelete//කලාවට සීමා මායිම් නීති රීති සම්ප්‍රදායන් නැහැ//
Deleteහරියටම හරි මොරබ්බා..
දුමෙන් මාරයෙක් හැදෙන හැටි පුලුවන් නම් චායාරූපයකට ගන්න !!
ReplyDeleteහ්ම්ම්.. එකටනම් Photoshop ඕන වෙයි.
Deleteහලී චෝයි අයියේ... අලුත් වැඩක්..
ReplyDeleteචෝයි ... චෝයි...
Deleteචායාරූප ශිල්පියෙක්ට තමන්ගේ ප්‍රදර්ශනේදි එක් කරන්න හොඳම
ReplyDeleteඅංගයක් නේද ..? ඒ වගේ වෙලාවකට නම් නියමයි ..මට මැවිලා පෙනුණා
මගේ ප්‍රදර්ශනේට ඇවිත් මිනිස්සු මෙහෙම කියන හැටි ...
" යකෝ මූ දුමෙනුත් පොටෝ ගහලා .මාර බඩුවක්නේ "
//මට මැවිලා පෙනුණා
Deleteමගේ ප්‍රදර්ශනේට ඇවිත් මිනිස්සු මෙහෙම කියන හැටි ...//
අපිටත් ප්‍රදර්ශනේ ගැන කියන්න ඕන, නොවරදවාම.
මේ Smoke photography නම් ලස්සනම field එකක්. තව පාට lights දාලා පාට පාට දුම් ගන්නත් පුළුවන් නේ?
ReplyDeleteඔබගේ පැමිණීම සතුටක් ගිහාන්.
Deleteඇත්තෙන්ම ඔව් පාට පාට දුම් ගන්න පුළුවන්.