මේ කතාව දැන ගත්තේ මන් තුමාගේ බප්පොච්චි කෙනෙක් ගෙන්. උන්නැහේ ගුරුවරයෙක්. බොහෝ කාලයකට පෙර රාජකාරි කරලා තියෙන්නේ, අම්පාර කිට්ටුව තිබුන පිටිසර බද ගැමි පාසලක. මෙයාට සැමදාම, නවාතැනේ සිට පාසැලට දක්වා, ගම මැදින් ටික දුරක් පයින් ගමන් කරන්න සිදුවුනාලු . එසේ යන අතර මගදී හමුවන ගැමියෙක් සමග වචනයක් දෙකක් කතා කරන්න අපේ කතා නායකයා මැලි වුනේ නැහැලු . එක දවසක් දා උදේ, සුපුරුදු පරිදි පාසල් යන විට, බාල්දියක් අතින් ගත් මහලු ගැමියෙකු තමා ඉදිරියට එනු දුටු ඔහු මෙහෙම ඇහුවලු;
"ආ..... ලොකු උන්නැහේ උදෙන්ම බැරැක් වගේ"
"නෑ...... මහත්තයෝ මම මේ රෙන්ට යන ගමන්"
කියූ ගැමියා කැලය තුලට වහන් වුනාලු.
මේ කතාව මම කීවේ පැරණි ගැමියාගේ අව්‍යාජත්වය මෙන්ම එකිනෙකා හමු වන විට අප අතර ඇති, නිකමට මොනවා හරි කීමේ පුරුද්ද ගෙන හැර දැක්වීමටයි.
මේ වගේ නිකමට කියන කතා කොච්චරනං තියනවද, උදේට කෙනෙක් දැක්ක ගමන් ගූඩ් මොර්නිග් කිවම අනිකත් මෝර්නින්... මෝර්නින්... කියාගෙන යනවා එහෙම කිව්වා කියල ගූඩ් මෝනින් එකක් වෙනවද, ආයිබෝං
ඒවිතරක් යෑ............ ගූඩ් ඉවිනිග්, ගූඩ් නයිට්, හැපී බර්ත්ඩේ ඔය එකක්වත් කිව්වා කියල එහෙම වෙනවද මන් අහන්නේ, නෑ නොවැ. මේ ඔක්කොම කියනවට කියන කතා තමයි.
ඇයි බන් අලුත්ම එක "විකසිත අනාගතයක්" ඔහොම කිව්වා කියල අනාගතය විකසිත වෙයි යෑ, මේ යන විදිහට කෙලවෙලාම යනවා මිස! ඕවත් ඉතින් කියනවට කියන කතා තමයි.
ආ එකෙන් මේකෙන් මට අමතක වුනා අලුත් අවුරුද්දකුත් ලැබුවා නේද
සුබ අලුත් අවුරුද්දක් වේවා!
මේක මේ කියනවට කියනවා නෙවෙයි බොක්කෙන්ම කියන්නේ.....
ඔන් එහෙනම් අපි කිරි උතුරපු හැටි බලා ගන්නකො.
අර ගැමියගේ කතාව නං ටික දොහකට කලිං බ්ලොගක ගියා වෙනියගේ වගේ තමා මතක. ෂුවර් ම නැ කාකේ එකේද කියලා...
ReplyDeleteලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
මම samakayawate බ්ලොග ලියන නලින්
ඔව් නලින් මම මේක කොමෙන්ට් එකක් විදිහට දැම්මා, මොකේද කියලා මතක නැත.
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා
ReplyDeleteදැං කියන්නෙ සුභ අනාගතයක් කියලා නොවැ... :ඩී
ReplyDeleteඔබටත් පවුලේ සැමටත් උදා වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!
[ma]සුබ අලුත් අවුරුද්දක් වේවා ![/ma]
ReplyDeleteඅයිලාශ් අයියටත් පවුලේ සැමටත් උදාවූ වසර වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා!!!!!!!!
ReplyDeleteසුවබර අන්නගතයකට මන්විවරවන සුබ නවවසරක් වේවා..!!!!!!
ReplyDeleteකිරි ඉතිරෙන හැටි ලස්සනයි.:)
ReplyDeleteඔබ හා පවුලේ හැමෝටම කිරි ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා!!!
සුභ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteඅයිලාශ් අයියටත් පවුලේ සැමටත් සුබම සුබ සියළු
ReplyDeleteපැතුම් ඉටු වන බතින් බුලතින් වාසනාවෙන් සපිරිණු
නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!
එසේම වේවා ඕන් :D
ReplyDeleteදරුමල්ලන් වැඩි වැඩියෙන් ලැබෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
ReplyDeleteමම නම් බැලුවෙ නෑ කිරි උතුරපු එක දිහා මට දුක නිසා...
මොකද කිරි උතුරන හැටි දැක්කම දුක හිතෙන්නේ?
Deleteඅපිට අවුරුදු කන්න විදිහක් නෑනේ අයියේ.. ඉතින් දුකයි. මම නම් ඉන්ටෙර්නෙට් එකෙන් වත් අවුරුදු වැඩසටහන් බැලුවෙ නෑ
Deleteඒ මොකද? කවුරුවත් අවුරුදු කෑම තහනම් කරලා තියෙනවද?
Deleteසුබ අලුත් අවුරුද්දක් වෙවා අයිලාශ් අයියේ.
ReplyDeleteඔබටත්, පවුලේ සැමටත්, සුභ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteමේ දර ලිපට ගෑස් ගහලද මෙච්චර ගිණි මැළයක් ගැහුවෙ ?
සුබ අලුත් අවුරුද්දක් වේවා අයියණ්ඩි ට සහ පවුලේ සැමට..!
ReplyDeleteශිග්... මේකෙනුත් අර කලින් පෝස්ට් එකේ වගේ ලස්සනට මොනව හරි අඳින්න තිබ්බේ.
ReplyDeleteමට මේල් ඇඩ්‍රස් එක දාන්නකෝ අර ෆොටෝ ටික දාන්න.
කියපු කතාවෙ හැටියට සුභ අලුත් අවුරුද්දක් වේවා කියල කියන්නත් බෑ නොකියත් බෑ
ayilas419@gmail.com
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඔබටත් එසේම වේවා.
ReplyDeleteඅයිලාස් ඇතුලු පවුලේ සැමටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා සහෝ!
ReplyDeleteමම මෙහෙම කිව්වට ඉතින් අවුරුද්ද සුභ වෙයිද දන්නේ නැහැ ඒත් මම එහෙම කිව්වේ ඇත්තටම එහෙම වේවා කියලා හිතාගෙන :)
ඔබත් පවුලේ සියලුම දෙනාටත් සුබ නව වසරක් වේවා !
ReplyDeleteඅයිලාස්ටත් පවුලේ සැමටත් සතුට සැනසුම රජයන බත බුලතින් සරුවුනු නිදුක් නිරෝගී සුව ලැබෙන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා !
ReplyDeleteහැමෝටම ස්තුතියි, නැවතත් සැරයක් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteඅයිලාෂ්ටත් පවුලේ සියළු දෙනාටත් නිදුක් නිරෝගී සුවදායක සුභ අලුත් අවුරුද්දක් වේවා! (ලයිට් බිල් එහෙම මීට වඩා වැඩි නොවේවා !)
ReplyDeleteව්‍යාජත්වයෙන් ජීවත් වෙනවට වඩා අව්‍යාජත්වයෙන් ජීවත් වෙන එක කොච්චර හොඳද....?? ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනවා...!
ReplyDeleteඅයිලාස්ටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!
ReplyDeleteඅර විකසිත කතාව නම් හික්..!!
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා.....!!!
හික් හික් හික් හොඳට හෝදගෙනම එන්නකෝ.........
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා!
සුබ අනාගතයක් !! ඒ කියන්නෙ අනාගත්ත දෙයක් කාපන් කියන් එක වගෙයි ...
ReplyDelete