මම කලින් පොඩි කවි පන්තියක් දාලා තිබුනා අප "
ඉන්නම් බඩගින්නේ ළඟ ඉන්නකෝ අම්මේ " කියලා, මම ගත්ත කුරුළු පැටවුන්ගේ ඡායාරුපයක් එක්ක. බලපු නැති අය ගිහින් බලලම එන්න. ඒ පොස්ට් එකට අපේ DDT සහෝදරයා මෙන්න මෙහෙම කොමෙන්ට් එකක් දැම්මා, ඔය තියෙන්නේ පහල.
ඉතින් එදා උන පොරොන්දුව අද ඉටුකරන්න හිතා ගත්තා. ඒ කොමේන්ට් එකට දාපු රිප්ලයි එකම තමයි මේ පොස්ට් එකට සුදුසු කියලා හිතෙන නිසා සුළු වෙනස්කම් සහිතව මේ පොස්ට් එකෙත් පලකලා. ඔන්න එහෙමනම් ෆොටෝ ටික ඔක්කොම බලන්න.
මගේ කාර්යාලය අසල තිබුන කුඩා ගසක කොන්ඩ කුරුල්ලන් දෙදෙනෙක් නිතර ගැවසෙනවා දෑකලා බළනකොට මේගොල්ල කුඩුවක් හදනවා. නමුත් මේ අවස්ථාවේදී මම කිසිම ෆොටෝ එකක් ගන්න ගියේ නැහැ , එහෙම කළා නම් උන් බයවෙලා එය අත්හරින බව දැනගෙන හිටියා. මේ ගස පිහිටලා තිබුනේ කාර්යාලයේ එක කාමරයක ජනේලයක් අසලමයි. අපේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි නන්දසිරිට (නන්දසිරි ගැන මෙතනින් බලන්න ) උපදෙස් දුන්නා මොනම හේතුවකටවත් ඒ ජනේලය අරින්න එපා කියලා. ජනේලයට තිරයක් දාලා තිබුන නිසා උන්ට ජනේලහෙන් මෙපිට පෙනෙන්නේ නැහැ වගේම මෙම කාමරය කිසි කෙනෙක් පාවිච්චි කලේ නැති නිසා උන්ට කිසි කරදරයක් උනේ නැහැ. ඔය ජනේලයට උඩින් පොඩි කවුළු කීපයක් තිබුනා, ඉතින් මම ජනේලය ළඟ මේසයක් තියල ඒ මේසය උඩ තව කුඩා මේසයක් තියලා එකේ උඩ try prod එක සහ මගේ කැමරා අම්පන්න ටික අටවා ගත්තා.
ඔය කවුළුවක් අස්සෙන් ෆොටෝ ගහන්න උන හින්දා මගේ කැමරා කෝණය ඉතාම සිමා සහිත උනා. ඒ වගේම ඔය පින්තුර ඉස්සරහින්ම පෙනෙන්න තියන කොලය මට ලොකු බාදාවක් උනත්, එය කඩා ඉවත් කිරීමට මට කිසිම ලෙසකින් ආචාර ධර්ම වලට අනුව ඉඩක් නැහැ. කෙසේ උනත් ඔය සීමාවන්ට යටත්ව බිත්තරයේ සිට පැටවුන් ඉගිල යන තෙක්ම දිනපතා ඡායාරුප ගැනීමේ හැකියාව ලැබුනා. බොහෝවිට ආලෝක තත්වයන් පැවතුනේ ඉතාම නරක ලෙස නමුත් Flash light එකක් බාවිතා කලේ නැහැ. මුලින්ම Flash එකක් බාවිතා කලේ ඔය පැටවුන් ඇස් ඇරපු මුල්ම දවසෙයි. ඒ වෙනකොට මොනම හේතුවකටවත් ලොකු උන් පැටවුන් අතහැර නොයන බව මම දැනගෙන හිටියා.
කුරුල්ලන්ගේ ඡායාරුප ගන්නා ශිල්පියෙකුට, ඔවුන්ගේ හැසිරීම් ගැන මනා අවබෝධයක් තිබීම ඉතාම වැදගත්, එසේ නොමැතිව බිත්තර රැකීම හෝ පැටවුන්ගේ ඡායාරුප ගැනීම නොකළ යුත්තක්. ඉතාම වැදගත් වන්නේ කෙසේ හෝ ඡායාරුපය ගැනීම නොව, ඔවුන්ගේ ජිවන රටාවට කිසිසේත් හානියක් නොකර ඔවුන්ට නොදැනී ඡායාරුපය ගැනීම බව ඉතාම හොඳින් මතකයේ තබාගත යුත්තක්.
ඔන්න එහෙනම් ෆොටෝ ටික බලන්න. දින දාලා තියෙනවා කාල පරාසය ගැන අවබෝධයක් ලබාගන්න.
කුරුල්ලයි කිරිල්ලයි අපරුවෙන් හදාගත්ත කැදැල්ල
මේ බිත්තර දින කීපයක් රැකලා තියෙන්නේ - දිනය: ජුනි මාසේ 13 දා
සා පිපාසා නොතකා - දිනය: ජුනි මාසේ 13 දා
පළමු පැටියා බිහිවී - දිනය: ජුනි මාසේ 15 දා
පැටවුන් දෙදෙනම් බිහිවී අවසන් - දිනය: ජුනි මාසේ 15 දා
පළමු ආහාර වේල - දිනය: ජුනි මාසේ 15 දා
පෙරදාට වඩා වැඩුණු පැටවුන් - දිනය: ජුනි මාසේ 16 දා
පිහාටු මතුවන ලකුණු - දිනය: ජුනි මාසේ 16 දා
පිහාටු මතුවඇත, හිස මදක් ඍජුව තබහත හැක. - දිනය: ජුනි මාසේ 18 දා
වේගවත් වර්ධනයට අවැසි පෝෂණය . - දිනය: ජුනි මාසේ 18 දා
තවමත් ඇස් පෑදී නැත. වේගවත් ආහාර ගැනීම - දිනය: ජුනි මාසේ 18 දා
පිහාටු මෙන්ම ශරීර ප්‍රමාණය බොහෝ වර්ධනය වී ඇත - දිනය: ජුනි මාසේ 19 දා
මෙලොව එලිය දුටු දා - දිනය: ජුනි මාසේ 19 දා
වර්ධනයට අවැසි පෝෂණයසහ විවේකය - දිනය: ජුනි මාසේ 20 දා
බොහෝ පිහාටු වර්ධනයවී, විවේකයයෙන් - දිනය: ජුනි මාසේ 21 දා
බඩගිනි කාරයෝ - දිනය: ජුනි මාසේ 21 දා
මේ තමයි අවසන් රුප රාමුව. ඉන්පසු දින තුනක් මාහට ඔෆිස් යන්න බැරි වුනා. තුන්වන දිනයේ ඔෆිස් ගියගමන් කලේ කුරුලුකුඩුව බලපු එක. මට මගේ ඇස් අදහා ගන්න බැරි උනා, කුරුළු පැටවූ දෙන්නා කුඩුවෙන් එලියට ඇවිත් අත්තක වහලා ඉන්නවා. මම ඉක්මනට කැමරාව අරගෙන ආවා, කැමරාව එලියට අරගන්න ටිකට මේ දෙන්නා අම්මත් එක්ක ඒ අසල තිබුන විශාල ගසකට පියඹා ගියා. අවසන් ෆොටෝ එක ගන්න බැරි උනත්, ඒ දෙන්නා පියඹා ගිය ආකාරය දැක්කම මට හරිම සතුටක් ඇති වුනා.
මේ පහල තියෙන වීඩියෝ එක බලන්න.
VIDEO
පසු සටහන:
මේ ෆොටෝ ටික ගත්තේ ඉතාම අමාරුවෙන්. ඒ ජනේලයට ඉහලින් තිබුන කවුළුවේ වීදුරුවක් සවිකරලා තිබුන නිසා ෆොටෝ එතරම් පැහැදිලි නැහැ. මේ ඡායාරුප සමුහයේම හොඳ තත්වයේ ෆොටෝ තියෙන්නේ දෙකයි නමුත් මේ ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම ඡායාරුප ගත කිරීමට ලැබීම විශාල සතුටක්.
අගය කියා නිම කළ නොහැකියි අයිලාෂ්. ආයි වචන දෙකක් නැ මේක නම් සුපිරිම වැඩක්.
ReplyDeleteඔබේ අගය කිරීම බොහොම වටිනවා නලින්.
Deleteඅගය කරන්න වචන නෑ, පුදුම හැගීමක් දැනුනා,
ReplyDeleteඅළුත් අත්දැකීමක්. බොහොම ස්තූතියි බෙදාගත්තට..
මේ ඔබේ පළමු කොමෙන්ටුව නේද? බොහොම ස්තුතියි. දිගටම මේ පැත්තේ එන්න.
Deleteතවත් ලස්සන කුරුළු කුඩු දෙකක් තියෙනවා...
ගවේශනාත්මක ජායරූප ශිපියෙක් කියන්නත් පුළුවන්, බොහොම සංයමයකින් කරපු අපුරුවැඩක්.අද පරිසරයට වෙලාතියෙන දෙතෙක්ක අපිට මෙහෙමවත් දකින්න ලැබෙන්න සලස්වන එකත් පිනක්.
ReplyDeleteජායාරුපකරණය ගැන තව ප්‍රශ්නයක් තියෙනවා, ඊළඟ ඒ සම්බන්ධ පොස්ට් එකේදී අහන්නම්
ඇත්තටම අමිල ඔබට හිතාගන්න පුලුවන්ද මේ ඡායාරුප ගත්ත තැන, කොළඹ පොචි බොරැල්ලේ කියලා හිතන්නවත් පුලුවන්ද?
Deleteඔබගේ ප්‍රශ්නය ඊමේල් එකකින් හරි කමක් නැහැ යොමු කරන්න.
මේ පොටෝ ටික.... මොනවටද අප්පා වචන නාස්ති කරන්නේ.. 'නියමයි අය්යණ්ඩියා'
ReplyDeleteතැන්කු ශම්මි, කැමරාවක් ගත්තද?
Deleteතවම නැහැ,, මේ සතිය ඇතුලත අරන් දෙන්නම් කීවා.. :D ^_^
Deleteනියමයි නේ මොකක්ද ගන්න හිතාගෙන ඉන්නේ?
Deleteපුරුදු වෙන්නත් එක්කම එකක් ඕනි,, හොදට Zooming තියන, quality එකත් හොද එකක් ඕනි,, රිසර්චින් වැඩ වලටත් ගන්න පුළුවන් විදියේ..
Deleteදැනට හිතන් ඉන්නේ
Canon PowerShot A3300
Canon PowerShot A2300 මෙන්න මේ දෙකෙන් එකක් ගන්න කියලා,, 35කට අඩුවෙන් තියන හොදම එකක් ඕනි මට, :( කියන්න බැරිද මොකක්ද හොදම කියලා.. ??
ඔයා ඔය ගන්න යන්නේ point & Shoot එකක්නේ?
Deleteමේ පහල තියෙන link එක බලන්න.
Fuji s2980
මේක Agent ගෙන්ම ඔයා කියන ගානට ගන්න පුළුවන්.
මොනවා එකක්ද මන්දා අනේ.. :D හලේ මේක මම බැලුවා,, ඒක නම් නියමයි වගේ.. වැඩ කෑලි වැඩි වගේදත් මන්දා,, මට හැබැයි අර සෙටින්ග් හද හද පොටෝ ගන්න ඒවට නම් ආස නෑ.. :D
Deleteනෑ එකේ auto modes ගොඩක් තියෙනවා. මගේ පොඩි පුතා ළඟ තියෙන්නේ එකක්.
Deleteපංකාදුයි අයියා. සෑහෙන වෙහෙසක් අරන් තියනවා නේ මේ ටික ගන්න. වෙහෙසට පාඩු නෑ.
ReplyDeleteමටත් එහෙම හිතෙනවා මල්ලියා, කාපු පරිපරිප්පුවට පාඩු නැහැ.
Deleteහප්පේ මෙයා tripod අරගෙන ඔෆීසියට ගිහින්. එහෙම කොහෙන්ද අප්පා අපිට. කොහොම උනත් අමාරුවෙන් ගත්ත පින්තූරවල වටිනාකම නම් ඉහලයි..
ReplyDeletetripod? මොන tripod ද, කැමරා දෙකයි, ට්‍රිපොඩ් දෙකයි, ෆ්ලෑෂ්ගන්ස් 2යි තව ලිඝ්ට් ස්ටන්ඩ්ස්... හි.. හි..
Deleteඔය ඔක්කොම කාර් එකේ පටවාගෙන තමයි ඒ දවස්වල ඔෆිස් ගියේ. තාමත් සමහර දවස් වලට එහෙම තමයි.
මේ ඔක්කෝගෙන්ම ඉස්මතු වෙන්නේ මේ ක්ෂේත්‍රයේ අයියාට තියෙන ඉවසීම (Y)
ReplyDeleteවනජීවී ඡායාරුප කරණයේදී ලොකු ඉවසීමක් වගේම කැපවීමක් තියෙන්න ඕන.
Deleteඅම්ම ගායි බැට් එකෙන්. සුපිරියි අයිලාශ්. සමහර පින්තූර ඕවර් එක්ස්පෝස් වෙලා වගේ නේ? (මමත් දැන් ටිකක් දන්නව හරී:P)
ReplyDeleteස්තුතියි උකුස්සෝ,
Deleteෆොටෝ ඕවර් එක්ස්පොස් වෙලා නෙවේ, බොහෝ ෆොටෝ අන්ඩර් එක්ස්පොස් වෙලා, හරිම දුර්වල ආලෝක තත්වයෙන් මත තමයි ඔය ෆොටෝ ගත්තේ. අනික ඔය ෆොටෝ ගත්ත කවුළුවේ තිබුන වීදුරුවේ දුවිලි තිබුනා, සුද්ද කරන්න විදිහක් නැහැ නේ, ඉතින් ඔය වගේ කාරනා නිසා තමයි ෆොටෝ ගොඩක් දුර්වල තත්වයක තිබුනේ.
පසුව ෆොටෝෂොප් වලින් ගොඩක් හැදුවා, ඒ නිසා තමයි ඕවර් එක්ස්පොස් වෙලා වගේ පෙනෙන්නේ.
අයිලාශ් මේකත් පොටෝශොප් වැඩක්ද?
Deletehttp://www.exgossip.com/2013/04/4.html
නැහැ මේක ෆොටෝෂොප් වලින් කරන වැඩක් නෙවේ. පහත ලින්ක් එක බලන්න
DeleteGigaPan
මාරයිනේ... මට මතක් උනේ ටී වී එකේ ගියපු ඇඩ් එකක්.. අර ළමයෙක් චිත්‍ර අඳිනවා දළඹුවෙක් සමනළයෙක් වෙනකම් ජීවන චක්‍රය.. මේකත් අන්න ඒ වගේ... පට්ටයි..
ReplyDeleteහප්පේ මුංගෙ කටේ හැටි
කන්න රුසියෝ, බිත්තරෙන් එලියට ආපු වෙලේ ඉඳන්ම කට අරගෙන..
Deleteඅපේ ගෙදරත් ඔය සමානම සිද්දියක් වුනා.
ReplyDeletehttp://sinhalaya-lokayata.blogspot.com/2013/03/police-case.html
පස්සේ ආයෙත් වෙනත් කොන්ඩ කුරුල්ලෝ දෙන්නෙක් වෙන තැනක කූඩු හදලා බිත්තර තුනක් දාලා තිබ්බා.පැටව් ආපු දවසෙම උන් දෙන්නා පැටවුන්වත් ගිහින්.හිතාගන්න බැහැ ඒ මොකද කියලා.
//පැටව් ආපු දවසෙම උන් දෙන්නා පැටවුන්වත් ගිහින්.හිතාගන්න බැහැ ඒ මොකද කියලා. //
Deleteඔය ෆොටෝ ටික බලන්න පැටවූ එලියට එන කොට උන් නිකන් මස්ගුලි වගේ. මේ කුරුල්ලන්ට පැටවූ අරන් යන්න බැහැ. අනිවා මොකෙක් හරි සතෙක් ඒ පටවුන්ව කන්න ඇති. ඒ දේ බොහොම සුලබ සිදුවීමක්. නිරුපද්‍රිතව මුන් ලොකුවෙලා පියඹා යාම තමයි දුලබ.
ඉතින් ඊට පස්සේ කුරුල්ලෝ දෙන්නා ආවෙත් නැහැනේ?.පැටව්න්ව සතෙක් කෑවා නම් ලොකු උන් දෙන්නා ඊට පස්සේ එතන දවසක්වත් උන්ව හොයනවා නේද?.
Deleteනැහැ නිශාන්, එහෙම අනතුරක් උනොත් බොහෝ විට උන් අපහු ඒ පැත්තෙවත් එන්නේ නැහැ, විශේෂයෙන් සර්පයෙක් එහෙම ඇවිත් පැටවුන් ගිල්ලොත් සෑහෙන කාලයක් යනකල් අපහු ඒ පැත්තෙවත් එන්නේ නැහැ.
Deleteඅන්න නැෂනල් ජියෝග්‍රැෆික් ටයිප් ඡායාරූප ශිල්පයක්. නියමයි අයිලාෂ්. මට මතක් වුනේ ඔය නැට්ජියෝ චැනල් එකේම එක පාරක පෙන්නුවා ඒ ඡායාරූප ශිල්පියෝ විඳින දුක. මේ මාස ගනං අවුරුදු ගනං කැලේ ගස් උඩ හෙම ජීවත් වෙන උන් ඉන්නවා, මැලේරියා හෙමත් හදාගෙන මේ පින්තූරයක් දෙකක් ගන්න.
ReplyDeleteස්තුතියි මචං, උඹේ කතාව ලොකු හයියක්.
Deleteඑහෙම කට්ට කාගෙන උනත් දුර්ලභ ෆොටෝ එකක් ගත්තම, මාර චුන් එකක් එනවා බන්.
සුපරි චායරුප පෙළක්!!! මමත් එක සැරයක් කටුස්සෙක් බිත්තර දානවා ෆොටෝ ගන්න මේ වගේ කට්ටක් කෑවා!
ReplyDeleteකෝ ඒ ෆොටෝ, දාන්නකෝ අපිටත් බලන්න.
Deleteඇත්තටම ලොකු කතාවක් ලස්සනට ඡායාරූපවලින් කියලා. හරිම සංවේදී, සන්සුන් හිතක් තියන කෙනෙකුට ඇර මෙහෙම දෙයක් කරන්ට වෙනත් කෙනෙකුට බෑ. ඒවගේම දක්ෂයෙක් වෙන්ටත් ඕනි.:)
ReplyDeleteඒ ඡායාරූප දිහා පැය ගානක් උනත් බලා හිටිය හැකි.
මේ ඡායාරුප රස විඳින්නත් සංවේදී කෙනෙක් වෙන්න ඕන.
Deleteකියන්න වදන් නෑ. සුපිරිම ෆොටෝ ටිකක්.
ReplyDeleteඒ වගෙම ඒ සත්තුන්ට කරදරයක් නොවෙන්න ෆොටෝ ගහන වැඩේ කරන එක තමයි ඉතාම වැදගත් වෙන්නෙ.
ඔය හරි ප්‍රසන්න, සත්තුන්ට ආදරේ කරන කෙනෙක් තමයි වනජවි ඡායාරුප ශිල්පියෙක් වෙන්න ඕන.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකොහොම උනත් සත්තුන්ට කරදරයක් නොවෙන්න වැඩේ කරලා තියෙන එක ගැන සන්තෝසයි. පට්ට කලාත්මක මෙව්වා එකක් පේනවනේ මට...... :)
Deleteඉඳහන් අයියේ මම ලංකාවට එනකල් දෙන්න කොරවෙන ෆොටෝ ටිකක්
ස්තුතියි මලේ, ලැප ගොඩ දාගත්තා කියලා තිබුණ එක දැක්කා. ඕවා ඔච්චරම ගන්නද ඔහේ? මමනම් හිතාගෙන හිටියේ ඩුබායි වල ලාබයි කියලා.
Delete//ඉඳහන් අයියේ මම ලංකාවට එනකල් දෙන්න කොරවෙන ෆොටෝ ටිකක්//
අන්න නියම කතාව. අපි බලාගෙන ඉන්නවා එහෙනම්.
ස්වභාව ධර්මයට සත්තුන්ට ආදරය කරන අය හරිම සංවේදී අය කියල මම අහල තියෙනවා. කොහොම උනත් ඉවසීමෙන් මේ කුරුලු පැටවුන් ගැන විස්තර හොයා ගත්ත එක ලොකු දෙයක්. කුරුලු අම්ම කෑම කවනපුංචි කුරුලු පැටවුන් දැක්කම හරි දුකක් දැනෙනවා, ඒ පුංචි පැටව් ලොකු කරගන්න දර වෙහෙස ගැන.
ReplyDeleteඔයාව සාදරයෙන් පිලිගන්නවා සොන්යා.
Deleteඇත්තටම ඒ කුරුළු අම්මයි තාත්තයි පුදුම මහන්සියක් උනේ පැටවූ දෙන්නා ලොකු කරගන්න.
පොඩ්ඩක්වත් මහන්සිය අපතේ ගිහින් නෑ. ඉතාම අපූරු ඡායාරූප පෙළක්!
ReplyDeleteගොඩක් ස්තුතියි චම්ස්.
Deletemama oyage post walata enne hari amaruwen para
ReplyDeletehoyan ayye..mama enne hiruge sindiyen..
Reader eken wath mage blog rolen wath newe..
ithin mata sahamahara post maga arila...
me pinthoora tika nam watinawa hodatama
watinawa...niyama watinakamak thiyenawa
parisara wediyekta..anika mehema 4to tikak
ganna kochchara nam duk widinna oneda..
me okkotama sthoothiyi ayye..
ඔයා මේ පැත්තේ ඇවිත් කොමෙන්ට් එකක් දාපුවහම හරි සතුටක් දැනෙනවා.
Deleteඉතින් බ්ලොග් රෝල්ට් add කරගන්නකො එතකොට ලේසි නේ.
මගේ රෝලේ ඉන්නවා ඔයා අයියේ..වැඩේ තියෙන්නේ මම
Deleteමගේ රෝල පාවිච්චියක් නැහැ ..මම ගොඩක් වෙලාවට අලුත්
පෝස්ට් වලට යන්නේ සින්ඩි වලින්...
මට කියන්න බ්ලොග් රෝල් වල live අප්ඩේට් වෙනවද ?
ඒ කියන්නේ මම දැන් මගේ බ්ලොගේ පෝස්ට් එකක් දාපු
හැටියේ මේ බ්ලොගේ රෝලේ ඒක ඔටෝ අප්ඩේට් වෙනවද
page එක refresh නොකරත් ?
ඒ මොකෝ මගේ කමෙන්ට් එකක් දැක්කම සතුටක් එනවා කිව්වේ
අය්යේ :)
එහෙම අහන්න ලැබීමත් සතුටට කරුණක් මට..
එහෙම තමයි මල්ලි, සහෝදරත්වය බොක්කටම වැදුනම එහෙම හිතෙනවා.
Deleteමට ඔයාට මේල් එකක් දාන්නම්, දැනගන්න දෙයක් තියෙනවා.
අදයි මෙහෙ ආවේ...! කියන්ඩ වදන් නෑ... ආයේ ඉතින් ෆොටෝස් ටික ගින්දර!
ReplyDeleteබොහොම සතුටින් ඔයාව පිලිගන්නවා. කලින් පින්තුර ටිකත් බලන්න.
Deleteනියමයි අයියේ..පින්තුර ටික ලස්සන කතාවක් කියනවා. අර කොලේ ගැන තරහකුත් එනවා..
ReplyDeleteමමත් අපේ ඔෆිස් එක ගාව බිල්ඩින් එකක් හදන එක පියවරෙන් පියවර ෆෝන් එකේ කැමරාවෙන් ගත්තා. දැන් ඔක්කොම හොයාගෙන මේවගේ එකක් හදන්න ඕනි.
ස්තුතියි මල්ලි. ඒ ෆොටෝ ටිකත් දාමුකෝ බලන්න.
Deleteසුපිරි....
ReplyDeleteමැක්සා....
උපරිමයි....
ඇඩෙනවා....
මාරයි....
සුපර්බ්....
පිස්සු කොර....
මාවලස්....
ලොවෙත්....
එක්සලන්ට්....
සෝ රොමෑන්ටික්....
වන්ඩෆුල්....
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අප්පට සිරි රජා ඒ පාර දීලා තියෙන්නේ, රජ ටෝක් ටිකක්.
Deleteනියම කතන්දරයක් ඡායාරූප වලට නගලා..වෙච්ච මහන්සියට හොඳටම වටිනවා අයිලාස්...
ReplyDeleteමේ දවස් වල ඔෆිස් එකේ වැඩක් කලෙත් නැහැ වෙනියෝ, මේකටම ඔලුව් දාගෙන හිටියා මිසක්.
Deleteඡායාරූප ටිකටත් වඩා ඒක ගන්න වෙච්ච මහන්සියත්, වඩා හොඳ ඡායාරූපයක් ගැනීමේ අරමුණෙන් කුරුළු කූඩුවට හෝ අවට පරිසරයට කිසිම වෙනසක් සිදුනොකිරීමත් දැඩිලෙස අගය කරමි.
ReplyDeleteස්තුතියි ඔබේ අදහස් දැක්වීමට තිසර, ඇත්තටම කිසිම කෙනෙකුට සදාචාරාත්මක අවසරයක් නැහැ, ෆොටෝ එකක් වෙනුවෙන් පරිසරයට කිසිම හානියක් කිරීමට. අවං වශයෙන් ගසක කොලයක් කැඩීමට වත්.
Deleteයම් කෙනෙක් එහෙම කරනවානම් ඒ තැනැත්තා ඡායාරුප ශිල්පියෙක් කියා කීමට නොහැකියි.
ඔයා නම් හරිම සන්වේදී කැමරා ශිල්පියෙක්. අපි නම් කරන්නෙ කොලේ කඩල දාල පොටෝ ගන්න එකනෙ.හරිම වාසනවක් ඔහොම පොටෝ ටිකක් ගන්න ලැබුන එක.කුරුල්ලන්ට උස තැනක ඉඳන් අරන් වගේ පේනවා,
ReplyDeleteවෙලාවක් තියෙනව නම් මගෙ සින්හල බ්ලොග් එකට ගොඩ වැදෙන්න ආරදනා කරනවා.
http://gimannivanie.blogspot.com
ස්තුතියි අදහස් දැක්වුවාට.
Deleteෆොටෝ එකක් ගන්නකොට කවදාවත් පරිසරයට සුළු හෝ හානියක් කරන්න එපා.මේ දැන්ම මම ඔයගේ අලුත් බ්ලොග් එකට ගොඩ වෙනවා.
කෝ බ්ලොග් එක වැඩ නැහැනේ?
Delete