Monday, April 1, 2013

කුරුළු කුඩුව


මම කලින් පොඩි කවි පන්තියක් දාලා තිබුනා අප "ඉන්නම් බඩගින්නේ ළඟ ඉන්නකෝ අම්මේ" කියලා, මම ගත්ත කුරුළු පැටවුන්ගේ ඡායාරුපයක් එක්ක. බලපු නැති අය  ගිහින් බලලම එන්න. ඒ පොස්ට් එකට අපේ DDT සහෝදරයා  මෙන්න මෙහෙම කොමෙන්ට් එකක් දැම්මා, ඔය තියෙන්නේ පහල.


ඉතින් එදා උන පොරොන්දුව අද ඉටුකරන්න හිතා ගත්තා. ඒ කොමේන්ට් එකට දාපු රිප්ලයි එකම තමයි මේ පොස්ට් එකට සුදුසු කියලා හිතෙන නිසා සුළු වෙනස්කම් සහිතව මේ පොස්ට් එකෙත් පලකලා. ඔන්න එහෙමනම්  ෆොටෝ ටික ඔක්කොම බලන්න.

මගේ කාර්යාලය අසල තිබුන කුඩා ගසක කොන්ඩ කුරුල්ලන් දෙදෙනෙක් නිතර ගැවසෙනවා දෑකලා බළනකොට මේගොල්ල කුඩුවක් හදනවා. නමුත් මේ අවස්ථාවේදී මම කිසිම ෆොටෝ එකක් ගන්න ගියේ නැහැ , එහෙම කළා නම් උන් බයවෙලා එය  අත්හරින බව දැනගෙන හිටියා. මේ ගස පිහිටලා තිබුනේ කාර්යාලයේ එක කාමරයක ජනේලයක් අසලමයි. අපේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි නන්දසිරිට (නන්දසිරි ගැන මෙතනින් බලන්න) උපදෙස් දුන්නා මොනම හේතුවකටවත් ඒ ජනේලය අරින්න එපා කියලා. ජනේලයට තිරයක් දාලා තිබුන නිසා උන්ට ජනේලහෙන් මෙපිට පෙනෙන්නේ නැහැ වගේම මෙම කාමරය කිසි කෙනෙක් පාවිච්චි කලේ නැති නිසා උන්ට කිසි කරදරයක් උනේ නැහැ. ඔය ජනේලයට උඩින් පොඩි කවුළු කීපයක් තිබුනා, ඉතින් මම ජනේලය ළඟ මේසයක් තියල ඒ මේසය උඩ තව කුඩා මේසයක් තියලා එකේ උඩ try prod එක සහ මගේ කැමරා අම්පන්න ටික අටවා ගත්තා.

ඔය කවුළුවක් අස්සෙන් ෆොටෝ ගහන්න උන හින්දා මගේ කැමරා කෝණය ඉතාම සිමා සහිත උනා. ඒ වගේම ඔය පින්තුර ඉස්සරහින්ම පෙනෙන්න තියන කොලය මට ලොකු බාදාවක් උනත්, එය කඩා ඉවත් කිරීමට මට කිසිම ලෙසකින් ආචාර ධර්ම වලට අනුව ඉඩක් නැහැ. කෙසේ උනත් ඔය සීමාවන්ට යටත්ව බිත්තරයේ සිට පැටවුන් ඉගිල යන තෙක්ම දිනපතා ඡායාරුප ගැනීමේ හැකියාව ලැබුනා. බොහෝවිට ආලෝක තත්වයන් පැවතුනේ ඉතාම නරක ලෙස නමුත් Flash light එකක් බාවිතා කලේ නැහැ. මුලින්ම Flash එකක් බාවිතා කලේ ඔය පැටවුන් ඇස් ඇරපු මුල්ම දවසෙයි.  ඒ වෙනකොට මොනම හේතුවකටවත් ලොකු උන් පැටවුන් අතහැර නොයන බව මම දැනගෙන හිටියා.

කුරුල්ලන්ගේ ඡායාරුප ගන්නා ශිල්පියෙකුට, ඔවුන්ගේ  හැසිරීම් ගැන මනා අවබෝධයක් තිබීම ඉතාම වැදගත්, එසේ නොමැතිව බිත්තර රැකීම හෝ පැටවුන්ගේ ඡායාරුප ගැනීම නොකළ යුත්තක්. ඉතාම වැදගත් වන්නේ කෙසේ හෝ ඡායාරුපය ගැනීම නොව, ඔවුන්ගේ ජිවන රටාවට කිසිසේත් හානියක් නොකර ඔවුන්ට නොදැනී ඡායාරුපය ගැනීම බව ඉතාම හොඳින් මතකයේ තබාගත යුත්තක්.

ඔන්න එහෙනම් ෆොටෝ ටික බලන්න. දින දාලා තියෙනවා කාල පරාසය ගැන අවබෝධයක් ලබාගන්න.


කුරුල්ලයි කිරිල්ලයි අපරුවෙන් හදාගත්ත කැදැල්ල 

 මේ බිත්තර දින කීපයක් රැකලා තියෙන්නේ   - දිනය: ජුනි මාසේ 13 දා


 සා පිපාසා  නොතකා - දිනය: ජුනි මාසේ 13 දා

පළමු පැටියා බිහිවී    - දිනය: ජුනි මාසේ 15 දා

පැටවුන් දෙදෙනම් බිහිවී අවසන්     - දිනය: ජුනි මාසේ 15 දා

පළමු ආහාර වේල   - දිනය: ජුනි මාසේ 15 දා

පෙරදාට වඩා වැඩුණු පැටවුන් - දිනය: ජුනි මාසේ 16 දා

පිහාටු මතුවන ලකුණු  - දිනය: ජුනි මාසේ 16 දා

පිහාටු මතුවඇත, හිස මදක් ඍජුව තබහත හැක. - දිනය: ජුනි මාසේ 18 දා


වේගවත් වර්ධනයට අවැසි පෝෂණය . - දිනය: ජුනි මාසේ 18 දා



තවමත් ඇස් පෑදී නැත. වේගවත් ආහාර ගැනීම  - දිනය: ජුනි මාසේ 18 දා

පිහාටු මෙන්ම ශරීර ප්‍රමාණය බොහෝ වර්ධනය වී ඇත   - දිනය: ජුනි මාසේ 19 දා

මෙලොව එලිය දුටු දා   - දිනය: ජුනි මාසේ 19 දා

වර්ධනයට අවැසි පෝෂණයසහ විවේකය  - දිනය: ජුනි මාසේ 20 දා


බොහෝ  පිහාටු වර්ධනයවී,  විවේකයයෙන්  - දිනය: ජුනි මාසේ 21 දා

 බඩගිනි කාරයෝ   - දිනය: ජුනි මාසේ 21 දා

මේ තමයි අවසන් රුප රාමුව. ඉන්පසු දින තුනක් මාහට ඔෆිස් යන්න බැරි වුනා. තුන්වන දිනයේ ඔෆිස් ගියගමන් කලේ කුරුලුකුඩුව බලපු එක. මට මගේ ඇස්  අදහා ගන්න බැරි උනා, කුරුළු පැටවූ දෙන්නා කුඩුවෙන් එලියට ඇවිත් අත්තක වහලා ඉන්නවා. මම ඉක්මනට කැමරාව අරගෙන ආවා, කැමරාව එලියට  අරගන්න ටිකට මේ දෙන්නා අම්මත් එක්ක ඒ අසල තිබුන විශාල ගසකට පියඹා ගියා. අවසන් ෆොටෝ එක ගන්න බැරි උනත්, ඒ දෙන්නා පියඹා ගිය ආකාරය දැක්කම මට හරිම සතුටක් ඇති වුනා.

මේ පහල තියෙන වීඩියෝ එක බලන්න.



පසු සටහන:
මේ ෆොටෝ ටික ගත්තේ ඉතාම අමාරුවෙන්. ඒ ජනේලයට ඉහලින් තිබුන කවුළුවේ වීදුරුවක් සවිකරලා තිබුන නිසා ෆොටෝ එතරම් පැහැදිලි නැහැ. මේ ඡායාරුප සමුහයේම හොඳ තත්වයේ ෆොටෝ තියෙන්නේ දෙකයි නමුත් මේ ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම ඡායාරුප ගත කිරීමට ලැබීම විශාල සතුටක්.

62 comments:

  1. අගය කියා නිම කළ නොහැකියි අයිලාෂ්. ආයි වචන දෙකක් නැ මේක නම් සුපිරිම වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඔබේ අගය කිරීම බොහොම වටිනවා නලින්.

      Delete
  2. අගය කරන්න වචන නෑ, පුදුම හැගීමක් දැනුනා,
    අළුත් අත්දැකීමක්. බොහොම ස්තූතියි බෙදාගත්තට..

    ReplyDelete
    Replies
    1. මේ ඔබේ පළමු කොමෙන්ටුව නේද? බොහොම ස්තුතියි. දිගටම මේ පැත්තේ එන්න.

      තවත් ලස්සන කුරුළු කුඩු දෙකක් තියෙනවා...

      Delete
  3. ගවේශනාත්මක ජායරූප ශිපියෙක් කියන්නත් පුළුවන්, බොහොම සංයමයකින් කරපු අපුරුවැඩක්.අද පරිසරයට වෙලාතියෙන දෙතෙක්ක අපිට මෙහෙමවත් දකින්න ලැබෙන්න සලස්වන එකත් පිනක්.

    ජායාරුපකරණය ගැන තව ප්‍රශ්නයක් තියෙනවා, ඊළඟ ඒ සම්බන්ධ පොස්ට් එකේදී අහන්නම්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අමිල ඔබට හිතාගන්න පුලුවන්ද මේ ඡායාරුප ගත්ත තැන, කොළඹ පොචි බොරැල්ලේ කියලා හිතන්නවත් පුලුවන්ද?

      ඔබගේ ප්‍රශ්නය ඊමේල් එකකින් හරි කමක් නැහැ යොමු කරන්න.

      Delete
  4. මේ පොටෝ ටික.... මොනවටද අප්පා වචන නාස්ති කරන්නේ.. 'නියමයි අය්යණ්ඩියා'

    ReplyDelete
    Replies
    1. තැන්කු ශම්මි, කැමරාවක් ගත්තද?

      Delete
    2. තවම නැහැ,, මේ සතිය ඇතුලත අරන් දෙන්නම් කීවා.. :D ^_^

      Delete
    3. නියමයි නේ මොකක්ද ගන්න හිතාගෙන ඉන්නේ?

      Delete
    4. පුරුදු වෙන්නත් එක්කම එකක් ඕනි,, හොදට Zooming තියන, quality එකත් හොද එකක් ඕනි,, රිසර්චින් වැඩ වලටත් ගන්න පුළුවන් විදියේ..

      දැනට හිතන් ඉන්නේ

      Canon PowerShot A3300

      Canon PowerShot A2300 මෙන්න මේ දෙකෙන් එකක් ගන්න කියලා,, 35කට අඩුවෙන් තියන හොදම එකක් ඕනි මට, :( කියන්න බැරිද මොකක්ද හොදම කියලා.. ??

      Delete
    5. ඔයා ඔය ගන්න යන්නේ point & Shoot එකක්නේ?

      මේ පහල තියෙන link එක බලන්න.
      Fuji s2980

      මේක Agent ගෙන්ම ඔයා කියන ගානට ගන්න පුළුවන්.

      Delete
    6. මොනවා එකක්ද මන්දා අනේ.. :D හලේ මේක මම බැලුවා,, ඒක නම් නියමයි වගේ.. වැඩ කෑලි වැඩි වගේදත් මන්දා,, මට හැබැයි අර සෙටින්ග් හද හද පොටෝ ගන්න ඒවට නම් ආස නෑ.. :D

      Delete
    7. නෑ එකේ auto modes ගොඩක් තියෙනවා. මගේ පොඩි පුතා ළඟ තියෙන්නේ එකක්.

      Delete
  5. පංකාදුයි අයියා. සෑහෙන වෙහෙසක් අරන් තියනවා නේ මේ ටික ගන්න. වෙහෙසට පාඩු නෑ.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතෙනවා මල්ලියා, කාපු පරිපරිප්පුවට පාඩු නැහැ.

      Delete
  6. හප්පේ මෙයා tripod අරගෙන ඔෆීසියට ගිහින්. එහෙම කොහෙන්ද අප්පා අපිට. කොහොම උනත් අමාරුවෙන් ගත්ත පින්තූරවල වටිනාකම නම් ඉහලයි..

    ReplyDelete
    Replies
    1. tripod? මොන tripod ද, කැමරා දෙකයි, ට්‍රිපොඩ් දෙකයි, ෆ්ලෑෂ්ගන්ස් 2යි තව ලිඝ්ට් ස්ටන්ඩ්ස්... හි.. හි..

      ඔය ඔක්කොම කාර් එකේ පටවාගෙන තමයි ඒ දවස්වල ඔෆිස් ගියේ. තාමත් සමහර දවස් වලට එහෙම තමයි.

      Delete
  7. මේ ඔක්කෝගෙන්ම ඉස්මතු වෙන්නේ මේ ක්ෂේත්‍රයේ අයියාට තියෙන ඉවසීම (Y)

    ReplyDelete
    Replies
    1. වනජීවී ඡායාරුප කරණයේදී ලොකු ඉවසීමක් වගේම කැපවීමක් තියෙන්න ඕන.

      Delete
  8. අම්ම ගායි බැට් එකෙන්. සුපිරියි අයිලාශ්. සමහර පින්තූර ඕවර් එක්ස්පෝස් වෙලා වගේ නේ? (මමත් දැන් ටිකක් දන්නව හරී:P)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උකුස්සෝ,

      ෆොටෝ ඕවර් එක්ස්පොස් වෙලා නෙවේ, බොහෝ ෆොටෝ අන්ඩර් එක්ස්පොස් වෙලා, හරිම දුර්වල ආලෝක තත්වයෙන් මත තමයි ඔය ෆොටෝ ගත්තේ. අනික ඔය ෆොටෝ ගත්ත කවුළුවේ තිබුන වීදුරුවේ දුවිලි තිබුනා, සුද්ද කරන්න විදිහක් නැහැ නේ, ඉතින් ඔය වගේ කාරනා නිසා තමයි ෆොටෝ ගොඩක් දුර්වල තත්වයක තිබුනේ.

      පසුව ෆොටෝෂොප් වලින් ගොඩක් හැදුවා, ඒ නිසා තමයි ඕවර් එක්ස්පොස් වෙලා වගේ පෙනෙන්නේ.

      Delete
    2. අයිලාශ් මේකත් පොටෝශොප් වැඩක්ද?
      http://www.exgossip.com/2013/04/4.html

      Delete
    3. නැහැ මේක ෆොටෝෂොප් වලින් කරන වැඩක් නෙවේ. පහත ලින්ක් එක බලන්න

      GigaPan

      Delete
  9. මාරයිනේ... මට මතක් උනේ ටී වී එකේ ගියපු ඇඩ් එකක්.. අර ළමයෙක් චිත්‍ර අඳිනවා දළඹුවෙක් සමනළයෙක් වෙනකම් ජීවන චක්‍රය.. මේකත් අන්න ඒ වගේ... පට්ටයි..
    හප්පේ මුංගෙ කටේ හැටි

    ReplyDelete
    Replies
    1. කන්න රුසියෝ, බිත්තරෙන් එලියට ආපු වෙලේ ඉඳන්ම කට අරගෙන..

      Delete
  10. අපේ ගෙදරත් ඔය සමානම සිද්දියක් වුනා.
    http://sinhalaya-lokayata.blogspot.com/2013/03/police-case.html

    පස්සේ ආයෙත් වෙනත් කොන්ඩ කුරුල්ලෝ දෙන්නෙක් වෙන තැනක කූඩු හදලා බිත්තර තුනක් දාලා තිබ්බා.පැටව් ආපු දවසෙම උන් දෙන්නා පැටවුන්වත් ගිහින්.හිතාගන්න බැහැ ඒ මොකද කියලා.

    ReplyDelete
    Replies
    1. //පැටව් ආපු දවසෙම උන් දෙන්නා පැටවුන්වත් ගිහින්.හිතාගන්න බැහැ ඒ මොකද කියලා. //
      ඔය ෆොටෝ ටික බලන්න පැටවූ එලියට එන කොට උන් නිකන් මස්ගුලි වගේ. මේ කුරුල්ලන්ට පැටවූ අරන් යන්න බැහැ. අනිවා මොකෙක් හරි සතෙක් ඒ පටවුන්ව කන්න ඇති. ඒ දේ බොහොම සුලබ සිදුවීමක්. නිරුපද්‍රිතව මුන් ලොකුවෙලා පියඹා යාම තමයි දුලබ.

      Delete
    2. ඉතින් ඊට පස්සේ කුරුල්ලෝ දෙන්නා ආවෙත් නැහැනේ?.පැටව්න්ව සතෙක් කෑවා නම් ලොකු උන් දෙන්නා ඊට පස්සේ එතන දවසක්වත් උන්ව හොයනවා නේද?.

      Delete
    3. නැහැ නිශාන්, එහෙම අනතුරක් උනොත් බොහෝ විට උන් අපහු ඒ පැත්තෙවත් එන්නේ නැහැ, විශේෂයෙන් සර්පයෙක් එහෙම ඇවිත් පැටවුන් ගිල්ලොත් සෑහෙන කාලයක් යනකල් අපහු ඒ පැත්තෙවත් එන්නේ නැහැ.

      Delete
  11. අන්න නැෂනල් ජියෝග්‍රැ‍ෆික් ටයිප් ඡායාරූප ශිල්පයක්. නියමයි අයිලාෂ්. මට මතක් වුනේ ඔය නැට්ජියෝ චැනල් එකේම එක පාරක පෙන්නුවා ඒ ඡායාරූප ශිල්පියෝ විඳින දුක. මේ මාස ගනං අවුරුදු ගනං කැලේ ගස් උඩ හෙම ජීවත් වෙන උන් ඉන්නවා, මැලේරියා හෙමත් හදාගෙන මේ පින්තූරයක් දෙකක් ගන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං, උඹේ කතාව ලොකු හයියක්.

      එහෙම කට්ට කාගෙන උනත් දුර්ලභ ෆොටෝ එකක් ගත්තම, මාර චුන් එකක් එනවා බන්.

      Delete
  12. සුපරි චායරුප පෙළක්!!! මමත් එක සැරයක් කටුස්සෙක් බිත්තර දානවා ෆොටෝ ගන්න මේ වගේ කට්ටක් කෑවා!

    ReplyDelete
    Replies
    1. කෝ ඒ ෆොටෝ, දාන්නකෝ අපිටත් බලන්න.

      Delete
  13. ඇත්තටම ලොකු කතාවක් ලස්සනට ඡායාරූපවලින් කියලා. හරිම සංවේදී, සන්සුන් හිතක් තියන කෙනෙකුට ඇර මෙහෙම දෙයක් කරන්ට වෙනත් කෙනෙකුට බෑ. ඒවගේම දක්ෂයෙක් වෙන්ටත් ඕනි.:)

    ඒ ඡායාරූප දිහා පැය ගානක් උනත් බලා හිටිය හැකි.

    ReplyDelete
    Replies
    1. මේ ඡායාරුප රස විඳින්නත් සංවේදී කෙනෙක් වෙන්න ඕන.

      Delete
  14. කියන්න වදන් නෑ. සුපිරිම ෆොටෝ ටිකක්.
    ඒ වගෙම ඒ සත්තුන්ට කරදරයක් නොවෙන්න ෆොටෝ ගහන වැඩේ කරන එක තමයි ඉතාම වැදගත් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔය හරි ප්‍රසන්න, සත්තුන්ට ආදරේ කරන කෙනෙක් තමයි වනජවි ඡායාරුප ශිල්පියෙක් වෙන්න ඕන.

      Delete
  15. Replies
    1. කොහොම උනත් සත්තුන්ට කරදරයක් නොවෙන්න වැඩේ කරලා තියෙන එක ගැන සන්තෝසයි. පට්ට කලාත්මක මෙව්වා එකක් පේනවනේ මට...... :)

      ඉඳහන් අයියේ මම ලංකාවට එනකල් දෙන්න කොරවෙන ෆොටෝ ටිකක්

      Delete
    2. ස්තුතියි මලේ, ලැප ගොඩ දාගත්තා කියලා තිබුණ එක දැක්කා. ඕවා ඔච්චරම ගන්නද ඔහේ? මමනම් හිතාගෙන හිටියේ ඩුබායි වල ලාබයි කියලා.

      //ඉඳහන් අයියේ මම ලංකාවට එනකල් දෙන්න කොරවෙන ෆොටෝ ටිකක්//

      අන්න නියම කතාව. අපි බලාගෙන ඉන්නවා එහෙනම්.

      Delete
  16. ස්වභාව ධර්මයට සත්තුන්ට ආදරය කරන අය හරිම සංවේදී අය කියල මම අහල තියෙනවා. කොහොම උනත් ඉවසීමෙන් මේ කුරුලු පැටවුන් ගැන විස්තර හොයා ගත්ත එක ලොකු දෙයක්. කුරුලු අම්ම කෑම කවනපුංචි කුරුලු පැටවුන් දැක්කම හරි දුකක් දැනෙනවා, ඒ පුංචි පැටව් ලොකු කරගන්න දර වෙහෙස ගැන.

    ReplyDelete
    Replies
    1. ඔයාව සාදරයෙන් පිලිගන්නවා සොන්යා.

      ඇත්තටම ඒ කුරුළු අම්මයි තාත්තයි පුදුම මහන්සියක් උනේ පැටවූ දෙන්නා ලොකු කරගන්න.

      Delete
  17. පොඩ්ඩක්වත් මහන්සිය අපතේ ගිහින් නෑ. ඉතාම අපූරු ඡායාරූප පෙළක්!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි චම්ස්.

      Delete
  18. mama oyage post walata enne hari amaruwen para
    hoyan ayye..mama enne hiruge sindiyen..
    Reader eken wath mage blog rolen wath newe..
    ithin mata sahamahara post maga arila...

    me pinthoora tika nam watinawa hodatama
    watinawa...niyama watinakamak thiyenawa
    parisara wediyekta..anika mehema 4to tikak
    ganna kochchara nam duk widinna oneda..

    me okkotama sthoothiyi ayye..

    ReplyDelete
    Replies
    1. ඔයා මේ පැත්තේ ඇවිත් කොමෙන්ට් එකක් දාපුවහම හරි සතුටක් දැනෙනවා.

      ඉතින් බ්ලොග් රෝල්ට් add කරගන්නකො එතකොට ලේසි නේ.

      Delete
    2. මගේ රෝලේ ඉන්නවා ඔයා අයියේ..වැඩේ තියෙන්නේ මම
      මගේ රෝල පාවිච්චියක් නැහැ ..මම ගොඩක් වෙලාවට අලුත්
      පෝස්ට් වලට යන්නේ සින්ඩි වලින්...


      මට කියන්න බ්ලොග් රෝල් වල live අප්ඩේට් වෙනවද ?
      ඒ කියන්නේ මම දැන් මගේ බ්ලොගේ පෝස්ට් එකක් දාපු
      හැටියේ මේ බ්ලොගේ රෝලේ ඒක ඔටෝ අප්ඩේට් වෙනවද
      page එක refresh නොකරත් ?

      ඒ මොකෝ මගේ කමෙන්ට් එකක් දැක්කම සතුටක් එනවා කිව්වේ
      අය්යේ :)

      එහෙම අහන්න ලැබීමත් සතුටට කරුණක් මට..


      Delete
    3. එහෙම තමයි මල්ලි, සහෝදරත්වය බොක්කටම වැදුනම එහෙම හිතෙනවා.

      මට ඔයාට මේල් එකක් දාන්නම්, දැනගන්න දෙයක් තියෙනවා.

      Delete
  19. අදයි මෙහෙ ආවේ...! කියන්ඩ වදන් නෑ... ආයේ ඉතින් ෆොටෝස් ටික ගින්දර!

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටින් ඔයාව පිලිගන්නවා. කලින් පින්තුර ටිකත් බලන්න.

      Delete
  20. නියමයි අයියේ..පින්තුර ටික ලස්සන කතාවක් කියනවා. අර කොලේ ගැන තරහකුත් එනවා..

    මමත් අපේ ඔෆිස් එක ගාව බිල්ඩින් එකක් හදන එක පියවරෙන් පියවර ෆෝන් එකේ කැමරාවෙන් ගත්තා. දැන් ඔක්කොම හොයාගෙන මේවගේ එකක් හදන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි. ඒ ෆොටෝ ටිකත් දාමුකෝ බලන්න.

      Delete
  21. සුපිරි....
    මැක්සා....
    උපරිමයි....
    ඇඩෙනවා....
    මාරයි....
    සුපර්බ්....
    පිස්සු කොර....
    මාවලස්....
    ලොවෙත්....
    එක්සලන්ට්....
    සෝ රොමෑන්ටික්....
    වන්ඩෆුල්....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි රජා ඒ පාර දීලා තියෙන්නේ, රජ ටෝක් ටිකක්.

      Delete
  22. නියම කතන්දරයක් ඡායාරූප වලට නගලා..වෙච්ච මහන්සියට හොඳටම වටිනවා අයිලාස්...

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල ඔෆිස් එකේ වැඩක් කලෙත් නැහැ වෙනියෝ, මේකටම ඔලුව් දාගෙන හිටියා මිසක්.

      Delete
  23. ඡායාරූප ටිකටත් වඩා ඒක ගන්න වෙච්ච මහන්සියත්, වඩා හොඳ ඡායාරූපයක් ගැනීමේ අරමුණෙන් කුරුළු කූඩුවට හෝ අවට පරිසරයට කිසිම වෙනසක් සිදුනොකිරීමත් දැඩිලෙස අගය කරමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට තිසර, ඇත්තටම කිසිම කෙනෙකුට සදාචාරාත්මක අවසරයක් නැහැ, ෆොටෝ එකක් වෙනුවෙන් පරිසරයට කිසිම හානියක් කිරීමට. අවං වශයෙන් ගසක කොලයක් කැඩීමට වත්.

      යම් කෙනෙක් එහෙම කරනවානම් ඒ තැනැත්තා ඡායාරුප ශිල්පියෙක් කියා කීමට නොහැකියි.

      Delete
  24. ඔයා නම් හරිම සන්වේදී කැමරා ශිල්පියෙක්. අපි නම් කරන්නෙ කොලේ කඩල දාල පොටෝ ගන්න එකනෙ.හරිම වාසනවක් ඔහොම පොටෝ ටිකක් ගන්න ලැබුන එක.කුරුල්ලන්ට උස තැනක ඉඳන් අරන් වගේ පේනවා,
    වෙලාවක් තියෙනව නම් මගෙ සින්හල බ්ලොග් එකට ගොඩ වැදෙන්න ආරදනා කරනවා.

    http://gimannivanie.blogspot.com

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වුවාට.

      ෆොටෝ එකක් ගන්නකොට කවදාවත් පරිසරයට සුළු හෝ හානියක් කරන්න එපා.මේ දැන්ම මම ඔයගේ අලුත් බ්ලොග් එකට ගොඩ වෙනවා.

      Delete
    2. කෝ බ්ලොග් එක වැඩ නැහැනේ?

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...