Saturday, February 23, 2013

මොකක්ද හොඳ ?


කලින් පොස්ට් එකේ විස්තර කරලා තිබුනේ වෙළඳ පොලේ තියෙන ප්‍රධාන කැමරා වර්ග 4 ගැන නේ. නමුත් මේ පොස්ට් එකෙන් පස්ස Bridge කැමරා තියෙන අය DSLR  එකක්ම ගන්න නොහැකි වීම ගැන  ටිකක් කනස්සල්ලට පත් වෙලා කියලා තේරුනා. ඒ නිසා තමයි මේ පොස්ට් එක ලියන්න හිතුවේ.

මම ෆෝටෝග්‍රපි ගැන ලියපු මුල්ම පොස්ට් එක වන මං තුමාගේ ෆොටෝ සිහිනය පොස්ට් එ ක නැවත වතාවක් කියවන්න. එහි අවසානය මෙසේ නැවත සටහන් තබමි.


ඉතාම මිල  අධික පින්සල්, පාට, කැන්වස් ආදිය  අතට ගත්තත් චිත්‍රයක් ඇඳීමට දන්නේ නැති කෙනෙකුට කලාත්මක චිත්‍රයක් ඇඳීමට හැකියාවක් නැතුවා මෙන්ම, දක්ෂ චිත්‍ර ශිල්පියෙකුට ඉතාම බාල වර්ගයේ උපකරණ භාවිතයෙන් ඉතාමත්ම ඉහල නිර්මාණයක් කල නොහැකි උවද අනිකාට වඩා ගුණාත්ම නිර්මාණයක් ඉදිරිපත් කල හැක.

ඡායාරුප කරණයේ දීද මෙම කරුණ මෙලෙසින්ම බලපාන බව මගේ විශ්වාසයයි. 


ඕනෑම කාරණයක් සම්බන්දයෙන් මේ දෙය මේ ආකාරයෙන්ම බලපානවා, සංගීත භාණ්ඩයක්, වාහනයක්, කොම්පුටරයක්....  ඔය හැම දෙයක් සම්බන්දයෙන්ම එහෙමයි. අප අත  ඇති උපකරණය, අපගේ නිපුනතාවය සහ අප සිදුකරන කාර්යය කියන දේවල් වල සුසංයෝගය අවසාන පුතිපලය කෙරෙහි බලපානවා. 

මෙන්න මේ දේ පොඩ්ඩක් හිතන්න,මම දන්නා සමහර එකෙක්  ඉන්නවා ෆෝන් එකෙන් කරන්නේ හලෝ කියන එක විතරයි, මම පොඩ්ඩක් ඉල්ලගෙන බැලුවා ෆෝන් නම්බර් ටිකක්වත් මේකේ ස්ටෝර් කරලා නැහැ. නමුත් පාවිච්චි කරන්නේ Samsung Galaxy S3 . ඔය යකාට  Nokia 1100 එකක් හොඳටම ඇති. 

ඒ නිසා අද මේ පොස්ට් එකෙන් මම පෙන්නන්න යන්නේ Bridje  කැමරාවකින් සැහෙන්න හොඳ  ඡායාරුපයක් හදාගන්න පුළුවන් කියන එක . නමුත් එකේ හැකියාවන් සිමාසහිතයි. විශේෂයෙන් ෆොටෝ විශාල කිරීමේදී  (සෙන්සර් එක කුඩා බැවින්)  සහ ලෙන්ස් මාරු කිරීමේ හැකියාව නැති කම. ඒ නිසා bridje තියෙන අය ඒ ගැන කලකිරෙන්නේ නැතිව හොඳ ඡායාරුප ගැනීම සඳහා මේ තම කැමරාව භාවිතා කරන්න.

මේ පොස්ට් එකේ දාන ෆොටෝ ගැනීමට භාවිතා කලේ  Fuji S2950, Fuji  HS20  යන bridje  කැමරා සහ Nikon D 5100 කැමරාව මේ තියෙන්නේ ඒ කැමරා,
FUJI  S2950
Fuji  HS20

Nikon  D 5100
අපි මෙම කැමරා වල මෙගා පික්සල් ගණන බැලුවොත් පළමු කැමරාව මෙගා පික්සල් 14ක්  වන අතර අනිතුත් කැමරා  දෙකම මෙගා පික්සල් 16 බැගින් වේ. sensor formats සැලකීමේදී bridge කැමරා දෙකේ 1/2" හෙවත් 6.4  4.8 mm  වන අතර DSLR  කැමරාවේ senor  format  එක APS-C  හෙවත් 23.6 X 15.6 mm වේ. 

දැන් අමුලින්ම අපි බලමු මේ S 2950 කැමරාවෙන් ගත්ත ෆොටෝ කීපයක්. ෆොටෝ වල අයිතිය තියෙන්නේ මගේ පොඩි කොලුවට.  ඌ  ඒවාට උගේ හංවඩුව ගහලම දුන්නා. හික්... හික්...





වරදක් නැහැ නේද? ඔය ෆොටෝ 10" x 15" ප්‍රමාණයට enlarge කරලා ප්‍රින්ට් එකක්  ගන්න පුළුවන් කිසිම් ප්‍රශ්නයක් නැතිව. ඔය කැමරාව රු 25000/- කට තමයි මිල දී ගත්තේ.

දැන් බලමු මං  තුමා කලින් පාවිච්චි කරපු Fuji  HS20 කැමරාවෙන් ගත්ත ෆොටෝ ටිකක්. මම ගත්ත  ඒවගේ හංවඩුව ගහලා තියෙනවා "සවී" කියලා.





මොකද හිතෙන්නේ?  Bridge  කැමරා එක ගත්තේ අපරාදේ කියලා හිතෙනවද?  එහෙම නැත්නම් Bridge  එකකිනුත් හොඳ ෆොටෝ එකක් ගන්න පුළුවන් කියලා හිතෙනවද?

බලන්න පලවෙනි ෆොටෝ එක ලුණු ගෙඩියේ වර්ණ සහ details ඉතාම හොඳින් තියෙනවා. දෙවෙනි එකේ බලන්න සුදු පාට මල් පෙති වල  සුදු පැහැයෙන්ම තියෙන details. අන්තිම එකේ බලන්න depth of field  එක අඩුකරලා තියෙන හැටි. (depth of field  එක ගැන පසුව කතා කරමු) මේ ෆොටෝ එහෙමත්  10" x 15" ප්‍රමාණයට enlarge කරලා ප්‍රින්ට් කරන්න පුළුවන් කිරීම දෝෂයක් නොපෙනෙන්න.

ඔය කැමරාව රැ. 58000/- උනා. දැන් මොකද හිතෙන්නේ මේ කැමරා දෙකෙන් ගත්ත ෆොටෝ සංසන්දනය කරලා බලනකොට 14 මෙගාපික්සල්  කැමරා එකෙන් ගත්ත ඒවාට වඩා 16 මෙගාපික්සල්  කැමරා එකෙන් ගත්ත ඒවා හොඳයි කියලා හිතෙනවද? නැහැ නේද? ඔන්න ඕක තමයි මෙගා පික්සල් කතන්දරේ. කැමරා දෙකෙන්ම ගත්ත ෆොටෝ එක හා සමාන quality  එකකින් යුක්තයි.

 නමුත් මේ HS 20 කැමරා එකේ manual controls ගොඩක් තියෙනවා, ඒ වගේම ලෙන්ස් එකේ aperture එක ලොකුයි. මේ හේතු නිසා මිල වැඩි වීම සාධාරණයි. 

හොඳයි දැන් අපි බලමු DSLR එකෙන් ගත්ත ෆොටෝ දෙකක් 



දැන් මොකද හිතෙන්නේ? Bridge කැමරා දෙකන් ම  ගත්  ෆොටෝ  ඉතාම  හොඳයි. නමුත් මේ DSLR  එකෙන් ගත්  ෆොටෝ වල ඊට වඩා  ගුණාත්මක බවින්  ඉහල බව පෙනෙනවා නේද? ඔය ෆොටෝවල තියෙන වර්ණ, සහ details ඉතාම් ඉහල මට්ටමක පවතිනවා.

මම කලින් කියූ විදිහට bridge  එකෙන් ගත්  ෆොටෝවක් 10" x 15" වගේ ප්‍රමාණයකින් මුද්‍රණය කර ඡායාරුප ප්‍රදර්ශනයකට පවා තැබිය හැකි මට්ටමින් පවතී.  නමුත් එම ෆොටෝවක් එම ප්‍රමාණයට වඩා විශාල කිරීමේදී ගැටළු මතුවන ආකාරය සහ DSLR  එකකදී මතු නොවන ආකාරයත් පහත කොටසක් පමණක් විශාල කරන ලද ඡායාරුප නිරීක්ෂණය  කිරීමෙන් තේරුම් ගන්න.

 Bridge  

 



DSLR 





මෙම වෙනසට හේතුව වන්නේ DSLR වල ඇති සෙන්සර් එකේ ප්‍රමාණය සහ ලෙන්ස් වල ඇති ගුණාත්මක භාවයයි. මෙම කැමරාවේ sensor format එක APS-C බව දන්නවනේ, මේක full frame sensor එකක් තියෙන කැමරාවකින් ගත්තොත් මීටත් වඩා විශාල කල හැකියි. 

සාරාංශය 
මේ පොස්ට් එකෙන් මට පෙන්වීමට අවශ්‍ය උනේ, ඡායාරුප ප්‍රදර්ශනයකට ඉදිරිපත්  කිරීමට තරම් ප්‍රමාණවත් ගුණාත්මක බාවයකින් යුත් ඡායාරුප ගැනීමට bridge කැමරාවක් භාවිතා කිරීමට හැකි බව සහ එහි ඇති සීමාවන් පෙන්වීමටයි 

එමෙන්ම ඡායාරුපයක්  ගැනීමේදී වඩා වැදගත් වන්නේ උපකරණ නොව එය හසුරවන ශිල්පියාගේ දක්ෂතාවය බවයි.

1. කැමරාවේ තත්වය ගුණාත්මක ෆොටෝ එකක් ගන්න ඉතාම වැදගත් වෙනවා.
2. ඉතාම හොඳ කැමරාවකින් ගන්න ෆොටෝ එකක image quality එක වැඩිවෙන එක ඇත්ත, නමුත් ඡායරුපමය වටිනාකමක් එයට ලැබෙන්නේ ගිල්පියගේ දක්ෂ්පවය අනුවයි.
3.ඉතාම පහල මට්ටමේ කැමරාවකින් දක්ෂ ශිල්පියෙකුට උවත් ඉතාම හොඳ ෆොටෝවක් නිර්මාණය කරන්න අපහසුයි 
4. කැමරාවක් මිලදී ගැනීමේදී තමන්ගේ මුදලට, කාර්යයට ගැලපෙන කැමරාව මිලදී ගැනීම වඩා සුදුසුය.

** මේ ගැන අනිවා හිතන්න. මේ අලුත්ම ඉහලම තාක්ෂණයෙන් යුත් කැමරා නිෂ්පාදනය කිරීමට පෙරත් ලෝකයේ ඉතාමත් ඉහල වටිනාකමකින් යුත් ඡායාරුප නිර්මාණය වූ බව.


අවසානයට පොඩි චැලේන්ජ් එකක්.
මෙහි පහත දක්වා ඇති ෆොටෝ දෙක අරගෙන තියෙන්නේ මොන වර්ගයේ කැමරාවකින්ද ?  





ඔබගේ උත්තරය කොමෙන්ට් බොක්ස් එකේ දාන්න. පිළිතුර දින 3 කින්  මෙහි පල කෙරේ 





47 comments:

  1. මම මේ බ්ලොග් එකට එන හැම පාරම හිතට තරහක් එනවා.. :D මේක පටන් ගන්න තිබ්බේ ගිය අවුරුද්දෙ ඔක්තෝම්බර් 19ට කලින්නේ,, ඒනම් මගේ උපන් දිනේට ගන්න හිටිය කැමරාව ගන්න පුළුවන් වෙනවා,, තව බණ්ඩාරවෙල ගිය රිසර්ච් එකේ පොටෝස් මීට වඩා කොලිටියට ගන්න පුළුවන් වෙනවා...අම්මපා හෙළා දකිනවා ..සැහ්... :(

    ReplyDelete
    Replies
    1. [co="red"]කෝ අහපු ප්‍රශ්නෙට උත්තරේ... ෆොටෝ දෙක ගත්ත කැමරාව මොකක්ද ? [/co]

      මොනවා කරන්නද මම බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ 2012 දෙසැම්බර් 19 නේ.

      නාඩියාට දුන්න පිළිතුරත් බලන්න.

      Delete
  2. 1. bridge
    2. DSRL
    තැංකූ මතං. උඹ මගේ නොසෑහෙන මුදලක් ඉතිරි කොරා. මම මේ point & Shoot කැමරාවක් ගම්දෝ නොගම්දෝ කියල හිත හිත හිටියෙ. ඒ සල්ලි වලින් ගන්නව ටැබ් එකක්. :)
    Samsung Galaxy Camera එක ගැන උඹේ අදහස මොකද්ද?

    ReplyDelete
    Replies
    1. ඔයා මගේ කලින් පොස්ට් එක වන
      කැමරාවක් ඕනෙද? මේ ගැනත් සිතන්න කියෙව්වේ නැහැ නේද? එක කියවන්න එකේ දාල තියෙන්නේ ෆොටෝ තුනක් ෆෝන් කැමරා එකෙන් ගත්ත කියලා, ඒවා ගත්තේ මගේ Galaxy S එකෙන්. ෆොටෝ එක උද click කරලා full size එක බලන්න. ඔයාටම තීරණයක් ගන්න පුළුවන්.

      මේ තියෙන්නේ එයින් ෆොටෝ එකක්
      [im]http://4.bp.blogspot.com/-hSs0CP49Tpg/USSIZTYtkEI/AAAAAAAABFY/H7Nt12jFf8o/s400/IMG_20121230_134727.jpg[/im]

      Delete
    2. ඔයානෙ වරද්දගෙන තියෙන්නෙ මෙයා. මම කිව්වෙ ෆෝන් එකක් ගැන නෙමෙයි. ගැලැක්සි කැමරා එක ගැන

      Delete
    3. ප්‍රශ්නේ අහපු විදිහට මට ටැපලුනා අනේ....

      Delete
  3. තාම පාවිච්චි කරන්නේ point & shoot එකක්...හැබැයි අයියා කියපු කතාව ඇත්ත!කලාත්මක ඇහැක් තමයි ඕනේ...

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මල්ලි හිතන්න ඕනේ
      1. කැමරාවේ තත්වය ගුණාත්මක ෆොටෝ එකක් ගන්න ඉතාම වැදගත් වෙනවා.
      2. ඉතාම හොඳ කැමරාවකින් ගන්න ෆොටෝ එකක image quality එක වැඩිවෙන එක ඇත්ත, නමුත් ඡායරුපමය වටිනාකමක් එයට ලැබෙන්නේ ගිල්පියගේ දක්ෂ්පවය අනුවයි.
      3.ඉතාම පහල මට්ටමේ කැමරාවකින් දක්ෂ ශිල්පියෙකුට උවත් ඉතාම හොඳ ෆොටෝවක් නිර්මාණය කරන්න අපහසුයි
      4. කැමරාවක් මිලදී ගැනීමේදී තමන්ගේ මුදලට, කාර්යයට ගැලපෙන කැමරාව මිලදී ගැනීම වඩා සුදුසුය.

      ** මේ ගැන අනිවා හිතන්න. මේ අලුත්ම ඉහලම තාක්ෂණයෙන් යුත් කැමරා නිෂ්පාදනය කිරීමට පෙරත් ලෝකයේ ඉතාමත් ඉහල වටිනාකමකින් යුත් ඡායාරුප නිර්මාණය වූ බව.

      (මේ ටික මම පොස්ට් එකේ අවසානයටත් දැම්මා.)

      [co="red"]කෝ අහපු ප්‍රශ්නෙට උත්තරේ... ඔය ෆොටෝ දෙක ගත්ත කැමරාව මොකක්ද [/co]

      Delete
    2. අනේ.....ටැන්කූ වේවා...

      Delete
  4. මම දැනුයි දන්නේ මගේ ළඟ තියෙන භාණ්ඩේ වටිනා කම. ඔය පින්තූර අරන් තියෙන්නේ බ්‍රිජ් කැමරාවෙන්. ඕක DSLR වෙන්න බැහැ කලර් කොලිටි එක එහෙම අනුව.

    ReplyDelete
    Replies
    1. අන්න එක තමයි කෝරලේ මහත්තයෝ කියන්නේ, අපි අපේ ළඟ තියෙන දේවල් වල වටිනාකම් නොදැන [co="red"]මාර්කටින් ජිල් මාල්[/co] (හදා ගත්තේ අර කොම්පුටර් ජිල් මාල් කියන එකෙන් හිකිස්.)වලට අහුවෙලා සල්ලි වියදම් කරනවා

      හ්ම්ම් ඔයා කියන්නේ බ්‍රිජ් කැමරාවෙන් කියලනේ ... බලමු බලමු...

      Delete


  5. Is it alright if I comment in English? My sinhala typing is very slow.(lame excuse !) 1. DSLR
    2. bridge

    Thank you for your invaluable details of the cameras. I have been browsing the Net and reading about cameras but can't decide what to buy yet. Your photos gave me a clear idea of the mechanism of bridge and DSLR. Can u post more in the same topic giving details of the cameras with examples please?

    ReplyDelete
    Replies
    1. 1. DSLR 2. Bridge..... බලමු කවුද හරි කියලා.

      පළමුව ඔබව සාදරයෙන් පිලිගන්නවා. මේ පොස්ට් කීපය තුලින් කැමරා පිලිබඳ සැහෙනඅවබෝධයක් ලබාගැනීම ගැන ඉතාම සතුටු වන වෙමි. මේ කැමරා වර්ග පිළිබඳව දිගින් දිගටම කතා කලොත් එය නීරස විය හැකියි, එමනිසා මින් පසු වෙනත් කරුණු කීපයක් ගැන සාකච්චා කොට, ඉන්පසුව නැවතත් මේ කරුණු පිළිබඳව කතා කරමු. එහෙම හොඳයි නේද?
      දිගටම අප සමග රැඳී සිටින්න.

      Delete
  6. වෘත්තීය ශිල්පියෙකු ලෙස ඡායාරූපකරණයේ යෙදෙන මගේ සහෝදරයාගේ අවධානයට යොමු කරන්නම්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා ඔබගේ අදහස් දැක්වීමට.

      වෘත්තිය ඡායාරුප ශිල්පින් හට මේ පිළිබඳව මනා අවබෝධයක් තියෙනවා සිරා.
      මචන් මමත් වෘත්තිය ඡායාරුප ශිල්පියෙක් ලෙස ඡායාරුප කරණයේ යෙදෙනවා, මගේ ඔෆිස් වැඩ වලට අමතරව.

      Delete
  7. DSLR නම් වෙන්න බෑ. මට නම් හිතෙන්නෙ Point and shoot කැමරාවකින් ගත්ත ෆොටෝ එකක් කියල.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... එහෙමද හිතෙන්නේ? බලමු..........

      Delete
  8. අන්තිම ෆොටෝ දෙක ගැන කිව්වොත් මට හිතෙන්නෙම පොයින්ට් ඇන්ඩ් ෂූට් එකකින් ගත්තුවා කියලයි. ගොඩක් වටිනා පෝස්ට් එකක්. සමහර බ්‍රිජ් කැමරා වලින් දෙන වර්ණ විභේධනය ඒ තරම්ම සාර්ථක නෑ නේද? මට මතකයි මගේ යාලුවෙක්ගෙන් ගත්ත ෆුජි බ්‍රිජ් කැමරාවේ එහෙම අවුලක් තිබ්බා.

    ReplyDelete
    Replies
    1. අඃ ආපහු බැලුවා. මං හිතන්නේ 1. DSLR 2. බ්‍රිජ් කැමරා එකක්.

      Delete
    2. ඔයා හිතන්නෙත් 1.DSLR 2.බ්‍රිජ් කියලා නේද? බලමු කවුද හරි කියලා

      ඔය මම දාලා තියෙන බ්‍රිජ් ෆොටෝ ටික අරන් තියෙන්නේ Fuji bridge වර්ග දෙකකින් එවගේනම් වර්ණ හොඳයි, ඔයා කියන කැමරාවේ දෝෂයක් තියෙන්න ඇති.

      Delete
  9. ඉස්සර SLR එකක් ගැන හීන මැව්වා. දැන් ඒකට D අකුරකුත් මුලට එක් වෙලා. මගේ තාත්තාත් රජයේ සේවයට බැ‍ඳෙන්න ඉස්සර වෘතීය ඡායාරුප ශිල්පියෙක්. කඩුවෙල ස්ටූඩියෝ එකකුත් තිබිලා තියෙනවා. කඩුවෙල සිනමා වල (රේඛා සහ විජයන්ති) ඇඩ් එකට පෙන්නපු ස්ලයිඩ් මේ ලඟක් වෙනකල් තිබ්බා පෙට්ටියක.

    අඩේ උඹ කමෙන්ට් බොක්ස් එකට යටින් චන්දනවයි මාවයි සඳහන් කරලා තියෙන්නෙ. ස්තුතියි මචං. නමුත් මට නම් ලැජ්ජයි වගේ ටිකක්.

    ReplyDelete
    Replies
    1. මම දැනගෙන හිටියේ නැහැනේ උඹේ තාත්තත් ඡායාරුප ශිල්පියෙක් බව. දැන් ඒ ස්ටුඩියෝ එක නැතිද?

      උඹ දන්නවද මචං මම උ/පෙ කරන කාලේ තත් යාලුවෙක් එක්ක ස්ටුඩියෝ එකකුත් කළා. හික් හික්....

      කමෙන්ට් බොක්ස් එකට යටින් නම දැම්මේ උඹ මට පාර පෙන්නපු මගේ ගුරුතුමා නිසා.

      Delete
    2. උඹ මොකක්ද හිතන්නේ අර ෆොටෝ දෙක ගැන, ඒ ෆොටෝ දෙක ගන්න ඇත්තේ මොන කැමරා එකකින්ද?

      Delete
    3. Point and shoot හෝ Phone camera

      Delete
    4. එකත් එහෙමද? බලමු.. හෙට උත්තරේ දෙනවා...

      Delete
  10. අවංකවම මට චිත්‍ර ශිල්පය , චායාරූප වගේ දේවල් ගැන නම්
    උනන්දුවක් එතරම් නැහැ..ඒ උනාට එහෙම දෙයක් රස විදින්න
    පුළුවන් ..ඉස්සර අපේ ඉස්සරහ ගෙදර අන්කල් චිත්‍ර අඳිනවා..මන්
    කරන්නේ බලන් ඉන්න එක ...ඒත් අදටත් මට ඉරක් වත් ගහගන්න
    බැහැ ..

    ඒත් අයිලෂ් අයියේ මේ ඔයාගේ පුතාගේ පින්තූර ටික දකිද්දී නම්
    පුදුම හැගීමක් ආවේ මට..ඉස්සර NHK එකෙන් ඔහොම චායාරූප
    ගැන විස්තර ඇතුව වැඩසටහන් කරනවා...මට ආයේම ඒවා මතක් උනා..

    අවන්කවම පුදුම ලස්සනයි...!



    අනික් ටික ඔයාගේ පින්තූර ටික නම් සෑහෙන්න කරුණු කියනවා..
    කතා කරන පින්තූර කියන්නේ අපි..අන්න එහෙමයි ඒවා...
    දක්ෂ කම , ආර්ථිකය , වටපිටාව ..

    සියල්ල එක් තැන් වෙලා...

    නියමයි..( අත්තෙම්ම අපිට වඩා පුද්ගලයෝ මේවා දකින්න ඕනේ..)
    නියමයි...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සහන් මල්ලි ඔයාගේ අදහස් වලට. මේ කොමෙන්ට් එක මම පොඩි එකාට පෙන්නුවා.

      හැකි සෑම විටම මේ පැත්තේ ගොඩවෙන්න.

      Delete
  11. අඩේ... මම බොගේ දැක්කේ අදනේ :)

    මටත් ලාවට වගේ තියෙනවා පොටෝ පිස්සුව... මම බොගේ දාන ඔක්කොම පොටෝ ගහන්නේ NIKON COOLPIX S2600 න්. අපිට ඉතින් ලොකු කැමරාගන්න තාම සල්ලි නෑනේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජාව මේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  12. මටත් ලොකු ප්‍රශ්න ගොඩක්.camera එකක් ගන්න ගිහින්,මට උදව්වක් ඕනි,මන් ගන්න හදන්නේ fuji finepix s4500 එකක්,එත් දැන් අයෙත් හිතෙනව fuji finepix hs30 cam ekak ganna,35000වගේ ගන්න පලුවන් වෙයි,හ්ස30 චාම් එකේ manual focusing තියෙනවද?. manual කියන්නේ හොද feature එකක්ද?.මට මේවා ඇත්තටම තේරෙන්නේ නැ.cam එක ගන්න කලින් මේ ඔක්කොම හොයල බැලුවනම් හොදයි හිතුනා,අනිවා මට reply එකක් දන්න,ඔන්න මන් ගියෝ.....

    ReplyDelete
    Replies
    1. ෆොටෝග්‍රපි පටන් ගන්න කෙනෙක්ට hs30 එක හොඳයි. hs30 එකේ manual focusing තියෙනවා නමුත් මේ bridge කැමරාවල manual focusing කරන්න අමාරුයි, DSLR වල වගේ නෙවේ. එකට හේතුව ඒවගේ optical view finder එකක් නැතිකම.

      කොහොමත් s4500 එකට වඩා hs30 එක හොඳයි.මම hs20 එකෙන් ගත්ත ෆොටෝ බලන්න. නමුත් ගොඩක් zoom කලාම images එතරම් පැහැදිලි නැහැ මේක හැම bridge කැමරා එකකම වගේ දකින්න තියෙනවා.

      පහත තියෙන link එකෙන් ඔය කැමරා දෙකේ comparison එක බලා ගන්න

      Hs30 සහ s4500


      Delete
  13. මම ඉස්සෙල්ලාම හිතාගෙන හිටියේ point & shot කැමරාවක් ගන්න. එත් මේකේ තියන පොස්ට් කියෙව්වට පස්සේ fujifilm finepix s2980 එකට හිතගියා. මමනම් වෘර්තීයමය චායාරුප ශිල්පියෙක් නෙවෙයි. මට ප්‍රශ්න ගොඩක් තියනවා අහන්න.කැමරාවක් අල්ලලාවත් නැති අදුනිකයෙක්.

    1. සාමානයෙන් Bridge Camera වල කොලිටිය ඔක්කොම එකයි නේද ? ඒක නිසා Bridge Camera ගන්න 60000 විතර වියදම් කරන එක අපරාදේ ද ?
    2. අඩුම DSLR කැමරාවක් කීයක් විතර වෙනවද ?
    3. fujifilm finepix s2980 එකකින් ගන්න පුළුවන් කොලිටි ෆොටෝ එකක් කවදාවත් point & shot එකකින් හරි ෆෝන් එකකින් හරි ගන්න බැරිද ?
    4. fujifilm finepix s2980 වගේ කැමරාවක් ගන්න එක මෝඩ වැඩක්ද ?
    5. fujifilm finepix s2980 එකේ reflex viewfinderඑකක් තියනවද ?
    6. reflex viewfinder එකක් නැත්නම් මේ තියෙන්නේ මොකක්ද ?

    <img src="http://i753.photobucket.com/albums/xx171/rmyasitha/Capture_zps0c082bb2.png>

    7. සාමානයෙන් විනෝද චාරිකාවක් වගේ ගියාම වගේ විතරක් ෆොටෝ ගන්න අදහසක් තියනවනම්. Bridge Camera ක් හොදද ?

    තව ගොඩක් ප්‍රශ්න තියනවා අහන්න එත් මේවට reply හම්බවෙයිද කියලා ෂුවර් නැති නිසා අහන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. [im]http://i753.photobucket.com/albums/xx171/rmyasitha/Capture_zps0c082bb2.png[im]

      Delete
    3. [im]http://s753.photobucket.com/user/rmyasitha/media/Capture_zps0c082bb2.png.html[im]

      Delete
    4. [im]http://s753.photobucket.com/user/rmyasitha/media/Capture_zps0c082bb2.png.html[/im]

      Delete
    5. [IMG]http://i753.photobucket.com/albums/xx171/rmyasitha/Capture_zps0c082bb2.png[/IMG]

      Delete
    6. පින්තුරය දාන්න ට්‍රයි කරා එත් පින්තුරයක් දාන්න බැහැ. පුලුවන්නම් ඔය ලින්ක් එකට ගිහින් බලන්න. රයිට් ක්ලික් කරන්නත් බැරි හින්දා ඒ වැඩෙත් හරියන්නේ නැති වෙයි.

      Delete
    7. ප්‍රශ්න පත්තරයක්ම තියෙනවා... :) මෙන්න පිළිතුරු.

      1. සාමානයෙන් Bridge Camera වල කොලිටිය ඔක්කොම එකයි නේද ? ඒක නිසා Bridge Camera ගන්න 60000 විතර වියදම් කරන එක අපරාදේ ද ?
      නැහැ ඒ ඒ වර්ග සහ මොඩල් අනුව කොලිටිය වෙනස් වෙනවා. මිල තීරණය කල යුත්තේ ඔබයි.

      2. අඩුම DSLR කැමරාවක් කීයක් විතර වෙනවද ?
      රු.60000 පමණ

      3. fujifilm finepix s2980 එකකින් ගන්න පුළුවන් කොලිටි ෆොටෝ එකක් කවදාවත් point & shot එකකින් හරි ෆෝන් එකකින් හරි ගන්න බැරිද ?

      මේ පොස්ට් එකත් මිට කලින් පොස්ට් එකත් නැවත කියවා බලන්න. මේ කාරණය ඔබ විසින්ම අවබෝධ කල යුතු වෙනවා.


      4. fujifilm finepix s2980 වගේ කැමරාවක් ගන්න එක මෝඩ වැඩක්ද ?
      මේ මගින් ඔබගේ අවශ්‍යතාවය ඉටු වෙනවානම් මෝඩ වැඩක් නොවේ.

      5. fujifilm finepix s2980 එකේ reflex viewfinderඑකක් තියනවද ?
      නැහැ.

      6. reflex viewfinder එකක් නැත්නම් මේ තියෙන්නේ මොකක්ද ?
      මේ තියෙන්නේ viewfinderඑකක්. හරියට වීඩියෝ එකක් වගේ. viewfinder එක optical viewfinder එක තරම් පැහැදිලි නැහැ. අනිත් දේ තමයි මේ viewfinder එකෙන් බලන්න කමරාව් on කරන්න ඕන. මේ පොස්ට් එකට කලින් පොස්ට් එකේ මේ ගැන රුප සටහන් සහිතව දක්වලා තියෙනවා.

      7. සාමානයෙන් විනෝද චාරිකාවක් වගේ ගියාම වගේ විතරක් ෆොටෝ ගන්න අදහසක් තියනවනම්. Bridge Camera ක් හොදද ?
      නැවතත් ඔබ ගන්න බලාපොරොත්තු වන ෆොටෝ එකේ තත්වය අනුව මෙය වෙනස් වෙනවා. එහෙම නෛනම් ෆෝන් කැමරාවක් හෝ point & shot කැමරාවක් උවත් ප්‍රමාණවත්.

      තව ගොඩක් ප්‍රශ්න තියනවා අහන්න එත් මේවට reply හම්බවෙයිද කියලා ෂුවර් නැති නිසා අහන්නේ නැහැ.
      දැන් උත්තර ලැබුනා කියලා සුවර් ද :)



      Delete
    8. බොහොම ස්තුතියි පිළිතුරු වලට.

      Delete
  14. තව දෙයක් තියනවා අහන්න.

    DSLR කැමරාවක් රළු භාවිතයට ගැලපෙනවද ? ඒ කියන්නේ DSLR කැමරාවක් අරගෙන අපිට බස් එකක වගේ ට්‍රිප් එකක් යන්න පුලුවන්ද ? ඔයාට පරිස්සම් කරගන්න පුලුවන්නම් අවුලක් නැහැ කියන්න එපා. මොකද මම අහලා තියනවා DSLR කැමරාවක් ගොඩක් පරිස්සම් කරගන්න ඕනේ කියලා. අර ගබඩා කරන්න එහෙම අමුතු පෙට්ටියක් හදන්න ඕනනේ.

    මගේ ප්‍රශ්නය මෙහෙම අහන්නම් කෝ. DSLR කැමරාවක් අරගෙන ඔයා බස් එකක ට්‍රිප් ගිහිල්ලා තියනවද ? ගොන් ප්‍රශ්නයක් ද දන්නේ නැහැ. එත් මේක අහලා දැනගන්න ඕනේ එකක්. අනි

    අනිත් එක තමයි DSLR කැමරාවකින් සාමාන්‍ය පරිදි වීඩියෝ කරන්නත් පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. ඕනෑම කැමරාවක් පරිස්සම් කරන්න ඕන. DSLR එකේ ලෙන්ස් මරු කරන්න වෙන නිසා කැමරා බොඩි එක ඇතුලට දුවිලි, ජලවාෂ්ප ආදිය ඇතුල් වීමට ඇති ඉඩ වැඩියි. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන.

      ඔව් මම DSLR අරගෙන බස් එකේ ගිහින් තියෙනවා... :)

      දැන් බොහෝ දෙනෙක් වීඩියෝ කරන්නේ DSLR වලින්.

      Delete
    2. බොහොම ස්තුතියි ...........

      Delete
  15. තවත් දෙයක් තියනවා අහන්න. DSLR කැමරාවක අවම මිල රු : 60000 ක් පමණ නම්, DSLR කැමරාවක් ගන්නේ නැතිව සමහර අය 60000 ක් වියදම් කරලා බ්‍රිච් කැමරවල් ගන්නවනේ ඒ ඇයි ? මේකට හේතුව ඔහුන් කැමරා ගැන නොදන්න කමද?

    ReplyDelete
    Replies
    1. රු 60000 පමණ වියදම් කරලා ගන්න DSLR එකක් සමග ලැබෙන්නේ 18-55 දක්වා නාභි දුරක් ඇති ලෙන්ස් එකක්. මේ ලෙන්ස් එකෙන් කරන්න හැකි වැඩ සිමා සහිතයි. මේ ලෙන්ස් එකෙන් මැක්‍රෝ ෆොටෝ ගන්න බැහැ, දුර ඇති දේවල් ගන්න tele ලෙන්ස් එකක් ඕන වෙනවා. මේ ලෙන්ස් ඔක්කොම ගන්නකොට මිල ඉතා වැඩි වෙනවා. මගේ අනිත් පොස්ට් කියවන්න මේ ගැන පැහැදිලි කරලා තියෙනවා.

      නමුත් බ්‍රිජ් කැමරාවක් කියන්නේ හරියට සහන පැකේජයක් වගේ ලෙන්ස් එහි ඇති තනි ලෙන්ස් එකේ මේ හැම දේම තියනවා. ඔන්න ඔය හේතුව නිසා තමයි බොහෝ දෙනෙක් බ්‍රිජ් වලට යන්නේ. නමුත් DSLR එකේ කොලිටිය කවදාවත් බ්‍රිජ් එකකින් ගන්න බැහැ. වෘතිය මට්ටමෙන් ඡායරුපකරණයේ යෙදෙනවානම් බ්‍රිජ් එකක් පමණක් හරියන්නේ නැහැ.

      Delete
    2. බොහොම ස්තුතියි.... දැන් නම් මගේ ගොඩක් ප්‍රශ්න විසදුනා.

      Delete
  16. මේ ලිපි කියවලා බලන්න ලැබුණේ දැන්. මොනතරම් වටිනා මෙහෙවරක් ද ඔබ ඉටු කර තියෙන්නේ. මේ ශිලපීය දැනුම් දායාදයට ගොඩක් ස්තුතියි

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...