Monday, February 18, 2013

කැමරාවේ මෙගා පික්සලේද? සෙන්සර් එකද?


අද මම කථා  කරන්න යන්නේ ඩිජිටල් කැමරා බොඩි එකේ  තියෙන වැදගත්ම කොටස වන Image Sensor  එක ගැන. මොකක්ද මේ Image Sensor  එකට ඉංගිරිසියෙන් කියන්නේ කියලා කවුරුවත් ඇහුවොත්  "ප්‍රතිබිම්බ සංවේදකය" එහෙමත් නැත්නම් "ප්‍රතිබිම්බ උත්තේජකය" කියලා කියන්න පුළුවන්.  නමුත් මම නම් මේ ෆොටෝග්‍රපි ගැන කතා කරන්නේ අපි දන්නා සිංහලෙන්,  බලන්නකො සිංහලෙන්ම  Image Sensor කියපුවහම කොච්චර ලේසිද? නැත්නම් අර universal joint  එක සර්වලෝක පුට්ටුව උනා වගේ වෙයි.

හොඳයි ළමයිනේ එහෙනම්  දැන් පාඩම පටාන් ගමු.

ඩිජිටල් කැමරා එකේ  තියෙන Image Sensor එකෙන් කරන්නේ optical image එකක්  electrical signal එකක් බවට පරිවර්තනය කරන එක. මේ  signal එක තමයි කැමරාවේ තියෙන පොඩි කොම්පුටර් කෑල්ලෙන් එහෙට මෙහෙට හරවලා, memory card එකේ ලියාගන්නේ. ඔය ක්‍රියාවලිය අපිට එතරම් වැදගත් නැහැ. නමුත් මේ  Image Sensor එක ගැනයි මේකේ size  එක ගැනයි දැනගන්න එක බොහොම වටිනවා.  අපි කැමරා එකක් මිලදී ගන්න කොට මේ ගැන තමයි වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනේ.

ඩිජිටල් කැමරා වල  Image Sensor වර්ග දෙකක් භාවිතා කරනවා එක වර්ගයක් CCD image sensor  අනිත් එක CMOS  image sensor. මේ වර්ග දෙකෙන්ම කරන්නේ මේ මතට ලැබෙන ආලෝකය,  electrical signal (විද්‍යුත් ධාරාවක්) බවට පරිවර්තනය කරන එකයි.

ඔය පහලින් තියෙන්නේ ඒ වර්ග දෙක.
  • CCD – Charge Coupled Device is an analog device.

  • CMOS - Complementary Metal–Oxide–Semiconductor this also called as active-pixel sensor (APS)


මේ විදිහට සරලව හිතන්නකෝ, ඔය sensor  එක, ඉතා කුඩා ආලෝකයට සංවේදී කොටස් මිලියන ගණනාවකින් හැදිලා තියෙනවා. ඒ කුඩා කොටස් තමන්ට ලැබෙන ආලෝකයට අනුව විදුලියක් නිපදවනවා.  එතකොට ඔය මුළු  sensor  එකට වැටෙන පින්තුරය නැවත හදන්නේ කුඩා, කුඩා කොටස්  වලින් නිපදවෙන විදුලියෙන්. පැහැදිලියි නේද?

අපි කලින් කිවා වගේ මේ දෙකෙන්ම රකන්නේ එකම කාර්යය උනත් CCD  වර්ගයට වඩා CMOS වර්ගය කාර්යක්ෂම තාවය අතින් ඉහලයි.  නවීන කැමරා වල තියෙන්නේ මේ CMOS  වර්ගයයි.

Sensor Format

ඩිජිටල් ඡායාරුප ශිල්පයේදී Sensor Format කියන්නේ  Image Sensor එකේ ප්‍රමාණයට. නොයෙකුත් ප්‍රමාන වල  Image Sensors  ඩිජිටල් කැමරා වල භාවිතා වෙනවා. බොහෝ දෙනෙක් ළඟ තියෙන කුඩා point and shoot  ඩිජිටල් කැමරා වල තියෙන්නේ ඉතා කුඩා  Image Sensor එකක් නිසා, එම කැමරා වලින් high quality photos ගන්න හැකියාවක් නැහැ වගේම එම කැමරා වලින්  ගන්න ඡායාරුප විශාල කර (enlarge) මුද්‍රණය කිරීමේ හැකියාවකුත් නැහැ.


ඉහල තියෙන සටහන බලන්න.  එකේ තියෙනවා sensor formats  දක්වලා. ලොකුම sensor එක තමයි full frame කියන්නේ.මේකේ ප්‍රමාණය තමයි මි.මි.35 ෆිල්ම් කැමරා වල තිබුන negative ප්‍රමාණය වන මි.මි.36 x 24 ප්‍රමාණය. full frame කැමරා ඉතාම ඉහල මිලක් ගන්නවා. මේ තියෙන්නේ ඒ කැමරා කීපයක්.










 නමුත් අද අපි භාවිතා කරන බොහොමයක් DSLR කැමරා වල තියෙන්නේ APS-C  image  format   එකක්. මෙම APS-C  ෆෝර්මට්  එක සහිත කැමරා වලින් ඉතා හොඳ ෆොටෝ ගන්න පුළුවන්. නමුත්  bridge  වර්ගයේ කැමරා වල තියෙන්න ඔය සටහනේ තියෙන කුඩාම ප්‍රමාණ වන 1/1.7, 1/1.8 හෝ 1/2.5 වගේ sensor  එකක්. මේ නිසා තමයි bridge  වර්ගයේ කැමරා වලින් ගන්න  පින්තුර enlarge  කිරීමේදී ප්‍රශ්න  ඇතිවෙන්නේ.


මෙගා පික්සලේද? සෙන්සර් ෆොර්මැට් එකද?

දෙන්න පුලුවන්ද උත්තරේ?  අපි බොහෝවිට කැමරාවක් මිලදී ගන්න ගිය විට බලන්නේ මෙගා පික්සල් ගණන. නමුත් වඩා වැදගත් වන්නේ Sensor Format  එක. මේ නිසා තමයි මෙගා පික්සල් 24ක    කුඩා කැමරාවකින් ගන්න පින්තුරයකට වඩා  මෙගා පික්සල් 10ක  APS-C  sensor  එකක් තියෙන DSLR  එකකින් ගන්න ඡායාරුපය හොඳ වෙන්නේ.


පොස්ට් එක දිග වැඩියි වගේ හිතෙනවා ඒ නිසා Image  Sensor  එකටම අදාළ  වන Crop Factor  එක සහ Focal  Length  Multiplier කියන දේවල් ගැන ඊළඟ සැරේ කතා කරමු. මේ දේවල් ගැන දැනගෙන ඉන්න එක කැමරාවක් මිලදී ගැනීමේදී ඉතාම වටිනවා. නැත්නම් ඉතින් වෙළඳ ප්‍රචාරණයට තමයි අහුවෙන්නේ.



දෙවන කොටස මෙතනින් බලන්න 

35 comments:

  1. සෙන්සර් ෆෝමැට් එක ගැන චාට් එකකුත් දුන්නනං මරු.. මාත් මෙතුවක් කල් බැලුවේ මෙගා පික්සලේ තමා.. ඒත් ඇත්තටම එහෙම උනා කියල ලොකු කොලිටියක් තිබුනේ නෑ.. දැනුවත් කිරීමට හුගාක් පින්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයෝ,
      අයි බන් ඔය සෙන්සොර් ෆොර්මැට් ගැන චාර්ට් එකක් දාලා තියෙන්නේ, තව මොනවද ඕනේ.

      Delete
    2. මාත් හිතන් හිටියේ පික්සල් ගාන වැඩි ඒවා තමා හොද කියලා. ස්තුතියි දැනුවත් කිරීමට....

      Delete
  2. බොහොම හොඳ මගපෙන්වීමක් ඩිජිටල් කැමරා ගන්න හිතාගෙන ඉන්න අයට. පාවිච්චිය සහ නඩත්තුව ගැනත් ලියන්න. කැමරා ගැන සාමාන්‍ය දැනුමක් පමණක් තිබෙන, විශාල මුදලක් වියදම් කල නොහැකි අයට, ලංකාවේදී මිළදී ගතහැකි කැමරා මෝස්‌තර ගැනත් හැඳින්වීමක් කරන්න. කඩ කාරයන්ගේ ගැට වලට අසු නොවී කැමරාවක් තෝරාගන්නා හැටිත් කියන්න.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඔබේ කොමෙන්ටුවට, නඩත්තුව ගැන .. කැමරාව බේරගන්න -Dry Box එකක් හදා ගන්න පොස්ට් එක බලන්න.

      කැමරාවක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු ගැන ලියන්නම්. ඊට කලින් මේ දේවල් ගැන සුළු අවබෝධයක් තිබුනේ නැත්නම් අණ්ඩර දෙමල වගේ වෙනවා.

      Delete
  3. Replies
    1. උඹ ඕව ගැන දන්නවනේ මලේ...

      Delete
  4. මට නම් ඉතාම වටිනාම උපදෙස් ටිකක්.

    ෆෝටෝග්‍රපි වලට තිබ්බ ආසාව නිසාම මීට අවුරුදු තුනකට විතර කලින් කැමරාවක් අර ගත්තා. Canon Eos 5oD එකක්. ඕකත් උස්සාගෙන ලාල් හෑගෝඩ සර් ලඟට ඉගෙන ගන්නත් ගියා. ඒත් ඉතින් ටික කාලෙකට විතරයි.රස්සාවත් එක්ක ඕවා කරන්න කෝ වෙලාවක්. දැන් මගෙ කැමරාව පැත්තක...

    ReplyDelete
    Replies
    1. අපෝ ඒ මොන අපරාදයක්ද 50D එකක් තියාගෙන. මම ෆොටෝග්‍රෆි කරන්නේ රස්සාව,දරුමල්ලෝ ඔක්කොම එක්ක. එක පුශ්නයක් කරගන්න එපා.

      Delete
    2. @ලිහිණි

      අපරාදෙ බොල ඒ කැමරාවෙන් වැඩක් ගනු...

      Delete
    3. ළිහිණියෝ කැමරා තියෙන්නේ වැඩ ගන්න. ඒව වැඩ නොගෙන තිබුණොත් පුස් හැදෙනවා.. බොරුනම් අයිලාෂ් ගෙන් අහන්න.

      Delete
    4. ඒ කැමරාව මට දෙන්ටකෝ අප්පා වැඩක් නැත්තම්....හෙහ් හෙහ්

      Delete
    5. ඇත්තටම මම ෆොටෝග්‍රපි වලට කැමතියි. ඒත් අපි කරන රස්සාවත් එක්ක කාලය නම් කොහෙත්ම නෑ. යන්තම් හරි ඉතුරු වෙන්නෙ රෑ ටික විතරයි. රෑට මොන ෆොටෝග්‍රපිද :)

      ඔව් පුස් හැදෙන බව මම දන්නවා. ඒ නිසා අර්පිකෝ එකෙන් airtight container එකක් අරන් ඒකට සිලිකන් දාලා තියලා තියෙනවා. සති දෙක තුනකට සැරයක් අරන් පොඩ්ඩක් පිහිදාලා දානවා..එච්චරයි. ඒකට හොඳ lens එකක් ගන්න හිතාගෙන ඉන්නවා. මොකද ගන්න හිතාගෙන උන්න tripod එකක් යාළුවෙක්ගෙන් ලැබුනා. මගේ හදමුද බොම්බේ බුරියානි.. පෝස්ටුවේ පින්තූර අරන් තියෙන්නෙ ඒකෙන් තමයි.

      Delete
    6. ඔය කැමරාව වගේම තමා yamaha c40 classical ගිටාර් එකකුත් තියෙනවා. බලන් ගියාම මාත් නොකරපු මඟුලක් නෑ වගේ. ඒකත් ගෙදර පුස් කනවා.

      Delete
    7. ලිහිණි ඔයා හෑගොඩ මහත්තයගෙන් ඉගෙන ගත්තා නේද එහෙනම් අයි මෙහෙම කියන්නේ //රැට මොන ෆොටෝග්‍රපි ද//

      රට හරිම ලස්සන night photography කරන්න පුළුවන්. මම පින්තුරත් එක්ක ඒ ගැනත් පොස්ට් එකක් දාන්නම්.

      පටාන් ගන්න night photography වලින්.

      Delete
    8. C40 ගිටාරයයි, 50D කැමරාවයි, ....... දෙකම පුස් කනවා. අනේ අනේ ළමයෝ...

      Delete
  5. ඉතාමත් ම අගෙයි අයිලාෂ්... ඒ වගේම තවත් ලිපියකින් බිට් එකක් යනු කුමක් ද වර්ණ සේයාරුවක් හැදෙන විදිය කුමක් ද යන්න ගැනත් දැනුම් වත් කරන්න...හරිම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අදහස් දැක්වීමට, ඉදිරියේදී බලමු ගොඩක් තාක්ෂණික උනොත් හරිම නීරස වෙනවා, ඒ නිසා සරලව ලියමු නේද, නැත්නම් ඉතින් තනිකර physics පාඩමක් වෙයි. හික් හික්.

      Delete
  6. මගේ හීන ලිස්ට් එකේ ඊගාවයින් තියෙන්නේ හොම්බ දිග පට්ට කැමරාවක්..මාරු මාරු ඈ මේ විස්තර මට වටිනවා

    ReplyDelete
    Replies
    1. මගේත් ඉස්සර හීනය උනේ ඒ දේම තමයි පැතුම්, මං තුමාගේ ෆොටෝ සිහිනයපොස්ට් එක කියවලා බලන්නකෝ.

      Delete
  7. ඊ ලඟට කැමරා මොඩල්ස් එක්ක ඔය විස්තර චාට් එකක දාපං ආසන්න මිලත් එක්ක අයිලාස්. High end to Low end.

    ReplyDelete
    Replies
    1. කැමරා මොඩල්ස් දාන්න ගියොත් මිලත් එක්ක මේක advertising එකක් වෙයි මචන්.

      නමුත් කැමරාවක් මිල්දිගනිමේදී සැලකිය යුතු කරුණු ගැන පොස්ට් එකක් දැන්නම්. කැමරා වර්ග ගැන පැහැදිලි කිරීමකුත් කරන්නම්.

      Delete
  8. හරි වටිනා පෝස්ට් එකක්. කැමරාව පාවිච්චි කලාට තාක්ෂණික පැත්ත මෙතරම් දැනගෙන උන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. තාක්ෂණික කරුණු ගොඩක් තියෙනවා මල්ලි, නමුත් ඒවා කියන්න ගියොත් මේක physics පාඩමක් වෙනවා. මේ විදිහට කෙටියෙන් හොඳයි නේද?

      Delete
  9. Camera ekak thiyena epitaph hari watina lipi . Ehen mehen tikak dhanna eawaa takketama dhannnawa dhen ..

    ReplyDelete
    Replies
    1. මොකද බන් අද සිංහලෙන්ම ලියලා තියෙන්නේ.

      Delete
  10. මටත් හරිම වටිනවා... ගිය සැරේ ඩිජිටල් කැමරාවක් ගන්න ගිය වෙලාවෙ මධුරංගගෙ පෝස්ට් එකක් බලාගෙන කොළේක ලියාගෙන ගිහින් තමයි ඒක ගත්තෙ.... මට මේ වගේ ලොකු කැමරාවකට ආසාව තිබ්බට මිළදී ගන්න කිසිම දැනුමක් නැති නිසා වැඩේ පහු වෙනවා... ඒ නිසා මේ ලිපි පෙලට ගොඩාක්ම ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. ගමු ගමු DSLR එකක් අරන් වැඩේ පටන් ගමු.

      Delete
    2. හරිම මිළයිනෙ අනේ... මම මේ දෙසැම්බර්වල ඔය කිව්ව කැමරාව ගත්තෙ... ඒ වෙලාවෙ ආසාවට හෙව්ව DSLR කැමරාවක්... ඕස්ට්‍රේලියන් $800 ට එහා පැත්තෙ තිබ්බ ඔක්කොම... ඉතින් හරියටම දන්නෙ නැතිව එච්චර ගාණක් වියදම් කරන්න ලෝබ හිතුන....

      Delete
    3. ඔව් DSLR එකක් ගොඩක් මිලයි. ලංකාවෙ නම් දැන් රු 75000/- සිට 800000/- විතර මිලකට ගන්න පුළුවන්. ඔයා ඉන්නේ ඔස්ට්‍රේලියද? එහෙ මිල ගැනනම් අදහසක් නැහැ.

      Delete
    4. ඔහ් .. මට සමාවෙන්න, පළමුවෙන්ම ඔයාව සාදරයෙන් පිලිගන්න බැරි උන එකට. දිගටම මේ පැත්තේ එන්න.

      Delete
  11. පෝස්ට් එක දිග නැහැ. ඇත්තෙන්ම කැමරා කරණයට ආසා නැතත්, තාක්ෂණය ගැන ඉගෙන ගන්න / දැන ගන්න කැමැතියි.

    ReplyDelete
    Replies
    1. පළමුවෙන්ම ඔයාව සාදරයෙන් පිලිගන්නවා මේ අඩවියට, දිගටම එන්න.

      එහෙම දෙයක් ඇහුවමයි. ගොඩාක් දෙනෙක් කැමති තාක්ෂනය ඉගෙන ගන්නේ නැතිව ෆොටෝ ගහන්න. හික් හික්...

      Delete
  12. ෆොටෝග්‍රෆි කියන්නෙ මගෙත් ප්‍රියත්ම විශයක්. හැබැයි තාක්ෂණික පැත්ත ගැන නම් මොනවත්ම දන්නෙ නැති ගානයි. ලස්සනයි කියල හිතෙන දෙයක් දැක්කොත් පින්තූරයක් ගන්නව..එච්චරයි. හැබයි තාක්ෂණික පැත්ත ගැන ඉගෙන ගන්නත් ලොකු ආසාවක් තියෙනව.
    කැමරාව ගනිද්දි මං බැලුවෙ මෙගා පික්සෙල් ගාන විතරයි. පහු කාලෙකදි තමයි ඊට වඩා දේවල් ගැන කැමරාවක් ගනිද්දි හිතන්න ඕන කියල තේරුනෙ :(

    මේවගේ දැනුවත් කිරීම් ගොඩක් වටිනව අයිලාෂ්. බොහොම ස්තූතියි මේ දැනුම බෙදාගන්නවට :)

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් ඔයාවත් පළමුවෙන් සාදරයෙන් පිළිගත්තා. දිගටම එන්න.

      ඔය යන විදිහට යමු, හිමින් සැරේ තාක්ෂනය ගැන ඉගෙන ගමු. මෙගාපික්සලේට වඩා සෙන්සර් ෆොර්මැට් එක තමයි image quality එකට බලපාන්නේ. ලොකු සෙන්සර් එකක් එක්ක වැඩිමෙගාපික්සල් ගානක් තියෙනවනම් ඉතාම හොඳයි.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...