Monday, February 4, 2013

මං තුමා ගේ ෆොටෝ සිහිනය


මං  තුමාගේ ඡායාරුප ශිල්පය ගැන  සිහිනය සැබෑ කරගත් හැටි තමයි මේ පොස්ට් එකේ තියෙන්නේ.  හැබැයි සිහින අංක දෙක, තාම ඉතිරිවෙලා තියෙනවා , එක තමයි තනිවම ඡායාරුප ප්‍රදර්ශනයක් පැවැත්වීම.  කැමති  කියවලා බලන්න. අකමැති අය ඉන්නවනම් එත් කියවලා බලන්න. ඒ වගේම ඡායාරුප ශිල්පය ගැන  දැනගන්න  දෙයක් තියෙනවනම් කොමෙන්ට් එකක් දාපුවහම ඒ ගැන  පොඩි පොස්ටුවක් දාන්නත්   පුළුවන්.



මං  තුමා   ඡායාරුප කරණයට අත්පොත් තැබුවේ අ.පො.ස. (සා/පෙ) කරන කාලයේදීයි. ඔන්න එකෙන් ම පෙනෙනවා නේද මේ ගැන මට  තිබුන උණ.  මුලින්ම කැමරාවක් කියලා ගත්තේ  මෙන්න මේ පින්තුරයේ තියෙනවා වගේ එකක්. එකත් ගත්තේ හොඳටම පට්ට ගහපු එකක්. අප්පේ  ෆිල්ම් රෝල් වලට සල්ලි වියදම් කළා විතරයි, ගත්ත එක පින්තුරයක්වත් හොඳ  තත්වයේ තිබුනේ නැහැ. ඇයි  ඉතින් මම ගත්ත මගුලේ හැටි  තමයි. එක දවසක ෂටර්  එක වැඩකරන්නේ නැහැ, ඔන් එක හදාගත්තම ෆිල්ම් රෝල දුවන්නේ නැහැ, එක හැදුවම ෆෝකස් වෙන්නේ නැහැ. මල හුචක්කුවක්.

ඊට පස්සේ කොහොම හරි සල්ලි එකතු කරලා ZENITH -E  කියන රුසියාවේ හදපු කැමරාවක් ගත්තා. ඔය තියෙන්නේ ඒවගේ එකක් තමයි. මේකනම් සුපිරි භාණ්ඩයක්.  S.L R  වර්ගයේ. හ්ම්ම් මොකක්ද මේ  S.L R කියන්නේ. ඔන්න මම දවසක් ඔය ඡායාරුප කරණය ගැන උගන්නන අවස්ථාවකදී ඔය ප්‍රශ්නය ඇහුවම එකෙක් කියනවා 

"සර්  S.L.R.  කියලා කියන්නේ Self Loading Rifle" 

අපේ අම්මෝ  මම ඔය තුවක්කු ගැන දන්නේ නැහැ. ඔය කැමරා  ගැන කියනකොට S.L.R  කියන්නේ Single  Lens  Reflex කියන එකට . ඔය කැමරා වර්ග ගැන පස්සේ කතා කරමු.  මේ ZENITH -E කැමරා එක මම සැහෙන කාලයක් පාවිච්චි කළා. ඔය අතරේදී මම අවුරුදු 3ක ඡායාරුප කරණය පිලිබඳ ඩිප්ලෝම පාඨමාලාවක් එහෙමත් අවසන් කළා. ඒ වගේම ඡායාරුප ප්‍රදර්ශන ගණනාවකට ඡායාරුප ඉදිරිපත් කරන්න ඔය කැමරාව මට ගොඩක් උපකාර උනා. ඔය කැමරාවේ ශටර් එක හදලා තියෙන්නේ විශේෂ රෙදි වර්ගයකින්, එකට කෙල උනොත් ඉතින් හුටා  තමයි. මගේ ZENITH  එකටත් හුටා   උනා. අදටත් මම ගොඩක් ආසා කරන කැමරාවක්.

ඔන්න ඊට පස්සේ ගත්තා Yasica  කැමරාවක්. ජපානයේ නිෂ්පදිතයි. නියම බඩුවක් වගේම ඔය Zenith  එකට වඩා  ගොඩක් පහසුකම් තියෙනවා. අදටත් මගේ ළඟ තියෙනවා නියමෙට වැඩ. දැන් ඉතින් ෆිල්ම් රෝල් භාවිතය අපහසු නිසාත් අප ඔක්කොම දැන් ඩිජිටල් වෙලා  නිසාත් පාවිච්චිකරන්නේ නැහැ. මේ තියෙන්නේ ඒ කැමරාව.

ඊට පස්සේ  වසර ගණනාවක් ඡායාරුප කරණයට  අත  තියන්නේ නැතිව ඉන්න උනා. නොයෙකුත් වැඩ නිසා. ඔන්න ඊට පස්සේ ඩිජිටල් ලෝකෙට අවා. point  and  shoot  මාදිලියේ Sony  කැමරාවක් තමයි ඉස්සෙල්ලම ඩිජිටල් කියලා ඇල්ලුවේ. ඊට  පස්සේ  Fuji  bridge  කැමරාවක් ගත්තා. ඔය තියෙන්නේ එකේ පින්තුරයක්.
ඔය වගේ bridge මාදිලියේ කැමරාවකින් ඉතා හොඳ ෆොටෝ ගහන්න පුළුවන් උනාට ලෙන්ස් මාරු කරන්න බැරි නිසා කළහැකි වැඩ සීමා සහිතයි.

 එකම සිහිනය DSLR  එකක් අත් කර ගැනීම. මේක සිහිනයක්  ම තමයි මේවගේ මිල ගණන් බැලුවම. DSLR  කියන්නේ Digital Single  Lens  Reflex කියන එකයි. ඔය සිහිනයත් හරියට අර Ice Age  එකේ අර ලේනෙක් වගේ ඉන්න එකාට, අර  ඇටේ  ද මොකක් ද එක අයිති කරගන්න  තියෙන සිහිනය  වගේ තමයි, ලඟට අපු ගමන් මොකක් හරි කෙහෙල්මලක් වෙනවා. DSLR  එකක් ගන්න සල්ලි ටිකක් එකතු කරගන්න කොට, මොකක් හරි මගුලක් කඩා පහත් වෙනවා සල්ලි ටිකට කෙළවෙන්න.

අන්තිමේදී ඔන්න ඒ සිහිනය සබැ කරගත්තා.  ඒ විතරක් මදි නේ තව ලෙන්ස් එහෙමත් ඕනේ ඉතින් ඔය සල්ලි තියෙන විදිහට 55-300 mm  ලෙන්ස් එකක් එහෙමත් ගත්තා. ඔය ලෙන්ස් එක තමයි නිකොන් වල ඔය මිලිමීටර් ප්‍රමාණයේ මිලෙන් අඩුම ලෙන්ස් එක  රුපියල් 55000/- තමයි ගත්තේ. අනික්  ඒවා හරි ගණන් (රුපියල්  175000.00 වඩා  වැඩි මිසක් අඩුවක් නැහැ ) . මේ තියෙන්නේ දැන් මම පාවිච්චි කරණ  බඩු  ටික. තව ට්‍රයි පොර්ඩ් දෙකක් තියෙනවා, ලයිට් ස්ටෑන්ඩ් දෙකක්, රිෆ්ලෙක්ටර් කුඩ  දෙකක් තියෙනවා.

මේ කරුණු ටික ලියුවේ, ඡායාරුප කරණය පිලිබඳ ඇති ඇල්ම නිසා ම ආ දුර කීමට සහ හොඳ නිර්මාණ කිරීමට ඉතාම උසස් මිල අධික  උපකරණ අනිවාර්ය නැති බව කීමටය. අද බොහො ඩිජිටල් කැමරා සුලබ බැවින් බොහෝ දෙනෙක් කැමරාවක් අතට ගත් පමණින් තමන් ඡායාරුප ශිල්පියෙක් යයි සිතන, ක්‍රියාකරන ආකාරය දකින්නට ලැබුනත් මෙම ශිල්පය මනා හික්මීමකින් සහ කැපකිරීම් තුලින් ප්‍රගුණ කලයුත්තක් බව දන්නේ දනිති, නොදන්නේ නොදනිති.

ඉතාම මිල  අධික පින්සල්, පාට, කැන්වස් ආදිය  අතට ගත්තත් චිත්‍රයක් ඇඳීමට දන්නේ නැති කෙනෙකුට කලාත්මක චිත්‍රයක් ඇඳීමට හැකියාවක් නැතුවා මෙන්ම, දක්ෂ චිත්‍ර ශිල්පියෙකුට ඉතාම බාල වර්ගයේ උපකරණ භාවිතයෙන් ඉතාමත්ම ඉහල නිර්මාණයක් කල නොහැකි උවද අනිකාට වඩා ගුණාත්ම නිර්මාණයක් ඉදිරිපත් කල හැක.

ඡායාරුප කරණයේ දීද මෙම කරුණ මෙලෙසින්ම බලපාන බව මගේ විශ්වාසයයි. 

30 comments:

  1. දෙවැනි සිහිනෙත්, ඒ කිව්වෙ චායාරූප ප්‍රදර්ශනයත් ඉක්මනටම තියන්න ශක්තිය, ධෛර්ය ලැබැන්න කියල සුභ පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ ඔබේ සුභපැතුමට.

      Delete
  2. ඔය DSLR සිහිනය මටත් තියෙන ලොකුම සිහිනයක්. මගේ පලවෙනි කැමරාව ෆූජි ප්‍රීමා සූම් වර්ගයේ එකක්. එකත් එක්ක නොමිලේ ඇග්ෆා ෆිල්ම් රෝල් 17ක් හම්බවුණා. ඒ දාහතම ඉවරවෙනකම් කලේ පන්සල් වල පරණ චිත්‍ර වල ෆොටෝ ගහපු එක. ඒ කැමරාවත්, ෆොටෝ, නෙගටිව් ආදී සියල්ලමත් 2004 කරුමක්කාර සුනාමියට ගහගෙන ගියා. ඊට පස්සේ කොච්චර ආසාවක් තිබ්බත් කැමරාවක් ගන්න එක හීනයක් වෙලයි තිබුනේ. යන්තම් 2007 අවුරුද්දේ රස්සාවට ඇවිත් කරපු මුල්ම දේ තමයි ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අරන් ඒකෙන් කැමරාවක් ගත්තු එක. අවුරුදු දෙකක් විතර ඒකට ගෙව්වා. ඒක බොහොම අඩු පහසුකම් තියෙන බේසික් ඩිජිටල් කැමරාවක්. වියයුතු පරිදිම ටික දවසකින් එකට කෙල වුණා. ඊට පස්සේ නිකෝන් P60 වර්ගයේ සංයුක්ත කැමරාවක් ගත්ත. එකනම් අවුරුදු තුනක් විතර හාර්ඩ් යූස් කළා. මම තාම හරිම ආස කැමරාවක් ඒක. ඊටත් පස්සේ ටික කලක් පාවිච්චි කරපු කැනොන් SX10is වර්ගයේ කැමරාවක් ටිකක් අඩු මුදලකට ගත්ත. දැන් පාවිච්චි කරන්නේ ඒක. DSLR නම් තාමත් බොහොම දුර හීනයක්.

    ReplyDelete
    Replies
    1. canon sx10is වගේ කැමරා එකකිනුත් ගොඩක් හොඳ පිතුර ගන්න පුළුවන් උනත් කැමරා sensor එක ගොඩක් පොඩි නිසා ෆොටෝ වල quality එකට බලපානවා.
      DSLR සිහිනය ඉක්මනින් සැබෑ කරගමු.

      Delete
  3. ෆොටෝ එකක ඉහල නිර්මානාත්මක බවට ඉතින් වැඩියෙන්ම වග කියන්නෙ කැමරාව පිටි පස්සෙ ඉන්න කෙනාගේ හැකියාව තමයි..මට බොහෝ බඩු තිබිලත් තාම හරි හමන් ෆොටෝ ගැනිල්ලක් කරලම නෑ.. මගෙක් එක සිහිනයක් තමයි ප්‍රදර්ශනයක් තියන එක නම්..

    ReplyDelete
    Replies
    1. මොකෝ බන් එහෙම කියන්නේ, ඔය නියම භාණ්ඩයක් නේ අතේ තියාගෙන ඉන්නේ. වෙනි මලයාගේත් සිහිනය සැබෑ වේවා කියලා පතනවා.

      Delete
  4. උඹට මෙච්චර ගැඹුරු ඡායාරූප ඉතිහාසයක් තියෙනබව මම දන්නෙ නෑනෙ. ඉතින් මීට පස්සෙ ඔය සබ්ජෙක්ට් එක ගැන කතා කරනකොට මීට වැඩිය පරිස්සම් වෙන්න ඕනෙ උම ඉන්න නිසා.

    ඔය Zenith හීනේ මටත් තිබ්බා ඒ කාලේ. මොකද අපිට ඔරොත්තු දෙන මිලකට තිබ්බේ ඒවගේ රුසියානු බඩු විතරමයි. උඹට මතකද ඒකෙ බර? ඇත්තෙන්ම අර self loading rifle එකක් තරම්ම බරයි. :D

    ReplyDelete
    Replies
    1. //උඹට මෙච්චර ගැඹුරු ඡායාරූප ඉතිහාසයක් තියෙනබව මම දන්නෙ නෑනෙ//
      හික්... හික්.. ඉතිහාස පොත් අලුතින් ලියන්නවෙයි බන්.

      ඔය Zenith එක ඔතරම් බර උනේ එකේ වැඩි හරියක් තිබුනේ පිත්තල කොටස්. නමුත් ඒ බර උස්සගෙන යන්න අමාරු උනත් බර නිසාම කැමරා එක හරිම steady.

      Delete
  5. මගෙත් ලොකු හීනයක් කැමරාවකට යෑම. හැබැයි ඉතිං හැම මාසෙකම හදන අය වැය ලේඛනයේ අන්තිම තැනට යන්නේ ඒක. ජීවත් වීම සඳහා අත්‍යාවශ්‍ය නොවන ඒත් ජීවිතය ජීවත් කරවන්න අවශ්‍යම දේවල් වලින් එකක් තමයි කැමරාව. සිහිවටන ළඟ තබා ගැනීම ඇත්තටම සුන්දර දෙයක්. ඔය වගේම අවශ්‍ය අනෙක් දේ තමයි තමන් ප්‍රිය කරන මියුසිකල් ඉන්ස්ටෘමන්ට් එකක් හිමි කර ගැනීම.

    අයිලාස් ගෙ පළමු සිහිනය වගේම දෙවන සිහිනයත් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේවා! කියලා පතන්නම්.

    (හැබැයි ඔය ප්‍රදර්ශනේ පවත්වන දිනය, තැන, වෙලාව අපිට නොකිව්වොත් !@#!@@#$#@$@) :D

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලියේ මිල ගණන් නිසා තමයි ඔය සිහිනය සැබෑ කරගන්න එක හරිම අමාරු වෙලා තියෙන්නේ. DSLR එකකට යනකොට අවම වශයෙන් රු. 150000/- විතර වය කරන්න වෙනවා. තව ඉතින් flash guns, camera bags, Dry Box ඕව ඔක්කොම එකතු වෙනකොට බර ගානක් වෙනවා. නමුත් දැන් ඡායාරුප කරණය digital නිසා එතනින් එහාට යන වියදම් ඉතාම අඩුයි.

      සුභාපතුමට ස්තුතියි මලයෝ.

      ප්‍රදර්ශනයක් තියන්න ලැබුනොත් අනිවා කියනවා. ඕක නොකියා මම මොකටද උඹලගෙන් කුණු හබ්බ අහන්නේ.

      Delete
  6. ඔය සිහිනෙම මටත් තියනවා අෆ්ෆා.... හැබැයි තාම නම් මෙව්වා කරගන්න ලැබුනේ නෑ... ඔයාගේ සිහිනෙවත් ඉක්මනට සැබෑ කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. :)

    ReplyDelete
    Replies
    1. මේක ශම්මි ගේ පළමු කොමෙන්ට් එක නේද? ගොඩක් ස්තුතියි.

      ඔයාගේ සිහිනය සැබෑ කරගන්න ලැබේවා කියල පතනවා ශම්මි.

      Delete
  7. මගෙත් ඒකම ආශාව තමයි දැන් DSLR හරි bridge කැමරාවක් හරි ගන්න එක.තාම fuji බට්ටෙක් ගෙන් තමයි ඉතිං ක්ලික් කරන්නේ...

    ReplyDelete
    Replies
    1. නාඩියෝ bridge camera එකකට යන්න එපා. තව ටිකක් එකතු කරලා DSLR එකක්ම ගන්න. ඔය bridge වර්ගය හොඳ වෙන්නේ සාමාන්‍ය තත්වයේ පින්තුර ගන්න විතරයි. ඔය වර්ග දෙක ගැන මම පස්සේ පොස්ට් එකක් දාන්නම්.

      Delete
  8. අහ් මට නමි දැනගන්න ගොඩාක් දේවල් තියෙනවා වෙලාවක කොමෙන්ටුවක් දාන්නමිකො අවශ්‍ය දේවල් ගැන..
    අදටත් ආස දෙයක් තමයි ඔය ජායාරෑප ගන්න එක ...
    ඒත් හරියට තාක්ෂණට පාවිචිචි කරන්න දන්නෙ නැති නිසා ටිකක් අෆ්සටි තමා....
    සිහින යථාර්ථයක් වීමට ලැබෙවා...

    ReplyDelete
    Replies
    1. ඕන දෙයක් අහපන් මල්ලි දන්නා විදිහට කියලා දෙන්නම්.
      ස්තුතියි සුබපැතුමට.

      ඔබේ A/L විශිෂ්ට පුතිපල වලට මගෙන් සුබ පැතුම්.

      Delete
  9. අර සිහිනය සැබෑ වෙන්න කියල පතන්නම් ඉක්මණින්ම.!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුබපැතුමට.

      Delete
  10. අය්යා කැම් එක නිකොන් D3100 එකක්ද????

    ReplyDelete
    Replies
    1. නැහැ මලයෝ D5100. මේක D3100 එකට වඩා ගොඩත් හොඳයි. ඊට වඩා නිෂ්පාදන වර්ෂය අලුත් වගේම sensor තාක්ෂනය ඉතා ඉහලයි ඒ නිසාම high ISO වලදී noise ඉතාම අඩුයි. Full HD Video, Flip-out screen එක නිසා high angle , low angle ෆොටෝ ගහගන්නත් පහසුයි.image quality එක ඉතාම ඉහලයි.

      දැන්නම් රු.85000/- වගේ මිලකට් 18-55 lens එකත් එක්ක ගන්න පුළුවන්.

      Delete
    2. අය්යා මන් ලග තියන්නෙ D3100 එකක්..ඔකෙ සෙටින්ග්ස් හරියට හදා ගන්නෙ කොමද????

      Delete
    3. සෙටින්ග්ස් කියලා අදහස් කලේ කුමක්ද? exposure එකද?

      Delete
    4. නෑ අය්යා මට ඔනා මෙකෙ බ්ලැක් & වය්ට් ෆොටො ගන්න හැට් හදා ගන්න

      Delete
    5. මල්ලි මේ විදිහට කරන්න.

      1. Menu එකට යන්න
      2. දැන් Shooting Menu තෝරාගන්න
      3. දැන් Picture Control තෝරාගන්න
      4. එතනින් Monochrome (MC) තෝරාගන්න.

      කරලා බලලා කියන්නකෝ.

      Delete
  11. ඒ කාලෙ ඉඳලම උණ තිබිලනේ එහෙනම්.

    අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ, කැමරා ගැන නම් මට ඒ හැටි දැනුමක් නෑ. පරණ DSC W100 sony කැමර් එකක් ගෙදර තියෙනව, මට ඕන වෙන වෙලාවට වැඩක් කරගන්න ඒක ඕනවටත් වැඩී.

    එහෙනම් ඔන්න ඉක්මනින්ම ඡායාරූප ප්‍රදර්ශනයකුත් පවත්වන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ සුභපැතුමට සහ අදසස් දැක්වීමට.

      ඔය හරි මල්ලි, කැමරා එක ගන්න ඕනේ තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි.

      Delete
  12. මාත් ආසයි ෆොටෝ ගහන්න නම්... ඒත් ඔය ගැන වැඩිය දෙයක් මං දන්නේ නෑ අනේ...
    අයියගේ සිහිනය සැබෑ වෙන්න කියල මාත් පතනවා!

    ReplyDelete
  13. අයියේ මේ පොස්ට් එක මට මග හැරිලා. බොක්කෙන්ම සුභ පතනවා ඔයාගේ සිහිනේ සැබෑ වෙන්න කියල. මට නම් ෆොටෝ ග්‍රැපි කියන්නේ එක විනෝදාංශයක් උනාට අයියා එකට බැහැලාම කරන නිසා. අයියට සෑහෙන්න හොඳ අනාගතයක් තියෙනව් ආනෙක යියගේ ෆොටෝස් මම දැකල තියෙන ඒවා ලස්සනයි. අර කුරුල්ලාගේ එහෙම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ, මොන කුරුල්ලාගේ ෆොටෝ එක ගැනද කියන්නේ ?

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...