Monday, April 29, 2013

Smoke Photography - දුමක් ගහමුද?


ඡායාරුප ශිල්පය ගැන බොහෝ කාලයකින් පොස්ට් එකක් ලියන්න බැරි උනා. ඒ නිසා අද පොස්ට් එකෙන් කියලා දෙන්න යන්නේ Smoke Photography ගැන. Light Painting  Photography  ගැන මිට කලින් පොස්ට් එකකින් කියලා දුන්නා මතක ඇති නේ. අමතකනම් ඔය දීලා තියෙන ලින්ක් එකෙන් ගිහින් බලාගෙන එන්න.

අද කියලා දෙන Smoke Photography ක්‍රමය මගින්ද  ඉතාම සිත්ගන්නා  සුළු ඡායාරුප නිර්මාණය කරගන්න පුළුවන්.  මේ සඳහා, ඉතාම සුළු ප්‍රයත්නයකින් ඔබගේ කාමරය studio එකක් බවට සකස් කරගන්නට පුළුවන්.

මේ සඳහා අවශ්‍ය උපකරණ:

  • DSLR හෝ බ්‍රිජ් වර්ගයේ කැමරාවක් 
  • Slave Flash  එකක් හෝ Spot Light  එකක් 
  • Flash Trigger එකක් ( Slave Flash  එක ක්‍රියාත්මක කිරීම සඳහා)
  • Tripod  එකක් 
  • Light Stand එකක් (ෆ්ලෑෂ් එක හෝ ස්පෝට් ලයිට් එක රැදවීමට)
  • හඳුන් කුරු සහ රඳවනයක්.
  • කළු පහැති පසුබිමක් 

පහත දැක්වෙන ඡායාරුප දෙකෙන්, මං  තුමා මේ වෙනුවෙන් කැමරා ආම්පන්න  අටවාගත් ආකාරය බලන්න.



ඔබගේ ෆ්ලෑෂ් එක හෝ ස්පොට්  ලයිට් එකෙන් වස්තුව වෙත ලබාදෙන ආලෝකය පැති  ආලෝකයක් ලෙස ලබාදෙන්න. එමෙන්ම පසුබිම වෙත ආලෝකය නොවැටෙන ලෙස ආලෝක ප්‍රභවය සකස් කිරීම ඉතා වැදගත් වන බව සලකන්න. මේ සඳහා, මං  තුමා ෆ්ලෑෂ් එක කළු කඩදාසියකින් ආවරණය කර, එක්  දිශාවකට පමණක් ආලෝකය ලැබෙන ලෙස සකස් කරගත් ආකාරය පළමු ෆොටෝවෙන් බලන්න.

අනිකුත් වැදගත්ම සාධකය වන්නේ, මෙම කාමරය තුල පවතින පාරිසරික තත්වයයි. කාමරය තුල සුළං ගලායෑම  අවම තත්වයක පැවතිය යුතුය. මේ සඳහා විදුලි පංකා, වායු සමීකරණ ආදිය ක්‍රියා විරහිත කරන්න. සියලුම දොර ජනෙල් වසා දමන්න. කාමරය තුල ඇති වාතයේ කැළඹිලි ස්වභාවය ඉතා අවම වූ විට, හඳුන් කූර  දල්වන්න. ඉන්  ඇතිවන දුම නොයෙකුත් රටා මවන ආකාරය දකින්නට පුළුවන්.

දැන් test shots කීපයක් මගින් අනාවරණය සහ ආලෝකය ලබාදිය යුතු දිශාව තීරණය කරන්න. ඡායාරුප ගැනීමෙන් පසු Photoshop  හෝ Light Room  මෘදුකාංග භාවිතයෙන් සුළුවශයෙන් සකසාගන්න.

මේ තියෙන්නේ මං  තුමා ගත්ත ෆොටෝ කීපයක්. ඕගොල්ලොත් මේ ක්‍රමය අත්හදා බලන්න.








59 comments:

  1. දුමෙනුත් අලංකාර නිර්මාණ මැවෙනව නේ.

    ReplyDelete
    Replies
    1. හිතාගන්න බැරිතරම් අලංකාර දේවල්, සුරංගනා ලෝකයක් වගේ.

      Delete
  2. ෂටර් ස්පීඩ් එක කියක් වගේද මේ වෙලාවට දිලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ISO 100, f 4.0, 1/40

      ෆොටෝ ඔක්කොටම ඔය විදිහට.

      Delete
    2. මටත් ආපු ප්‍රශ්නේ :) මේ තොරතුරු ටිකත් පෝස්ට් එකේම තිබුනානම් ගොඩක් හොඳයි.

      ට්‍රයි කරලා බලන්න ඕනේ.

      Delete
  3. ලස්සනයි පින්තූර ටික.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ජායාරූප කරණයේ නොදත් පැත්තක්, කොයිතරම් දේ තියෙනවද අපිට තව මේසම්බන්ධයෙන් ඉගෙන ගන්න. ස්තුතියි අපිව දනුවත්කලාට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අමිල, මේක ට්‍රයි කරලා බලන්න.

      Delete
  6. ඒක මරු අප්පා.. :D

    ReplyDelete
    Replies
    1. මරු අප්පා නෙවේ, අලුත් කැමරාවකුත් ගත්තනේ දැන් ඉතින මේවා ප්‍රායෝගිකව කරන්න ඕන.

      Delete
    2. :D ^_^ හලී........ හලී......

      Delete
  7. මට කැමරාවක් නෑනේ... ඒ උනාට ඔහොම පොටෝ එකක් නම් පට ගාල හදන්නම් ෆොටෝ ශොප් වලින්.. හි හි

    ReplyDelete
  8. වාව්..

    හඳුන්කුරු දෙක තුනක් පත්තු කරලා ගත්තොත් කොහොමට තියේවිද...? සරල බව නැතිවෙයි... ඒත් අමුතු ගතියක් තියේවි කියල හිතෙනවා.

    ReplyDelete
    Replies

    1. එතකොට මේ වගේ තියේවි.

      [im]http://farm9.staticflickr.com/8535/8691420533_b93bcd6ff8.jpg[/im]

      Delete
  9. නියුඩ් පොටෝග්‍රැපි

    ReplyDelete
    Replies
    1. හෑ... මේකේ කොහෙද බන් එහෙම එකක් තියෙන්නේ.

      Delete
    2. දේශකයා naked eyes වලින්නෙ බලලා තියෙන්නේ බං ඒකයි.

      Delete
    3. හැක් හැක්... මම නං දුමෙන් දැක්කේ නාරිලතා

      Delete
    4. කොයි ෆොටෝ එකේද බන්?

      Delete
    5. මාත් දුටිමි.... පහල ඉඳල 2, 3, 4 :)

      Delete
  10. මේක නම් කරලා බලන්න ඕනෙ. ඇයි බං DSLR නැතිනම් Bridge camera එකක්ම ඕනෙ වෙන්නේ මේකට?

    ReplyDelete
    Replies
    1. point & shoot එකකින් කරන්න පුළුවන් දේවල් සීමිතයි මචං. මේ පොස්ට් එක සම්බන්ධයෙන් මේ දේවල් ගැන හිතන්න.

      1. අපිට අවශ්‍ය කරන විදිහට manual overexposure එකක් දෙන්න බෑ නේද?
      2. slave flash එක ක්‍රියාත්මක කරන්නේ කොහොමද? point & shoot එකකට ෆ්ලෑෂ් ට්‍රිගර් එකක් සවි කරන්න බැහැනේ, ඉතින් slave flash එක ක්‍රියාත්මක කරන්න නම් කැමරාවේ තියෙන ෆ්ලෑෂ් එක භාවිතා කරන්න වෙනවා. එතකොට අපිට අවශ්‍ය කරන විදිහට slave flash එක මගින් ලැබෙන ආලෝකය පමණක් ලැබෙන්නේ නැහැ,කැමරාවේ තියෙන ෆ්ලෑෂ් එකේ ආලෝකය වස්තුව වෙත කෙලින්ම පතිත වෙනවා.

      මෙන්න මේ වගේ හේතු නිසා point & shoot එකකින් මේක කරන්න අපහසුයි.(සමහර බ්‍රිජ් කැමරා වලටත් ෆ්ලෑෂ් ට්‍රිගර් භාවිතා කරන්න බැහැ.) නමුත් spot light එකක් භාවිතා කරලා point & shoot එකකින් උනත් උත්සාහ කරලා බලන්න පුළුවන්.

      Delete
    2. manual exposure බැරි වුනාට ඕකෙ තියෙන මෝඩ් වලින් වැඩක් ගන්න පුලුවන් මම හිතන්නේ. උදාහරනයක් විදියට මචං, ඔය නයිට් ෂොට් නැතිනම් කැන්ඩ්ල් ලයිට් මෝඩ් එකෙයි ස්පොර්ට්ස් ෂොට් නැතිනම් ඩේ ලයිට් වගේ මෝඩ් එකකයි exposure time එක හාත් පසින්ම වෙනස්නේද? ඒකෙන් ප්‍රයෝජන ගන්න පුලුවන් ඇති සෑහෙන දුරකට.

      සමහර ඒවයේ ෆ්ලෑෂර් ෂූ එක තියෙනවා. මගේ පරණ Handycam එකේ තියෙනවා වෙනම ෆ්ලෑෂර් ෂූ එකක්.

      සමහර විට ෆ්ලෑෂර් එක ඕෆ් කරලා ස්පොට් ලයිට් එකක් පාවිච්චි කලා නම් බැරි වෙන එකක් නෑ.

      Delete
    3. උත්සාහ කරලා බලලා කියපන් මචං.

      Delete
  11. මටත් ආවෙ ඩූඩ්ට ආව ප්‍රශ්නෙම තමයි. point & shoot එකකින් ගත්තොත් මේ වගේ quality එකකින් එන්නෙ නැතිවෙයිද? මේක දැක්කම නම් කොහොම හරි කරන්න ඕන කියල හිතුන...ඒ තරමටම මේ ෆොටෝස් ටික ලස්සනයි. ඒ උනත් අවශ්‍ය කරන දේවල් වලින් මට හොයාගන්න පුලුවන් හඳුන්කූරුයි රඳවනයයි විතරයිනෙ :'(

    ReplyDelete
    Replies
    1. හික්, හික්, ඔයානම් පට්ට resourceful ගෑල්ලමයෙක්, Chams. :D

      Delete
    2. චම්ස්, උත්තරේ ඩුඩ් ට දීලා තියෙනවා.

      Delete
  12. වැඩකාරයට දුමෙන්නුත් වැඩ ගන්න ඇහැකි එහෙමනම්......:D

    ReplyDelete
    Replies
    1. නොයෙකුත් ක්‍රම අත්හදා බලන්න පුළුවන්.

      Delete
  13. දුමේ වුණත් කලාව :)

    ReplyDelete
    Replies
    1. දුම් නොබිවත්, මේ වගේ දුමකට නම් කැමතියි.

      Delete
  14. පට්ටය..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  15. ඔය වගේ ෆොටෝ දැකල තිබ්බට ගන්න විදිය අද තමා දැන ගත්තේ....

    ReplyDelete
    Replies
    1. දැන් එහෙනම් කරලා බලන්න.

      Delete
  16. මෙච්චර වටින දුම් වලටනේ මිනිස්සු බනින්නේ!

    ReplyDelete
    Replies
    1. අනේ උඹටත් හිතෙන දේවල්.

      Delete
  17. ආයි මොකටද හඳුන්කූරු පත්තු කරන්නේ. මගේ රූම හොඳ දුමෙක්. :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් උඹේ පෙනහළු දෙකට දෙය්යන්ගේ පිහිටයි.

      Delete
  18. මට හිතුණේ මලක් ගහන්න කතා කරනවා කියලයි මචං. කොහොම වුණත් ජායාරූප කලාවේ මෙවැනි ශානරයක් තියෙන බව මම දැනගෙන හිටියේ නෑ .

    ReplyDelete
    Replies
    1. උඹත් මලේ උඩ පැනගෙන අවා නේද මලක් ගහන්න.

      Delete
  19. පට්ට ලස්සනයි නේ. මාත් දැක්කා මිනිස් රූප වගේ එකක් දෙකක්..

    ReplyDelete
    Replies
    1. මිනිස්සු, සත්වරුප ආදී නොයෙකුත් රුප මැවෙනවා.

      Delete
  20. කලාවට සීමා මායිම් නීති රීති සම්ප්‍රදායන් නැහැ දකින දේ නිදහසේ අත්විඳීම ප්‍රමාණවත් මේ විදිහට ලස්සන රටා චායාරුපගත කරන්න පුළුවන්... නියමයි ආ .....

    ReplyDelete
    Replies
    1. //කලාවට සීමා මායිම් නීති රීති සම්ප්‍රදායන් නැහැ//

      හරියටම හරි මොරබ්බා..

      Delete
  21. දුමෙන් මාරයෙක් හැදෙන හැටි පුලුවන් නම් චායාරූපයකට ගන්න !!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. එකටනම් Photoshop ඕන වෙයි.

      Delete
  22. හලී චෝයි අයියේ... අලුත් වැඩක්..

    ReplyDelete
  23. චායාරූප ශිල්පියෙක්ට තමන්ගේ ප්‍රදර්ශනේදි එක්‌ කරන්න හොඳම
    අංගයක් නේද ..? ඒ වගේ වෙලාවකට නම් නියමයි ..මට මැවිලා පෙනුණා
    මගේ ප්‍රදර්ශනේට ඇවිත් මිනිස්සු මෙහෙම කියන හැටි ...

    " යකෝ මූ දුමෙනුත් පොටෝ ගහලා .මාර බඩුවක්නේ "

    ReplyDelete
    Replies
    1. //මට මැවිලා පෙනුණා
      මගේ ප්‍රදර්ශනේට ඇවිත් මිනිස්සු මෙහෙම කියන හැටි ...//

      අපිටත් ප්‍රදර්ශනේ ගැන කියන්න ඕන, නොවරදවාම.

      Delete
  24. මේ Smoke photography නම් ලස්සනම field එකක්. තව පාට lights දාලා පාට පාට දුම් ගන්නත් පුළුවන් නේ?

    ReplyDelete
    Replies
    1. ඔබගේ පැමිණීම සතුටක් ගිහාන්.

      ඇත්තෙන්ම ඔව් පාට පාට දුම් ගන්න පුළුවන්.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...