Thursday, May 2, 2013

නිල් පැහැ වුන මැයි දිනය

   

කම්කරුවන්ගේ ලේ තැවරුණ රතු පාට
ධජයකි පෙරට ආවේ මැයි දිනදාට
අපේ කම්කරුවන්ට දැන් නැහැ ලේ රතුපාට
එකයි අපේ මැයි දින දැන් නිල් පාට
  

42 comments:

  1. බ්ලු රැල්ලක් තියෙනවා තමා දැං.. හැක්.. හැක්..

    ReplyDelete
    Replies
    1. අනේ යකෝ.. උඹට හැම එකම බ්ලු....

      Delete
  2. මැයි දිනයත් හරියට පොඩි ළමයින්ගේ උපන්දින සාද වගේ... ළමයා ලව්වා කේක් එක කප්පවගෙන, ඊට පස්සෙ තාත්තලා ටික බීලා, අම්මලා ඕපදූප කතා කරලා, පොඩි එකා කෝප්පයක් බින්දා කියලා ඌට ගහලා බලෙන් නිදි කරවලා, අම්මලා තාත්තලා සද්දෙට සිංදු දාගෙන නටනවා.

    ReplyDelete
    Replies
    1. තිසරගෙ උදාහරණෙ හරියටම හරි.
      මේක තමයි අපි අනූ ගණන් වල දැක්ක ධනවාදයේ තුන්වෙනි අදියර. හැම සංකල්පයක්ම තමන්ගෙ ලාභය වෙනුවෙන් භාවිතා කරන්න පුළුවන්. මහින්ද ඒක ගොඩක්ම කරනව.

      Delete
    2. ඔය උදාහරණෙ කොයින්ද අනේ ආවේ,, හෙක්... ඒකත් මරු අප්පා.. හරියටම හරි.. (Y)

      Delete


    3. \\\හැම සංකල්පයක්ම තමන්ගෙ ලාභය වෙනුවෙන් භාවිතා කරන්න පුළුවන්. මහින්ද ඒක ගොඩක්ම කරනව.///

      හරියටම හරි තිසර සහ draky ....

      Delete
    4. \\\පොඩි එකා කෝප්පයක් බින්දා කියලා ඌට ගහලා බලෙන් නිදි කරවලා, අම්මලා තාත්තලා සද්දෙට සිංදු දාගෙන නටනවා.//


      සිංදු දාගෙන නැටිල්ලකුත් නෙවේ කරන්නේ .
      ඒක පවුලට තව එකෙක් එකතු කරගන්න හදන
      වෑයමක්..

      Delete
    5. ඔව් තිසර ඒවගේ දෙයක් තමයි මෙතන වෙන්නේ.

      Delete
  3. අන්තර්ගතයේ දෑ ගැන කතාකරලා වැඩක් නෑ.
    අයිලාෂ් අයියගේ චයාරුපන හැකියාව වගේම කවිකාරයෙක්නේ බලනකොට

    ReplyDelete
    Replies
    1. කැත්තෙන් බැරිනම් පොල්ලෙන් කිවලු මලේ...

      කැමරාවෙන් බැරිනම් කවියෙන් හරි...

      Delete
  4. සහතික ඇත්ත අයියේ, අනික මේ පාර නිකන් කානිවල් එකක් වගේනෙ මැයි රැලි..

    ReplyDelete
    Replies
    1. මේපාර විතරක් නෙවේ, හැමදාම ඔහොම තමයි, අරක්කු කාලටයි, බත් පාර්සලෙටයි.

      Delete
  5. දැං මැයි රැලිවලට යන වැඩි හරියක් ඒක කරන්නෙ මොකටද කියල දැනගෙන යන අය නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා හසන්ත මහත්තයෝ, මේ යෝධ පැටවූ වගේ එක පොඩියට ගමන් කරන්නේ හොඳට දැනගෙන, තමන්ට අරක්කු කාලයි බත් පර්සලයයි ලැබෙන බව.

      Delete
  6. නිල්ල පිරුණු රටක්... :D

    ReplyDelete
  7. ඒක ඇත්ත.හෙහ්...හෙහ්....

    ReplyDelete
    Replies
    1. මොකද කෙල්ලේ හිනා වෙන්නේ.

      Delete
  8. නිල්ල නගන ස්වර්ණ කිකිණි රාවේ රට පුරා..... :)

    ReplyDelete
    Replies
    1. හරි හරි... එක තමයි

      Delete

  9. මේවා දැක්කම රටකට ගිය කල ගැන කලකිරෙනවා =D>

    දැන් මැයි රැලි තියන්නේ වැඩ කරන මිනිස්සු වෙනුවෙන් නොවේ :((

    අප්‍රේල් 1,මැයි 1 අතරේ දැන් වෙනසක් නැ.බොරුව තමයි තියෙන්නේ......:D

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ හොඳම කතාව. අප්‍රේල් 1 = මැයි 1

      Delete
  10. පොදු මහජන ජන මනසේ
    තරම මෙයයි මා මිතුරේ
    මිණිකැට සැගවෙන අතරේ
    ගොමරිටි මතුපිට වැජබේ.....

    ReplyDelete
    Replies
    1. පොදු මහජන මනසේ
      තරම නොවේ මේ මිතුරේ.
      කෙන්දක් අරගෙන කන්දක් කරනා
      මායාවකි මේ මිතුරේ.

      Delete
  11. ඇඩෙනවා ඈ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තව ඇඩුනේ නැහැ..

      ඔයෝම යනකොට සුභ වෙයි, රාජ සම්පත් ලැබෙයි.

      Delete
  12. කම්කරුවෝ පාට වලට බෙදිලා. ඒත් එකතු උන දාට.......

    ReplyDelete
    Replies
    1. ඔව් කම්කරුවෝ පාට වලට බෙදිලා .... හැබැයි පාට ටික එකතු උනදාට හැදෙන්නේ සුදු පාට තමයි ඔං
      එකියන්නේ මළගම......

      Delete
    2. @ මාතලන්

      බලන් හිටහන් එකතුවෙනකල්. මේ සයේ 20ට බෙදිලා.

      @ මොරබ්බා
      ++++++++++

      Delete
  13. අනේ ඉතින් බත් පැකට් එකයි අරක්කු කාලයි දෙනවා නම් ඕන පාටක් :D

    ReplyDelete
    Replies
    1. අන්න හරි, වර්ණ අන්ධතාවය...

      Delete
  14. පින්තූර දැක්ක ගමන් මට හිතුනෙත් ඕකමයි බන් . . මොනව කරන්නද බත් කන හරකුන් ඉන්න රටක රතු වෙනුවට නිල් පාට කොලපාට ලේ තියෙන අමුතු සත්තු ඉන්න එක පුදුම වෙන්න දෙයක් නෙමේ කියලා හිත හදා ගත්තා.

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත තමයි දුකා. නමුත් මේ යන විදිහට තව ටික කාලෙකින් බත් කන්න හම්බවෙන්නෙත් නැති බව මුන්ට තේරෙන්නේ නැහැ.

      Delete
  15. මම මේ සමාන කමන්ට් එකක් සෑමගේ බ්ලොගෙත් දැම්මා.

    ඇත්තෙන්ම මටත් මතක ඇති කාලෙක ඉඳන්ම, මැයි දිනය කියන්නේ නිල්, කොළ, රතු තොප්පි දාගෙන, ෂර්ට් ඇඳ ගත්තු කට්ටිය පෙළපාලි යන එකයි. ලංගම බස් පුරෝලා යන්නේ කවුද කියන එක යුගය අනුව වෙනස් වෙනවා.

    නැන්දලා අහනවා, අද මැයි දිනේට මොකුත් සිද්ධියක් වුනේ නෑ නේද තවම කොළඹ කියලා. හරියට එහෙම දෙයක් වෙන එක මැයි දිනේට ආවේනික ලක්ෂණයක් වගේ

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන්රි මේකනම් පුදුම දෙයක්, කම්කරුවනි එක්වව් කියලා, පාට වලට බෙදෙනවා.


      උඹ දන්නවද ඔය කෙහෙල්මල දැකලා පොඩි කොල්ල කියපු කතාව. උ මගෙන් අහනවා
      "තාත්තේ මැයි පෙළපාලියේ යන්නේ වැඩකරන මිනිස්සුන්ගේ අයතීන් ඉල්ලාගන්න නේ, ඉතින් මොකද මේ රජ්ජුරුවොත් පෙළපාලියේ යන්නේ, මොන අයිතියක් ඉල්ලගන්නද"

      දීපන්කො උත්තරේ.

      Delete
    2. කම්කරුවගෙ අයිතිවාසිකම් ටික ඉල්ලගන්න

      Delete
  16. ඔය ඉලවුව කරන එකෙත් බිල ගෙවන්නෙ අපිම තමයි ..

    ReplyDelete
    Replies
    1. ඔව් සරත් මුන්ගේ සම මලදනෙම බිල ගෙවන්නේ අපි තමයි.

      Delete
  17. නෙත් එකේ බැලුම්ගලට එල වැඩසටහනකුත් කරා ඔය කට්ටිය එක්කගෙන ආපු හැටි පිලිඹඳ

    ReplyDelete
    Replies
    1. මම TV බලන්නේ නැති නිසා ඒ ගැන වැටහීමක් නැත.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...