Wednesday, April 17, 2013

මස් කඩේ බෝඩ් ලෑල්ල

අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා ලියන පොස්ට් එක නිසා සැමෝටම සුබ නව වසරක් වේවා! මත්තලින් ගුවන් ගත වීමට හැකිවේවා! කියලා ප්‍රර්ථනා කරලම වැඩේ පටන් ගන්නවා.

අපේ චන්දන මලයා "බුරු වෙළදාම" කියන පොස්ට් එක බලන්න ඇති නේද? බැලුවේ නැති අය ඉන්නවනම් ඔය දීලා තියෙන ලින්කුවට කොටලා බලා එන්නකෝ. ඒ කතාවෙන් ඉතා අපුරුවට කියවෙනවා, සැමදෙනාගේම උපදෙස් වලට කන්දීලා, ඒවා කරන්න ගියාම වෙන අබග්ගේ. මේ ඉතින් අවරුදු කාලේ හින්දා බොහෝ උපදෙස් ලැබෙනවා. මං  තුමා නම් පොඩි කාලේ ඉඳන්ම කලේ ලැබෙන උපදෙස් ඔක්කොම අහන් ඉඳලා, ඒවා ගානකට නොගෙන  මං  තුමාට ඕන කරන දේ කිරීමයි. 

මේ කතාවත් ඉතින් හැමෝම දෙන උපදෙස් අහන්න ගිය කෙනෙක්ට උන් අබග්ගයක් ගැන තමයි, මේ කතාව බොහෝ දෙනෙක් අහලා ඇති, නව පරපුරේ උදවිය සමහර විට අහලා නැතිවත් ඇති. කොහොම උනත් කියවල බලලා මතකය අලුත් කරගන්නකො.

ඔන්න එකෝමත් එක කාලයක තම්බි කෙනෙක් මස් කඩයක් කරගෙන ගියා. ඉතින් ඔහොම මේ කඩය කරගෙන යන අතරේ  මෙතනට එන ගනුදෙනු කාරයෝ මෙහෙම කියන්න ගත්තා.

"මොකද තම්බි මේ මස් කඩේ බෝඩ් ලෑල්ලක් වත් හයි කරන්නේ නැත්තේ,  බෝඩ් ලෑල්ලක්  දාන්නකෝ"

මේ කතාව අහපු තම්බි කල්පනා කරා මේ කියන්නේ ඇත්ත තමයි, මේකට හොද ලස්සනට බෝඩ් ලෑල්ලක්  හයි කරන්න ඕන කියලා. එහෙම හිතපු අපේ තම්බි මුදලාලි මේ වගේ බෝඩ් ලෑල්ලක්  අන්දලා කඩේ සවි කරා.


දැන් ඉතින් තම්බි මුදලාලිට හරි සතුටුයි. බොහොම උජාරුවෙන් කඩේ වැඩ කරගෙන යනවා. දැන් මේ බෝඩ් ලෑල්ල දැක්ක ගනුදෙණු  කාරයෙක් මෙහෙම කියනවා;


"මොකක්ද තම්බි මේ බෝඩ් එකේ ලියලා තියෙන්නේ, තමුසේ ඉතින් සිංහල දන්නා එකක් යෑ, මෙහි හොඳ මස් විකිණීමට  තිබේ කියන්න ඕන නැහැ නේ, මොකද කඩේ නැතිව තමුසේ ගෙදරත් මස් විකුණනවද? ඔය බෝඩ් එකේ මෙහි කියන වචනේ ඕනේම නැහැ."

තම්බි මුදලාලියත් කල්පනා කරා ඇත්ත නේන්නම් මේ මනුස්සයා කියන්නේ කියලා. එහෙම හිතලා තීන්ත ටිකක් අරගෙන බොඩ් එකේ මෙහි කියන වචනය කපලා දැම්මා. දැන් බෝඩ් ලෑල්ල තියෙන්නේ මේ විදිහට.


මේ බෝඩ් එක  දැකපු තවත් ගනුදෙණු  කාරයෙක් මෙහෙම අදහසක් දෙනවා;

" ආ මුදලාලි.. බෝඩ් එකක් දාලා තියෙන්නේ... ඇත්තටම තමුසෙට පිස්සුද, හොඳ මස් විකිනීමට තිබේ කියලා දාන්න, ඇයි  ඔයි මෙච්චර දවසක් තමුසේ වික්කේ නරක මස් ද?"

මේ කතාව ඇහුවා විතරයි තම්බියගේ ඉහ මොළ රත් වුනා. කැපුවා බෝඩ් එකේ තියෙන හොඳ කියන වචනය 
දැන් ඉතින් හරි 

ටික වෙලාවක් යනකොට තවත් කෙනෙක් ඇවිත් මෙහෙම කියනවා ;

"මොකද තම්බි තමුසේ මේ කඩේ එළවලු එහෙමත් විකුණනවද? මස් විතරනේ විකුනන්නේ. ඉතින් මස් විකිනීමට තිබේ කියන්නේ මොන එහෙකටද?"

මුදලාලිත් කල්පනා කරා ඇත්ත නේනම් මේ මිනිහා කියන්නේ, මේ මස් කියන වචනේ බෝඩ් එකට ඕනේ නැහැ. ඔන්න ඉතින් කලින් වගේම මස් කියන කොටසත් කැපුවා.


තවත් ටික වෙලාවක් යනකොට අපු කෙනෙක් මෙහෙම කියනවා;

"මොකද තම්බි මේ විකිණීමට තිබේ කියලා බෝඩ් එකක්, තමුසේ නොමිලයෙත් දෙනවද?"

තම්බි මුදලාලියා කල්පනා කරා, ඇත්ත නේන්නම් මම කවදාවත් නිකන් මස් දෙන්නේ නැහැ නේ, එහෙම හිතලා කැපුවා  විකිණීමට  කියන වචනෙත්. දැන් ඉතින් බෝඩ් එක මේ වගේ;



මේ විදිහට බෝඩ් එකේ වෙනස්කම්  කරපු තම්බි අන්තිමේදී ඔලුව කස කසා බෝඩ් එක දිහා බල බලා ඉන්නවා හැමෝටම දකින්න ලබුනාලු.


41 comments:

  1. ඇයි මුදලාලි තිබේ කියල ගහල තියෙන්නෙ නැති දවසුත් තියෙනවද?
    ඊට පස්සෙ ඉතිං බෝඩ් එක ගලෝල දැම්මලු.

    හයියෝ බෝඩ් එකක් නිසා වෙච්ච දෙයක්.

    ReplyDelete
    Replies
    1. තිබේ කැපුවේ නැත්තේ ඒ ගැන අදහස් කොමෙන්ට් වලින් දැනගන්න.:D

      Delete
  2. මෙන්න මේ සිද්දිය මම දන්න මගේ ලඟම කෙනෙක්ට උනා ..
    මුළු ලෝකෙම අය කියපු දේ ඇහුවා , මෙච්චර ලඟින් හිටපු මම
    කියපු දේ ඇහුවේ නැහැ ..අන්තිමට හිතාගන්නවත් බැරි දේවල්
    ටිකක් උනා ..මාත් ඉතින් බලන් උන්නා නටන නැටුම් දිහා ..බලමුකෝ
    හති වැටේවිනේ නාට්ටිය අහවර වෙද්දී ...

    නේද අයියේ ..? මගෙත් ඉළ ඇදුනා ඕවට ඔට්ටු වෙලාම පහු ගිය ටිකේ ..
    අපි බලමුකෝ ඉස්සරහට නේද ..?


    මම නම් ඔය වගේ හේතු නිසා 3 වෙනි පාර්ශව සභාගි කර ගැනීම නැතිම
    තරම් වැඩක් කරද්දී .විශේෂෙන්ම උපදෙස් දීමට පමණක් එන පිරිස .
    (ක්‍රිකට් මැච් වලදී උපදෙස් දෙන්න එන අය වගේ කට්ටිය ) ඕනේ බරක්
    කරට අරන් අවසාන මොහොත දක්වා ඉන්න අය එක්ක නම් 100% විවෘතව
    මම වැඩ කරනවා ..වචී පරම පිරිස නම් මම හලනවා ළඟ ..

    ( ඉස්සර නම් ඉතින් හැමෝම සතුටු කරපු කාලයක් තිබුණා තමයි ..ඒක මම
    පිළිගන්නවා ..)

    [මේ කමෙන්ට් එක සැර වැඩිද මන්දා ..මගේ ප්‍රතිරූපයට හානියක්ද මන්ද ..:P ]

    ReplyDelete
    Replies
    1. කිසිම සරක් නැහැ සහන්, මේ කියලා තියෙන දේ හරියටම හරි.

      Delete
  3. මමත් නම් කවුරු මොනවා කිව්වත් අහන් ඉන්නවා,, ගන්න දෙයක් තියනවා නම් ඒ දේ අරන් අනවශ්‍ය දේ බැහැර කරනවා,හැබැයි කරන්නේ මට ඕනේ දේ..

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ඉන්න ඕන.

      Delete
  4. අන්තිමට මේ කඩේ ගාවින්, කණ පාත් වෙන ගානට දාගත්ත බෙබෙ කෙනක් යද්දි, මේ බෝඩ් එක බලලා, සරමත් කරට අරන් ඇහුවලු,

    ‘තොගෙ අම්මගෙ @@@@ත ද යකෝ තිබේ කියල ගහල තියෙන්නෙ ?‘ කියල.

    එදා ඉඳන් තම්බි බෝඩ් ගැහුවෙ නැතිලු.

    ReplyDelete
    Replies
    1. ඔය අදහස් එන්නේ. අන්තිම වචනෙට.

      Delete
  5. මගේ ගැන නම් කියද්දි සැමි අයියා කියනවා අපි ඉතින් පැල් බැදගෙන මොනවා කිව්වත් වැඩක් නෑනේ. ඒ වෙලාවට අහගෙන ඉදල කරද්දි එයාට කැමති දෙයක් කරනවනෙ කියලා..

    සමහර වෙලාවට වැරදුනත් මගේ තීරණේම ඉන්න එක තමයි මගෙ විදිහනම්..

    ReplyDelete
  6. තම්බිනම් බෝඩ් ඇතත් නැතත් වැඩේ ගොඩදාගන්න දන්නවා,අපේ සමහරු වගේනේවෙයි. කොහොම උනත් චන්දනගේ කතාව වගේම ආදර්ශමත් කතාවක්.

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත අමිල, තම්බි කොහොමත් ගොඩ.

      Delete
  7. අනුන්ගේ පදේටම නැටුවොත් නම් ඔහොම තමයි වෙන්නේ ...

    ReplyDelete
    Replies
    1. ඔව් චමි, පදේ ගහන උන් හරි අසයි ඒ පදේට නටන හැටි බලන්න.

      Delete
  8. පොඩි කාලේ බත් කවන වෙලාවට ආච්චි/අම්ම/නැන්දල කියපු යක්කු/හොල්මන් කතා අහගෙන බත් ගුලි ගිල්ල.නමුත් පොල් කට්ටක් පිරෙන්න චු කරන්න පුළුවන් වුන දවසෙ ඉදල වටේ ඉන්න අය[ගෙදර මහ අය හැර]දෙන ගුලි නම් ගිල්ලෙ නැහැ.තමන්ගෙ මට්ටම් තම් මට්ටම් කියල මට හිතුන දේ කලා.එහෙම කරල ඇනගත්ත අවස්ථාත් නැතුවා නොවේ.

    ReplyDelete
    Replies
    1. ඔබව සාදරයෙන් පිලිගන්නවා කෙන්ජි, දිගටම මේ පැත්තේ එන්න.

      Delete
  9. මම අහලා තියෙන්නේ අලුත් මාළු විකිණීමට තිබේ කියන බෝඩ් එකේ කතාව

    …මුලින් අලුත් මාළු - ඇයි පරණ මාළු විකුණන්නේ නැහැනේ
    …ඊළඟට විකිණීමට - ඇයි නිකම් දෙන්නේ නැහැනේ
    …ඊළඟට තිබේ - තියෙන නිසානේ බිස්නස් කරන්නේ
    …අන්තිමට මාළු - ඇයි මෙතන මාළු නැතුව එළවළු විකුනන්නේ නැහැනේ :D

    ReplyDelete
    Replies
    1. මස් , මාළු වල වෙනස විතරයි වගේ.

      Delete
  10. හැක් හැක් පට්ට සීන් එක.

    ReplyDelete
  11. මං නම් අහල තිබුනේ නෑ මේක. හාස්‍යය සමග ආදර්ශයක් දෙන කතාවක්. හිනා ගියා අන්තිම බෝඩ් එක දැකල නම්. :D

    ලින්කුවට ස්තුතියි අයිලාෂ් අයියා..!!

    ReplyDelete
  12. කතාව නම් අහ්ලා තිබුනා.නමුත් මේ පොස්ට් එකේ චිත්‍රත් එක්ක දකිද්දි ආයෙම ගොඩක් රස වින්දා. මිනිස්සු බලන් ඉන්නෙ ඇදක් අල්ලන්නමනෙ. සයිලන්ට්සහන් කියන කතාවට මමත් එකඟයි.

    ReplyDelete
    Replies
    1. චිත්‍ර කතාවක් වගේ නේද?

      Delete
  13. බලපන්කො වෙන වැඩ! බුරුවාගේ දෙක!!!

    ReplyDelete
    Replies
    1. බුරුවා දෙක = මස් කඩේ බෝඩ් එක.

      Delete
  14. මේ කතාවම වෙනත් විදියකට කතන්දර කාලෙකට ඉහතදි ලියලා තිබුනා වගේ මතකයි. කොච්චර ඇහුවත් එපාවෙන කතාවක් නම් නෙමේ.:)

    චන්දනගේ 'බූරු වෙලඳාම ' කියෙව්වා. අර බූරුවෝ ගොඩක් ඉන්න කතාව නේද? :D

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩි, මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කතාවක් තමයි.

      Delete
  15. ඊට පස්සෙ මම යනකොට මූ 'තිබේ' කියලා බෝඩ් එකක් ගහගෙන ඉන්න නිසා මම ඇහුවා, "මොකද මුදලාලි මේ තිබේ කියලා ගහගෙන ඉන්නේ? මොනවද තියෙන්නේ?" කියලා. පොරට මල පැනලා ඒක ගලවලා වීසිකලා ඕං. :))

    ReplyDelete
    Replies
    1. මොකක්ද බන් ගලවලා විසිකලේ? :D

      Delete
    2. මුදලාලිය සරම ගලවල වීසි කරල මේක තමයි බොලව් තියෙන්නෙ කියල පෙන්නුවලු ඩූඩ්ට.

      Delete
    3. එකත් මසට විකුණනවද ප්‍රසන්න.

      Delete
    4. ඔය කිව්වෙ දැක්කා වගේ. අන්න එහෙම තමයි වුනේ! :D

      Delete
    5. ඇති ඔයින් ගියා. මම හිතුවේ වලියක් යයි කියලා.

      Delete
  16. දැන් අර කීප දෙනෙක් කියලා තියන විදිහට තිබේ කෑල්ලත් හැලිලා, නිකම්ම බෝඩ් එක තියනවලු. තව එකෙක් ඇවිල්ලා කියනවලු, මොකද මුදලාලි මේ නිකං හිස් බෝඩ් එකක් තියාගෙන ඉන්නේ මොනවා හරි ලියන්නකෝ මේකෙ කියලා... ඉතිං ආපහු..................

    අනිත් අයගේ අදහස් වලට සවන්දීම, ඒවා සලකා බැලීම බොහොම හොඳ පුරුදු. සමහර වෙලාවට තමන් කලින් නොදැකපු යමක් වෙන කෙනෙක් දකින්න ඉඩ තියනවා. ඒකනේ ඔය පෲෆ් රීඩ් කරන්න එහෙමත් වෙනම අය ඉන්නේ. නමුත් ඉතිං අවිචාරයෙන් හැමෝගෙම කීම අනුව හැසිරෙන්න ගියාම ලෑල්ලත් නැතුව තමයි නතර වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර, ඔබගේ අදහස් දැක්වීමට.

      Delete
  17. කතාවෙ වර්ෂන් කීපයක්ම තියෙනවා,කොහොම උනත් හැම කෙනාම කියනදේ කරන්න ගිහින් අන්තිමේ තම්බිට තුන්කාල විතරයි ඉතුරු උනේ

    ReplyDelete
    Replies
    1. හි.. හි... අන්න හැලපේ නියම උත්තරේ දීලා තියෙනවා.

      Delete
  18. ඔව් අයිලාස් ඔහොම ලෝකයා කියන කියන විදියට කොරම්ඩ ගිඔයොත් නම්...තුන්කාලවත් ඉතුරු වෙන්නෙ නෑ තමයි..අළුත් අවුරුද්දට නියම පණිවිඩයක් !

    ReplyDelete
    Replies
    1. වෙනි ගොඩ දවසකින් නේද? ස්තුතියි අඩසැහැ දැක්වීමට.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...