Friday, April 12, 2013

නත්තල් තෑග්ග



 "උඹ නම් මහා ගොනෙක්", "බූරුවෙක්", "ඔය වගේ අපරාද වැඩ කරන්න එපා යකෝ" මේ කතාව අහපු බොහෝ දෙනෙක්ගෙන්  ඔය වගේ නොයෙකුත්  ගරු නම්බු නාම ලැබුනත් අවසානයේදී හැමෝම වගේ කියුවේ "උඹ කරලා තියෙන වැඩෙත් එක අතකට හරි මචන්" කියපු එක උනත්, එකෙක් නම් කියුවේ " ඔය කරපු වැඩේට උඹට හෙන ගහන්න ඕන යකෝ.." කියලයි. ඔන්න එහෙනම් බලාගන්න කෝ, මොකක් ද මේ මම කරපු අපරාධය කියලා. ඊට පස්සේ ඕගොල්ලන්ගේ අදහසත් කියලාම යන්න. මොකෝ මොනවා කියුවත් මම වෙන දෙයක් කරන එකක් යැ , අපහු සැරයක් කරන්නෙත් ඔය දේම තමයි.


මේ සිදුවීම උනේ 2010 වසරේ දෙසැම්බර් මාසයේ එක දවසක. එදා මම වැඩ ඇරිලා  ගෙදර යනකොට සාලය  මැද  ලොකු වේවැල් වලින් වියපු පෙට්ටියක් ලස්සන සැරසිල්ල එක්ක . මේක දැක්ක ගමන් මම දැනගත්තා hamper එකක් බව.

"ඔන්න අයිලාෂ් හැම්පර්  එකක් ගෙනත් දීල ගියා.  අපි එක ඇරියේ නැහැ ඔයා  එනකල් තිබ්බා" 

" හා පස්සේ බලමු" 


කියපු මම ඇඟපත එහෙම හෝදාගෙන  ඇවිත් මේක කාගෙන්ද කියලා බලනකොට තමයි දැනගත්තේ අපේ ආයතනයට අනුබද්ධ තවත් ආයතනයක ඩිරෙක්ටර්  කෙනෙක්ගෙන් කියලා. මුන්ටත් ඉතින් සල්ලි වලට කරන්න දෙයක් නැහැනේ කියල තනිවම කල්පනා කරමින් මම පියන ඇරියා. අප්පේ එකේ තිබුන දේවල්, බිස්කට් පැකට් එකයි , චොකලට් පැකට් එකයි, චීස් ටින් එකයි, නොයෙකුත් ජාති වල මත්  වතුර  බෝතල් කීපයක් සහ බිය කැන්  දෙකක්.

"අප්පට සිරි මේකා බෝම්බයක් එවුවානම්  මිට වැඩ හොඳයි" 

ඔහොම කියපු මම අර මත්  වතුර   බෝතල් ටික එලියට ගත්තා. අපේ ගෙදර මත්   වතුර සහ දුම් පානයෙන් තොර කලාපයක් වගේම ඔය ජරාව කටේ ගාගෙන මොන එකා ආවත්  ගෙටුවෙන් ඇතුලට එනවනම් බොරු. කොටින් ම කියුවොත් මතට තිත.  එහෙව් එකේ  දැන් මේ මගුලට මොකද කරන්නේ කියලා කල්පනාව. බිරිඳගෙන් සහ ලොකු පුතාගෙන් විවිධ යෝජනා අතරේ පොඩි එකා චොකලට් එක ගැන වග බලාගන්නවා. ඔය අතෙර් මම කලේ වහාම උපදෙස් ගැනීම සඳහා මගේ හිතවත් ස්වාමින් වහන්සේ නමකට කෝල් එකක් ගැනීම.

" තෙරුවන් සරණයි...!"

"තෙරුවන් සරණයි!, ස්වාමින්  වහන්ස, මම අයිලාෂ්"

" ආ මහත්තයා මොකද හදිසියේම"

ස්වාමින්  වහන්ස,  මම මේ කතා කලේ උපදෙසක් ගන්න, මට තෑග්ගක් ලැබිලා එකේ මත් වතුර බෝතල් වගයක් තියෙනවා මම මොකක්ද දැන් මේකට කරන්නේ"

"හ්ම්.. මහත්මය ම තමයි කල්පනා කරලා බලල සුදුසු දෙයක් කරන්න ඕනේ.."

"ස්වාමින්  වහන්ස,  මම මේක වෙනත් කෙනෙක්ට දුන්නොත්?"

"මහත්තයා  සුරා පානයට අනුබල දුන්න වෙනවා."

" එහෙනම් මේක විකුණලා  දැම්මොත්"

"විකුණලා මුදල් හරි ඒ හිලව්වට වෙන බඩු  මුට්ටු ටිකක් හරි  ගත්තොත්  එක නොකළ යුතු වෙළදාමක් බවට පත්වෙනවා"

" හරි ස්වාමින්  වහන්ස, මට දැන් තේරෙනවා මේක විනාශ කරන්න ඕනේ.."

"හරියට හරි මහත්තයා, හැබැයි වතුරටවත්, වෙන සතෙක්ට පෙවෙන විදිහකටවත් දමන්න එපා.."

"හොඳමයි ස්වාමින්  වහන්ස, එහෙනම් මට අවසරයි"


දැන් ඉතින් හරි හිත සුද්දෙන්  වැඩේ දෙන්න පුළුවන් පොඩි උන් දෙන්නත් එක්ක මේ බෝතල් සහ බියර් කෑන් ටික අරගෙන  ගියා  ගෙදරින් එලියට. අපේ ගෙදර එලිය පැත්තක ඔය පොඩි වැසිකිලි කැල්ලක් හදලා තියෙනවා, අර අපේ බලු යාළුවා බාන බඩු දාන්න.  ඔන්න ඔතෙන්ට ගිහිල්ල කොල්ලෝ දෙන්නට බලාගෙන ඉන්න කියලා  අර බෝතල් ටිකයි බියර් කෑන් දෙකයි  ගලවලා ඔය කියපු වැසිකිලිවලට හැලුවා.

මට නම් හිතෙන්නේ ඕවට  කොහොමත් සුදුසු තැන වැසිකිලි වල කියල. 

මේ අවුරුදු කාලේ  ලැබෙන ඔවැනි තෑගි වලට මේ වගේ සත්කාරයක් කරන්න පුළුවන් අය  ඉන්නවද?

 ප.ලි.:  කමක් නැහැ දැන් ඉතින් බනින උන් බැනලා හරි පලයල්ලා.

62 comments:

  1. ඒක නං විප්ලවීය වැඩක්. මෙහෙමයි උඹ බොන්නැත්නං කරපු වැඩේ හොදයි. උඹත් ලාවට අඩියක් විතර ගහනවනං ඔය දේ කරන්නේ බොරු ෂෝ එකට. අනිත් එක බං හැම්පර් එකක් ගෙදරට ලැබුනම ඒකට කරන්න ඕන දේ හාමුරුවන්ගෙන් අහන්න තරං උඹලගේ පන්සිල් පද පහ අමතක ද..

    (ඔන්න ඔහොමයි බනින්නේ.. හැක්)

    ReplyDelete
    Replies
    1. නැහැ මචන්, මම නම් කොහෙත්ම මත්වතුර පාවිච්චියක් නැහැ. හාමුදුරුවන්ගෙන් ඇසුවේ පන්සිල් පද අමතක වෙලා හින්දා නෙවී, මේ තිබුනේ බර මිලක් වෙන බදු නිසා ඕක විකුනුවොතින් වරදක් වෙනවාද කියන එක ෂුවර් කරගන්න.

      Delete
    2. යා යා... අපරාදේ මේ පාර හම්බ උනොත් මට කියහං කුනු ට්‍රැක්ටරේ එවන්නං අපරාදේ නෙව අර ප්‍රසා කිව්ව වගේ ලැට් වලේ පනුවෝ මරන්නේ... හිකිස්

      Delete
  2. Replies
    1. [ma]

      [im]https://lh6.googleusercontent.com/-QKfRzK1WR-s/UOhSCMoFPrI/AAAAAAAAAaU/AeOJ8JxRYEA/s1600/Shermie+fernandez42542+.jpg[/im]

      [/ma]

      Delete
    2. නලින් මලයාට, සහන් උත්තරේ දීලා නේ.

      Delete
    3. අනේ ඔව්.... බලන්න මොනතරම් සුන්දර ද මේ උත්තර..මේකනේ විය යුත්තේ.. එත් අපේ අනිත් කිපදෙනෙක් කරන දේ නිසා අද මට මගේ ලොකු දුව දුරස් වෙලා..

      Delete
    4. ඒ මොකක්ද බං, ඒ කතාවේ තේරුම

      Delete
  3. අයියා ඔහොම කරා කියල පිලිගත්තට වෙන කෙනෙක්නම් කරන්නෙ නෑ ඒක සහතිකයි.. අපේ මනුස්සයවත්.... ෂේප් එකේ හංගල තියයි...

    ReplyDelete
    Replies
    1. මොකටද නංගියේ ඔය ජරාව, මම නම් හිතන්නේ දුම් සහ මත්වතුර බොන උන් අතරේ නොබී ඉන්න ආත්මශක්තියක් තියෙන්න ඕන.

      Delete
  4. \\\\කොල්ලෝ දෙන්නට බලාගෙන ඉන්න කියලා////

    මෙන්න මේක තමයි වැදගත්ම කොටස අයියේ..
    පුතාලට තදින් හිතට වදින්නැති ...
    මම ඔය ගැන දීර්ඝ පැහැදිළි කිරීමක් කරපු තැනක්
    ඇති ..( මගේ මත් ද්‍රව්‍ය භාවිතය ගැන ) ඉන්නකෝ
    හොයන් දාන්න ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහන් මලයෝ.

      Delete
  5. මම මේ දුව්න ආවේ මම කැමරාවක් ගත්තා කියන්න... ^_^

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් ඕක සමරන්නම වෙනවා
      ශම්මියෝ ජයටම ... මොකද කියන්නේ ...:P

      Delete
    2. ජයවේවා! දැන් ඉතින් දිගට හරහට වැඩ පටන්ගන්න තියෙන්නේ ශම්මි.

      Delete
    3. සහන් - හික්ස්,, සමරමු සමරමු,, එන්ටකෝ 21 වෙනිදා ;)

      අයිලාෂ් අයියා - එච්චඑ හරියක්නම් කොරන්නට බැරිවෙයි,, හැබැයි පුරුදු වෙලා හොද පොතෝ කෑලි ටිකක් දාන්නම්..

      රජා - බොලාගේ අවසානේ..

      Delete
    4. Congratulations Shammi! :)

      Delete
  6. මමත් අඳුරන කෙනෙක්ට හැම්පර් එකක් ලැබිලා ඒකේ තිබුණු මත් වෙන ජාති ටික එයා නම් ඒවා පාවිච්චි කරන කෙනෙක්ටම දීලා දැම්මා. අයියාගේ වැඩේ නම් අගය කරන්න ඕනේ. සුරාමේරය සිල් පදේ අකුරටම rAkalaa. ඒ වගේමයි අයියා පුතාට දීපු ආදර්ශෙත් විශිෂ්ඨයි

    ReplyDelete
    Replies
    1. පාවිචි කරන කෙනෙක්ට දුන්නත් බිමට අනුබල දුන්නා වෙනවනේ.

      Delete
  7. වැඩේනං ආදර්ශමත්. එක්කො ඕක එවපු කෙනාටම ආපහු ගිහින් දෙන්න තිබ්බ මම ඕව පාවිච්චි කරන්නෙ නෑ කියල.

    එතකොට ඔය ලැට් වලේ ඉන්න පණුවන්ට ඕව පෙවෙන්නෙ නැද්ද? :D

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයට ආපහු දෙන්න බැහැ ප්‍රසන්න, හරිම අහිංසක කෙනෙක් එහෙම අපහු දුන්නානම් එයාගේ හිත හොඳටම කලකිරෙනවා.

      අප්පට සිරි, ලැට් වලේ පනුවෝ මතක්වුනේ නැහැ නේ බන්.

      Delete
  8. මට ගහපන් ඔය බෝතලේකින්! ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හිටු ඔහොම, පොල් තෙල් ගෙනාපු බෝතලයක් තියෙනවා, එකෙන් බොට ගහනකම්.

      Delete
  9. හරි පුදුමයි. මම නම් මගෙ ජීවිතේටම ඔය ඇහුවමයි ඔහොම දෙයක්. හරි ගටක් තියෙන්න එපැයි ඔහොම කරන්න. දරුවන්ට ආදර්ශය හොඳයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි, ඔය විතරක් නෙවේ අපේ ගෙදර හදනකොට සිගරට් බීපු බාස් ලා කීප සැරයක් පැන්නුවා, ගෙදර හදන වැඩේ කොට උඩ. අන්තිමේදී මගේ සිමාව ඇතුලේ සිගරට් බොන්නේ නැහැ කියලා පොරොන්දු උන සෙට් එකකට දීලා තමයි වැඩේ ඉවර කලේ.

      Delete
  10. අපරාදේ බං අයියේ කරොත් කරන්නේ නොහොඹිනා වැඩක්ම තමයි මට දුන්නනම් මොකද බොල??????

    ReplyDelete
    Replies
    1. උඹලා වගේ පොඩි කොල්ලෝ අමාරුවේ දන්නේ නැහැ බන්.

      Delete
    2. @ කොරලයා, දුන්නනම් මුකුත් වෙන්නෙ නෑ. ඔයාගේ බනි අයිලාශ් අයියගේ පවුලේ අය ආදරයෙන් මතක් කරයි..

      Delete
    3. ඔව් ඔව් අපිට කිබුහුම් යන එක තමයි වෙන්නේ

      Delete
  11. පව් බන්, අර අහින්සක පනුවන්ට බලෙන් පොවන්නෙ නැතුව කැමැත්තෙන් බොන එකෙකුට දෙන්න් තිබ්බෙ.
    හුටා... තෑග්ග දුන්න එකා මේ බ්ලොග් එක කියවන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හි හික්.. ඇත්තටම ලැට් වලේ ජරා ගොඩේ ඉන්න පනුවොත් බොන්නේ නැති ඒවානේ මේ අපේ උන් කැමැත්තෙන් බොන්නේ.

      දුන්න එකා බ්ලොග් කියවන එකෙක් නෙවේ.

      Delete
  12. දරුවන්ට දුන් ආදර්ශය උතුම්.. කලාතුරකින් කෙනෙකුට කරන්න හිතෙන දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔබව සාදරයෙන් පිලිගන්නවා පළමුවෙන්ම, දිගටම මේ පැත්තේ ගොඩවෙන්න.
      ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තුතියි.

      Delete
  13. ////අපේ ගෙදර මත් වතුර සහ දුම් පානයෙන් තොර කලාපයක් වගේම ඔය ජරාව කටේ ගාගෙන මොන එකා ආවත් ගෙටුවෙන් ඇතුලට එනවනම් බොරු. කොටින් ම කියුවොත් මතට තිත.////
    මෙන්න මගෙන් මල්..............

    මතින් තොර සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. යසිත් මලයාටත් එසේම වේවා!!

      Delete
  14. මොනා කියන්නද තමන්ට හරියි කියලා හිතෙන දේනේ කව්රුත් කරන්නේ! ඒත් මට ඔහොම තෑග්ගක් හම්බවුනා නම් ඔයිට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තමා වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම උඹට ලැබුනානම් මොකද බන් කරන්නේ?

      Delete
    2. බෝතල් ටික පේලියට තියල ඒක ඉස්සරහින් වාඩි වෙලා භාවනා කරනවා :D

      Delete
    3. ඔව් ඔව් උඹ එහෙමම කොරයි අරවා ටිකින් ටික ඉවර වෙනකල්.

      Delete
    4. භාවනාව ඉවරවෙනකොට නිශාන් හරහ තමයි. :D

      Delete
  15. අයියණ්ඩි ට මෙන්න සැලියුට් එකක්..!!

    ReplyDelete
  16. මොනවා කියන්ඩද අප්පා.මමත් සුරාවට නෑනේ.හැබැයි මට ඔහොම එකක් හම්බ උනානං මම දෙනවා බොන එකෙක්ට.දීලා ඌව ඉක්මනට මේ ලෝකෙං තුරං කිරීමේ පුණ්‍යකර්මයට දායක වෙනවා.

    ReplyDelete
    Replies
    1. හෑ දිනුක, එකත් මරු අදහසක් තමයි.

      Delete
  17. හොඳ ආත්මශක්තියක් අවශ්‍ය කරන වැඩක්,පොඩි දෙන්නට දුන්නු ආදර්ශය නම් හරිම අගෙයි.
    අයිලාෂ්ටත් පවුලේ සියලුම දෙනාටත් ලබන්නාවූ නව වසර සුබම සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් හැලපයියේ!
      අවුරුදු කුමාරය වගේ අවුරුදු උදාවත් එක්ක මෙහෙට ගොඩ වුන්නට ස්තුති......
      දිගටම එන්න ඈ...........................

      Delete
  18. පුතාට දීපු තෑග්ග ඔක්කොටම වඩා හොඳයි.
    හැමෝටම සුබ නව වසරක්!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති, ඔබටත් සුබ නව වසරක් වේවා!

      Delete
  19. ඔබ ඇතුළු පවුලේ සැමටත් එසේම වේවා!

    ReplyDelete
  20. මොනාද බං, අර පණුවන්ට ඩෝප් වෙනවනෙ.

    අයිලාස් ඇතුලු පවුලේ හැම දෙනාටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා. :)

    ReplyDelete
    Replies
    1. ඇයි උඹලට විතරද බොන්න හොඳ?, පණුවන්ට නරකද?..

      Delete
  21. පණුවන්ට වෙරිද දන්නේ නෑ දැන් නෙහ්?

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අයිලාශ්!

    ReplyDelete
    Replies
    1. නෑ... නෑ .. පනුවෝ බිලත් නැහැ.

      Delete
  22. මීට පස්සෙ වැසිකිලියට ගිහින් වෙන වෙන ජාති දාන කට්ටියට පණුවෝ එලෝ එලෝ ගේම දෙයිද දන්නෙ නෑ.

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ වැසිකිලියට කවිරුත් යන්නේ නැහැනේ

      Delete
  23. [box]වාව්... අදහන්න වටින වැඩක්... අයිලාෂ් අය්යට මගේ ආචාරය!!![/box]

    ReplyDelete
    Replies
    1. මම ඉතින් මතට තිත නේ.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...