අපි භාවිතා කරණ ඩිජිටල් කැමරා වල ඔටෝ ෆෝකස් (Auto Focus System) පද්ධතිය ක්‍රියා කරන්නේ කෙසේදැයි යන කරුණ පිළිබඳව සරල දැනුමක් ලබා ගනිමු.
ඩිජිටල් කැමරා වල ඔටෝ ෆෝකස් (Auto Focus System) පද්ධතිය වෙනුවෙන් සෙන්සර, පාලක පද්ධතියක් (Control unit) සහ මෝටරයක් අවශ්‍ය වේ. මෝටරය අවශ්‍ය වනුයේ කාචය නාභිගත කිරීම (Focusing) සඳහා වන අතර, එම මෝටරය කැමරා බොඩිය තුල හෝ ලේන්සය තුල ඇතුලත් කර ඇත.
ප්‍රධාන වශයෙන් ඔටෝ ෆෝකස් ක්‍රමවේදයන් දෙකක් භාවිතා වේ.
1. Active Auto-focus system
2. Passive Auto-focus system
Active Auto-focus system: මෙම ක්‍රමය ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ point and shoot cameras වල වන අතර, ඒ සඳහා අතිධ්වනි තරංග (ultra sonic sound wave) හෝ අධෝරක්ත කිරණ (Infra Red (IR) beam) ධාරාවක් කැමරාවේ සිට වස්තුව වෙත නිකුත්කර, එහි පරාවර්තයන මැනීමෙන් එම වස්තුවට ඇති දුර පිළිබඳව ගණනය කිරීමක් සිදු කරණ අතර එම ගණනය කිරීමෙන් ලැබෙන දුර ප්‍රමාණයට සරිලන ලෙස කැමරා කාචය නාභිගත කිරීම සඳහා මෝටරය වෙත සංඥාව පාලක පද්ධතිය මගින් ලබා දේ. (දැන් මේ සඳහා බොහෝවිට භාවිතා වන්නේ අධෝරක්ත කිරණ වේ.)
Passive Auto-focus system: මෙම ක්‍රමය භාවිතා කරනුයේ DSLR සහ Hybrid කැමරා සඳහාය. මෙහිදී කැමරාව වෙතින් වස්තුව කරා අතිධ්වනි තරංග හෝ අධෝරක්ත කිරණ වැනි බලශක්තියක් නිකුත් නොකෙරේ. (ආලෝකය මඳ අවස්ථාවන්හිදී පමණක් Auto-focus assist beam එකක් ආලෝකය සැපයීම වෙනුවෙන් යොදා ගනී.) මෙම ක්‍රමයේදී සිදුකරනු ලබන්නේ කැමරාව එම වස්තුව දකිමින් එයට සරිලන පරිදි කාචය නාභිගත කරගැනීමයි. Passive AF ක්‍රමය තවදුරටත් Contrast Detection සහ Phase Detection. ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදේ.
ඉහත දැක්වෙන්නේ Nikon D80 කැමරාවේ AF modes වේ.
Contrast Detection
මෙම ක්‍රමයේදී, කැමරාවේ ලේන්සය තුලින් විත් එහි ප්‍රධාන සෙන්සරය (main sensor) මත ඇතිවන ප්‍රතිබිම්බයේ ඇති ආලෝකයේ වෙනස (Contrast) එම ප්‍රධාන සෙන්සරය මගින්ම මැනීමක් සිදුකරනවා. නිවැරදි නාභිගත වීමකදී, ප්‍රතිබිම්බයේ එක ළඟ ඇති පික්සල් ( pixels) අතර ඇති ආලෝකයේ තිව්රතාවයේ වෙනස (intensity difference) වැඩි වෙනවා. පාලක පද්ධතිය එහි ඇති විශේෂිත ඇල්ගොරිදමයක් (algorithm) උපයෝගි කරගනිමින් මෙම ආලෝක තිව්රතාවයේ වෙනස මානනය කරමින්, ලේන්සය ඉදිරියට සහ පසුපසට ගෙනයාම සඳහා මෝටරය වෙත සංඥා නිකුත් කරණ අතර, ආලෝක තිව්රතාවයේ වෙනස උපරිම වන අවස්ථාව නිවැරදි නාභිගත කිරීම ලෙස තීරණය කරනවා.
සාමාන්‍යයෙන් මෙම Contrast Detection Auto-focus ක්‍රමය සාපේක්ෂ වශයෙන් මන්දගාමී බවක් දක්වනවා. විශේෂයෙන් අඩු ආලෝක තත්වයන් හීදී නාභිගත කිරීමට ගතවන කාලය අධික වන අතර, නාභිගත කිරීමට නොහැකි වීමටද පුළුවන.
බොහෝවිට බ්‍රිජ් කැමරා සඳහා මෙම ක්‍රමය යොදාගන්නා අතර, මුල් කාලයේ DSLR කැමරා සඳහාද මෙම ක්‍රමය යොදා ගනු ලැබුවා.
පහත ආදර්ශයෙහි ඇති sliding bar එක වෙනස් කරමින් Contrast Detection Auto-focus ක්‍රමය ගැන වඩාත් නිවැරදි අවභෝධයක් ලබාගන්න.
Phase detection.
මෙම ක්‍රමයේදී, කාචය තුලින් ලැබෙන ආලෝක ධාරාව, කුඩා මයික්‍රෝ කාච දෙකක් මගින් දෙකට බෙදා, මේ වෙනුවෙන්ම ඇති සෙන්සර දෙකක් වෙත යොමුකර, එම සෙන්සර දෙකෙහි ඇතිවන ප්‍රතිබිම්බ දෙක සංසන්දනය කිරීමක් කරනු ලබයි. මෙහිදී පාලක පද්ධතිය මෙම ප්‍රතිබිම්බ දෙකෙහි ඇති ආලෝක තිව්රතාවයේ වෙනස සහ වෙන්කුරු දෝෂය (separation error) මැනීමක් සිදුකර ඒ මත කාචය නාහිගත කිරීම වෙනුවෙන් මෝටරය වෙත සංඥා නිකුත් කරයි. මෙම වෙන්කුරු දෝෂය (separation error) මැනීම මගින් කාචය නාභිගත කිරීම සඳහා කරකැවිය යුතු දිශාව (ඉදිරියට හෝ පසුපසට) තීරණය කිරීමේ හැකියාවක්ද ඇත. එබැවින් මෙම ක්‍රමය ෆෝකස් කිරීමේදී වඩා කාර්යක්ෂම වන අතර, දැනට ඇති සාර්ථකම ක්‍රමය වේ.
පහත ආදර්ශයෙහි ඇති sliding bar එක වෙනස් කරමින් Phase detection Auto-focus ක්‍රමය ගැන වඩාත් නිවැරදි අවභෝධයක් ලබාගන්න. එමෙන්ම එහි flip mirror to take picture ලෙස නම්කර ඇති check box එක මත click කර බලන්න.
බොහොම ස්තූතියි විස්තරයට....
ReplyDeleteඅද ඉස්සෙල්ලේම ඇවිත් ඉන්නේ මගේ ගෝලීය......:D
Deleteඒකනේ.... :D :D
Deleteමරම වටින කරුනු ටිකක් අයිලාශ්.අදමයි දෑනගත්තෙ අත්තටම වෙන දෙ...
ReplyDeleteඉතාමත්ම වටිනවා අයිලාෂ් මේ තාක්ෂණික තොරතුරු... හැමෝම පිංතුර ගත්තත් මේ ක්‍රමවේද ගැන අවබෝධයක් ලැබෙන්නේ මෙවන් ලිපි වලින් තමයි
Deleteඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි
Deleteබොහොම ස්තුතියි කාලීනව අතශයින් වැදගත් තොරතුරු සමුදායක් ලබාදීම පිළිබඳව. අද බහුලව පාවිච්චි කරන්නේ point and shoot කැමරා නිසා ඒවාගෙන් හැකිතරම් තාත්වික ඡායාරූප ගැනීම ගැන තවදුරටත් කරුණු කියාදීම බොහොම ප්‍රයෝජනවත් වෙනු ඇති.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
බොහොම ස්තුතියි විචාරකතුමණි, බොහෝ කාලෙකින් නේද මේ පැත්තේ ගොඩ වුනේ.
DeleteCamera 1k nam na mama gaawa. Mama cam 1ta use karanne Nokia 6220c phone ekak. Ekath focus karaddi lense 1 move wenawa penawa habayi.
ReplyDeleteoptical focusing තියෙන ෆෝන් කැමරා බොහොමයක් තියෙනවා.
Deleteස්තුතියි අයියා.. බොහොම වටින කරුණු ටිකක් කියල දුන්නට..
ReplyDeleteස්තුතියි මලේ සැමදාම ගොඩවෙලා දෙන සහයෝගයට.
Deleteමේ තොරතුරුවලට ගොඩාක් ස්තූතියි අයිලාශ් අයියා.....
ReplyDeleteස්තුතියි චම්ස්, ඔටෝ ෆොකසින්ග් වෙන විදිහ පැහැදිලියි නේද?
Deleteකවදත්වගේ වටිනා පොස්ට් එකක්. ගොඩක් ස්තුතියි දැනුවත්කරාට.
ReplyDeleteදැන්වත් නිවැරදිව focus කරන්න ඉගෙනගන්න ඕන.
ස්තුතියි මල්ලි. ඔයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙන්නේ.
Deleteමෙව්වා දකිනකොට තමා කැරමාවක් ගන්ඩ හිතෙන්නේ
ReplyDeleteඉතින් කැමරාවක් අරන් ෆොටෝ ගහන වැඩේ පටන් ගමු මලේ.
Deleteස්තුතියි අයිලාස්. එතකොට Face detection, smile detection වගේ විශේෂාංගත් ෆෝකසින්ග් එක්ක එකට වැඩ කරනවා නේද? අනික ඔය infra red beam එක ෆ්‍රේම් එකේ මැද තියෙන වස්තුවකට තමයි සාමාන්‍යයෙන් ෆෝකස් වෙන්නේ නේද? නමුත් අර ඉහත කී විශේෂාංග තියෙනවානම් ඒවා සාමාන්‍ය ක්‍රමය override කරනවා මම හිතන්නේ.
ReplyDeleteඋදාහරණයක් විදියට, හිනා මූණ තියෙන්නේ ෆ්‍රේම් එකේ මැද නොවුනත් smile detection වලින් හිනාවට ෆෝකස් වෙනවා නේද?
ඔය කියන infra red beam එක Auto-focus assist beam එක නේද? එක ආලෝකය මදි නිසා අමතර ආලෝකයක් ලබාදීම නේ කරන්නේ.
Deletesmile detection වලින් කෙරෙන්නේ හිනාවක් detect උනහම ශ්ටර් එක රිලීස් වෙන එක නේද මචෝ.
Face detection වලින් කරන්නේ focusing point එක මුහුණට සිලෙක්ට් කරණ එකයි.
Face detection, smile detection වගේ විශේෂාංග තියෙන point & shoot කැමරා වල තියෙන්නේ Contrast Detection focusing method එක.
සාමාන්‍ය ක්‍රමය override කරන්නේ මම දන්නා විදිහට එකම එක අවස්ථාවක් විතරයි ඒ තමයි DSLR වල Live view යොදය අවස්ථාව. DSLR වල Phase detection තිබුනට Live view යොදය විට එක Contrast Detection වලට මාරු වෙනවා.
kඅමෙන්ට් බොක්ස් එක හැඩ වැඩ වලට උඩින් දාන්නෝ.... මං දෙතුන් පාරක් පේජ් එකත් රීෆ්රේෂ් කරලා අමාරුවෙන් බොක්ස් ඒක හොයාගත්තේ. (තව කණ්නාඩි කුට්ටමක් ගන්න වෙයිද මන්දා... :D)
ReplyDeleteකන්ට්‍රාස්ට් ඩිටෙක්ෂන් එකේදී බැට්රි ඉක්මනට බහිනවා ඇති නේද? ෆේස් ඩිටෙක්ෂන් ඒක වඩා සාර්ථක හා අළුත් කැම් වැල යොදාගන්න තාක්ෂණය වෙන්න ඕනි.
ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇක්ටිව් ක්‍රමය වේගවත් කියලා මට හිතෙනවා. ඒකයි ෆේස් සිස්ටම් එකයි අතර සාර්ථක මොකක්ද? අනික ඇක්ටිව් ක්‍රමයෙදි ෆෝකස් විය යුතු පොසිෂන් සිලෙක්ට් කරන්න බැයිද? (එහෙම සිලෙක්ට් කරන එකත් ඔටෝ යටතට නේද ගැනෙන්නේ?)
කොහොමද මල්ලි කොමෙන්ට් බොක්ස් එකේ තැන මාරු කරන්නේ?
Deleteඔයා හරි Contrast Detection එකේදී බැටරි ඉක්මනට බහිනවා එකට හේතු තමයි main sensor එක භාවිතා කිරීම් සහ ෆෝකස් කිරීම වෙනුවෙන් වඩා වැඩි කාලයක් ලෙන්ස් එක සුසර කිරීමට සිදුවීම.
ඇක්ටිව් ක්‍රමයේදී වන්නේ range finder එකක් වගේ දුර පරාවර්තනය වන කිරණ මගින් තීරණය කිරීමයි. නමුත් Phase detection වලදී එය ප්‍රතිබිම්බය දකිමින් එහි ඇති ඇල්ගොරිදමය මගින් ෆෝකස් කරන නිසා ෆෝකසින් වඩා නිවැරදියි. එමෙන්ම මේ ක්‍රමයේදී ලෙන්ස් එක ෆෝකස් කරන්න ඕන පැත්තද තීරණය කල හැකි නිසා වඩා වේගවත්
ඇක්ටිවේ ක්‍රමයේදී ෆොකසින්ග් ෆොකසින්ග් සිල් කරන්න බැරි හෙතුව් වන්නේත් එය range finder ක්‍රමයට දුර තීරණය කරණ නිසා.
ස්තුතියි පිළිතුරට. පොස්ට් ඒක වඩා හොඳින් අවබෝධ කරගත්තා ඒ පිළිතුරෙන්.
Deleteමට පෙන්නේ ඔයා කමෙන්ට් බොක්ස් ඒක වෙනස් කරලා. "අදහසක් දාලා ගියොත් හොඳා නේද?" කියලා ලිස්ට් එකක් දාලා තියෙන්නේ. අන්න ඒ ටිකට යටින් ඉස්සෙල්ලා ක. බොක්ස් ඒක තිබුනේ. අපි සාමාන්‍යයෙන් අන්තිම කමෙන්ට් එකෙන් ගොඩක් යටට යන්න කම්මැලි අයනේ.
ගොඩක් වැදගත් මචං...හැමදම කියවනවා. නියමයි අද ලිපියත්....
ReplyDeleteස්තුතියි මල්ලි, අද නේද ඉස්සෙල්ලම් කොමෙන්ට් එක. දිගටම එන්න.
Deleteනියමයි. තාක්ෂණික විස්තර ටික කාටත් තේරෙන විදියට ලියල තියෙනව.
ReplyDeleteස්තුතියි ප්‍රසන්න.
Deleteඑතකොට ජංගම දුරකතන Touch to Zoom (අපි ටච් කරන තැනට සූම් වෙන්නෙ) වල එක වැඩකරන්නෙ ඔය මොන විදියටද? ඒක Active AF වෙන්න බෑනෙ නේද? එතකොට ඒකත් follow කරන්නෙ ඇල්ගොරිදම් එකක්ද?
ReplyDeleteදැන් තියෙනේ ෆෝන් කැමරා වල තියෙන්නේ Contrast Detection ක්‍රමය.
Deleteඅර ගෝනව ෆෝකස් වෙන හැටියට නම් පික්සු හැදෙනවා..
ReplyDeleteදැං මෙහෙම හිතමු... ඔය ගෝනට අඩියක් විතර පිටිපස්සෙන් තව එකෙක් ඉන්නවා.. එතකොට මොකාවද මුලින් ෆෝකස් වෙන්නෙ ?
ෆෝකස් වෙන එකා ඇර අනිත් එකා බොඳ වෙලාද පේන්නෙ ?
ෆෝකස් වෙන්නේ ෆෝකස් පොඉන්ට් එක සෙට් කරණ තැන.
Deleteමල්ලි, මේ පොස්ට් එක බලන්න අත්කොට අනිත් ප්‍රශ්නෙට උත්තෙරේ ලැබෙයි
Depth of field in Photography -ශේෂ්ත්‍ර ගැඹුර
ගොඩක් වටින විස්තරයක්
ReplyDeleteස්තුතියි, ඔයාව සාදරෙන් පිලිගන්නවා. දිගටම ඇවිත් කියවන්න.
Deleteවිස්තරේ ගොඩාක් හොඳයි. ඒත් මට ෆොටෝ ගන්ට ඕනි උනාම ඔයා ඇවිත් අරගෙන දෙන්ට. :D
ReplyDeleteහා... හා... එහෙම හොඳයි, මම අරගෙන දෙන්නම්.
Deleteබ්ලොග් එක හදාගත්තු ගමන් ඇ ආවේ,, මාව බ්ලොක් වෙලා තිබ්බනේ :/ මගේ බ්ලොග් එකටවත් යන්න බැරිව..
ReplyDeleteමට මේක තේරුනේ නෑ වගේනේ අය්යේ O.o
අපහු කියවලා බලන්න. මොකද බ්ලොග් එකේ ලෙඩේ...
Deleteමේක කැම්රාව අතේ තියන් සෙල්ලං දාල ඉගෙනගන්න ඕනෙ පාඩමක්.
ReplyDeleteඔව් ඔව් සමහර දේවල් අතේ තියන් සෙල්ලන් දාලා ඉගෙනගන්න ඕන :D
Deleteදන්නෙ නැති කරුණු ඉගෙන ගත්තා වගේම දන්න කරුණු මතක් කරගත්තා. ස්තූතියි.
ReplyDeleteබොහොම ස්තුතියි. මේ පහත තියෙන link වලට ගිහින් ඒ post කීපය බලන්න.
Deleteකැමරාවේ මෙගා පික්සලේද? සෙන්සර් එකද?
Sensor Format සහ Crop Factor
Depth of Field